Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

මේ දිනවල ලෝක විනාශ පිළිබද බොහෝ ලිපි පල වනවා.පලවන බොහොමයක් ලිපි අසත්‍ය ඒවා වන අතර සත්‍ය ලිපි ඉතා අල්ප වේ.

පසු ගිය දා weeklyworldnews මගින් පල කල ලිපියකින් දැක්වුණේ 2012 වනවිට ලෝකය විනාශ කිරීම සදහා පිටසක්වල ප්‍රහාරක යානා තුනක් පැමිණෙන බවයි.එම පුවත අපේ රටේ එක් පුවත්පතකද පල කොට තිබුණා.

මේ දිනවල ලංකාව ඇතුළු ලෝකය පුරාම ඇතිවී තිබෙන දේශගුණික විපර්යාසය නිසා බොහෝ දෙනෙක් මෙය ලෝක විනාශයේ පෙරනිමිතිදැයි සැක පහල කරනවා. සියලු කරනු කෙරෙහි සැක පහල නොකොට ලෝක විනාශයක් ඇති විය හැකි කරුණු පිලිබද මුලින්ම සොයා බැලිය යුතුය.

පසුගිය කාලය පුරාම විවධ පර්යේෂණ වල ප්‍රතිපල ලෙස විද්‍යාඥයින් ලෝක විනාශයට හේතු වන්නාවූ ප්‍රධාන කරුණු කිහිපයක් සොයා ගෙන ඇත.සයන්ටික් ඇමරිකා සගරාව හෙළි කල පරිදි එම කරුණු මෙසේයි.

හැටන් දික් ඔය ප්‍රදේශයේ කම්කරු පවුලක ගව පට්ටියක එලෙදෙනෙකු ඊයේ ඔලු දෙකේ වසු පැටියෙක් බිහිකළා.මෙහි විශේෂත්වය වන්නේ ඔලු දෙකේ වසු පටවා ඉතා නිරෝහි තත්වයේ පසු වීමයි.

ඉන්දියාවේ හිමාලයේ අවුලි හි පැවති පළමු දකුණු ආසියානු සීත සෘතු කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ අනීටා කුමුදුනී සමත් වුණා. ඇය මෙම රන් පදක්කම දිනා ගනු ලැබුවේ හිම මත ලිස්සා යෑමේ කාන්තා තරග ඉසව්වට සහභාගීවෙමින්. මෙරට කී‍්‍රඩා ඉතිහාසයේ හිම මත ලිස්සා යාමේ තරග ඉසව්වකින් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා. ශී‍්‍ර ලංකාවේ උපත ලද අනීටා කුමුදුනී මේ වනවිට ස්විස්ටර්ලන්තයේ පදිංචිකාරිණියක් වන අතර, ඇය ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයකද සේවය කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා අතින් පූර්ණ සන්නද්ධ පරාජයක් ලැබූ එල්.ටී.ටී.සංවිධානය සිය ඉදිරි මෙහෙයුම් සදහා කැනඩාව යොදා ගැනීමට ඉඩ ඇති බවට ඔත්තු සේවා විසින් කැනේඩියානු රජයට අනතුරු අගවනවා.

කැනඩාවේ ආරක්ෂක ඔත්තු සේවා බලධාරීන් උපුටා දක්වමින් ඔටාවා සිටිසන් පුවත්පත සදහන් කළේ මුහුදු මාර්ගයෙන් කැනඩාවට පැමිණෙන කොටි ක‍්‍රියාකාරීන්ගේ අරමුණ එය බවයි. කෙසේ නමුත් කොටින්ගේ කැනේඩියානු මෙහෙයුම් ජාලය කෙතරම් සංවර්ධනය වී ඇත් දැයි ඔවුන් නොදන්නා බව කැනඩාවේ ඔත්තු සේවා ප‍්‍රකාශ කර තිබෙනවා.


