Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Jun 30

oil-150x150දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගත් පෙට්‍රල් යෙදීමෙන් මෝටර් රථවල ඇංජිම් දෝෂ වාර්තාවීම්,පෙට්‍රල් නිසි ලෙස දහනය නොවීම් ආදී සිදුවීම් බොහෝ වාර්තා විය.යම් කිසි රසායනික ද්‍රව්‍යයක් යොදා පෙට්‍රල් සාන්ද්‍රණය අඩුකර ඇති බවටද ඇතැමුන් චෝදනා එල්ල කරන්නට විය.මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය අසමත්ව ඇත.අපගේ පාඨකයෙකු ගම්පහ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකින් සිය යතුරුපැදියට ලබාගත් පෙට්‍රල් පසුව බෝතලයකට දැමූ පසු දිස්ව ඇත්තේ මේ අයුරිනි.

ඡායාරූපය විශාල කර බැලිම සදහා

Jun 30

මෙරට බීර (beer) අලෙවිය වැඩිකිරීමට Carson Cumberbatch සමාගම් සමූහය අළුත් වැඩපිළිවෙලක් දියත් කරයි.මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ මෙරට බීර අලෙවි කරන සිය ශාඛා ජාලය පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ අරමුණෙන් “මචං“ යනුවෙන් නම් කළ අලෙවි සැල් ජාලයක් පිහිටුවමින් තිබෙන බවයි.

මේ වනවිටත්, සමහර ස්ථානවල මෙම නමින් බීර අලෙවිසැල් පිහිටුවා තිබෙන අතර ඉදිරියේදී එම ජාලය තවත් පුළුල් කිරීමට අදහස් කර ඇත.මේ බව සමාගම සිය වාර්ෂික වාර්තාවෙන් කොටස් කරුවන්ට දැනුම් දී තිබෙන අතර යුද්ධය අවසන් කිරීමෙන් පසුව ඇතිවී තිබෙන සාමකාමී වාතාවරණය බීර අලෙවිය වැඩිවීමට හේතුවී ඇතිබව පවසා තිබේ.යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු-නැගෙනහිර වෙළඳ පොළවල්ද විවෘතවීම නිසා මෙසේ බීර අලෙවිය වැඩිවී තිබෙන බව සඳහන්ය.

Jun 30

RateDecrease-150x120විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විනාඩියකට රුපියල් 1.50ක් දක්වා ඇමතුම් ගාස්තු පහත හෙළීමට අවසර දීමත් සමඟ අඩුම දුරකථන ගාස්තු ලෝකයේ ප‍්‍රමුඛ රටවල් 3 වන රට බවට ශී‍්‍ර ලංකාව පත් වී තිබෙව බව වාර්තා වේ.

ලංකාවටත් වඩා අඩු මිලට දුරකථන ඇමතුම් ලබා දෙන අනෙක් රටවල් දෙක වන්නේ භූතානය සහ බංග්ලාදේශයයි. එම රටවල්ද දකුණු ආසියානු රටවල් වීම විශේෂත්වයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මෙම වර්ගීකරණය සිදු කර ඇති අතර ජංගම දුරකතන, ස්ථාවර දුරකථන සහ ස්ථාවර බ්‍රෝඞ්බ‍්‍රෑන්ඞ් ගාස්තු ද සලකා බලමින් මෙම වර්ගීකරණය සිදු කර තිබේ.

2008 වසරට සාපේක්ෂව 2010 වසරේදී දුරකතන ගාස්තු ලෙස ශී‍්‍ර ලංකාවේ ජනතාවට දැරීමට සිදුව ඇති වියදම 67.4% කින් අඩු වී ඇතැයිද එම වර්ගීකරණය මඟින් අණාවරණය කර තිබේ.

Jun 30

මම කලකිරීමෙන් ඉන්නේ - බොඳ මීදුම් සාලිය
Gayan Wickramathilakaපසුගිය දිනයක ගයාන් වික්‍රමතිලකට මහත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ ඔහු සංගීත ප්‍රසංගයකට සහභාගී වෙන්න නුවර ගැටඹේ ක්‍රීඩාංගණයට ගොස් සිටියදී යම්කිසි පිරිසකගේ පහරකෑමට ලක්වීමයි. මෙම සිදුවීමෙන් පසුව ගයාන් තරමක් කලකිරීමකින් සිටින බැව් දැනගන්නට ලැබේ. මේ පිළිබඳව ගයාන් තම අදහස් ප්‍රකාශ කළේ මෙසේයි.

Jun 30

prew_ufoලන්ඩන් නුවර බි.බි.සි ගොඩනැගිල්ල ආසන්නයේ ඉහල අහසේ ගමන් කල හදුනා නොගත් ආකාශ වස්තුන් තුනක් වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහැරීමත් සමග පියාඹන පිරිසි පිලිබඳ කරුණු සොයන්නන්ගේ උද්යෝගය වැඩිවී තිබෙනවා.
විශේෂයෙන්ම මෙම දර්ශනය පටිගතකරන්න විසින් කැමරාවට හසුකරගෙන ඇත්තේ අහම්බෙනි.

කැමරාව සක්‍රිය කරගෙන පාර දිගේ පැමිණෙන කැමරාකරුට ජංගම දුරකථන මගින් ඉහල අහස යමක් පටිගත කරනු පෙනී ඒ අනුව ඔහුද ඉහල අහසට කැමාරාව යොමු කරනවා.

1

එවිට ඉහල අහසේ වේගයෙන් ගමන් කරන කුඩා තිත් තුනක් වැනි වස්තුන් තුනක් දර්ශනය වේ.

2

Jun 28

prew_astro2011 MD නමින් හදුන්වන විශ්වයේ පාවෙන විශාල ග්‍රහකයක් අද (27) පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.මෙම ග්‍රහකය පෘතුවි කක්ෂයට කිලෝමීටර් 12000 ක් ඈතින් ගමන් කරන අතර එය පෘතුවියේ ගැටුනොහොත් එහි විනාශයේ තරම පරමාණු බෝම්බයක් පිපිරිම හා සමාන වනු ඇති බව නාසා ආයතනය විස්තර කර සිටිනවා.
විද්‍යාඥයින් විසින් මෙම ග්‍රහකයා පෘතුවියේ නොගැටී පෘථිවිය පසුකර යන බවට පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබේ.
2011 MD ග්‍රහකය අද ග්‍රිනිච් වේලාවෙන් 17:14 ට පෘතුවිය පසුකරගෙන යන අතර එය පැහැදිලිව ගිනිබෝලයක් සේ අන්ටාක්ටිකාවට දර්ශනය වනු අතට විද්‍යාඥයින් මත පල කර සිටිනවා.2011 MD වැනි විශාල ග්‍රහයින් පෘතුවි වායුගෝලය හරහා පැමිණීමේදී දැවී අළු නොවේ.

Jun 28

මම එයාගෙන් දික්කසාද වෙනවා වෙබ් අඩවිවල නොයෙක් දේවල් යනවා
ඒ කාලෙත් ප්‍රශ්න තිබුණා එයාට පාලනය කරගන්න බැරි තරහක් එනවා
මේනක මගේ හොඳම යාළුවෙක්       නෙහාරා පීරිස්

     Nehara Peirisවෙබ් අඩවිවල මා ගැන නොයෙකුත් කතා පළවෙනවා. නමුත් ඒ දේවල් සියයට සියයක්ම ඇත්ත නෙවෙයි. මම දික්කසාද වෙන්න අවශ්‍ය නීතිමය පියවර සකස් කරමින් ඉන්නේ. ඒක ඇත්ත.
            මමයි නිර්මාලුයි අවුරුදු 2ක් ආදරය කරලා විවාහ වුණේ. ඒ කාලෙත් ප්‍රශ්න තිබුණා. විවාහ වුණාට පස්සේ කලින් තිබුණ ප්‍රශ්න එන්න එන්නම වැඩි වුණා. කීප වතාවක්ම ඩිවොස් වෙන තැනටම ආවත් ඒ වෙනකොට මා වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් හිටපු නිසා කලාකාරිණියක් හැටියට පවුලේ මොන ප්‍රශ්න තිබුණත් ආදර්ශවත් චරිතයක් වෙන්න ඕන කියලා හිතපු නිසා හැම ප්‍රශ්නයක්ම විසඳගන්න උත්සාහ කළා.

