Feb
11
2011 ලෝක කුසලාන තරගාවලියට නම් කර සිටින නෙදර්ලන්ත ක‍්‍රිකට් කණ්ඩායම අද (09) උදෑසන දිවයිනට පැමිණියා. හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ, ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් අද (09) උදෑසන 8.30ට නෙදර්ලන්ත කණ්ඩායම ඩුබායි සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බවයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරගයකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේදී බී කණ්ඩායම නියෝජනය කරන නෙදර්ලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකාව තුළ දී තවත් පුහුණු තරග කිහිපයකට මුහුණදීමට නියමිතයි.