Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives





අතුල - සමිතා කලක සිට වෙන්වීමට අදහස්කරගෙන සිටින බව බොහෝ දෙන දන්නා කරුණක්.නමුත් මොවුන් දෙදෙනාම මාධ්‍යට හෙළිකරන්නේ එවැනි අදහසක් නොමැති බවයි.



නමුත් මොවුන් දෙදෙනාම පෞද්ගලික ජීවිතයේදී හැසිරෙන්නේ එකිනෙකට වෙන් වෙන්වයි.මේ ඔවුන් දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් හි ජායාරුප වලට පෙනී සිටියේ වෙන වෙනමයි.අතුල සමග සිටින අනෙක් කාන්තාව කවුද?


පසුගිය දෙසැම්බරයේ ජීවන් කුමාරතුංග අමාත්‍යවරයා ලංකාවේ සාමාජිකයන් සදහා පමණක් වෙන්වූ වෝටර් එජ් හිදී හර්ෂමාන යන අයට තමාගේ වැඩිමහල් දියණිය වන මල්ෂා විවාහ කර දුන්නේ රුපියල් කෝටි ගණන් වියදම් කරවමිනි.

දේශපාලනයට පිවිසි මේ චිත්‍රපට නළුවා රුපියල් මිලියන හතක් කෑම බිම සදහා වියදම් කිරීම ජනතාවගේ අවදානයට යොමු විය යුතු කරුණකි.

ලංකාවේ ඇමතිවරයෙකුට රුපියල් මිලියන ගණනක් ආහාර පාන සදහා වියදම් කිරීමට හැකි වීම පුදුමයට කරුණකි.මන්ද ඔවුන්ගේ මාසික අදායම 72 000 ක් පමණි.

එයට අමතරව ඇමතිවරයෙකුට මසකට ඉන්ධන අසීමිත ප්‍රමාණයක් හා ගෙවල් කුලී වශයෙන් 50 000 ක් ලැබේ.

වෝටර් එජ් හි පැවැත්වූ මංගල්‍යට එක මේසයකට 20 දෙනෙක් බැගින් වූ අතර ආරාධිත පිරිස 850 කි.

මේ මංගල්‍යය සදහා සිල්වර් සැටින් ඇලවූ විශේෂ මේස රෙදි සකසා තිබිණි.
මුතු එබ්බවූ අත් පිස්නා 850 ක් වූ අතර ඒවා මනාලයාගේ හා මනාලියගේ නම් වලින් සරසා තිබුණි.

මේ සාදයට මල් ගෙනවිත් තිබුනේ ෂිරෝහනා වෙතින් වන අතර මලක මිල 175 - 250 අතර විය.සෑම මේසයක්ම මලින් සරසා තිබෙනු දැක ගත හැකි විය.මේ මල් සැරසිල්ල කෙතරම්ද යත් මේසයේ තම කෑම පිගානවත් තබා ගැනීම අමුත්තන්ට අපහසු කාරණයක් විය.

ප්ලේට් එකක් 5400 යයි
බුෆේ සේවාව තුල එක පුද්ගලයෙක්ට වැයවූ මුදල රුපියල් 5400 ක් විය.දැල්ලන් ඉස්සන් හා එළු මස් වැනි විශේෂ දිසි සදහා වෙනම මිල ගණන් අය කර තිබුණි.

කෝපි සංග්‍රහයට එක් අයෙක්ට 4680
තේ කොපි සංග්‍රහය සදහා එක පුද්ගලයෙකුට වැයවූ මුදල රුපියල් 4680 කට ආසන්න විය. මත්පැන් බෝතලයක් (කොකේජ්) රුපියල් 800 ක මිලකට වූ අතර බියර් රුපියල් 450 ක් විය. විවධ මිල අනෙක් මත්පැන්ද මෙම සාදයේ විය.

අරාධනාවට එක් අයෙක්ට 4000යි
අමුත්තන් සදහා දුන් ආරාධනාව ස්වර්ණාබරණ පෙට්ටියක් තරම් වූ දෙයක් වූ අතර එය රුපියල් 4000 ක පමණ මිලක් විය.සාදයට පැමිණි කාන්තාවන් සදහා ජපන් අවානක් තෑගි කර තිබුණි.

බොම්බායට ගොස් ගෙන ආ සරි හා අනෙකුත් ආයිත්තම් වලින් මනාලිය සරසා තිබුනේ මයිකල් විජේසුරිය විසිනි.ඇමති ජීවන්ගේ කිට්ටු හිතවතුන් හා නෑයින් සදහා වෙනම පෝරුවේ චාරිත්‍ර නිවසේ පැවැත්විණි.

මේ සියලු වියදම් එකතුකළ විට රුපියල් ලක්ෂ 250 ක් ඉක්ම වන බව ඔප්පු වේ.

තමන් මහන්සි වී ඉපයූ මුදලෙන් කෝටි ගණන් වියදම් කලත් අපිට කම් නැත.ජිවිත කාලයේම මහන්සි වී ඉපයූ මුදලෙන් කවර මංගල්‍යයක් ගත්තද කම් නැත.


නමුත් කාරණය මෙයයි.මාසිකව රුපියල් 72000 කට ආසන්න මුදලක් මාසිකව උපයන ඇමතිවරයෙකු මේ තරම් රසවත් ආහාර පාන සමගින් ඇති විශාල මංගල්‍යක් පැවැත්වීමට හැකිවුයේ කෙසේද යන්නයි. 
එය සොයා බැලීම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වගකීමකි.