  ඒ හැමතැනකදිම හරහට හිටින්නේ නිර්මාල්ගේ අධික කෝපය තමයි. පොඩි පොඩි ප්‍රශ්න ඕනම පවුලක තියෙන නිසා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න තමයි මම හිතුවේ. නමුත් ටික දවසකට කලින් තමයි තීරණය කළේ අපිට  එකට ජීවත් වෙන්න බැහැ කියලා. ටික දවසක ඉඳලා මම ඉන්නෙ මගේ දෙමාපියන් එක්ක. නිර්මාල් ඉන්නේ එයාගේ ගෙදර.
           අපි දෙපැත්තකට වෙලා ඉන්න නිසා තාත්තා කීපවතාවක්ම මේ ගැන කතා කරන්න නිර්මාල්ට අපේ ගෙදර එන්න කිව්වත් එයා ආවේ නැහැ. ඒ නිසා මමයි තාත්තයි නිර්මාල්ගේ බාල සොහොයුරයි තව අපේ යාලුවෙකුයි නිර්මාල්ගෙ ගෙදර ගියා. ඒ වෙලාවේ පාලනය කරගන්න බැරි තරහක් ඇවිත් ඩිවොස් එක ඕනෙමයි කියලා මේසේ උඩ තිබුණු වීදුරු භාජනයකින් තාත්තාට ගැහුවේ.
             මේනක මගේ හොඳම මිත්‍රයෙක්. මගේ හැම ප්‍රශ්නයකදිම ගොඩක් දේවල් ගැන කතා බහ කරන්නේ එයා එක්ක. හැම ප්‍රශ්නෙකදිම එයා මගේ ලඟින් හිටියා. එතැනින් එහාට කිසිම හිතවත්කමක් අපි අතර නැහැ.

Jun 28

මර්වින් සිල්වා යක්ෂයෙකුගේ චරිතයකට

Mervin Silvaමහජන සම්බන්ධතා ඇමති ආචර්ය මර්වින් සිල්වා මහතා පසු ගිය දිනයක යක්ෂයකුගේ චරිතය නිරූපණය කර තිබේ. ඒ සුගත් සමරකෝන්ගේ “කුවේණි” චිත්‍රපටයටය. එහිදී අමාත්‍යවරයා යක්ෂ ගෝත්‍රයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කර තිබේ.


ඵැරඩසබ ීසකඩ් ්එ ,ණමඇබස,
දේශපාලනය කරන එකත් හොඳ රඟපෑමක් නිසා චිත්‍රපටවල රඟපාන එක එච්චර අසීරු වෙන්නේ නැතැයි ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ. එසේම චිත්‍රපටවල හා ටෙලිනාට්‍යවල රඟපෑමට ලැඛෙන ඕනෑම චරිතයක් භාර ගැනීමට තමන් සූදානම් යැයිද මර්වින් සිල්වා ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම දර්ශන පෙළ ගම්පහ උද්භිද උද්‍යානයේදී කැමරා ගත කර ඇති අතර කුවේණි චිත්‍රපටයට මර්වින් සිල්වා මහතාව, වසන්ත විට්ටච්චි මහතා විසින් වේෂ නිරූපණයට භාජනය කර තිබේ. දිග කොන්ඩා සහ දිග රැවුල් පැළදීම නිසා මේ රැවුල් දැමිල්ලෙන් මට ඇලජික් වෙන්නේ නැහැ නේදැයි මර්වින් සිල්වා මහතා වේෂ නිරූපණ ශිල්පියාගෙන් විමසා තිඛෙන බවද දනගන්නට ලැබේ.

Jun 28

මුතුහෙට්ටිගමට ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් ප්‍රහාරයක්

Nishantha Muthuhettigamaගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ගාල්ල කරාපිටිය රෝහල අසලදී ත්‍රීරෝද රථ රියැදුරන් පිරිසක් විසින් පහර දී තිඛෙන බව වාර්තා වෙයි.

කරාපිටිය රෝහලේ පැවැති ඩෙංගු මර්දන වැඩසටහනකට මන්ත්‍රීවරයා සහභාගී වී තිඛෙන අතර එහිදී ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරෙක් සමඟ බහින්බස් වී මන්ත්‍රිවරයා විසින් ඔහුට පහර දී තිබේ. ඉන්පසුව කරාපිටිය රෝහල අසල ත්‍රීරෝද රථ නැවතුම්පොළේ රියැදුරන් පිරිසක් මන්ත්‍රීවරයාට පහරදී තිඛෙන බවද වාර්තා වෙයි

Jun 23

nehara-nirmaalජනප්‍රිය යොවුන් නිලි නෙහාරා පිරිසගේ විව්වාහ දිවිය මේ වන විට අර්බුධයකට ලක්ව ඇති වාර්තා වේ.නෙහාරා පිරිස් 2006 වසරේදී ලංකාබෙල් වෙළඳ දැන්වීමක් සඳහා පෙනී සිටිමින් ජනප්‍රියත්වයට පත්වූ අතර සෙනෙහසට ආදරෙයි නම් ටෙලි නාට්‍යයේ රශ්මි නම් හදවත් රෝගී තරුණියකගේ චරිතය නිරුපනය කරමින් රංගනයට එළඹීයාය.
නමුත් නෙහාරා වඩාත්ම ජනප්‍රියත්වයට පත්වුයේ ස්වාධින රුපවාහිනිය මගින් විකාශය කල මුතු කිරිල්ලි ටෙලි නාට්‍යය මගින්ය.
නෙහාරා විවාහ වුයේ අවරුදු 19 දී නිර්මාල් පෙරේරා සමග වන අතර ඇයට වයස අවුරුදු 16 දී රත්මලානේ ශාන්ත ජෝශප් දේවස්ථානයේදී නෙහාරා  - නිර්මාල් ප්‍රේමය ආරම්භ වී ඇත.

නිර්මාල් පිලිබඳ සිය පියාට මුලින්ම පවසා ඈත්තේ නෙහාරා වන අතර නෙහාරගේ පියා විසින් නිර්මාල් පිලිබඳ හොදින් සොයා බලා විවාහයට කැමැත්ත පලකොට ඇත.
නිර්මාල් හා මිතුරුවන සමයේ නෙහාරා රංගන ශිල්පිනියක් නොවූ අතර එයට ඇයගේ පියා අකැමති විය.පසුව නෙහාරගේ කුඩා කාලයේ දක්ෂතා දකින නිර්මාල් විසින් නෙහාරාගේ පියාගෙන් අවසර ගෙන නෙහාරා රංගනයට යොමුකර ඇත.

Jun 23

උදාරිගේ පැමිණිල්ලේ පරීක්ෂණ අවසන් කර වාර්තාවක් දෙන්න - උසාවි නියෝග

Udari Chamikaඔඩෙල් ආයතනයේ සේවක සේවිකාවන් විසින් තමන්ට අඩන්තේට්ටම් කරමින් තමාගේ ඡායාරූප මාධ්‍ය වෙත ලබාදී ඇති බවට චෝදනා කරමින් උදාරී චාමිකා වර්ණකුලසූරිය විසින් මීට ඉහතදී පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් වන සියළුම පරීක්ෂණ අවසන් කර ලබන ඔක්තෝම්බර් 17 වනදාට අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි වෙංගප්පුලි මහතා විසින් ඊයේ (20)නියෝග කර තිඛෙන බව වාර්තා වෙයි.
ඔඩෙල් ආයතනයෙන් රෙදිපිළි සොරකම් කර ලඟ තබා ගැනීම සම්බන්ධව කුරුඳුවත්ත පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබුණි. කුරුදුවත්ත පොලීසිය විසින් නගා තිබූ චෝදනා පිළිගත් ඇයට වසරකට අත්හිටවනු ලැබූ සිර දඩුවමක් ලබා දෙනු ලැබිණි.