අග්නිදිග ආසියාතික රටක සිට ශී‍්‍ර ලාංකික දෙමළ ජාතික සංක‍්‍රමණිකයන් 400 කට අධික පිරිසක් කැනඩාවට මුහුදු මාර්ගයෙන් පැමිණීමේ සූදානම පිළිබද තොරතුරු හෙළිවීමත් සමගයි මේ බව අනාවරණය වී ඇත්තේ. මෙම නීතිවිරෝධී මුහුදු ගමන් කොටි ක‍්‍රියාකාරීන් විසින් සංවිධාන කරන අතර, ප‍්‍රධාන පෙළේ කොටි සාමාජිකයන් 50 දෙනෙකු පමණ එලෙස කැනඩාවට යාමට සූදානම්ව සිටින බවත් හෙළිවී තිබෙනවා.


දෙමළ සංක‍්‍රමණිකයන්ට මුහුදු මාර්ගයෙන් වඩාත් පහසුවෙන් ඕස්ටේ‍්‍රලියාවට යාමට හැකියාවක් ඇති බවයි ඔත්තු සේවා පෙන්වා දී ඇත්තේ. එහෙත් ඔවුන් කැනඩාවට පැමිණෙන්නේ ශී‍්‍ර ලංකාවේ බෙදුම්වාදයට යළි පණ දීමට බවට ඔත්තු සේවා කැනඩා රජයට අනතුරු අගවා තිබෙනවා.

ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ඉලෙක්ට්‍රොනික උපකරණය මොකක්ද
කියල ඔබෙන් ඇසුවොත් ජංගම දුරකථනය ඔබේ පිළිතුර වේවි.
අද ලාංකීය සමාජයේ ජංගම දුරකථනය හුදෙක් සන්නිවේදන උපකරණයකට වඩා
සමාජයේ පුද්ගලයට හිමි තැන කියාපාන මිම්මක් වී අවසානයි.

ඉතින් මේ කියන්න යන්නේ ලෝකෙ තියන දැවැන්තම දුරකථන නිෂ්පාදන
සමාගමක් ගැන ඒ තමයි ......




මේ සමාගම සන්නිවේදන අංශයේ සෑම සේවාවක්ම සපයනවා
ෆින්ලන්තයේ දෙවනියට විශාලතම නගරය වන එස්පෝ හි මුලස්ථානය පිහිට තියනවා
පහතින් දිස්වෙන්නේ එයයි






මෙය මව් සමාගම වශයෙන් සලකා බැලුවිට අනෙක් අංශ රාශයක් ඔස්සේ සමුහ ව්‍යාපාරය විහිදී ගොස් තිබෙනවා





Siemens සමාගම සමග එක්වී පටන්ගත්ත මේක වර්තමානය වනවිට ලෝකයේ රටවල් 150 ක්‍රියාත්මක වනවා
සන්නිවේදන උපකරණ නිපදවන්නන් අතර ඉදිරියෙන්ම සිටින මෙය සේවකයන් 64,000 කගේ එකමුතුවෙන්
බිලියනයකට අධික පාරිභෝගිකයින් ප්‍රමාණයකට සේවා සපයනවා









පසුගිය 12 වන දා කොළඹ දී .ආර් විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් රෙස්ටුරන්ට් හි වාරිමාර්ග අමත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධාත්වයෙන් සුපිරි සාදයක් පැවැත්වුනි.

සුපිරි කෑම බිම හා මත්පැන්වලින් සමන්විත මෙම සාදයට ඇමතිතුමාගේ හිතවතුන් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සහභාගී වී ඇත.

රුපියල් ලක්ෂ 10 කට වඩා වැය කොට පැවැත්වූ මෙම සාදයේ විශේෂත්වය වුයේ සාදයට සහභාගී වූ සියලු දෙනාට සමරු තිළිණයක් ලෙස රුපියල් 2000 කට ආසන්න වටිනාකමෙන් යුතු පෙන් ඩ්‍රයිව් ලබා දීමයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ලසිත් මාලිංග තමා ටෙස්ට් ක්‍රිකට් තරග වලින් සමු ගන්න බව නිවේදනය කොට ඇත.
ටෙස්ට් පිටියෙන් සමු ගත්තත් විස්සයි විස්ස හා එක්දින තරග සදහා දිගටම ක්‍රීඩා කරන බව ලසිත් මාලිංග ප්‍රකාශ කොට ඇත. 

ලසිත් මාලිංගගේ මෙම හදිසි සමු ගැනීමට හේතු වුයේ ඔහු මෙයට වසර කීපයකට පෙර පාදයේ ආබාධයකට ලක් වීමයි.


