Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ප්‍රියමනාප කාන්තාවකි. සුන්දරත්වය ඇගේ මුහුණින් මනාව පිළිඹිබු වෙයි. සුහදශිලිත්වය ඉහළින්ම තිබෙයි. මම ඇය අබියස අසුන් ගෙන සිටිමි.
මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ බිරිඳ ඇයයි. නමින් ඇය ජයමාන්න ආරච්චිලාගේ මේරි ලුසීඩා මහත්මියයි.
මම ඇය සමග කතාබහට එක්‌වුණෙමි. බිරිඳක්‌ තම ස්‌වාමිපුරුෂයා පිළිබඳ කරන කතාබහ වඩාත් රසවත් වන්නේ සත්‍ය නොසඟවා කතා කිරීමෙනි. නැතිනම් අපට හැමදාමත් අසන්නට වෙන්නේ ස්‌වාමි පුරුෂයාගේ වැරදි සඟවාගෙන කතා කරන බිරිඳක වෙතින් තම ස්‌වාමි පුරුෂයාගේ අනන්ත අප්‍රමාණ ගුණකඳය.
එය එසේ නොවී සත්‍ය ඇති සැටියෙන් කතා කළ අපූරු ඇමැති බිරිඳ ඉතාම නිහතමානි කාන්තාවක වූවාය.* ඇමැතිතුමා සහ ඔබගේ මංගල ඡායාරූපයේ මින් පෙර කොහේදිවත් නොදුටු දෙයක්‌ මා දුටුවා,
ඔබ කියන දේ ඇත්ත. මහත්තයා කිහිලිකරුවලින්.
* ඇයි කියලා දැනගන්න කැමතියි
එයා අපේ මව්පියන්ට යෝජනාවක්‌ ගෙනාවා. අද වගේ මට මාසය මතකයි. ජුනි මාසේ. ජනවාරි මාසේ මහත්තයා දරුණු රිය අනතුරකට ලක්‌වුණා. කකුල කපන්න වෙයි කියල ඩොක්‌ටර්ස්‌ලා කිව්වා. මාව නැතිවෙයි කියලා මහත්තයාගේ හිතේ පුංචි බයක්‌ ඇතිවෙලා. ඒ නිසා අපි පෙබරවාරි මාසයේ විවාහ වුණා. මංගල ඡායාරූපයේ මහත්තයා කිහිලිකරුවලින් ඉන්නේ ඒකයි.
* ඇමතිතුමා ඔබේ මව්පියන්ට යෝජනාවක්‌ ගෙනෙන්න මූලික වූ කාරණය
මම ඉස්‌සර සිනමාවට, සිනමා පත්තරවලට හරිම කැමතියි. අපේ ගම කුලියාපිටිය. මගේ පියා පවුලේ එකම දරුවා. මම අපේ පවුලේ වැඩිමහල් දරුවා නිසා, අපේ තාත්තා මාව ආච්චිටයි – සීයටයි බාර දුන්නා. ඒකට ලොකුම හේතුව බාල සහෝදර – සහෝදරියන්. ආච්චියි – සීයයි මං කියන විදිහට. සිනමාවටත් කැමති කරවා ගත්තා.
ඔන්න දවසක්‌ සරසවිය පත්තරේ “අපිත් සූරයෝ” චිත්‍රපටියට නිළියක්‌ අවශ්‍ය බවට දැන්වීමක්‌ පළකර තිබුණා. 73 වර්ෂයේ කුලියාපිටියේ අවුරුදු කුමාරි මම. ඉතිං ඇප්ලිකේෂන් එකක්‌ දැම්මා. සම්මුඛ පරීක්‌ෂණයට කැඳෙව්වා. විනිශ්චය මණ්‌ඩලයේ එක්‌කෙනෙක්‌ අපේ මහත්තයා.
එයා මාව ඉන්ටර්වීව් කළේ ෆිල්ම් එකට නෙමෙයි. මගෙන් ඇහුවේ පුද්ගලික ප්‍රශ්නමයි. එහෙම තමයි මහත්තයා ගෙදරට යෝජනාව ගෙනාවේ.
* ඉතිං ඔබ කැමති වුණා.
මට එතකොට අවුරුදු පහළොවයි. කිසිම තේරුමක්‌ නැහැ. මමත් කැමතියි කිව්වා.
* තේරුමක්‌ නැතිව කැමති වුණා කිව්වේ.. ඔබ ගත් තීරණය වැරදිද?
නැහැ. වෙලාවකට මට හිතෙනවා විවාහයට ඉක්‌මන් නොවී තව ඉගෙන ගන්න තිබුණයි කියා.
* ඔබේ මහත්තයා කොයි වගේ කෙනෙක්‌ ද?
මට සහ දරුවන්ට සෑම යුතුකමක්‌ම ඉටු කරන, මං ගැන හොඳට සොයලා බලන මහත්තයෙක්‌. කේන්තියාම, හදිස්‌සි තීරණ ගැනීම ගැනත් ටිකක්‌ කියන්න ඕනේ.
* බිරිඳ වශයෙන් ඔබට එම තත්ත්වයන් පාලනය කර ගන්න තිබුණානේ,
මම පුළුවන් තරමින් කියනවා. නොකියනවා නෙමෙයි. ඒ දේවල් කියනවාටවත් මහත්තයා ආසා නැහැ. එයාගේ මතයම තමයි.
* නිවසේදී තීරණ ගැනීම ගැන කතා කළොත්,
අපි හිතනකොට එයා තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරලත් ඉවරයි. වැරදුණත්, හරි ගියත් එයාගේ තීරණයම තමයි. මත ගැටුම් ඇතිවෙනවා. නැතිව නොවෙයි.
