සියළුම ජාතීන්ගේ අයිතීන් ආරක්‍ෂා වන පරිදි ජාතික ගීය සම්බන්ධයෙන් පවතින මතභේදය විසඳන බව ජාතික භාෂා ඇමති වාසුදේව නානායක්කාර පවසයි. රත්නපුර පැවති තෛපොංගල් උත්සවයකදී ඔහු ඒ බව කියා සිටියේ, එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ප‍්‍රචාරය වීමෙන් අනතුරුවයි. භාෂා පරිවර්තකයින් අවශ්‍ය නොවන සමාජයක් ඇති කරලීම තම බලාපොරොත්තුව බව ද ඇමතිවරයා කියා සිටියේය.
රම්බරි ගීතය තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් ලහිරු පෙරේරා එළබෙන මැයි මස යුග දිවියට එළඹීමට සුදානම් වනවා.ඔහුගේ පෙම්වතිය වන්නේ නීපමා.ඇය දැනට රජයේ බැංකුවක සේවය කරනවා.ලහිරු-නීපමා ආදර කතාවට වසර 8 ක් ගතවී ඇති අතර උසස්පෙළ රසායනික විද්‍යාව පන්තියකදී ඔවුන්ගේ ප්‍රේමය ඇරඹි ඇත.