Jun 23

Savendra-Silva-150x150විදේශීය තානාපතිවරුන් හමුවේ චැනල් ෆෝ වීඩියෝ චිත්‍රපටය තිරගත කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා හියුමන් රයිට්‌ස්‌ වොච්, ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සහ ක්‍රයිම් ගෘප් සොසෙයිටි නමැති එන්.ජි.ඕ. සංවිධාන සහ එකී චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ පෙරේදා (21 දා) දහවල් නිව්යෝර්ක්‌හි දේවස්‌ථාන මධ්‍යස්‌ථානයේ දී දැරූ උත්සාහය මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ව්‍යර්ථ කර ඇත.මෙම සාවද්‍ය වීඩියෝ චිත්‍රපටය තිරගත වී ප්‍රශ්න අසන අවස්‌ථාවේ ජනරාල්වරයා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ අවහිරතා නොතකා ශාලාවට අවතීර්ණ වී තිබේ.

මේ වන විට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්‌වමින් සිටි එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන චැනල් ෆෝ චිත්‍රපටය ගැන ප්‍රතිචාර දැක්‌වීමට සුදුසුම නිලධාරියා ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යෑයි ප්‍රකාශ කර ඇත.

එම අවස්‌ථාවේදී චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ සිය චිත්‍රපටය ගැන සාවද්‍ය තොරතුරු දැක්‌වීමට සූදානම්ව සිටි අතර ජනරාල්වරයා දැකීම නිසා බරපතල අපහසුතාවකට මුහුණපා තිබේ.

“චැනල් ෆෝ” චිත්‍රපටයේ දර්ශනයක ගුවන් හමුදාව කැලෑවකට බෝම්බ දමන බව දැක්‌ වෙනවා. නමුත් තුවාලකරුවන් සිටින්නේ එළිමහනකයි. මේ දර්ශන එක්‌සත් ජාතීන්ගේ චන්ද්‍රිකා ඡායාරූපවලින් ලබාගත් බව පසුබිම් කථනයේ යෙදෙන තැනැත්තා පවසනවා. නමුත් දර්ශනයේ කෙළවර එම දර්ශන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාගත් දර්ශන යෑයි පෙන්නුම් කරනවා. මෙය මුළුමනින්ම විකෘති කිරීමක්‌ යෑයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය. එසේම චැනල් ෆෝ චිත්‍රපටයේ දමිල්වානි ඥන කුමාර් නමැත්තිය යුද අපරාධ සම්බන්ධව කරන ප්‍රකාශය සාවද්‍ය යෑයි දක්‌වමින් ඇය කොටි ත්‍රස්‌තයන් සමග එක්‌ව කටයුතු කළ තැනැත්තියක්‌ යෑයි ශවේන්ද්‍ර සිල්වා මහතා සාධක සහිතව තහවුරු කර ඇත.

මේ දමිල්වානි නම් දෙකකින් පෙනී සිටියා. ඇගේ වැඩිමහල් සොයුරිය කළ ප්‍රකාශ අප සතුව තිබෙනවා. දික්‌කසාද වූ තැනැත්තියක්‌ වූ දමිල්වානි බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වූ බව වැඩිමහල් සොහොයුරිය පවසනවා. මාස 6 ක වීසාවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇය කොටි කඳවුරක සිටියා. කොටි රෝහලකට ඇය සිටින අයුරු දැක්‌වෙන වීඩියෝ පට අපට හමුවුණා යෑයි ජනරාල්වරයා ප්‍රකාශ කිරීම නිසා චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේට කට උත්තර නැතිවී තිබේ.

මෙහිදී නැගී සිටි මැක්‌රේ “ඔබ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමේ සාක්‌ෂි නුදුන්නේ මන්දැයි” ජනරාල් සිල්වාගෙන් ප්‍රශ්න කළේය.

“මම දෙවරක්‌ සාක්‌ෂි දුන්නා. ඒ සාක්‌කි අන්තර්ජාලයේ තිබෙනවා. ඔබගේ නොදන්නා කමට මට කරන්න දෙයක්‌ නැහැ. මාධ්‍ය සදාචාරය ගැන කතා කරන ඔබලා රාජ්‍ය විරෝධීන්ගේ උපක්‍රමවලට ගොදුරු වී තිබෙනවා” යෑයි ඊට ප්‍රතිචාර දැක්‌වූ ජනරාල්වරයා කියා සිටියේය.

මේ ප්‍රකාශයත් සමගම සභාවේ සිටි විදේශ තානාපතිවරු අත්පොළසන් දී ඇත. චැනල් ෆෝ අධ්‍යක්‌ෂ කැල්ලම් මැක්‌රේ ඒ සමගම නිහඬ වී තිබේ.

- සටහන දිවයින පුවත් පතින්

මෙම වීඩීයෝවේ ඇතුලත් වන්නේ ඔහුගේ කථාවේ කොටසක් පමණි….

Technorati Tags: ,

Jun 23

IMG_1546-150x150අලූතින් ආරම්භ කරන ලද නැනෝ කුලී කාර් සේවකයෙන් තම රැුකියාවට පහර නොවදින සේ වග බලාගන්නැයි කියමින් තී‍්‍රරෝද රියැදුරෝ අද උද්ඝෝෂණය කළහ.

ස්වයං රැකියා නියුක්තියකන්ගේ සංගමය කොළඹ හයිඞ්පිටියේ සිට පාගමනිකින් සංදේශයක් රැගෙන ජනපති කාර්යාලය දක්වා ගමන් කිරීම නිසා පුරහල කොම්පඤ්ඤ වීදිය හා කොටුවේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය. කොටුව පන්සල අසලදී පෙළපාළිය නතර කැරුණු අතර නියෝජිතයෝ තිදෙනෙකු සංදේශය රැගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ගියහ. ලියාපදිංචි තී‍්‍රරෝද රථ සංඛ්‍යාව ලක්‍ෂ හතරක් පමණ වෙයි. ඒවා අලූත්වැඩියා කරන්නත්, අමතර කොටස් අලෙවි කරන්නත්. සේවා සපයන්නන් ඇතුළුව ඉන් යැපෙන්නන් සංඛ්‍යාව විසි ලක්‍ෂය ඉක්මවයි.

