පසුගියදා ගුගල් සමාගම විසින් හදුන්වා දුන් සමාජ ජාල වෙබ් අඩවිය වන ගුගල් ප්ලස් වෙත ෆේස්බුක් වෙබ් අඩවියේ හිමිකරු මාර්ක් සකර්බර්ග් ද ලියාපදිංචි වී ඇති බවට රාවයක් මේ දිනවල අන්තර්ජාලයේ පැතිර යමින් පවතිනවා.
සි නෙට් වෙබ් අඩවියේ බ්ලොග් අඩවිය ප්‍රකාශ කර සිටින්නේ මාර්ක් සුකර්බර්ග් නමින් ගිණුම් තුනක් දැනට ගුගල් ප්ලස් හි ඇති බවත් එයින් දෙකක් මේවන විට ව්‍යාජ ඒවා බවට හදුනාගෙන ඇති බවත්ය.
මාර්ක් සුකර්බර්ග් ගේ ගුගල් ප්ලස් ගිණුම 2000 කට අධික පිරිසක් විසින් තම "සර්කල්" එකට එක කරගෙන ඇත.
චැලෙන්ජර්ස් චිත්‍රපටය හා සෙනසුරු මාරුව චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමෙන් පසුව නව චිත්‍රපටයක් සඳහා නිෂ්පාදකයන් සොයාගැනීමේ අපහසුතාවය නිසාම උදයකාන්ත වර්ණකුලසුරිය ඉතා ජනප්‍රියත්වයට පත් බහු භාර්යා චිත්‍රපටයේ දෙවන කොටස එලි දැක්වීමට සුදානමින් සිටිනවා.
බහුභාර්යා පලවන චිත්‍රපටයේ සංගීතා ප්‍රධාන චරිතය නිරුපනය කල අතර මෙවර උඩුකය නිරුවත් දර්ශනයක් සඳහා පෙනී සිටීමට දුලානි අනුරාධා කැමැත්ත පලකොට ඇති බව වාර්තා වේ.
ප්‍රධාන නළුවාගේ චරිතය සඳහා යොවුන් නළු හේමාල් රණසිංහ ද රංගනයෙන් දායක වීමට නියමිතයි.
ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පසුගිය මාසය පුරාවටම අපුරු නාඩගමක් රඟ දැක්වුවේය.
එය පටන් ගත්තේ විපක්ෂයට ගාල්ලේ උද්ඝෝෂණ කිරීම තහනම් කිරීමෙනි.එදා ඔහු එය සපථ කලේ "උද්ඝෝසණ කරන්න අවොත් බෙන්තර පාලමෙන් එහාට යනකන් බුදුන්පා ගහනවා" යනුවෙනි.
ඉන්පසුව අභියෝගය බාරගත් විපක්ෂය පලවනදා ඇල්පිටියේදී උද්ඝෝෂණයක් සිදු කරනබව පැවසිය.
එයට උත්තර දුන් මුතුහෙට්ටිගම පැවසුයේ එදාට හත් අටදාහක පිරිසක් සමග ඇල්පිටියට එන බවයි.
හිටපු පොලිස්පති මන්ද බුද්ධික බවත් දැන් පොලිස්පති හොඳ බැවින් එදිනට පොලිසියට නිවාඩු දෙන ලෙසත් ඔහු ප්‍රකාශ කර සිටියා.
නමුත් උද්ඝෝෂණය පැවැත්වුණු පසුගිය පලවනදා මුතුහෙට්ටිගම සිටියේවිදෙස්ගතවය.
මම දැන් මධ්‍යස්ථයි - දයාසිරි
සජිත් ප්‍රේමදාසගේ පිළ දිනවීම වෙනුවෙන් ක්‍රියා කළ දයාසිරි ජයසේකර මේ වන විට මධ්‍යස්ථ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව වාර්තා වෙයි. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අර්බුදයක් නොමැති බව හා පක්ෂය තුළ තනතුරු පිළිබඳව ඇති වී තිබුණු ගැටළු නිරාකරණය වී ඇති බව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකට පැමිණෙමින් පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නොව රටේ මේ වන විට අර්බුද ගණනාවක් පවතින බැවින් ඒ පිළිබඳව ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම හා ආණ්ඩුවට එරෙහිව ජනතා බලවේගයක් ගොඩනැන්වීම කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය.
දයාසිරි මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන
ස්වර්ණවාහිනියේ සැලසුම්කල රියලිටිය
ස්වර්ණවාහිනී ඩාන්ස් ස්ටාර් ඩාන්ස් මගින් අප ඊයේ (01) දිනයේ ඉඟි කලාක් මෙන්ම සාලිය නිවේදන කටයුතු වලින් ඉවත්කොට ඒ වෙනුවට රන්ජන් රාමනායක නිවේදන කටයුතු සඳහා යොදා තිබේ.
