Dec
28
හිටපු අග්‍රමාත්‍ය සහ යහපාලනය සහ යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා හොරණ මෙනේරිගම ප්‍රදේශයේ නව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීම සදහා පැවති උත්සවයකදීආණ්ඩුවේ විවේචනය කරමින් කතාවක් සිදු කළේය.
එහිදී අදහස් දැක්වූ එතුමා
"අපි වවමු රට නගමු කියා කිව්වට සමහර ගම්වල නිෂ්පාදනයන් විකුණ ගන්න බැහැ.විශාල ව්‍යාපෘතිවල නම් කිව්වා කියලා ජනතාව සෑහීමකට පත්වෙන්නේ නැහැ. එදිනෙදා ආහාර ද්‍රව්‍යවල මිල නගිනකොට අපිට අමු කුණුහරුපෙන් බණිනවා.
මේ සදහා ඇති දීර්ඝ කාලීන විසදුම නම් අපි ස්වයංපෝෂිත වීමයි. ඒකට සැලසුමක් ඇතිව ආණ්ඩුව එම වැඩපිළිවෙල මෙහෙයවන්න ඕන. සැලසුමෙන් තොරව මෙහෙයවුවොත් වෙන්නේ අර කැබිනට් මණ්ඩලය පත්කලායින් පසුව ඇතිවූ දේමයි. සමහර ඇමතිවරුන්ට ඉන්න තැනැක් නැහැ, කාර්ය මණ්ඩලයක් නැහැ, ලේකම්වරයෙක් නැහැ, ඒ ආකාරයේ සැලසුමක් නැති දේවල් කරුණාකරලා සැලසුමක් ඇතිව සිදුකරන්න කියලයි අපි යෝජනා කරන්නේ".