Showing posts with label
නිළි විනූගේ ඝාතනය කොන්ත‍්‍රාත්තුවක්.
Show all posts
සිනමා නිළි විනූ වෙත්තමුණි මහත්මියගේ ඝාතනය කොන්ත‍්‍රාත්තුවක් මත සිදුවූයේ යැයි සැකයක් මතුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේවුවද මීට පෙර ඇය විසින් ගල්කිස්ස ප‍්‍රදේශයේ ගණිකා මඩමක් පවත්වාගෙන ගියේ යැයි සැක පිට අත්අඩංගුවට ගෙන නඩුවක් ගොනුකර තිබූ අතර, අදාළ සිද්ධිය සම්බන්ධ ආරවුලක ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවී ඇතැයි ද යන සැකයක්ද මතුව ඇති බව පැවසේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බව පොලිස් ආරංචි මාර්ගවල සඳහන් වේ.
පරීක්ෂණවල රහසිගතභාවය හේතුවෙන් එලෙස අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයන් කවුරුන්දැයි පොලිසිය විසින් හෙළි නොකිරීමට ද කටයුතු යොදා තිබේ.