සැබවින්ම සිදුව ඇත්තේ කලින් සැලසුම් කල රංගනයකි.ඒ සාලිය සත්‍යජිත් හට පෞද්ගලික හේතුවක් මත විදෙස්ගතවිමේ අවශ්‍යතායක් නිසා වැඩසටහනේ නිවේදන කටයුතු වලින් ඔහුට ඉවත් වීමට සිදුවීම හෙයිනි.
වීඩියෝව හොදින් අධ්‍යනය කිරීමේදී පෙනී යන කරුණු වන්නේ රන්ජන් රාමනයාක සාලියට තර්ජනය කරන විට රන්ජන්ගේ අනෙක් පස සිටින ජනනාත් වරකාගොඩ සිනාමුසු මුහුණින් රන්ජන් දෙස බලා සිටීමයි.
සාලියගේ පන දිවිමද හාස්‍යජනකය.ඔහු යන මග කෙතරම් ඉඩ තිබුනත් ඔහු දුවන්නේ ඉනි මගක් පටලවාගෙන හා පාරේ අයිනේ සිටින අයෙක් තල්ලු කරමිනි.
විදෙස් රටවල බොහෝ රියලිටි වැඩසටහන් විකාශය කරන්නේ සජීවීව වන අතර කලින් සැලසුම් කර පටිගත කර රියලිටිය මවාපාමින් රියලිටියේ අර්ථය නොදත් ස්වර්ණවාහිනියට රැවටෙන පිරිසද බොහෝ වේ.
නැගෙනහිර පළාතේ කට්ටන්කුඩි ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් දෙස් විදෙස් අවධානය දිනාගැනීමට සමත්ව ඇත.සිද්ධිය සිදුව ඇත්තේ මෙසේය.
17 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් කට්ටන්කුඩි නගරයේ ඉන්ටර්නෙට් කැෆේ එකකට ගොස් ඉන් පිටතට පැමිණෙද්දී ඉන් එක සිසුවියකගේ පියා විසින් එම සිසුවියන් දෙදෙනා අසභ්‍ය චිත්‍රපට නැරඹු බව චෝදනා කොට තිබේ.
නමුත් එම සිසුවියන් දෙදෙනා එය ප්රතික්ෂේපකොට ඇත.ඉන් පසු ටික වෙලාවකින් අදාළ සිසුවියන් දෙදෙනා අසභ්‍යය චිත්‍රපට නැරඹු බවට නගරය පුරා ඇති පල්ලි නවයක ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ප්‍රචාරය කර ඇත.
(01) විකාශය වූ ස්වර්ණවාහිනී පුවත් විකාශයෙන් පසුව විශේෂ පුවත් විකාශයක් ලෙස ස්වර්ණවාහිනී විකාශය කලේ ඔවුන්ට ශ්‍රීලංකාව යුධ අපරාධ කල බවට කියවෙමින් නිකුත්කළ වීඩියෝවේ මුල් පිටපත තමාට ලැබුන බවත් එය ලැබුන විගස එය විකාශය කල බවත්ය.
එය විදේශයන්ගෙන් එල්ලවන චෝදනාවලට කදිම විසදුමක් ලෙසද ඔවුන් ප්‍රකාශ කළේය.
එම වීඩියෝව චැනල් 4 නාලිකාව විසින් 2009 දී මුල් වරට ඉදිරිපත්කල අතර රජය විසින් පත්කළ කමිටුවක් මගින් එය ව්‍යාජ වීඩියෝවක් බවට සනාථ කරන ලද පසුව එය ජාත්‍යන්තරයද පිළිගනු ලැබුවේය.
ලොව ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය වන ගුගුල් විසින් සිය අන්තර්ජාල ආධිපත්‍යය වැඩි කරගැනීම සඳහා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියක් හදුන්වා දීමට සුදානමින් සිටිනවා.
මෙය හදුන්වා ඇත්තේ ගුගුල් ප්ලස් නමිනුයි.මෙයට පෙර ගුගුල් විසින් දියත් කරන ලද විවධ ව්‍යාපෘති මගින් ෆේස්බුක් ග්රාහකයන් ඔවුන්වෙත උත්සාහ දැරුවත් සෘජු ලෙසම සමාජ ජාල වෙබ් අඩවියක් දියත් කල මුල් ව්‍යාපෘතිය මෙය වේ.
ගුගුල් වෙව්, ගුගුල් බස්, වැනි සේවාවන් අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මෙම පියවර ගෙන ඇත.
කෙසේ නමුත් වෙළඳ විචාරකයන්ගේ මතය වන්නේ ගුගුල් ප්ලස් ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රති නිර්මාණයක් බවයි.ෆේස්බුක් හි අඩංගු පහසුකම් හා වීඩියෝ චැට් වැනි අමතර විශේෂාංග ද ගුගුල් ප්ලස් සතු වේ.