වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා පසු ගියදා වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය.
ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.
Showing posts with label Siyabalangama. Show all posts