Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

නිවේදිකාවක්‌ ලෙස කටයුතු කරන අතරතුර රංගනයට අවතීර්ණය වූ ඇයගේ කලා ජීවිතේ දශකයකට ආසන්න කාලයක්‌ අද වනවිට ගෙවී අවසන්. රංගනයට පමණක්‌ සීමා නොවී තමන් සතු හැකියාවන් විවිධ අවස්‌ථාවල ඉදිරිපත් කළ ඇය පබා ටෙලිනාට්‍යයේ හිමාලි ලෙසින් කළ රංගනය පියුමි ශානිකා බොතේජු ලෙසින් හඳුනනවාට වඩා වැඩි ප්‍රේක්‍ෂක මතකයක්‌ සනිටුහන් කළ චරිතයක්‌. මේ කතා බහ හිමාලි ගැනනම් නොවේ. පියුමි ශානිකා බොතේජු නම් වූ ඇය ගැනයි.

 අලුත් අවුරුද්දේ අලුතින් පටන්ගත්ත වැඩ මොනවද? පරණ අවුරුද්දේ කරපු වැඩ වලටම තමයි මේ දිනවලත් සම්බන්ධ වෙලා ඉන්නේ. එයින් පබළු ඇරුණහම සාගරය සේ මං ආදරෙයි ටෙලිනාට්‍යය හෙට සිට සෑම සඳුදාවකම ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. ඒ චරිතයත් ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක්‌ වේවි. මේ හැම දේම නිසා අලුත් අවුරුද්ද ගොඩක්‌ කාර්ය බහුලයි.

නිළියකගෙන් පරිභාහිරව ජීවිතය ගෙවී යන්නේ කොහොමද?
තව සති කිහිපයකින් මගේ ජීවිතේ ලොකු හීනයක්‌ හැබෑ වෙනවා. දාඩිය මහන්සියෙන් හම්බකරලා හදාගත්ත මගෙ ගෙදර පදිංචියට යනවා. ඒක මගේ ජීවිතේ ලබපු අභිමානවත් ජයග්‍රහණයක්‌.
විවාහ ජීවිතේ විඳින්නේ කොහොමද?
හරිම සුන්දරයි. චමල් ගොඩක්‌ හොඳ සැමියෙක්‌ වගේම මගේ වෘත්තිය ගැන හොඳ තේරුමක්‌ එයාට තියෙනවා. එයාම තමයි තව කාලයක්‌ රංගන කටයුතුවල නියෑලෙන්න මට අවස්‌ථාව දීලා තියෙන්නේ. ඔහු දෙවියන් වහන්සේ දුන්න දෙයක්‌ හැටියට තමයි මම සළකන්නේ.

සැමියා විදේශ ගතවී සිටින නිසා පවුල් ජීවිතයේ අඩුවක්‌ දැනෙන්නේ නැද්ද?
වෙඩින් එකෙන් පස්‌සේ මාසයක්‌වත් අපි දෙන්නට එකට ඉන්න ලැබුණේ නැහැ. චමල්ගේ වෘත්තිමය කටයුතු හැම දෙයක්‌ම තියෙන්නේ ජපානයේ නිසා එයාට එහෙ යන්න සිද්ධ වුණා. ඒත් අපි දෙන්නගෙ ආදරේ එදා වගේම අදත් එහෙමමයි. දවස ගානෙම ෆොන් එකෙන් කතා කරනවා. ගතින් ළඟ නැති වුණාට හිතින් එයත් මගේ ළඟ මමත් එයා ළඟ.

සැමියා සහ බිරිඳ දෙතැනක සිටීම පවුල්වල මතභේද ඇති වෙනවාට හේතුවක්‌ නේද?
එහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ විශ්වාසය කියන දේ බිඳුනහම. දෙයියනේ කියලා අපි දෙන්නට දෙන්නා අතර හොඳ විශ්වාසයක්‌ තියෙනවා. ඒ නිසා කවුරු මොනවා කීවත් චමල්ට මාව විශ්වාසයි. මට චමල්ව විශ්වාසයි.

ඔබ රඟපාන චරිත ඔහු නරඹනවාද?
අපි විවාහ වෙන්න කලින් ඉඳලම චමල් මගෙ හොඳ රසිකයෙක්‌. අදටත් මම රඟපාන හැම නාට්‍යයක්‌ම ඔහු අන්තර්ජාලය හරහා නරඹනවා.

ඔබ තවදුරටත් ක්‍ෂෙත්‍රයේ රුඳී සිටිනවාට ඔහුගේ විරුද්ධත්වයක්‌ නැද්ද?

චමල්ම තමයි කියන්නේ වැඩ කරන්න පුළුවන් කාලේ වැඩ කරන්න කියලා.

