හසලක පොලිස් ස්ථානයට ඉතාම සමීපයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ තෙල්දෙණිය මූලස්ථාන පොලිසියට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් එය පවත්වාගෙන ගිය බවට සැක කරන දෙදෙනෙකු හා රූමත් තරුණියක අත්අඩංගුවට ගෙන ඇත.
මහියංගන මහේස්ත්රාත් අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් මත එම ස්ථානය වටලා සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. අවන්හලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ගණිකා නිවාසය කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වේ.මේ අතර අත්අඩංගුවට ගැනුණු තරුණිය ගණිකා වෘත්තියේ යෙදවූ බවට පොලිසිය සැක කරන අතර ඇය කුරුණෑගල ප්රදේශයේ පදිංචිකාරියක බැව් පොලිසිය පවසයි.