Showing posts with label
'ආදරණීය සැමියා' සොයා පොලිස් මෙහෙයුම් ඇරඹේ.
Show all posts
ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක බව මිරිහාන පොලීසිය පවසයි. ඇයගේ ප්‍රකාශයට අනුව මෙම පහරදීමට සිය සැමියා සම්බන්ධ බවට හෙළි වී ඇති බව මිරිහාන මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සදහන් කර තිබේ. ඒ අනුව ඔහුට පොලීසියට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවද මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.
අදාළ පුද්ගලයා පොලීසියට භාරවනු ඇති බවට පොලීසිය විශ්වාසය පල කරයි. සිදුකළ පහරදීමෙන් තුවාල ලැබු උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විටත් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.