ලාංකීය රු රැජිනක වන ජැකොලයින් ෆර්ඩිනැන්ඞ්ස් පිළිබඳව මේ දිනවල වඩාත් කතාබහට ලක්ව සිටින්නේ මර්ඩර් 2 චිත්‍රපටයේ රඟපෑමත් සමගයි.
මර්ඩර් චිත්‍රපටය සරාගී දර්ශන ඇතුලත් චිත්‍රපටයක් වන අතර එහි අඩ නිරුවත් හා සරාගී දර්ශන රඟපෑම ඈ හැදින්වුයේ රංගනයේ අභියෝගයක් ලෙසින්ය.
මර්ඩර් පලවන චිත්‍රපටයේ රංගනයෙන් දායක වුයේ මල්ලික ශාරවත් වන අතර මෙවර එම චරිතයට ජැකොලයින් ඉම්රාන් හෂින් සමග සාධාරණයක් ඉටු කරනු ඇති බව බොහෝ දෙනෙකුගේ මතයයි.
මර්ඩර් දෙවන චිත්‍රපටය ජුලි මාසයේදී තිරගත වීමට නියමිත අතර එහි නිකුත් වූ නවතම මියුසික් වීඩියෝවක් පහතින්
2010 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු තවත් සුළු මොහොතකින් නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව පවසයි.
ඒ අනුව අද දහවල් 12 න් පසු www.ugc.ac.lk වෙබ් අඩිවයට පිවිසීමෙන් අදාළ ලකුණු ලබාගත හැකිය.
මිනිස් පවුල්වල සාමාජිකයින් එසේ අවිනිශ්චිත අයුරින් කිසිවෙකුට හෝ දඩයම් කළ නොහැකි බව ඔහු සඳහන් කරයි.
මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ කොතැන් සිට ද යන්න පිළිබඳව විමසා බැලිය යුතු බව අද(02) මිනුවන්ගොඩදී අද දෙරණ වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධ වගකිවයුතු පුද්ගලයින් පිළිබඳව දන්නේ නම් ඔවුන් වෙත දඬුවම් ලබාදීමට තමන් ඉදිරිපත් වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම අවධාරණය කර සිටියේය.
කටුනායක උද්ඝෝෂණය
වෙඩි වැදුණ තරුණයා මියයයි
ප.ව. 8.00 වාර්තාව
පෙරේදා කටුනායක උද්ඝෝෂණයේදී වෙඩි වැදුණු 22 හැවිරිදි රොෂෙන් ෂානක මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මින් ටික වේලාවකට පෙර දන්වා සිටියේය.
මෙම රෝගියා පිලිබඳ මාධ්‍යවේදීන් කරුණු සොයන්නට උදේ සිට උත්සාහ කලත් කිසිම තැනකින් ඒ ගැන
ප්‍රකාශ නිකුත් කලේ නැත.මේ අතර වසා දැමූ නිදහස් වෙලෙඳ කලාපය හෙට විවෘත කරන්නට නියමිත වුවත් ඇතිවී තිඛෙන තත්වය හමුවේ එහි කවර කලබලයක් ඇතිවේදැයි කිව නොහැකි බව වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.
මොහාන් සමරනායක
රූපවාහිනී සංස්ථාවේ මුල් පුටුවට
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක් පත් විය. ඒ ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතායි. මීට පෙර එතුමා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක, ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මෙන්ම ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙසද කටයුතු කර තිබේ.
එසේම එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරියා ලෙසද සේවය කර ඇති අතර විශ්ව විද්‍යාල කිහිපයක බාහිර කථීකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කර තිබේ.
මොහාන් සමරනායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථීික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා තිබේ.