සතිඅන්ත පුවත්පත්වල තරු කියන කතා
ෆේස් බුක් එකේ ඉන්නේ මම නෙමෙය-අරුණි රාජපක්‍ෂ
ඒ පණිවුඩය තමයි මම ෆේස් බුක් එකේ නැහැ කියන එක. මගේ නමින් මගේ ඡායාරූප යොදාගෙන ගොඩක් අය ෆේස් බුක් පහසුකම් හරහා පිරිමි ළමයින් එක්‌ක කතා කරනවාලු. මගේ යාළුවොත් ගොඩක් වෙලාවට එහෙම කතා කරල තියෙනවා. ඒ නිසා ඒ හැමෝටම කියන්නේ මේක බොරුවක්. මගේ නමින් ආවට කා එක්‌කවත් කතා කරන්න එපා. ඒ හැමෝම කරන්නේ ලොකු බොරුවක්.
ඇගේ නමින් සාදා ඇති ව්‍යාජ ගිණුම
-------------------------------------------------------------------------------------------------------------------
ජනප්‍රිය හින්දා කටකතා හැදෙනවා ඇති - සමිතා
මොකක්‌ද මේ දවස්‌වල පැතිර යන කට කතාව ?
ඒකනම් මම දන්නේ නැහැ. ඒවා හදන කට්‌ටියගෙන්ම තමයි අහන්න වෙන්නේ. මම ඔය සම්බන්ධව කිසි දෙයක් දන්නේ නැහැ.