ජනප්‍රිය සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක් වන ෆේස් බුක් හරහා තරුණයන් තරුණියන් ලෙසින් ව්‍යාජ ගිණුම් සාදාගෙන එමගින් තරුණියන් රැවටීමේ උපාය ගැන අප පෙර ලිපියක හෙළි කලා.

නමුත් මෙම සිදුවීම එයට හාත්පසින්ම වෙනස් එකකි.එනම් සැබවින්ම ගැහැනියක වීමට කැමති පිරිමියෙකු ගැනයි.

පිරිමියෙකු වුනත් ගැහැණු නමක් භාවිත කරන ගැහැණු ඇදුම් පැලදුම් ඇදීමට කැමති තරුණයෙක් ෆේස්බුක් තුල සිටිනවා.




ගාල්ලේ පදිංචි කරුවකු වන ඔහුගේ එකම පැතුම වන්නේ සැත්කමක් මගින් ගැහැණියෙකු වීමයි.එසේත් නැතිනම් තවත් පිරිමියෙකුට යහපත් භාර්යාවක් වීමටයි.පහත දැක්වෙන්නේ ඔහු ෆේස්බුක් තුල ප්‍රසිද්ධ කල ජායාරුප හා අනෙකුත් දෑ වේ. 

පුදුමයට කරුණ වන්නේ එවන් මානසිකත්වයකින් යුත් තවත් අයද ඒවාට ප්‍රතිචාර දක්වා තිබීමයි. ඒ අනුව අපි මේ තත්වය පිළිබද වැඩි දුර සොයා බැලුවා.

මෙම තත්වය Tranvestism (ට්‍රාන්වෙස්ටිස්ම්) හෝ Transsexualism තත්වයක් විය හැක.  

Tranvestism (ට්‍රාන්වෙස්ටිස්ම්) තත්වයේදි ප්‍රතිවිරුද්ධ ලිංගයේ ඇදුම් ඇදීමට වැඩි කැමැත්තක් දක්වන අතර මෙම තත්වය බහුලව දක්නට ලැබෙන්නේ පිරිමි අතරයි.ගැහැණු මෙන් ඇදුම් ඇදගෙන ගැහැණු මෙන් හැසිරිමටද මොවුන් ඉතා කැමතිය.බොහෝ විට කුඩා කාලයේදී ඇතිවන මෙම සංසිද්ධිය ඔවුන්ගේ ලිංගික උද්දීපනය හා බැදී පවතී.මෙය මුලික වශයෙන්ම මානසික ප්‍රශ්නයකි.

Transsexualism තත්වයට 80% ක්ම පත්වන්නේ පිරිමින්ය. පිරිමි වුවත් ඔවුන්ගේ සිතුම් පැතුම් ගැහැනු වේ.පිරිම් වී ඉපදීම ගැන ඉතා කණගාටුවට පත්වෙන ඔවුන් බොහො විට සැත්කම් මගින් විරුද්ධ විරුද්ධ ලිංගය කෘතිමව තනාගනිමටත් ස්ත්‍රී හැඩරුව සහ පියයුරු වැඩෙන්න හෝමෝන ප්‍රතිකාර පවා ලබාගැනීමට පෙලඹෙනවා.


ලංකාවේ සුප්‍රසිද්ධ වාදක කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් හි රිදම් ගිටාර් වාදන ශිල්පියා ලෙස කටයුතු කල රන්ශ්‍රී ජයවර්ධන හදිසියේම එයින් ඉවත් වී තිබෙනවා.

ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු සමග ඇතිවූ ගැටුමක් මත මෙසේ ඉවත් වූ බවයි වාර්තා වන්නේ.2010 දෙසැම්බර් මස 25 වනදා ඔහු ITN හීන හතක් වැඩසටහනට සහභාගී වුවත් මේ පිලිබදව කිසිදු සටහනක් කලේ නැහැ. 

ඔහු දැන් ස්වීඩනයේ free bird නමින් ගායක කණ්ඩායමක් නියෝජනය කරනවා.

මීට ඉහතදී ඔක්ටපෑඩ් වාදන ශිල්පී නදීර නෝනිස් ඉවත් වී තිබුනේත් රොෂාන් ප්‍රනාන්දු සමග සිදුවූ ගැටුමක ප්‍රථිපලයක් වශයෙන්.කෙසේ නමුත් ඔහු නැති අඩුව දැඩිසේ දැනෙන බවයි රසිකයන්ගේ මතය.


නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීම සදහා කල දේවපුජාවෙන් අනතුරුව එහි ප්‍රතිපල නොලැබීම නිසා ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්ද මහතා විසින් මිලියන 50 ක වන්දි ඉල්ලා නෙත් එෆ් එම් රේඩියෝවට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

ඉකුත් වසරේ අගෝස්තු මස 30 සහ 31 යන දෙදිනත්, සැප්තැම්බර් මස 27 වනදාත් ගාල්තැන්න දේවාලය පිළිබද නෙත් එෆ්.එම් බැලූම්ගවැඩ සටහනින් තමන් මිනිසුන්ට වංචා කර, බිය ගන්වා මුදල් ලබා ගන්නා බවත්, ස්තී‍්‍ර දුෂකයෙකු, මිනි මරුවෙකු මෙන්ම දෙමාපියන්ට නොසලකන්නෙකු ලෙස අසත්‍ය සහ ද්වේෂ සහගත ප‍්‍රකාශ කල බව කියමින් මෙම පෙත්සම ගොනු කොට තිබෙනවා.


නඩුවේ තීන්දුව ලබා දෙනතෙක් තමාට එරෙහිව කිසිම ප්‍රකාශයක් නෙත් රේඩියෝව මගින් විකාශය කිරීම අත්හටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...