ඡායාරූප සදහා

Jun 23

phone-video-150x150බළංගොඩ ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ ජංගම දුරකථනවලට අසභ්‍ය දර්ශන ඇතුළු කර මුදල් ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ,  බලංගොඩ අලුත් නුවර ප්‍රදේශයේ දුරකථන සේවා මධ්‍යස්ථානයක තිබු එවැනි අන්දමේ අසභ්‍ය දර්ශන ඇතුළත් පරිගණකයක් සහ ජංගම දුරකථන කිහිපයක් ද සොයා ගැනීමට හැකි වු බවයි.කලක සිට මෙම ජාවාරම පිළිබඳව දෙමාපියන්ගෙන් සහ ඇතැම් ගුරුවරුන්ගෙන් තොරතුරු ලැබී තිබු බව ද පොලීසිය පැවසීය.සැකකරු අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Jun 21

prew_eliphentඅඹන්පොළ මී ඔය පාලම අසලදී දුම්රියක ගැටුණු තුන්පත් රෑනක් ඊයේ (18) අළුයම මියගියා. මියගිය මව් ඇතින්න ගැබ්බරව සිටි බව මියගිය ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
පහත දැක්වෙන්නේ කුසතුල සිටි එම ඇත් පැටවායි

Jun 21

sanga_malinga_afp595

මේ දිනවල ශ්‍රීලංකා ක්‍රීඩකයන් සහභාගී වී සිටින එංගලන්ත සංචාරය නිමාවීමෙන් පසුව මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර,ලසිත් මාලිංග යන ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමේ සුදානමක් පවතින බවට වාර්තා වේ.
කොන්ත්‍රාත්තුවෙන් ඉවත්වූ පසු එම ක්‍රීඩකයන් තිදෙනාට තමන් කැමති තරගයකට සහභාගී විය හැකි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන්ට තරඟ වලට සහභාගී වන ලෙස බලපෑම් කල නොහැක.
ක්‍රීඩකයන් තිදෙනාගේ මෙම තීරණය ගැනීමට නිශ්චිත හේතුවක් වාර්තා නොවුනත් අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂිත ක්‍රියා කලාපය සහ ඉන්දියානු ප්‍රිමියර් ලිග් තරගාවලියේදී රට ගැන නොසිතා මුදල් වෙනුවෙන් ක්‍රීඩා කල බවට නැගුන චෝදනා හේතුවෙන්මෙම තීරණය ගත් බවයි.

Jun 20

Indian-Premier-League-IPL-2011-Top-10-Records-and-Statistics-IPL-2011-300x154ජුලි මස 19 වැනිදා ආරම්භවීමට නියමිත ශී‍්‍ර ලංකා පී‍්‍රමියර් ලීග් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියට සහභාගීවීම සඳහා ඉන්දීය කී‍්‍රඩකයන් එරට කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් කර තිබූ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වී තිබෙනවා.

ඉන්දීය පාලක මණ්ඩලය ඒ සඳහා හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ එස්.එල්.පී.එල්. තරගාවලියේ කොන්ත‍්‍රාත්තු පදනමයි.එස්.එල්.පී.එල්. තරගාවලිය කි‍්‍රයාත්මක කරනු ලබන්නේ සිංගප්පූරුව කේන්ද්‍ර කරගත් විනෝදාස්වාද සමාගමක් වන සමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස් විසින්. කී‍්‍රඩක කොන්ත‍්‍රාත්තු ලබාදෙන්නේද එමගින් බවයි ඉන්දීය පාලක මණ්ඩලය පෙන්වා දෙන්නේ.

මේ නිසා කී‍්‍රඩක කොන්ත‍්‍රාත්තු පිළිබඳ යම් ගැටළුවක් ඇතිවුවහොත් තමන්ට ගතහැකි කි‍්‍රයාමාර්ගයක් නොමැති නිසා ඒ සඳහා ඉන්දීය කී‍්‍රඩකයන් ඊට සහභාගී නොවිය යුතු බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ප‍්‍රකාශ කර තිබෙනවා.

Jun 20

1178611841Mahinda Rajapaksaජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකානු ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

මෙම නොතීසිය ලැබුණු බව අධිකරණ අමාත්‍යාංශය පිළිගත් බවද බීබීසී සංදේශය වාර්තා කරයි. වධහිංසාවන්ට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජනපද පනතට අනුව වන්දි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් තුනක් සම්බන්ධයෙන් මෙම නොතීසිය නිකුත් කර තිබේ. එම පනත උල්ලංඝනය කිරීමේ අවස්ථාවක් 06ක් මෙම පෙත්සම් මඟින් පෙන්වා දී ඇති අතර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක ක වන්දි මුදලක් ඉල්ලා තිබේ.

Jun 20

manishaබොලිවුඞ් පුරවරයේ ජනප‍්‍රිය නිළියක් වන මනීෂා කොයිරාල රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ඊයේ (18) සංචාරයක නිරත වුණා. ඇය සමග මෙම අවස්ථාවට චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ආචාර්ය චන්ද්‍ර ප‍්‍රකාශ් දිවේද්‍රි ද එක්ව සිටියා. ථෙරවාදී බුදු දහම පවතින රටවල් 5 ක නියෝජනයෙන් අධක්‍ෂණය කරනු ලබන සිද්ධාර්ත් බුද්ධ චිත‍්‍රපටියේ රූගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳ සොයා බැලීමටයි මොවුන් රන්මිණිතැන්න ටෙලි ගම්මානයට ගොස් ඇත්තේ. එහිදී චිත‍්‍රපටි නිළි මනීෂා කොයිරාල පවසා ඇත්තේ මෙම චිත‍්‍රපටියේ රූගත කිරීම් සඳහා සුදුසු පරිසරයක් එහි පවතින බවයි. එමෙන්ම, කපිල වස්තු පුරයට ගැළපෙන පරිසරයක් ශ‍්‍රී ලංකාවේ පවතින බවද ඇය පවසනවා.

Jun 19

dsc071381ඊලියන්ත ලින්ඩ්සේ වයිට් උපත ලබන්නේ 1973 දී කලුබෝවිලදීය.ඔහුගේ මුතුන් මිත්තන් බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරටට සංක්‍රමණය වූ අය වේ.
ඔහු සෙන්ට් තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර කුඩා කල පටන් දක්ෂ සිසුවෙක් විය.කුඩා කල පටන් ඔහු ගායනයට ඇලුම් කල අතර ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා වැඩසටහන් වලට ඔහු ගායනයෙන් දායක වී ඇත.
වයස අවරුදු දහයේ සිට කළුබෝවිල සුනන්දාරාමය ආශ්‍රයේ හැදී වැදුණු ඔහු ගුප්ත දේවල් පිලිබඳ හැදෑරීමට පටන් ගත්තේ එම කාලයේ පටන්ය.නමුත් වයසින් වැඩෙත්ම එම කටයුතු අතහැර දමන ඔහු කුඩා කුඩා වෙලදාම් කර මුදල් ඉපයීමට පටන්ගෙන ඇත.

Jun 19

dsc071381ඊලියන්ත ලින්ඩ්සේ වයිට් උපත ලබන්නේ 1973 දී කලුබෝවිලදීය.ඔහුගේ මුතුන් මිත්තන් බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරටට සංක්‍රමණය වූ අය වේ.
ඔහු සෙන්ට් තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර කුඩා කල පටන් දක්ෂ සිසුවෙක් විය.කුඩා කල පටන් ඔහු ගායනයට ඇලුම් කල අතර ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා වැඩසටහන් වලට ඔහු ගායනයෙන් දායක වී ඇත.
වයස අවරුදු දහයේ සිට කළුබෝවිල සුනන්දාරාමය ආශ්‍රයේ හැදී වැදුණු ඔහු ගුප්ත දේවල් පිලිබඳ හැදෑරීමට පටන් ගත්තේ එම කාලයේ පටන්ය.නමුත් වයසින් වැඩෙත්ම එම කටයුතු අතහැර දමන ඔහු කුඩා කුඩා වෙලදාම් කර මුදල් ඉපයීමට පටන්ගෙන ඇත.

