ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා අතින් පූර්ණ සන්නද්ධ පරාජයක් ලැබූ එල්.ටී.ටී.සංවිධානය සිය ඉදිරි මෙහෙයුම් සදහා කැනඩාව යොදා ගැනීමට ඉඩ ඇති බවට ඔත්තු සේවා විසින් කැනේඩියානු රජයට අනතුරු අගවනවා.
කැනඩාවේ ආරක්ෂක ඔත්තු සේවා බලධාරීන් උපුටා දක්වමින් ඔටාවා සිටිසන් පුවත්පත සදහන් කළේ මුහුදු මාර්ගයෙන් කැනඩාවට පැමිණෙන කොටි ක‍්‍රියාකාරීන්ගේ අරමුණ එය බවයි. කෙසේ නමුත් කොටින්ගේ කැනේඩියානු මෙහෙයුම් ජාලය කෙතරම් සංවර්ධනය වී ඇත් දැයි ඔවුන් නොදන්නා බව කැනඩාවේ ඔත්තු සේවා ප‍්‍රකාශ කර තිබෙනවා.
අග්නිදිග ආසියාතික රටක සිට ශී‍්‍ර ලාංකික දෙමළ ජාතික සංක‍්‍රමණිකයන් 400 කට අධික පිරිසක් කැනඩාවට මුහුදු මාර්ගයෙන් පැමිණීමේ සූදානම පිළිබද තොරතුරු හෙළිවීමත් සමගයි මේ බව අනාවරණය වී ඇත්තේ. මෙම නීතිවිරෝධී මුහුදු ගමන් කොටි ක‍්‍රියාකාරීන් විසින් සංවිධාන කරන අතර, ප‍්‍රධාන පෙළේ කොටි සාමාජිකයන් 50 දෙනෙකු පමණ එලෙස කැනඩාවට යාමට සූදානම්ව සිටින බවත් හෙළිවී තිබෙනවා.
දෙමළ සංක‍්‍රමණිකයන්ට මුහුදු මාර්ගයෙන් වඩාත් පහසුවෙන් ඕස්ටේ‍්‍රලියාවට යාමට හැකියාවක් ඇති බවයි ඔත්තු සේවා පෙන්වා දී ඇත්තේ. එහෙත් ඔවුන් කැනඩාවට පැමිණෙන්නේ ශී‍්‍ර ලංකාවේ බෙදුම්වාදයට යළි පණ දීමට බවට ඔත්තු සේවා කැනඩා රජයට අනතුරු අගවා තිබෙනවා.