Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Jul 05

prew_gossip9පසුගියදා ගුගල් සමාගම විසින් හදුන්වා දුන් සමාජ ජාල වෙබ් අඩවිය වන ගුගල් ප්ලස් වෙත ෆේස්බුක් වෙබ් අඩවියේ හිමිකරු මාර්ක් සකර්බර්ග් ද ලියාපදිංචි වී ඇති බවට රාවයක් මේ දිනවල අන්තර්ජාලයේ පැතිර යමින් පවතිනවා.
සි නෙට් වෙබ් අඩවියේ බ්ලොග් අඩවිය ප්‍රකාශ කර සිටින්නේ මාර්ක් සුකර්බර්ග් නමින් ගිණුම් තුනක් දැනට ගුගල් ප්ලස් හි ඇති බවත් එයින් දෙකක් මේවන විට ව්‍යාජ ඒවා බවට හදුනාගෙන ඇති බවත්ය.
මාර්ක් සුකර්බර්ග් ගේ ගුගල් ප්ලස් ගිණුම 2000 කට අධික පිරිසක් විසින් තම "සර්කල්" එකට එක කරගෙන ඇත.

Jul 05

prew_dulaniචැලෙන්ජර්ස් චිත්‍රපටය හා සෙනසුරු මාරුව චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමෙන් පසුව නව චිත්‍රපටයක් සඳහා නිෂ්පාදකයන් සොයාගැනීමේ අපහසුතාවය නිසාම උදයකාන්ත වර්ණකුලසුරිය ඉතා ජනප්‍රියත්වයට පත් බහු භාර්යා චිත්‍රපටයේ දෙවන කොටස එලි දැක්වීමට සුදානමින් සිටිනවා.
බහුභාර්යා පලවන චිත්‍රපටයේ සංගීතා ප්‍රධාන චරිතය නිරුපනය කල අතර මෙවර උඩුකය නිරුවත් දර්ශනයක් සඳහා පෙනී සිටීමට දුලානි අනුරාධා කැමැත්ත පලකොට ඇති බව වාර්තා වේ.
ප්‍රධාන නළුවාගේ චරිතය සඳහා යොවුන් නළු හේමාල් රණසිංහ ද රංගනයෙන් දායක වීමට නියමිතයි.

Jul 05

prew_ltteඊයේ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවති එංගලන්ත - ශ්‍රීලංකා ක්‍රිකට් තරඟයට අනපේක්ෂිත ආකාරයෙන් කොටි විරෝධතාවයක් එල්ලවී තිබෙනවා.
ඒ එල්.ටි.ටි ධජය ගෙන තරුණයෙක් පිටියට කඩා වැඩිම සහ ශ්‍රී ලංකාව වර්ජනය කරන ලෙසට වායු බැලුන් ක්‍රීඩාංගනයට  ඉහලින් යැවීම මගිනුයි.  
ජායාරුප පහතින්

Jul 05

2086Nishantha_Muthuhettigama_Jගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පසුගිය මාසය පුරාවටම අපුරු නාඩගමක් රඟ දැක්වුවේය.
එය පටන් ගත්තේ විපක්ෂයට ගාල්ලේ උද්ඝෝෂණ කිරීම තහනම් කිරීමෙනි.එදා ඔහු එය සපථ කලේ  "උද්ඝෝසණ කරන්න අවොත් බෙන්තර පාලමෙන් එහාට යනකන් බුදුන්පා ගහනවා" යනුවෙනි.
ඉන්පසුව අභියෝගය බාරගත් විපක්ෂය පලවනදා ඇල්පිටියේදී උද්ඝෝෂණයක් සිදු කරනබව පැවසිය.
එයට උත්තර දුන් මුතුහෙට්ටිගම පැවසුයේ එදාට හත් අටදාහක පිරිසක් සමග ඇල්පිටියට එන බවයි.
හිටපු පොලිස්පති මන්ද බුද්ධික බවත් දැන් පොලිස්පති හොඳ බැවින් එදිනට පොලිසියට නිවාඩු දෙන ලෙසත් ඔහු ප්‍රකාශ කර සිටියා.
නමුත් උද්ඝෝෂණය පැවැත්වුණු පසුගිය පලවනදා මුතුහෙට්ටිගම සිටියේවිදෙස්ගතවය.

Jul 03

මම දැන් මධ්‍යස්ථයි - දයාසිරි

Dayasiri_Jayasekaraසජිත් ප්‍රේමදාසගේ පිළ දිනවීම වෙනුවෙන් ක්‍රියා කළ දයාසිරි ජයසේකර මේ වන විට මධ්‍යස්ථ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව වාර්තා වෙයි. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අර්බුදයක් නොමැති බව හා පක්ෂය තුළ තනතුරු පිළිබඳව ඇති වී තිබුණු ගැටළු නිරාකරණය වී ඇති බව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකට පැමිණෙමින් පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නොව රටේ මේ වන විට අර්බුද ගණනාවක් පවතින බැවින් ඒ පිළිබඳව ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම හා ආණ්ඩුවට එරෙහිව ජනතා බලවේගයක් ගොඩනැන්වීම කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය.
දයාසිරි මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන

Jul 03

prew_saliya-ranjanස්වර්ණවාහිනියේ සැලසුම්කල රියලිටිය
ස්වර්ණවාහිනී ඩාන්ස් ස්ටාර් ඩාන්ස් මගින් අප ඊයේ (01) දිනයේ ඉඟි කලාක් මෙන්ම සාලිය නිවේදන කටයුතු වලින් ඉවත්කොට ඒ වෙනුවට රන්ජන් රාමනායක නිවේදන කටයුතු සඳහා යොදා තිබේ.
සැබවින්ම සිදුව ඇත්තේ කලින් සැලසුම් කල රංගනයකි.ඒ සාලිය සත්‍යජිත් හට පෞද්ගලික හේතුවක් මත විදෙස්ගතවිමේ අවශ්‍යතායක් නිසා වැඩසටහනේ නිවේදන කටයුතු වලින් ඔහුට ඉවත් වීමට සිදුවීම හෙයිනි.
වීඩියෝව හොදින් අධ්‍යනය කිරීමේදී පෙනී යන කරුණු වන්නේ රන්ජන් රාමනයාක සාලියට තර්ජනය කරන විට රන්ජන්ගේ අනෙක් පස සිටින ජනනාත් වරකාගොඩ සිනාමුසු මුහුණින් රන්ජන් දෙස බලා සිටීමයි.

සාලියගේ පන දිවිමද හාස්‍යජනකය.ඔහු යන මග කෙතරම් ඉඩ තිබුනත් ඔහු දුවන්නේ ඉනි මගක් පටලවාගෙන හා පාරේ අයිනේ සිටින අයෙක් තල්ලු කරමිනි.
විදෙස් රටවල බොහෝ රියලිටි වැඩසටහන් විකාශය කරන්නේ සජීවීව වන අතර කලින් සැලසුම් කර පටිගත කර රියලිටිය මවාපාමින් රියලිටියේ අර්ථය නොදත් ස්වර්ණවාහිනියට රැවටෙන පිරිසද බොහෝ වේ.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...