Jun
02
මොහාන් සමරනායක
රූපවාහිනී සංස්ථාවේ මුල් පුටුවට
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක් පත් විය. ඒ ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතායි. මීට පෙර එතුමා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක, ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මෙන්ම ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙසද කටයුතු කර තිබේ.
එසේම එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරියා ලෙසද සේවය කර ඇති අතර විශ්ව විද්‍යාල කිහිපයක බාහිර කථීකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කර තිබේ.
මොහාන් සමරනායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථීික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා තිබේ.
Technorati Tags: Mohan Samaranayaka,New Chairman of SLRC