ලිපියෙන් Dialog HSDPA පැකේජ සහ Airtel පැකේජ වෙනස්වීමක් ගැන කියල උනුසුම යන්නත් කලින් තව පාරක් ඒවා වෙනස් වෙලා.GPRS ගාස්තුත් අඩුවෙලා.එහෙනම් වැඩි කථා නැතිව විස්තර කියල ඉන්නම්.
Lite පැකේජය රු290 ඉහලම වේගය පවතින දත්ත සීමාව 1GB
small පැකේජය රු690 ඉහලම වේගය පවතින දත්ත සීමාව 3GB
Medium 5GBපැකේජය රු990 ඉහලම වේගය පවතින දත්ත සීමාව 5GB
Large 10GBපැකේජය රු1490 ඉහලම වේගය පවතින දත්ත සීමාව 10GB
Group 15GBපැකේජය රු 1990 ඉහලම වේගය පවතින දත්ත සීමාව 15GB
මේ සෑම පැකේජයකම නොමිලේ දත්ත සීමාවට වඩා සිදුකරන මුල්ම 1GB දත්ත භාවිතයේදී 384kbps download සහ 64kbps upload වේගයක්ද එයද ඉක්මවූ විට 64kbps download සහ 16kbps upload දක්වාද වේගය අඩු වෙනව.
මුල් වේගය ලබා ගත යුතු නම් රු 300 ක් ගෙවා 1GB දත්ත භාවිතයක් ලබාගත හැකියි.
මෙහි group පැකේජය ලබාගත හැකි වන්නෙ ආයතනික පැකේජ සඳහා පමණක් වන අතර සමුහය අතර දත්ත භාවිතයද බෙදී යනව.
මීට අමතරව දත්ත සීමාවක් සහිත නව පැකේජයක් 2ක්ද හඳුන්වා දී තිබෙනව.
Mobile 99 මාසිකව රු 99 නොමිලේ දත්ත 350MB
Mobile 299 මාසිකව රු 299 නොමිලේ දත්ත 1GB
වැඩිවන දත්ත භාවිතය සඳහා 1MB= සත 50
මීට අමතරව පෙර ගෙවුම් (Prepaid) දත්ත පැකේජයක්ද ලබා දීමට නියමිතයි.
දෛනික ගාස්තුව රු 3 සහ නොමිලේ දත්ත භාවිතය 10MB දක්වා.වැඩිවන දත්ත භාවිතය සඳහා 1MB= සත 50
මීට අමතරව සියලුම පෙරගෙවුම් පාරිභොගිකයන් සඳහා GPRS දත්ත භාවිතය 1000KB= රු 1
මෙම වෙනස්වීම් හෙට සිට එනම් ජනවාරි 15 සිට ක්‍රියාත්මකයි.
Airtel ද හඳුන්වාදීමට නියමිත ව Youth පැකේජ සංශෝධනය කර නව පැකේජ කීපයක් ඉදිරිපත් කර කිබෙනව.මෙය දැනටමත් ක්‍රියාත්මකයි.
ඉහත සියලුම පැකේජ සඳහා ගාස්තු වලට රජයේ බදු ලෙස 22.45% ගාස්තුවක් අයකරනු ලබයි.