එම ආබාධයට ලක්වූ අවස්ථාවේ ඔස්ට්‍රේල්යානු විශේෂඥ වෛද්‍ය ඩේවිඩ් යංග් ඇතුළු වෛද්‍යවරුන්ඔහුට උපදෙස් දී ඇත්තේ පාදයේ අබාධය සුව කල නොහැකි බවත් ඉදිරියේදී ක්‍රීඩා කිරීමට වලකින ලෙසත්ය.

නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇරයුමෙන් ජනාධිපති වෛද්‍ය එලියන්ත වයිට්‌ මහතා ලසිත් මාලිංග හට නේවාසිකව ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔහුගේ පාදයේ ආබාධය සුව විය.

නමුත් පාදයේ ආබාධය සුවවීමෙන් පසුව ටෙස්ට් තරග වලදී දිගින් දිගට මහන්සි වීම ඔහුගේ සෞඛ්‍යඅහිතකර වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති ක්‍රීඩා විචාරකයෝ පවසයි.













What you see in these two photos is a bizarre healing method in India;
Can u believe it ?

පාරිභෝගික භාණ්ඩයක් ප‍්‍රචාරය කිරීම සඳහා වෙළඳ දැන්වීම් මාධ්‍යවල පළ කිරීමේදී අදාළ නිෂ්පාදනයේ සිල්ලර මිල සඳහන් කිරීම පෙබරවාරි 01 වැනිදා සිට අනිවාර්ය වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. පුවත්පත්, චිත‍්‍රපට, රූපවාහිනිය, වීඩියෝ, හඬපට, අන්තර් ජාලය සහ අනෙකුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළ කෙරෙන වෙළඳ දැන්වීම් සඳහා එය බලපැවැත්වෙනු ඇත. එකම භාණ්ඩයක විවිධ ප‍්‍රමාණයන් සහ වෙනස් වර්ගයන් අලෙවිය සඳහා වෙළඳ දැන්වීම් ප‍්‍රචාරයේදී එම එක් එක් භාණ්ඩය සඳහා වන සිල්ලර මිල ගණන් ද සටහන් වියයුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය කියා සිටී.

අනතුරත් සමග වැව් වානට වැටුණු බිළිsඳියගේ සිරුර පසුව සොයාගනී
සීගිරිය සරත් එරමිණිගම්මන, දඹුල්ල – පී. ඩබ්. ඩී. සී. දසනායක අනතුරෙන් පසු ප්‍රදේශයේ තරුණ පිරිස බිළිඳියගේ සිරුර සෙවූ අයුරු

කණ්‌ඩලම වැවේ වාන මතදී ඊයේ පෙ.ව. 10.00 ට පමණ යතුරුපැදියක්‌ අත් ට්‍රැක්‌ටරයක්‌ හා ලංගම බස්‌ රථයක්‌ ගැටී මේ ෙ€දජනක සිද්ධිය සිදුවිය. මෙසේ මරණයට පත්ව ඇත්තේ දඹුල්ල කුඹුක්‌කඳන්වල පදිංචි පුද්ගලික බස්‌රථ රියෑදුරෙකු වන ගුණතිලක හේරත් හා ඔහුගේ දියණිය වන මල්මි දහම්සා නමැති බිළිඳියයි.

මියගිය දියණිය සහ පියාකුඩා බිළිඳිය වැව් වාන මතින් ගලායන දිය පහරට අසුවී
ගසාගෙන ගොස්‌ සිටියදී ප්‍රදේශයේ තරුණයන් වන දිල්රුක්‌ නිශාන්ත හේරත්, චන්න විඡේරත්න, හා සනත් ජනක හේරත්, නිමල් කරුණාරත්න විසින් පොලිසියේ සහායද ඇතිව මළ සිරුර ගොඩගනු ලැබීය.

අනේ සුදු පැටියෝ මම ආයේ කාටද කිරි දෙන්නේ. අනේ මගේ අප්පච්චි ඔයත් ගියා නේද? මගේ සුදු පැටියට වතුර ටිකක්‌ පොවන්න ඕන බිළිඳියගේ මවගේ විලාප වදන් දඹුල්ල රෝහලේ කාර්ය මණ්‌ඩලයේද නේවාසික රෝගීන්ගේද නෙතට කඳුළු එක්‌කළ දසුනක්‌ විය. මළ සිරුරු දෙක දඹුල්ල රෝහලේ තබා ඇත. දඹුල්ල පොලිසිය මගින් බස්‌ රථයේ රියෑදුරා අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක එන්. ඡේ. වීරසිංහ මහතාගේ උපදෙස්‌ මත දඹුල්ල පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.

යහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දෙසැම්බරයේ දී කල් දමණු ලැබූ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ජාත්‍යයන්තර ක‍්‍රිකට් තරඟාවලිය මේ මස 31 දා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරඟ තුනම දිවා රාත‍්‍රී තරඟ වේ.
තරඟ සටහන :

ජනවාරි 31 – පළමු එක්දින ජාත්‍යයන්තර තරඟය – හම්බන්තොට සූරියවැව ක‍්‍රීඩාංගනය පෙබරවාරි 04 – දෙවන එක්දින ජාත්‍යයන්තර තරඟය – කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනය

පෙබරවාරි 06 – තෙවන එක්දින ජාත්‍යයන්තර තරඟය – කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනය

පසුගිය වසරේ ශී‍්‍ර ලංකාවේ පැවති අයිෆා සම්මාන ප‍්‍රදානෝත්සවයට තමන් පැමිණීම අවශ්‍ය නොවන බව එහි සංවිධායකයින් පැවසූ බව සුපිරි බොලිවුඞ් නළු අමිතාබ් බච්චන් අද (ජන. 17) පැවසීය.

‘අපුන්කාචොයිස්.කොම්’ වෙබ් අඩවිය වෙත ඔහු ඒ බව කියා ඇත. එම උත්සවය වර්ජනය කරන ලෙසට දකුණු ඉන්දීය චිත‍්‍රපට කර්මාන්තකරුවන් ඉල්ලා සිටීමෙන් අනතුරුව ජූනි මාසයේ පැවති අයිෆා උත්සවයට බච්චන් සහභාගී නොවීය.

මේ වසරේ කැනඩාවේ ටොරොන්ටෝහි පැවැත්වෙන අයිෆා උත්සවයට ද තම සහභාගීත්වය එහි සංවිධායකයින් අපේක්‍ෂා නොකරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ එල්ටීටීඊ හිතවාදීන්ව කටයුතු කළ තරුණ තරුණියන් 374 දෙනෙකු අතරින් 270ක් සමත් වී ඇති අතර, ඉන් 44 දෙනෙකු විශ්විද්‍යාලයට ප‍්‍රවිශ්ඨ වීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

එසේ විශ්වවිද්‍යාලයට තේරුණු තරුණ තරුණියන් අතරින් තරුණින් දෙදෙනකු වෛද්‍ය විද්‍යා පීඨයට ඇතුළත් වීමට වරම් ලබා ඇත. මෙසේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ එම තරුණ තරුණියන් සියලූ දෙනාම වව්නියාව හා යාපනය රැඳී පුනරුත්ථාපනය වෙමින් සිටි අයයි.

සියළුම ජාතීන්ගේ අයිතීන් ආරක්‍ෂා වන පරිදි ජාතික ගීය සම්බන්ධයෙන් පවතින මතභේදය විසඳන බව ජාතික භාෂා ඇමති වාසුදේව නානායක්කාර පවසයි. රත්නපුර පැවති තෛපොංගල් උත්සවයකදී ඔහු ඒ බව කියා සිටියේ, එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ප‍්‍රචාරය වීමෙන් අනතුරුවයි. භාෂා පරිවර්තකයින් අවශ්‍ය නොවන සමාජයක් ඇති කරලීම තම බලාපොරොත්තුව බව ද ඇමතිවරයා කියා සිටියේය.


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා සජිත් ප්‍රේමදාස මහතා තරග කරන අතරතුර පක්ෂයේ අනෙකුත් තනතුරු සදහා සජිත් පාර්ශවයේ පිරිස් පත් කර ගැනීම සදහා කටයුතු යොදා තිබෙනවා.
සජිත් පාර්ශවයේ අනෙකුත් තනතුරු සදහා යෝජිත අය පහත වේ.

