පසුගිය 19 වනදා චන්ද්‍රයා පෘතුවියට ලංවිම හෙවත් සුපර් මූන් තත්වය නිසා ඇති වූ වඩ දිය බාදිය තත්වය හේතුවෙන් මුහුදේ ජල මට්ටම පහල ගොස් නැව් පහක් වැලි කඳු වල ගැටී තිබෙනවා.
හදිස්සියේ මතුවුණු මෙම වැලි කඳු වල ගැටුණු නැව් අතර ටොන් 2900 ක භාණ්ඩ ප්‍රවාහනය කල "පෝලා සී" නම් නෞකාවක්ද ඇතුලත් වනවා.
19 වනදා චන්ද්‍රයා පෘතුවියට මයිල 221,567 දුරින් ගමන් කරනු ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.
මෙසේ පෘථිවියට වඩාත් ලගින් චන්ද්‍රයා ගමන් කිරීම "lunar perigee" හා "super moon" යන නම් වලින් හදුන්වනවා.
මෙලෙස පෘතුවියට ආසන්නයෙන් චන්ද්‍රයා ගමන් කරන්නේ වසර 19 කට පසුවයි. 2005 වසරේදීත් චන්ද්‍රයා පෘතුවියට සමීපව ගමන් කර තිබුනත් වඩාත් ලංව ගමන් කර ඇත්තේ 1992 වසරේදීයි.
මෙයට පෙර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කල 1955, 1974, 1992 සහ 2005 වසර වලදී සුනාමි තත්වයන් ,ගිනි කඳු පිපිරීම් වැනි ස්වභාවික විපත් ඇතිවී ඇති අතර මෙවරත් එවැන්නක් සිදුවිය හැකි බව මත පල වෙනවා.
නමුත් ඇතැම් තාරකා විද්‍යාඥයින් විසින් එම මතය බැහැර කරන අතර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කිරීමෙන් එවන් විශාල විනාශයක් සිදු නොවෙන බව ඔවුන්ගේ මතයයි.