Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ඉන්දියාව හා පකිස්තානු මාධ්‍යය ආයතන විසින් නිකුත් කරනලද ඔසාමා බිල් ලාඩන්ගේ මල සිරුර ව්‍යාජ ජායාරුපයක් බව විදෙස් වාර්තා තහවුරු කරනවා.

මේ වන විටත්  ඔසාමාගේ මල සිරුරේ ජායාරුපයක් නිකුත් වී නොමැති අතර ඔසාමාගේ මල සිරුර මුහුදේ මිහිදන් කිරීමට කටයුතු යොදා ඇත.


ව්‍යාජ ජායාරුපය සැකසුනු අයුරු පහතින්
 
ඇමරිකානු හමුදා විසින් අල් කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් පාකිස්තානයේදී මරණයට පත් කොට ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.

මේ පුවත සනාථ කරමින් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ද අද විශේෂ ප්‍රකාශයක් කලා. පකිස්ථානයේ ඇමරිකානු රහස් ඔත්තු සේවය විසින් සිදු කරනලද මෙහෙයමුක ප්‍රතිපලයක් ලෙස මන්දිරයක සැඟවී සිටි බින් ලාඩන් ඇතුළු ඔහු සමග සිටි තරුණියක් හා තවත් ආරක්ෂකයන් තිදෙනෙකු මරුමුවට පත්වී තිබෙනවා.

මෙම ආරක්ෂකයන් අතර ඔසාමාගේ පුතෙක් ලෙස සැලකෙන පුද්ගලයෙකු සිටි බවද සදහන්.
බින් ලාඩන් ලොව වඩාත්ම උවමනා කර සිටි ත්‍රස්තවාදියා වුයේ 2001 වසරේ සැප්තැම්බර් එකලොස්වෙනිදා ඇමරිකාවට එල්ල කලා ප්‍රහාරයෙන් 3000 කට අධික පිරිසක් මිය යාම නිසයි.

ඔසාම බින් ලාඩන් මිය යන විට 54 වන වියේ පසු වූ අතර ජිහාඩ් ත්‍රස්තවාදී සංවිධානයේ හා අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නිර්මාතෘ ද වේ.

මෙයට පෙරත් ඔසාම බින් ලාඩන් විවධ ප්‍රහාර වලදී මිය ගිය බවට ආරංචි පැතිර ගියද ඒ සෑම අවස්ථාවකදීම ඔහු නැවතත් මතු වුයේ තර්ජනාත්මක වීඩියෝ පටයකිනි.

කෙසේ නමුත් ඊයේ රාත්‍රී සිදුවූ ප්‍රහාරයෙන් ඔසාම බින් ලාඩන් මිය ගිය බව තහවුරු වී ඇත.ඔහුගේ මළ සිරුර ලෙස තහවුරු නොකළ ජායාරුප මාධ්‍යය වලට නිකුත් කොට ඇති අතර පුදුමයට කරුණ වන්නේ ඇමරිකාව පන පිටින් හෝ මරණයට පත්කොට ඉල්ලු ලොව අංක එකේ ත්‍රස්තවාදියා මියගොස් සිටියේද ඔහුගේ සැබෑ ස්වරූපයෙනි. 

බින්ලාඩන්ගේ මළසිරුරේ අවසන් කටයුතු මුස්ලිම් ආගමික චරිත්‍රනුකුලව පැය 24 කට පෙර සිදු කරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසුව මෑතකාලයේ අඩුවෙමින් පැවති ඔබාමාගේ ජනප්‍රියත්වය නැවත ඉහල යනු ඇති වාර්තා වේ.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

Related Posts Plugin for WordPress, Blogger...