නියෝජ්‍ය නායක - ජෝශප් මයිකල් පෙරේරා

ජාතික සංවිධායක - දයාසිරි ජයසේකර
පක්ෂයේ මහ ලේකම් - ගයන්ත කරුණාතිලක
සභාපති - ඉමිතියාස් බාකිර්
මාධ්‍ය ප්‍රකාශක - බුද්ධික පතිරණ
භාණ්ඩාගාරික - බෝධි රණසිංහ
ලක් වනිතා පෙරමුණේ නායකත්වය - රෝසි පෙරේරා 

අද දිවයින පුවත්පත වාර්තා කරන පුවතකින් දැක්වෙන්නේ කැලණිය පුද බිමේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ ජයාරූප ගත් කල අවස්ථාවේ අත්භූත ආලෝක ලප එහි සටහන්ව ඇති බවයි.  

එම පුවත
කැලණි රජමහා විහාරයේ දුරුතු මහ පෙරහැර පූජෝත්සවයේ උඩමළුවේ පෙරහැර ආරම්භවීමට පැයකට පමණ පෙර චෛත්‍යරාජයාණන් වහන්සේ ජයාරූප ගත කළ මොහොතේ එම ඡායාරූපයෙහි සටහන් වූ මේ සුවිශේෂ ආලෝක වෘත්තිය කුමක්‌ද? 
පළමු ඡායාරූපයේ එවැනි යමක්‌ දුටු සැණින් තත්පර දෙකක්‌ ඇතුළත ගත් අනෙක්‌ ඡායාරූපයේ අඳුරු අහස පමණක්‌ සටහන් වීමද සුවිශේෂ සිදුවීමකි. 

එම මොහොතේම ඩිජිටල් කැමරාවේ ඡායාරූපය දැකීමෙන් කැලණි රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌�ත හිහිපාණන් කියා සිටියේ කැලණි රජමහා වෙහෙරෙහි දෙවියන්ද වැඩවසන බවත් මෙය නියත වශයෙන්ම ඒ හා සම්බන්ධ වූ සිදුවීමක්‌ විය හැකි බවයි.
දිවයින 18/1/2011

මෙම අත්භූත ලප මොනවාද?

මෙතෙක් කල් ලංකාව පුර ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වූ  පිරමිඩ ජාවාරම් ක්‍රමයක් වූ ටියන්ස් ලංකා ආයතනයට ශ්‍රීලංකාව තුල ව්‍යාපාර කටයුතු නතර කරන ලෙස මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝග කර ඇත.

Products - http://www.tiens.lk/dietary.htm
Web site : - http://www.tiens.lk/

චීනයේ නිෂ්පාදිත උපකරණ හා අහාර වර්ග නෙට්වර්ක් මාර්කටින් ආකාරයට විකිණීමෙන් මුදල් ඉපයිය හැකි බව කියමින් මෙම ආයතනය දහස් ගණනින් ජනතාව මුලා කොට ඔවුන්ට නොවටිනා භාණ්ඩයක් ඉතා ඉහල මිලකට ගැනීමෙන් එම ජාලයේ සාමාජිකත්වය ලබා දී ඇත.

මෙම ආයතනයේ සාමාජිකත්වය ලබා ගත් පසු ලකුණු ලැබෙන ක්‍රමයක් තිබේ.එක ලකුනක වටිනාකම 11000 කි.ලකුණු අනුව තරු හිමි වේ.

ඇය නමින් රෛනි චාරුකා. හැබැයි ඒ නමට වඩා මෙයාව ගොඩක්‌ දෙනා අඳුරන්නේ රූකාන්ත – චන්ද්‍රලේඛාගේ දියණිය කියූ විටයි. මේ දවස්‌ වල රෛනි ගැන වැඩිපුර කතා බහ වෙන්නේ සිංහාවලෝකනය චිත්‍රපටයේ “සමදරී” කියන ගැමි චරිතය රඟපෑමත් සමගය. ඒ වගේම ඇය චින්ති සමගත් තරුමිණි ඔච්චම් කියලා ගීතයකුත් කළා. මේ නිසා රෛනි ගැන ගොඩක්‌ දෙනා කතා බහවෙනවා. ඇත්තටම රෛනි කොහොමද රංගනයට යොමුවුණේ කියලා දැනගන්න අපි අදහස්‌ කළා.
 
