මේ සති අන්තයේ රසදුනට එක වෙමින් දකුණු පළාත් සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා පල කල අදහස් කිහිපයකි මේ.
ඒ වගේ ම මම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ මගෙ ජීවිතය යම් කිසි මට්ටමකට ස්ථාවර වූ පසුවයි. එතෙක් විවාහ වෙන්න මගෙ අදහසක් නෑ.
අනර්කලී මොන වගේ කෙනෙක්ද?
මම ගොඩක් සංවේදී කෙනෙක්. ඉස්සර ගොඩක් දඟකාරයි. ඒත් දැන් එහෙම නෑ. දැන් මගෙ අදහස් පරිණතයි කියල මට හිතෙනව. ඒ වගේ ම සමාජ සේවයට ගොඩක් කැමැති, මේ රටට ගොඩක් ආදරේ ඇති යෞවනියක්. විදෙස් රටක පදිංචියට යාමට අවස්ථා කොතරම් තිබුණත් එහෙම නොයන්නෙ මේ රටට ඇති ආදරය නිසයි.
