තවත් අභිරහස් යානයක් මුල්ලෙරියාවෙන්
පසුගිය 5 වනදා රාත්‍රී 11.30 ට පමණ සේවය නිමවී යතුරු පැදියෙන් නිවසට යන නිවසට එන සිරිපැරකුම්බා මාවතේ පදිංචිකරුවෙක් එම මාවතට ඇතුළු වන තැනදී තමන් අඩි 100 කට පමණ ඉහල අහසේ නැවතී තිබෙන කවාකාර වස්තුවක් දුටු බව කියයි.එහි ඔහු දුටු පැත්තේ දීප්තිමත් ආලෝක ලප 6 ක් වූ බවද වාර්තා වේ.ඔහු සිය යතුරු පැදියේ නැගී මෙම වස්තුව පිටුපස ලුහුබැද ගියද එය අසල වෙල් යායක් අද්දරින් අතුරුදන්වී ඇත.
සිද්ධිය අසා සිටි එම මාවතේ පදිංචි තවත් පුද්ගලයෙක් ඊට පසු දින රාත්‍රියේ 11:45 - 11:55 පමණ වන විට එම හදුනා නොගත් වස්තුව දැක ඇත.ඔහු දැක ඇති වස්තුව අර්ධ කවාකරා වස්තුවක් වන අතර ඔහු දුටු පැත්තේ අලූක ලප තුනක් තිබී ඇති අතර දෙපසින් නිවී නිවී දැල්වෙන ආලෝකයක්ද දැක ඇත.