* වැරදුණු තීරණ හමුවේ එතුමා දක්‌වන ප්‍රතිචාර,
එයාට ගානක්‌ නැහැ. කොච්චර පාඩු වෙනවද. ටිකක්‌ හරි අහයි කියලා මමත් ඉතිං නිශ්ශබ්දව ඉන්නේ නැහැ. පුළුවන් තරමින් පහදා දෙනවා.
* ඉතිං පිළිගන්නවා?
මොන පිළිගැනීමක්‌ ද?
* ඔබ දෙදෙනා ආගම් දෙකක වීම ප්‍රශ්නයක්‌ වෙලා නැතිද?
මහත්තයා බුද්ධාගමේ. මම කතෝලික ආගමේ… අපි සෑම ආගමකටම ගරු කරනවා. අපි දෙන්නාගේම ආගම් දෙකේ සෑම උත්සවයක්‌ම සමරනවා. ආගම අපිට කවදාවත් ප්‍රශ්නයක්‌ වෙලා නැහැ.
* නිවසේ වැඩකටයුතු වලට එතුමා දක්‌වන සහයෝගය?
හැකි වෙලාවට අවශ්‍ය දේවල් කරලා දෙනවා. නිවාඩුවක්‌, විවේකයක්‌ නැතිකම තමයි ප්‍රශ්නය. හැබැයි ඒ කොහොම වුණත් අපිට අසනීපයක්‌ වුණොත් අනිවාර්යයෙන්ම එවැනි අවස්‌ථාවට පැමිණෙනවා. සහයෝගය දක්‌වනවා. කෙසේ වෙතත් මහත්තයා නිසා අපේ නිවසේදී අපේ නිදහස අපිට නැතිවෙලා තියෙනවා.
* ඇයි එහෙම කියන්නේ,
ඕනෑම වෙලාවක අපේ නිවසේ සෙනඟ. මහත්තයා මුණ ගැසෙන්න වෙලාවක්‌ අවේලාවක්‌ නැහැ. මහත්තයාගේ සිරිත ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්න කැමත්තෙන්ම බාරගෙන විස¹දීම. ඉතිං ඒකයි, නිවසේදී අපේ නිදහස නැහැයි කිව්වේ.
* ඔබ ඇමැති බිරිඳක්‌. එය බලාපොරොත්තු විය යුතු දෙයක්‌.
ඒත්…හැමෝම එහෙමද. අපේ මහත්තයා හැමෝම එක්‌ක කතා බහ කරන නිසයි ඔය තත්ත්වය මතුවෙලා තියෙන්නේ.හැබැයි ඉතිං අපි දැන් ඒ දෙයට පුරුදු වෙලා. කරදරයක්‌ කියලා දැනෙන්නේ නැහැ.
* ඇමතිතුමා දරුවන්ට ආදරණීය පියෙක්‌,
ඔව් කිව්වොත් හරි. හේතුව දරුවන්ට ඒ වගේ ආදරය කරන තාත්තා කෙනෙක්‌ මම දැකලා නැහැ. පුතා මාලක මනෝජිත් සිල්වා. පුතා තමයි තාත්තගේ පුද්ගලික ලේකම් දුව සන්දීපනී මාලිකා, විවාහක යි. ඒ පුතාගේ නම මාධව අගුළුගහ. ව්‍යාපාර කටයුතුවල නිතර වී ඉන්නවා. මුණුබුරාට අවුරුදු 3 යි. නම රිතූ ආකර්ශන, සීයාගේ පණ තමයි ඒ. දුව පදිංචිවෙලා ඉන්නේ නාවල. තව බබෙක්‌ ලැබෙන්නත් ඉන්නවා. මහත්තයා ලංකාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන් ම එහෙ යනවාම යි.
* ඇමැතිතුමාගේ කාර්ය බහුලකම ඔබට පීඩාවක්‌ වෙලාද?
ඇත්තෙන් ඔව්. මගේ ළඟින් තියා ගන්න ලැබෙන්නේ නැහැනේ. කොහොම වුණත් එන්න එන්නම කාර්ය බහුලකම වැඩිවෙනවා. ජනතා සේවය ගැන හිතලා මම සතුටු වෙනවා.

* තරුණකම රැකගෙන ලස්‌සනට ඉන්න මහත්තයාගෙන් ලැබෙන සහයෝගය
අපේ ජීවිතත් සාමාන්‍ය විදිහට ගෙවෙනවා. එහෙමයි කියලා විශේෂ දෙයක්‌ නැහැ. මට අඩු නැතිව යුතුකම් ඉටුකිරීම තුළ ඔය කියන තත්ත්වය රැකෙනවා ඇති.
* ගමන් බිමන් යන විට මහත්තයත් හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?
අවශ්‍ය සෑම තැනට ම එයා ඉන්නවා. සාමාන්‍ය ගමනට බිමනට මහත්තයා නැති එක හොඳයි. නැතිනම් යන වැඩේ කරගන්න බැරිවෙනවා. හැමෝ ම ඇවිත් මහත්තයාව වටකර ගන්නවානේ.
* ඔබ සතුටින්,
ඇයි නැත්තේ, තවත් ලබන්න දෙයක්‌ තියෙනවද?

සාකච්ඡා කළා
වසන්තා ශ්‍රියාකාන්ති

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...