රෛනි පසුගිය දවස්‌වල ලංකාවේ හැටියේ නැහැ නේද?
ඔව්. ඇත්තටම හිටියේ නැහැ. නත්තල් නිවාඩුවට ලංකාවට ආව විතරයි.

ඇයි මේ වැඩිපුර විදෙස්‌ගත වෙලා ඉන්නේ ?
මම විශ්වවිද්‍යාලයට යන්නේ ඇමරිකාවේ. ඉගෙනීම් කටයුතු ඉවරවෙනකම් ඇමරිකාවෙ ඉඳීවි. හැබැයි මම තවම තීරණය කරලා නැහැ ලංකාවේ පදිංචි වෙනවද ඇමරිකාවේ පදිංචිවෙනවාද කියලා. කොහොම වුණත් නිතර නිතර ලංකාවට ඇවිත් යනවා.

මොනවද මේ දවස්‌වල කරන්නේ ?
සිංහාවලෝකන චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩවලට සහභාගි වෙනවා. අනික මම වැඩිපුර ලංකාවේ නැති නිසා ටීවී, පත්තර, එෆ්. එම්. වලින් මේ දවස්‌වල වැඩිපුර කතා කරනවා. ඒ හින්ද ටිකක්‌ විතර කාර්යබහුලයි.

නිවේදිකාවක්‌ ලෙස කටයුතු කරන අතරතුර රංගනයට අවතීර්ණය වූ ඇයගේ කලා ජීවිතේ දශකයකට ආසන්න කාලයක්‌ අද වනවිට ගෙවී අවසන්. රංගනයට පමණක්‌ සීමා නොවී තමන් සතු හැකියාවන් විවිධ අවස්‌ථාවල ඉදිරිපත් කළ ඇය පබා ටෙලිනාට්‍යයේ හිමාලි ලෙසින් කළ රංගනය පියුමි ශානිකා බොතේජු ලෙසින් හඳුනනවාට වඩා වැඩි ප්‍රේක්‍ෂක මතකයක්‌ සනිටුහන් කළ චරිතයක්‌. මේ කතා බහ හිමාලි ගැනනම් නොවේ. පියුමි ශානිකා බොතේජු නම් වූ ඇය ගැනයි.

 අලුත් අවුරුද්දේ අලුතින් පටන්ගත්ත වැඩ මොනවද? පරණ අවුරුද්දේ කරපු වැඩ වලටම තමයි මේ දිනවලත් සම්බන්ධ වෙලා ඉන්නේ. එයින් පබළු ඇරුණහම සාගරය සේ මං ආදරෙයි ටෙලිනාට්‍යය හෙට සිට සෑම සඳුදාවකම ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. ඒ චරිතයත් ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක්‌ වේවි. මේ හැම දේම නිසා අලුත් අවුරුද්ද ගොඩක්‌ කාර්ය බහුලයි.

නිළියකගෙන් පරිභාහිරව ජීවිතය ගෙවී යන්නේ කොහොමද?
තව සති කිහිපයකින් මගේ ජීවිතේ ලොකු හීනයක්‌ හැබෑ වෙනවා. දාඩිය මහන්සියෙන් හම්බකරලා හදාගත්ත මගෙ ගෙදර පදිංචියට යනවා. ඒක මගේ ජීවිතේ ලබපු අභිමානවත් ජයග්‍රහණයක්‌.

පසු ගිය කාලයේම දිගින් දිගටම අඩු ලකුණු ලබා දනිමින් දැවී ගිය බොහෝ දෙනාගේ දෝෂාරෝපණයට ලක්වූ සනත් ජයසුරිය කලකට පසු අද ලකුණු අතරට පැමිණියා.

ලිපියෙන් Dialog HSDPA පැකේජ සහ Airtel පැකේජ වෙනස්වීමක් ගැන කියල උනුසුම යන්නත් කලින් තව පාරක් ඒවා වෙනස් වෙලා.GPRS ගාස්තුත් අඩුවෙලා.එහෙනම් වැඩි කථා නැතිව විස්තර කියල ඉන්නම්.