Jun 19

හිතුවක්කාර යුවතියකගේ ආදරය ගැන කියන zහිතුවක්කාරීZ
Sureni de Melහිපොප් සංගීතයේ පෙරළිකාර ගායන ශිල්පිණියක් වන සුරෙනි ද මෙල්ගේ අලුත්ම ගීතයක් වන zහිතුවක්කාරයිZ ගීතය මේ දිනවල බොහෝ සේ ජනප්‍රිය වී තිබේ.
හිතුවක්කාර යුවතියකගේ ආදරය ගැන කියැවෙන්නේ
zහිතුවක්කාරයි ඇයි මං හදන්න පුළුවන්දZ ගීතයෙන් කියැවෙන්නේ හිතුවක්කර යුවතියකගේ ආදරය පිළිබඳවයි. වෙනස්ම රූප රාමු පෙළකින් සමන්විත මේ ගීතය රූප ගත කර ඇත්තේ අහම්ඛෙන් බව සුරෙනි පවසයි.
රූප රචනා කළේ දකුණු කොරියාවේදී

Jun 19

සරම උස්සගෙන කයිවාරු ගැහුවට බැහැ - රාජිත
Rajitha Senaratneධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය දිනයක ත්‍රීකුණාමලයේ පැවැති උත්සවයකට සහභාගීවෙමින්  අපූරු කතාවක් කර තිබුණා.
        ගියසැරේ ගහගත්තේ ආයුධවලින්. මේ සැරේ ගහගන්න තියෙන එකම ආයුධය මොළය විතරයි. සරම උත්සගෙන වේදිකාවල කයිවාරු ගැහුවට මේ යුද්දෙ දිනන්න බැහැ. දකුණු ඉන්දියාව අද අපිට විරුද්ධව අවි අමෝරාගෙන ඉන්නවා. අපේ ප්‍රශ්නය මානව අයිතිවාසිකම් කමිටුව ඉදිරියට ගන්නවා. ඒකේ කිසිම රටකට නිශේධ බලය නැහැ. අපිට ආරක්ෂක මණ්ඩලයට යනවානම් නිශේධ බලය තියෙනවා. සෝවියට් රුසියාවට තියෙනවා. චීනයට තියෙනවා. අපේ හිතවතුන්ට මේකේ එහෙම බැහැ. එක ඡන්දෙන් සම්මත වුණොත් අපිට ආර්ථික සම්බාධක එනවා. එදාට අපි කතා කරලා වැඩක් නැහැ. ඊට ඉස්සරවෙලා අපි කථා කළ යුතු සියලු ගනුදෙනු අපි ඉවර කරන්න ඕන.

Jun 18

facebook-twitterප‍්‍රංශ ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදන කටයුතු වලදී ‘ෆේස්බුක්’ හෝ ‘ටුවිටර්’ යන වචන භාවිතයට තහනමක් පනවා තිබේ.මේ අනූව ගුවන්විදුලි හෝ රූපවාහිනී නිවේදන කටයුතු වලදී ‘ෆේස්බුක්හි අසවල් ගිනුම ඔස්සේ හෝ ‍ටුවිටර්හි අසවල්  ගිනුම ඔස්සේ වැඩිදුර තොරතුරු සදහා අප හමුවිය හැක’ වැනි යෝජනා තම අසන්නන් හෝ නරබන්නන් වෙත යෝජනා කිරීම තහනම් වෙයි.

Jun 18

condom-hair-bands-ties-150x150භාවිත කරන ලද උපත් පාලන කොපු යොදාගනිමින් කොණ්ඩා පටි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් දකුණු චීනයේ ක්‍රියාත්මක කෙරෙන බව AFP පුවත් සේවය වාර්තා කරයි.නමුත් මෙම කොණ්ඩා පටි භාවිතය නිසා ලිංගික රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා පෙන්වාදී තිබේ.

එරට බොහෝ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන හා වෙළඳ මධ්‍යස්ථාන වලින් මෙම නිෂ්පාදනය මිලදී ගැනීමේ හැකියාව පවතින අතර මෙම හානිකර නමුත් ලාභදායි රබර් කොණ්ඩා පටි සඳහා එරට වෙළඳපොළ තුළ ඉහළ අ‍ලෙවියක් ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම නිෂ්පාදන සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද උපත් පාලන කොපු යොදාගත්ත ද ඒවායේ හානිකර වෛයිරස් හා බැක්ටීරියා අන්තර්ගත විය හැකි බව මාධ්‍ය වාර්ථා පෙන්වා දෙයි.

ඡායාරුප එකතුව සදහා

Jun 18

Sanath-gets-ready-for-the-Last-Hurrah-03-150x150ශ‍්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ සුපිරිතම ප‍්‍රහාරක පිතිකරු සනත් ජයසූරිය සිය අවසන් එක්දින තරගය සඳහා ක‍්‍රීඩා කරන්නට එංගලන්තය බලා පිටත්වීමට පෙර ලබාගන්නා ලද ඡායාරූප කිහිපයක් අපට ලැබී තිබෙනවා.

ඡායාරූප සදහා

Jun 18

jacqueline-fernandez-janadhipathi.com-00000බොලිවුඞ් සිනමා තරුවක් හා ශී‍්‍ර ලංකේය රූ රැජිනක් වන ජැකලයින් ෆර්නැන්ඩස් රඟපෑ අලූත්ම සිනමා පටය වන නිමර්ඩර් -2  චිත‍්‍රපටය ලබන ජූලි 08 වැනිදා සිට තිරගතවීමට නියමිතය.

මර්ඩර් – 2 චිත‍්‍රපටය සරාගී දර්ශන ඇතුලත් චිත‍්‍රපටයක් වන අතර එහි අඩ නිරුවත් හා සරාගී දර්ශන කිහිපයක් සඳහාම ජැකලයින් පෙනී සිට ඇත.මේ උණුසුමත් සමඟම ජැකලයින්ටි මැක්සිම් ඉන්ඩියා  සඟරාවේ ජුනි මාසයේ මුල් පිටුව ඇගේ රුවින් පුරවන්නටත් අවස්ථාව උදාවී ඇත. එසේම ඇගේ සම්මුඛ සාකච්ඡාවකට එහි ඇතුල් පිටක්ද වෙන්කර තිබේ.

Jun 18

293.brit_.cost2_.lc_.061611ජූනි 16 වනදා සිට ආරම්භ කිරීමට නියමිත සුප්‍රකට පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස්ගේ ලෝක සංචාරයේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංග සඳහා ඇය ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්වන ආකාරයේ ඇඳුම් භාවිතා කිරීවමට නියමිත බව වාර්තාවේ.

29 හැවිරිදි මෙම සුප්‍රකට ගායිකාව පැවසූයේ මෙය තමාගේ හොඳම සංචාරය වනු ඇති බවයි. එමෙන්ම මෙම ප්‍රසංග මාලාව තුලදී වේදිකා නිර්මාණයේ සිට අනෙකුත් සෑම දෙයක්ම ඉතා ඉහළින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ඇය පවසා සිටියේ.

Jun 16

prew_pizzaපසුගිය දිනවලදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාට පීසා නිසා කරදරයකට මුහුණ පෑමට සිදුව ඇත.
වාර්තා වන ආකාරයට විමල්ගේ පුත් විභුති තමාට පීසා කමට අවශ්‍ය බව පවසමින් සිය පියාට දිගින් දිගටම ඇවිටිලි කර ඇත.
එයින් බේරීමට නොහැකි තැන අමාත්‍යවරයා පීසා හට් වෙත ඇමතුමක් ලබාදී පීසා ඇනවුම් කර ඇත.රැගෙන් එන්නාට පවසා ඇත්තේ නිල නිවාසයේ තුන්වන ගේට්ටුවෙන් ඇතුළු වී පීසා රැගෙන එන ලෙසයි.
ඇනවුම මත පීසා රැගෙන එන සේවකයා තුන්වන ගේට්ටුවෙන් ඇතුල්වී ඉදිරියෙන්ම වූ නිවසෙන් විමල්ගේ නිවස පිලිබඳ විමසා ඇත.

