ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (09) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රඹෑව ප්‍රදේශයේ විපතට පත් ජනයාගේ දුකසැප සොයා බලන්නට සංචාරයක නිරතවිය.එහිදී ජනාධිපතිවරයා විසින් උතුරු මැද පළාත් රාජ්‍ය නිලධාරීන් හමුවී පීඩාවට පත් ජනයාට සහන සැලසීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බව කියැවේ. කෙසේ වුවද අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පවුල් 607 ක් අවතැන්ව ඇති අතර පුද්ගලයින් 2079 ක් එයින් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ. මෙම පිරිස සුබසාධන මධ්‍යස්ථාන 10 ක දැනට රඳවා අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයා රඹෑව ප්‍රදේශයේ ජනතාවගේ දුකසැප බෙදාගත් අයුරු .
Showing posts with label disaster. Show all posts
නෙත් එෆ්.එම් වෙතින් කොටි 50 ක වන්දියක් ඉල්ලා නඩු පැවරු මහනුවර ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්දමහතා විසින් අද දිවයින පුවත්පතේ දැන්වීමක් පළ කොට ඇත.
ඒ පසුගිය දිනවල ඇදවැටුණු වර්ෂාවෙන් ගංවතුර ඇතිවී මිනිසුන් අනාථ වුයේ නෙත් එෆ්.එම් හා ලංකා පුවත්පත විසින් තමාට මඩ ගැසීම නිසා බවයි.
දැන්වීමේ සදහන් වන්නේ එය සංවිධායක කමිටුව විසින් පළ කරන ලද්දක් ලෙසින් වුවත් දැන්වීමේ ඇත්තේ දේවගැතිවරයාගේ වචනය.මෙවැනි පහත් වචන භාවිත කරමින් ප්‍රසිද්ධ කල මෙම දැන්වීම ප්‍රසිද්ධ කිරීමට දිවයින පුවත්පත ඉදිරිපත් වීමත් පුදුමයට කරුණකි.
එම දැන්වීමේ ඇති කරුණු පහත වේ.
මේ පන්චසිලයේ තේරුමවත් නොදන්නා පාපතරයන්ට දිවයිනේ විහාර ස්ථාන වලට හා දේවාල වලට අපහාස කරන්න ඇති අයිතිය කුමක්ද?
අනතුරත් සමග වැව් වානට වැටුණු බිළිsඳියගේ සිරුර පසුව සොයාගනී
සීගිරිය සරත් එරමිණිගම්මන, දඹුල්ල – පී. ඩබ්. ඩී. සී. දසනායක අනතුරෙන් පසු ප්‍රදේශයේ තරුණ පිරිස බිළිඳියගේ සිරුර සෙවූ අයුරු
කණ්‌ඩලම වැවේ වාන මතදී ඊයේ පෙ.ව. 10.00 ට පමණ යතුරුපැදියක් අත් ට්‍රැක්‌ටරයක් හා ලංගම බස් රථයක් ගැටී මේ ෙ€දජනක සිද්ධිය සිදුවිය. මෙසේ මරණයට පත්ව ඇත්තේ දඹුල්ල කුඹුක්‌කඳන්වල පදිංචි පුද්ගලික බස්‌රථ රියෑදුරෙකු වන ගුණතිලක හේරත් හා ඔහුගේ දියණිය වන මල්මි දහම්සා නමැති බිළිඳියයි.
මියගිය දියණිය සහ පියාකුඩා බිළිඳිය වැව් වාන මතින් ගලායන දිය පහරට අසුවී
ගසාගෙන ගොස් සිටියදී ප්‍රදේශයේ තරුණයන් වන දිල්රුක් නිශාන්ත හේරත්, චන්න විඡේරත්න, හා සනත් ජනක හේරත්, නිමල් කරුණාරත්න විසින් පොලිසියේ සහායද ඇතිව මළ සිරුර ගොඩගනු ලැබීය.
අනේ සුදු පැටියෝ මම ආයේ කාටද කිරි දෙන්නේ. අනේ මගේ අප්පච්චි ඔයත් ගියා නේද? මගේ සුදු පැටියට වතුර ටිකක් පොවන්න ඕන බිළිඳියගේ මවගේ විලාප වදන් දඹුල්ල රෝහලේ කාර්ය මණ්‌ඩලයේද නේවාසික රෝගීන්ගේද නෙතට කඳුළු එක්‌කළ දසුනක් විය. මළ සිරුරු දෙක දඹුල්ල රෝහලේ තබා ඇත. දඹුල්ල පොලිසිය මගින් බස් රථයේ රියෑදුරා අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල මූලස්‌ථාන පොලිස් පරීක්‍ෂක එන්. ඡේ. වීරසිංහ මහතාගේ උපදෙස් මත දඹුල්ල පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.