Lite පැකේජය                       රු290       ඉහලම වේගය පවතින දත්ත සීමාව         1GB
small    පැකේජය                  රු690       ඉහලම වේගය පවතින දත්ත සීමාව          3GB
Medium 5GBපැකේජය        රු990        ඉහලම වේගය පවතින දත්ත සීමාව          5GB
Large 10GBපැකේජය          රු1490      ඉහලම වේගය පවතින දත්ත සීමාව          10GB
Group 15GBපැකේජය         රු 1990     ඉහලම වේගය පවතින දත්ත සීමාව          15GB

 මේ සෑම පැකේජයකම නොමිලේ දත්ත සීමාවට වඩා සිදුකරන මුල්ම  1GB දත්ත භාවිතයේදී 384kbps download සහ 64kbps upload වේගයක්ද එයද ඉක්මවූ විට 64kbps download සහ 16kbps upload දක්වාද වේගය අඩු වෙනව.
මුල් වේගය ලබා ගත යුතු නම් රු 300 ක් ගෙවා 1GB දත්ත භාවිතයක් ලබාගත හැකියි.
මෙහි group පැකේජය ලබාගත හැකි වන්නෙ ආයතනික පැකේජ සඳහා පමණක් වන අතර සමුහය අතර දත්ත භාවිතයද බෙදී යනව.

මීට අමතරව දත්ත සීමාවක් සහිත නව පැකේජයක් 2ක්ද  හඳුන්වා දී තිබෙනව.

Mobile 99    මාසිකව රු 99 නොමිලේ දත්ත 350MB
Mobile 299 මාසිකව රු 299 නොමිලේ දත්ත 1GB
වැඩිවන දත්ත භාවිතය සඳහා 1MB= සත 50

මීට අමතරව පෙර ගෙවුම්  (Prepaid) දත්ත පැකේජයක්ද ලබා දීමට නියමිතයි.
දෛනික ගාස්තුව රු 3 සහ නොමිලේ දත්ත භාවිතය 10MB දක්වා.වැඩිවන දත්ත භාවිතය සඳහා 1MB= සත 50

මීට අමතරව සියලුම පෙරගෙවුම් පාරිභොගිකයන් සඳහා GPRS දත්ත භාවිතය 1000KB= රු 1
මෙම වෙනස්වීම් හෙට සිට එනම් ජනවාරි 15 සිට ක්‍රියාත්මකයි.

Airtel ද හඳුන්වාදීමට නියමිත ව Youth පැකේජ සංශෝධනය කර නව පැකේජ කීපයක් ඉදිරිපත් කර කිබෙනව.මෙය දැනටමත් ක්‍රියාත්මකයි.


ඉහත සියලුම පැකේජ සඳහා ගාස්තු වලට රජයේ බදු ලෙස 22.45% ගාස්තුවක් අයකරනු ලබයි.

මේ සති අන්තයේ රසදුනට එක වෙමින් දකුණු පළාත් සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා පල කල අදහස් කිහිපයකි මේ.


ඔබ දැන් විවාහ වන වයසේ පසුවන තරුණියක් නේද?
ඔව්. එහෙම වුණත් දැන්ම විවාහ වෙන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. යුද්ධය දිනලා රට සංවර්ධනය කරා යන ගමනේදී රටේ යොවුන් පිරිසට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. රටේ සංවර්ධනය පිළිබඳව ඒකට මමත් කැපවෙලයි ඉන්නෙ.

  ඒ වගේ ම මම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ මගෙ ජීවිතය යම් කිසි මට්ටමකට ස්ථාවර වූ පසුවයි. එතෙක් විවාහ වෙන්න මගෙ අදහසක් නෑ.

අනර්කලී මොන වගේ කෙනෙක්ද?
මම ගොඩක් සංවේදී කෙනෙක්. ඉස්සර ගොඩක් දඟකාරයි. ඒත් දැන් එහෙම නෑ. දැන් මගෙ අදහස් පරිණතයි කියල මට හිතෙනව. ඒ වගේ ම සමාජ සේවයට ගොඩක් කැමැති, මේ රටට ගොඩක් ආදරේ ඇති යෞවනියක්. 
විදෙස් රටක පදිංචියට යාමට අවස්ථා කොතරම් තිබුණත් එහෙම නොයන්නෙ මේ රටට ඇති ආදරය නිසයි.

 
Received the picture from an email. The background says daillymirror.lk but didn’t see this picture on their website.
_
Kinda felt sorry for him. Just for a sec.