ඉදිරියෙන්ම වූ නිවස සරත් අමුණුගමගේ වන අතර එම වෙලාවේ එහි සිටියේ ඔහුගේ ඥාති පුත් දිලුම් අමුණුගමය.විමල් විරවංශ හට පීසා ලබා දිය හැකි බව පවසමින් දිලුම් පීසා පාර්සලය බාරගෙන ඇතත් අද වෙන තුරු එය අමාත්‍යවරයාට ලබාදී නොමැත.
මෙම සිදුවීම කීප වතාවක්ම සිදුවී ඇති අතර පාර්ලිමේන්තුවේදී දිලුම් විමල්ගෙන් විමසා ඇත්තේ "විමල් පීසා කන්න ආසදැයි ?"කියාය.
එහෙත් විමල් විරවංශ අමාත්‍යවරයා නම් මේගැන තාම දන්නේ නැතිලු

Jun 16

prew_surajක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ වැදගත් තොරතුරු අඩංගු වූ පරිගණක දෘඩ තැටි දෙකක් අතුරුදහන් වී ඇත.මේ පිලිබඳ එම කාර්යාලයේ අධ්‍යක්ෂ සුරාජ් දන්දෙණිය මහතා විසින් කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කල අතර එම පැමිණිල්ලට අනුව ඊයේ (14) සවස ‍කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් විසින් එම කාර්යාලය සෝදිසි කර ඇඟිලි සලකුණු ලබාගෙන තිබේ.
මෙම තැටිවල ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට අදාල මුදල් ගණුදෙනු පිළිබඳව තොරතුරු අඩංගු වී තිබී ඇති අතර කෝප් කමිටුව විසින් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් කරනලද දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් එළඹෙන ජුලි මාසයේ පරීක්ෂණයක් කිරීමට දින නියමවී තිබුණු අතරතුර මෙම දෘඩ තැටිය අතුරුදහන් වී තිබේ.

පසුගිය ලෝක කුසලාන සමයේදී ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ විශාල වශයෙන් වංචා සිදු වූ අතර ඒ පිලිබඳ අප පෙර ලිපියකින් හෙළි කළා.මේවනවිට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය දැඩි මුල්‍ය අර්බුධයකට මුහුණපා ඇත.
මෙයට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ අනවශ්‍ය ව්‍යාපෘති සඳහා නිකරුනේ මුදල් වියදම් කිරීම හා ගසාකෑම් නිසාය.

Jun 16

 prew_skf(14) දිනයේදී චැනල් 4 නාලිකාව විසින් ශ්‍රීලංකාව යුධ අපරාධ සිදු කරන ලද බව පවසමින් විනාඩි 48 ක වීඩියෝ පටයක් විකාශය කළා.
මෙහිදී යුද්ධයේ අවසන් සමයේදී ශ්‍රීලංකා හමුදා විසින් සිදුකල ක්‍රියා යනුවෙන් පැරණි වීඩියෝ පට නැවත නැවත පෙන්වමින් හමුදාව විසින් සිවිල් වැසියන් හා එල්.ටි.ටි සාමාජිකයන් අමානුෂිකව ඝාතනය කල බව කියා සිටියා.
මෙහිදී ඔවුන් ශ්‍රීලංකාව අනාරක්ෂිත රටක් ලෙසද චෝදනා කරනු ලබනවා.මෙම වීඩියෝ පටයට කරුණු ඉදිරිපත් කරන්නන් අතර එක්සත් ජාතීන්ගේ මෙරට හිටපු ප්‍රකාශක ගෝඩ්න් වයිස් නුත් සම්බන්ධ වී සිටිනවා.

ඔහු ලංකාවට එරෙහිව දරුස්මාන් වාර්තාවටත් අසත්‍ය කරුණු කි අයෙක්.මේ දිනවල ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්ව සිටින බැවින් එහිදී ශ්‍රීලංකාව අපහසුතාවයට පත්කිරීමේ වැයමක් යනුවෙන් සැක මතු වී තිබේ.

Jun 16

Moon-150x150ඉතාම කලාතුරකින් දැකගත හැකි දීර්ඝතම සහ අඳුරුතම විනාඩි 100කට අධික කාලයක් චන්ද්‍රයා වැසී තිබෙන පුර්ණ චන්ද්‍රග්‍රහණයක්
නැරඹීමේ අවස්ථාව ඊයේ රාත්‍රියේදි  ශ්‍රී ලංකාවාසීන්ට උදාවිය. එහෙත් ඊයේ රාත්‍රියේදි වැහිබර කාලගුණය නියා ලංකාවේ බොහෙමක් ප්‍රදේශවලට මෙම දුර්ලභ  චන්ද්‍රග්‍රහණය බලා ගැනිමට නොහැකි විය.

සියවසේ අඳුරුතම විනාඩි 100 අද. නැවතත් මෙවන් චන්ද්‍රග්‍රහණයක් ඇති විය හැක්කේ වසර 2018 දී ය.

මෙය නැගෙනහිර අප්‍රිකාව, මැදපෙරදිග, මධයම ආසියාව ට මෙන්ම බටහිර ඔස්ට්‍රේලියාවටද දිස්වේ. ජුනි මස 15වැනදා රාත්‍රීයේ පෘථිවියේ උප ඡායාවට චන්ද්‍රයා ඇතුළුවිමත් සමඟ චන්ද්‍රග්‍රහණය ආරම්භ විය. පෘථිවිය සතුව ඇති මැද කොටසේ අඩ අඳුර පූර්ණ ඡායාවට චන්ද්‍රයා ඇතුළුවීම රාත්‍රී 11.35ට සිදුවිය.

අනතුරුව එම වේලාවේ සිට ක්‍රමයෙන් චන්ද්‍රයා කළු පැහැයකින් යුත් තාප කොටසිකින් ආවරණය වීමට පටන්ගැනීමත් සමඟ 16වැනිදා අලුයම 1.43ට ග්‍රහණ මධ්‍යය සිදුවිය.

ලංකාවේ වැඩි පිරිසකට නැරඔමට නොහැකි වු මෙම චන්ද්‍රග්‍රහණය ලෝකයේ විවිධ රටවලට පෙනුනේ මේසේය. ඡායාරුප සියල්ල නැරඹිම සදහා

Jun 16

IMAG0003-150x150වලපනේ ‍ගලබඩ ප්‍රදේශයේ ගොවීන් විසින් මෙම තොරණ ඉදි කර තිබේ. තක්කාලි කිලෝවක් මේ වන විට රුපියල් 5ක මුදලකට හෝ අළෙවි කර ගත නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි. පසුගිය වසරේ තක්කාලි මිල ඉහළ යාම හේතුවෙන් ගොවීන් වැඩි පිරිසක් එම වගාවට යොමු වී තිබේ. එහෙත් තක්කාලි මිල පහත වැටීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි වාර්තා වේ‍.

සම්පුර්ණ ඡායාරුප සදහා

Jun 16

whiteවෛද්‍ය ඊලියන්ත වයිට් මහතාගෙන් වසරකට වැඩි කාලයක් ප‍්‍රතිකාර ලබාගත් දෙරණ නාලිකාවේ නිෂ්පාදකවරයෙකුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් කකුලක් කපාදැමීමට පවා සිදුවී තිබේ.

මොහුට ඊලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට උපදෙස් දී ඇත්තේ ‘දෙරණ’ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර මහතාය. කෙසේ වුවද මෙම වැඩසටහන් නිෂ්පාදකවරයාගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසු වෙනත් වෛද්‍යවරයෙකු කරා යොමුකර ඇති දිලිත් ජයවීර මහතා එකී ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය සියලූ මුදල් තමා විසින් ලබාදෙන බවට සහතික වී තිබේ.
තවද අප වෙත වාර්තාවන පරිදි ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ කොන්දේ අබාධයකට ඊලියන්ත වයිට් මහතා ප‍්‍රතිකාර කර ඇති අතර ප‍්‍රතිකාර ආරම්භයේදී සුවයක් ලැබී ඇතත් පසුව කොන්දේ අබාධය දැඩි ලෙස වර්ධනය වී ඇත.

