Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label Divaina geeting please from Sajith. Show all posts


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා සජිත් ප්‍රේමදාස මහතා තරග කරන අතරතුර පක්ෂයේ අනෙකුත් තනතුරු සදහා සජිත් පාර්ශවයේ පිරිස් පත් කර ගැනීම සදහා කටයුතු යොදා තිබෙනවා.
සජිත් පාර්ශවයේ අනෙකුත් තනතුරු සදහා යෝජිත අය පහත වේ.

නියෝජ්‍ය නායක - ජෝශප් මයිකල් පෙරේරා

ජාතික සංවිධායක - දයාසිරි ජයසේකර
පක්ෂයේ මහ ලේකම් - ගයන්ත කරුණාතිලක
සභාපති - ඉමිතියාස් බාකිර්
මාධ්‍ය ප්‍රකාශක - බුද්ධික පතිරණ
භාණ්ඩාගාරික - බෝධි රණසිංහ
ලක් වනිතා පෙරමුණේ නායකත්වය - රෝසි පෙරේරා 

පසුගිය සති අන්ත (12/28) දිවයින පුවත් පතේ ‘මහින්ද, රනිල් හා සජිත්’ යන ශීර්ෂය සහිතව මේඝ යන අන්වර්ත නාමයෙන් යුක්තව පල කර ඇති දේශපාලන විග‍්‍රහයේ එක්සත් ජාතික පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කිසියම් අන්‍යාගමික නිකායකට බැඳී සිටී යන අදහස මතු වන ආකාරයේ කොටසක් විය.

පහත දැක්වෙන්නේ ලිපියේ එම කොටසයි

‘‘මහින්ද ඉතා නිවැරදිව ග‍්‍රහණය කරගත් ජාතික අනන්‍යතාව හා සංස්කෘතික වටිනාකම් ගැන රනිල් උනන්දු වූයේම නැත. මේ රටේ දේශපාලනය අදත් ඇඳී තිබෙන්නේ ඒ ජාතිකත්වය සමගය. මහින්ද දෙස බලා සජිත් ද පන්සල්වලට යැමට පටන් ගත්තා පමණක් නොව පන්සල්වලට ආධාර අනුග‍්‍රහ කිරීමටද පටන් ගත්තේය. 

එහෙත් එය මහින්දගේ මාවත තරම් පැහැදිලි එකක් නොවීය. එක් හේතුවක් පේ‍්‍රමදාස පවුල පිළිබඳව හා ආගමික පසුබිම් පිළිබඳව පැතිරී ගිය කතාය. ඔවුහු කිසියම් අන්‍යාගමික නිකායකට බැඳී සිටිතියි සමහරු කීහ’ සජිත් එහිදී තමා එයට අයත් නොවන බව කීවත් එය ජනතාව පිළිගන්නේද යන්න සැක සහිතය.’’

මෙම පුවත සම්බන්ධව සජිත් පේ‍්‍රමදාස මහතා විසින් උපාලි පුවත්පත් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම මහතාට දුරකතනයෙන් කල පැහැදිලි කිරීමකට අනුව අද දිවයින පුවත්පතේ (12/26) එම පලවූ ලිපියට කණගාටුව පලකොට ඇත.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...