ගං වතුරට අසුවූ වල් අලියකුගේ මළ සිරුරක් ගසාගෙන ගොස් හබරණ අඩි 15ක් උසැති ගසක රැඳී ඇති අයුරු

HSDPA සහ 3G තාක්ෂණය ඔස්සේ ඉන්ටර්නෙට් සේවා සපයන ආයතනවල සැබෑ‍ ඉන්ටර්නෙට් වේගය මේ මස තුළදී ප්‍රසිද්ධ කිරිමට විදුලි සංදේශ නියාමන කොමිසම සුදානමින් වේ. එහි අධ්‍යක්ෂ ජනරල් අනුෂ පැල්පිට මහතා පැවසුවේ, අදාළ සමාගම් ලබාදීමට පොරොන්දු වන ඉන්‍ටර්නෙට් වේගය සහ පාරිභෝගිකයා වෙත ලැබෙන නිශ්චිත වේගය මේ යටතේ ප්‍රකාශයට පත් කරන බවය.ඒ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් නිරන්තරයෙන් නිරික්ෂණය කරනු ලබන බව ඔහු සදහන් කළේය.
අනුෂ පැල්පිට මහතා පැවසුවේ, පසුගිය වසරවලට සාපේක්ෂව මේ වනවිට අදාළ සමාගම් පාරිභෝගිකයින් වෙත ලබාදෙන ඉන්ටර්නෙට් වේගය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවය.

විවාහය ලියාපදිංචි කිරීමට සියල්ල සූදානම් කර තිබියදී මනාලිය මියයාමේ පුවතක් අද (06) වැලිගම ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මනාලයා, මනාලියගේ නිවසට එමින් සිටියදී, අතරමඟදී මනාලිය රෝගාතුරවී වැලිගම - වලාන මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට මනාලිය 19 වැනි වියේ පසුවන අතර මරණ පරීක්ෂණවලින් හෙලිවී ඇත්තේ වලිප්පුව සෑදිමෙන් ඇය මියගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා මෘත ශරීරය මාතර රෝහලට මාරුකර යවා තිබෙනවා.

බන වසරේ දී උසස් පෙළ සිසුන්ට ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රය සඳහා පෙනී සිටීම අනිවාර්ය කරන බව ද, එලෙස ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රයට පෙනී සිටින සිසුන් ඒ සඳහා ලබා ගන්නා ලකුණු ප‍්‍රමාණය ලකුණු බිංදුවක් වුව ද එය ගැටලූවක් නොවන බවත්, එම ප‍්‍රශ්න පත‍්‍රය අනිවාර්ය කරන්නේ උසස් අධ්‍යාපනය අරමුණු කරගෙන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. සරසවි වරම් ලබන සිසුන්, සරසවියට වෙත ඇතුළත් කර ගැනීමට පෙර මෙරට හමුදා කඳවුරු තුළ දී සති තුනක පුහුණුවක් ලබාදීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ පිළිබඳ අදහස් දැක්වූයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා පැවසුවේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් එම සිසුන්ට අදාළ පුහුණුව ලබාදෙන බවයි.

ප්‍රසිද්ධ ස්ථාන වල කෙටි සායවල් වලින් සැරසීම තහනම් කිරීම පිළිබඳව මාධ්‍ය වල වාර්තා වූ ප්‍රවෘත්තිය රජය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ තහනම පිළිබඳව පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීම කිසියම් සැඟවුණු අරමුණු සහිතව සිදුකරන්නට ඇති බවට ද රජයේ ආරංචි මාර්ග පෙන්වාදෙයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය නිමවන තුරු කොළඹ -කොටුව මහනුවර නගරාන්තර දුම්රිය සඳහා ආසන වෙන් කිරීම ගාස්තුවකින් තොරව ජංගම දුරකථන හරහා සිදුකිරීමේ අවස්ථාව දුම්රිය මගීන්ට උදාවී තිබේ.

ජංගම දුරකථන අංක "365" ඇමතීම මගින් කොළඹ කොටුව, මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

ඉදිරි කාලයේදී වව්නියාව සහ මඩකළපුව නගරාන්තර දුම්රිය සඳහා ද ජංගම දුරකථන මගින් ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදෙන බව විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...