Jun 16

Rajitha Senaratneසරම උස්සගෙන කයිවාරු ගැහුවට බැහැ - රාජිත
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය දිනයක ත්‍රීකුණාමලයේ පැවැති උත්සවයකට සහභාගීවෙමින්  අපූරු කතාවක් කර තිබුණා.
        ගියසැරේ ගහගත්තේ ආයුධවලින්. මේ සැරේ ගහගන්න තියෙන එකම ආයුධය මොළය විතරයි. සරම උත්සගෙන වේදිකාවල කයිවාරු ගැහුවට මේ යුද්දෙ දිනන්න බැහැ. දකුණු ඉන්දියාව අද අපිට විරුද්ධව අවි අමෝරාගෙන ඉන්නවා. අපේ ප්‍රශ්නය මානව අයිතිවාසිකම් කමිටුව ඉදිරියට ගන්නවා. ඒකේ කිසිම රටකට නිශේධ බලය නැහැ. අපිට ආරක්ෂක මණ්ඩලයට යනවානම් නිශේධ බලය තියෙනවා. සෝවියට් රුසියාවට තියෙනවා. චීනයට තියෙනවා. අපේ හිතවතුන්ට මේකේ එහෙම බැහැ. එක ඡන්දෙන් සම්මත වුණොත් අපිට ආර්ථික සම්බාධක එනවා. එදාට අපි කතා කරලා වැඩක් නැහැ. ඊට ඉස්සරවෙලා අපි කථා කළ යුතු සියලු ගනුදෙනු අපි ඉවර කරන්න ඕන.

Jun 16

Rositaප්‍රථමවරට මවුකිරිවලට සමාන කිරි නිපදවන
එළදෙනෙක් බිහිවෙයි
ලෝකයේ ප්‍රථම වරට මවුකිරි වලට සමාන කිරි නිපදවන එළදෙනෙක් ඉපදී ඇති බව වාර්තා වේ. ඍදිසඒ ෂීA ලෙස නම් කර ඇති මෙම එළදෙන මෙවැනි හැකියාවක් තිඛෙන ලෝකයේ පළමු එළදෙන බවත් ඇය පසුගිය අප්‍රේල් 6 වනදා සිසේරියන් සැත්කමක් මඟින් උපද්දවා තිඛෙන බවත් වාර්තා වේ. මිනිස් ජාන එක්කර ක්ලෝන තාක්ෂණය මඟින් ආජන්ටිනාවේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් මෙය සිදුකර තිබේ.
        ඍදිසඒ ලෙස නම් කර තිඛෙන මෙම එළදෙන විසින් නිපදවන කිරිවල මව්කිරිවල තිඛෙන ප්‍රෝටීන් සංඝටක තිඛෙන බව ආජන්ටිනාවේ කෘෂි ව්‍යාපාර තාක්ෂණය පිළිබඳ ජාතික ආයතනය පවසා ඇත.

Jun 13

prew_total-eclipsඑළඹෙන පොසොන් පොහොය දා (15) පුර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිවත පවතියි.මෙම පුර්ණ චන්ද්‍ර ග්‍රහණයේ විශේෂත්වය වන්නේ චන්ද්‍රයා පෘතුවි සෙවනැල්ලේ කේන්ද්‍රය පසුබිම් කරගෙන ගමන් කිරීමට නියමිත වීමයි.
මෙවැනි පුර්ණ චන්ද්‍රග්‍රහණයක් මෙයට පෙර දිස් වුයේ 2000 වසරේ ජුලි 16 දින වන අතර මෙම වසරේ දී වීමෙන් අනතුරුව නැවත දිස්වීමට නියමිතව ඇත්තේ 2018 ජුලි 18 වන දිනය.
15 වැනිදා රාත්‍රි 10.54 ට ආරම්භ වී පසුදින (16) පෙරවරු 4.30 දක්‌වා පවතින අතර එහි උපරිම ග්‍රහණය 16 වැනි දින උදෑසන 1.12 ට සිදුවේ.
2011 වසරේ දිස්වීමට නියමිත පුර්ණ චන්ද්‍රග්‍රහණ ගණන දෙකක් වන අතර ඉන් පළමු වන්න මෙය වේ.දෙවැන්න එළඹෙන දෙසැම්බර් 10 වන දින සිදුවීමට නියමිතයි.

Jun 13

prew_ayoපසුගිය දිනෙක මාතර පොල්හේන මුහුදු තිරයේ නාමින් සිටි ටෙලි නාට්‍ය නිලි සයුරි හෙවත් අයෝධ්‍යා මිහිරාවී හට එහි පුද්ගලයෙකුගෙන් අතවරයක් සිදු වූ බව අප පෙර ලිපියකින් හෙළි කළා.
එම අතවරය සිදුකල පුද්ගලයා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත්කල පසු අධිකරණය මගින් රුපියල් ලක්ෂයක ඇපයක් මත මුදාහරිනු ලැබුවා.
නමුත් ඉරිදා දිවයින පුවත්පතේ මීවිත අතිරේකය ඇයගෙන් මෙම සිදුවීම සම්බන්ධව විමසුවිට ඇය ප්‍රකාශකොට තිබෙන්නේ මෙවැන්නක්.

"ඔය අහන්නේ මගේ පවුලේ අයත් සමග කතරගම සංචාරයක යෙදුනු අවස්ථාවේ මුහුදේ නාන්න ගිහින් වුනු සිද්ධිය සම්බන්ධයෙන් නේ?එක බොරු කට කතාවක්.

Jun 13

prew_GOSSIPඕපා දුප වෙබ් අඩවි පිලිබඳ කලාකරුවෝ කිහිපදෙනෙකු දක්වන අදහස් අද රසදුන අතිරේකයේ පල වෙනවා.

  • ඇයි අපිට මේ විදියට අපහාස කරන්නේ -උදාරි
  • ඒ මිනිස්සුන්ව එල්ලලා මරන්න ඕන -උදයන්ති
  • හොඳ දේවල් වෙබ් අඩවිවල නෑ - අයෝමි
  • ගින්නක් නැතිව නඟින දුම් තියෙනවා-ජැක්සන්



Jun 13

prew_sfvsdumindaහිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා එකිනෙකාට එරෙහිව වාග් ප්‍රහාර අරඹා තිබේ.
පසුගිය 06 වනදා සුදුකොඩි නඩුව විභාගයට පැමිණි අවස්ථාවේ රැස්ව සිටි පිරිස ඇමතු සරත් ෆොන්සේකා
"අපි දැක්ක කොළොඹ දී ආරක්ෂක ලේකම් ගාව ඉන්න ස්ත්‍රී දුෂකයන්ගේ පොලු හමුදාව..ඔය පොලු හරඹ අපි වැඩි කාලයක් කරන්න දෙන් නෑ..බලයට ආපු ගමන් ඒ අයට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.."

06 වනදා සරත් ෆොන්සේකා සිදු කල කතාවට දුමින්ද සිල්වා 09 වනදා පිළිතුරු දෙන්නේ විපක්ෂයේ ක්‍රියාමර්ග හෙලා දකිමින් රජයට සහයෝගය පල කරමින් කොළොඹ දී පැවැත් වූ උද්ඝෝෂනයකදීය

Jun 13

prew_slpostවර්තමානයේ පණිවුඩ යැවීම සඳහා එස්.එම්.එස් ,ඉ-මේල්, කුරියර් සේවා වැනි නව තාක්ෂණික පණිවුඩ සේවාවල භාවිතය ඉහලගොස් ඇති අතර විදුලි පණිවුඩ යැවීම අභාවයට ගොස් ඇත.
විදුලි පණිවුඩයක් යැවීම සඳහා තැපැල් දෙපාර්තුමේන්තුවට රුපියල් 50 ක් වැයවුවද, ඉන් පළමු වචන දහය සඳහා ලැබෙන්නේ සත 75 ක ලාභයකි. 
මේ හේතුන් නිසා විදුලි පණිවුඩ සේවය අවසන් කිරීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් සාකච්චා මේ දිනවල සිදුකෙරෙන අතර ජනාධිපතිවරයාට දැන්වීමෙන් පසු එය අත්හිටු වීමේ තීරණය ගනු ලබනු ඇති.

