May
23
වල් අලි වන අලි වෙයි
මින් පසු වල් අලින්ට ඒ නමින් ඇමතීමට නොහැකි වේ. ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශය පවසන්නේ අද (22) සිට වල් අලියාගේ නාමය වන අලියා ලෙස වෙනස් වන බවයි. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසා ඇත්තේ වනාන්තරවල සිටින අලින් වන අලින් ලෙස හැඳින්විය යුතු බවයි. ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.