Jun 13

prew_slpostවර්තමානයේ පණිවුඩ යැවීම සඳහා එස්.එම්.එස් ,ඉ-මේල්, කුරියර් සේවා වැනි නව තාක්ෂණික පණිවුඩ සේවාවල භාවිතය ඉහලගොස් ඇති අතර විදුලි පණිවුඩ යැවීම අභාවයට ගොස් ඇත.
විදුලි පණිවුඩයක් යැවීම සඳහා තැපැල් දෙපාර්තුමේන්තුවට රුපියල් 50 ක් වැයවුවද, ඉන් පළමු වචන දහය සඳහා ලැබෙන්නේ සත 75 ක ලාභයකි. 
මේ හේතුන් නිසා විදුලි පණිවුඩ සේවය අවසන් කිරීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් සාකච්චා මේ දිනවල සිදුකෙරෙන අතර ජනාධිපතිවරයාට දැන්වීමෙන් පසු එය අත්හිටු වීමේ තීරණය ගනු ලබනු ඇති.

Jun 13

නායකත්ව පුහුණුවේ ඛේදනීය අවසානය
Sewwandiඋසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ මේ දිනවල සරසවි නායකත්ව පුහුණු වැඩසටහන් සිදු කරගෙන යනු ලබයි. මෙම නායකත්ව පුහුණුව සරසවි ප්‍රවේශය ලැබූ සියලුදෙනාටම අනිවාර්ය කර තිබේ. සරසවි නායකත්ව පුහුණු කඳවුරක් මාදුරුඔය යුධ හමුදා පුහුණු කඳවුරේද ස්ථාපිත කර තිබේ. එම කඳවුරේ පුහුණුව ලැබූ එක් සිසුවියක් පසුගිය දිනයක අඩි 5ක් පමණ උස තාප්පයකින් පැනීමට යෑමේදී ඇද වැටීම නිසා වම් පාදයේ අස්ථි බිඳීමක් සිදු වී තිබේ. එම කඳවුරේදීම ඇයට දින 2ක් තාවකාලික ප්‍රතිකාර ලබා දී තිබුණත් යහපත් අතට පත් නොවූ නිසා පසුව ඇයව අරලගන්විල රෝහලට ඇතුළත් කර තිබේ. ඇයගේ පාදයේ තත්ත්වය බරපතල වූ නිසා ඇයව පොළොන්නරුව රෝහලට මාරුකර තිබේ.

Jun 13

Udariහැම මාසයකම මගේ නමට අපහාස කිරීමක් කරනවා
වෙබ් අඩවිවල ඕපාදූප යන්න ඕන
අපේ ජනප්‍රියත්වය උහුලා ගන්න බැරි අය මේවා කරන්නේ
පල ඇති රුකට ගල් ගහන්නෙ
මම මේවගේ දේවලින් සැලෙන්නෙ නැහැ
මම ධනාත්මකව හිතන කෙනෙක්
                                      උදාරී චාමිකා වර්ණකුලසූරිය

ජනප්‍රිය ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට රංඟන ශිල්පිණියක් වන උදාරී චාමිකා වර්ණකුලසූරිය පිළිබඳව විවිධාකාරයේ ප්‍රවෘත්ති පුවත්පත්වල මෙන්ම වෙබ් අඩවිවලද නිරන්තරයෙන්ම දැකගන්නට ලැබේ. උදාරී පිළිබඳව පළවන මෙම ඕපාදූප ගැන ඇය පවසන්නේ මෙවන් දෙයකි.

Jun 13

පිරිමින්ට රතු එළියක්
4කොළඹ හා නුවරඑළිය දිස්ත්‍රීක්කවල වාසය කරන පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය අඩුවෙමින් තිඛෙන බව නවතම පරීක්ෂණයක් මඟින් හෙළි වී තිබේ. මෙම දිස්ත්‍රීක්කවල වාතය දූෂණය වීම මීට මූලිකම හේතුව වී තිබේ.
          කොළඹ නගරයේ රථවාහනවලින් හා කර්මාන්තශාලාවලින් පිට කරන විෂ දුම් හේතුවෙන් කොළඹ නගරයේ වාතය දූෂණය වී තිබේ. මෙම විෂ දුම් පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය අඩු කිරීමට හේතු වී තිඛෙන බව මෙම පරීක්ෂණවලින් අනාවරණය කර ගෙන තිබේ.

Jun 13

ගඩාෆි ව්‍යාග්‍රයාට ලොල් වෙයි
gaddafi-300x199මේ වන විට ලිබියාවේ පවතින්නේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි. යුධමය වාතාවරණයක් පවතින එරට තුළ ලිබියානු නායක මුවමර් අල් ගඩාෆි අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිඛෙන බවත් දැනගන්නට ලැබේ. මේ අතරේ නායක ගඩාෆිට තවත් චෝදනාවක් එල්ල වෙයි. ඒ ලිබියානු නායකයා ස්ත්‍රී දූෂණ සිදුකරන බවයි. සුවිශේෂීම සිද්ධිය වන්නේ ගඩාෆි ව්‍යාග්‍රා නම් ලිංගික උත්තේජක ඖෂධය ලබාගන්නා බවයි. එසේම ලිබියාවේ කැරළිකාර කණ්ඩායම්වල පවුල්වල කාන්තාවන් දූෂණය කිරීම සඳහා හමුදා සෙබළුන්ටත් මෙම ව්‍යාග්‍රා ලිංගික උත්තේජක ඖෂධය ලබා දී තිඛෙන බව වාර්තා වෙයි.

Technorati Tags: ,,,,

Jun 10

දකුණු ඉන්දියාවේ මයිසූර් නගරයට කඩා වැදුණු අලින් දෙදෙනෙක් නගරය පුරා කලහකාරී ලෙස ගමන්කර තිබෙනවා. මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. මෙම අලි  දෙදෙනා අසල පිහිටි වනාන්තරයකින් නගරයට පැමිණ ඇති අතර, එක් අලියෙනු ජනාකිර්ණ ප‍්‍රදේශයක මෙලෙස කලහකාරී ලෙස ගමන් කර තිබෙනවා. අනෙක් අලියා පාසලක කි‍්‍රඩා පිටිය වෙත ගොස් රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ. වනජීවි නිලධාරින් විසින් මෙම අලි දෙදෙනා පාලනය කර තිබෙනවා.
ඡායාරුප සහ විඩියෝ දර්ශන සදහා

Jun 10

sanath-jayasuriyaඑංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20/20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සනත් ජයසූරිය කැඳවා තිබේ. එමෙන්ම අදාළ තීරණය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා ඇති බව ද සඳහන්ය

 

 

Technorati Tags: ,,,

Jun 09

class-roomජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා ගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙමළ භාෂාව කථා කිරීම පුහුණු කරන පාඨමාලාවක් හෙට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. එම පාඨමාලාව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන සෑම බදාදා හා සිකුරාදා දිනකම උදේ වරුවේ පැය දෙකක් පැවැත් වේ. මෙම පාඨමාලාව මන්ත්‍රීවරුන් සඳහා හය මාසයක් පැවැත්වේග

ප්‍රථම කණ්ඩායමට ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ 30 දෙනකු ඇතුළත්වන අතර ප්‍රථම පුහුණු සැසිය හෙට කථානායක චමල් රාජපක්‍ෂ මහතා හා ඇමැති වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...