සින්දුමී ඔබ දකින්නේ මොන විදිහටද?
කනට ඇහෙන්න කතා කරන්නේ නැති ගොඩක්‌ අහිංසක ගුප්ත චරිතයක්‌. සමහර විට ඉදිරියේ දී සින්දුමී මීට වඩා හාත්පසින් වෙනස්‌ කෙනෙක්‌ වෙන්නත් පුළුවන්. හිමාලිගේ චරිතය අවසන් වෙනවත් එක්‌කම සින්දුමී චරිතයෙන් නැවතත් ප්‍රේක්ෂකයෝ අතරට එන්න ලැබීම ලොකු භාග්‍යයක්‌.

සින්දුමී වැනි චරිත අද සමාජයේ සිටිනවා යෑයි ඔබ සිතනවාද?
ඉන්නවා. සමහර අවස්‌ථාවලදි මුණ ගැහිලත් තියෙනවා.

පියුමිත් සින්දුමී වගේ ගුප්ත චරිතයක්‌ද?
අනේ නැහැ. ගොඩක්‌ අය කියනවා මම හිමාලි වගේ කියලා. මමත් හිතනවා මම ඒ වගේ කියලා. මොකද මම විවෘතව කතා කරන කෙනෙක්‌. හැංගි හොරා කාවවත් විවේචනය කරන්නේ නැහැ. කාටහරි දෙයක්‌ කියන්න තියෙනවනම් ඒක ඒ කෙනාගේ මූණටම කියනවා.
ඒ කියන්නේ ඔබ හරි නපුරුයි කියන එකද?
අසාධාරණයට නපුරුයිs. මගේ අඩුපාඩවක්‌ තියෙනවනම් තියෙන එකම දේ ඒකතමයි. හැබැයි කොච්චර තරහ ගියත් විනාඩි පහයි.
දැන් කොහෙද පදිංචිය?
මගේ අම්මා තාත්තා එක්‌ක අපේ මහ ගෙදර අරංගල. ඒ ආසන්නයේම තමයි මගේ ගේත් හදන්නේ.

සැමියා ළඟට යන්න බලාපොරොත්තුවක්‌ නැද්ද?
මම ආස රටක්‌ නෙමෙයි ජපානය. මගේ හෘද ස්‌පන්දනය තියෙන්නෙ ලංකාවේ. නුහුරු රටක ගිහින් ජීවත් වෙන්න බැහැනේ. ගිහින් එන්න යන්න බලාපොරොත්තුවක්‌ තියෙනවා.

ඇයි රූපවාහිනියට විතරක්‌ ඔබේ හැකියාවන් කොටුකර තියෙන්නේ?

සිනමාවෙන් ආරාධනා කිහිපයක්‌ම ලැබුණා. හිමාලි වගේ ප්‍රේක්ෂක මතකයේ රැඳෙන චරිතයක්‌ රඟපාන්න තමයි කැමති. එන්නන්වාලේ ඇවිල්ලා යන්න කැමති නැහැ.

වසර දහයක්‌ පුරාවට ලැබුණු ප්‍රේක්‍ෂක ආදරය ගැන දැනෙන හැඟීම?

ගුවන් සේවිකාවක්‌ වෙන්න තමයි මගේ ආසාව තිබුණේ. එහෙම වුණානම් මේ තරම් නෑදෑ පිරිසක්‌ මගේ වටේට එකතු වෙන්නේ නැහැ. සීමිත පිරිසකට විතරක්‌ ලැබෙන ඒ වාසනාව මටත් උරුම කරගන්න ලැබීම ගැන හදවතින්ම සතුටු වෙනවා. කැපිලි කෙටිලිත් ආවා. මම කරන දේ හරි කියලා මගේ දෙමව්පියෝ දන්න නිසා ඒ එකක්‌වත් සතපහකට ගණන් ගත්තේ නැහැ.

දැන් නිවේදන කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඈත්වෙලාද?

රංගන කටයුතු නිසා මේ කාලේ ගොඩක්‌ කාර්යය බහුලයි. ඒ නිසා ඒ වෙනුවෙන් කාලය වැය කරන්න අපහසුයි.

යාළුවෝ අඳුනගනිද්දි ගොඩක්‌ හිතනවා කියන්නේ ඇත්තද?
ඇත්තටම ඔව්. මොකද මම යාළුවෝ තෝරගනිද්දි ගොඩක්‌ මෝඩ වෙනවා කියලා මට ඉන්න හොඳම යාළුවෝ දෙන්නා සුරංගයි, රේණුයි නිතරම කියනවා. යාළුවෝ මගෙන් ගන්න තියෙන උදව් ඔක්‌කොම අරගෙන මාවත් කපාගෙන ඉදිරියට යන්න හදනවා.

විවේකය ගත කරන්නේ කොහොමද?

 
චිත්‍රපටි බලනවා. එහෙම නැත්නම් අයියගේ ගෙදර යනවා. අයියට ඉන්නේ පුතාලම තුන්දෙනෙක්‌. අක්‌කට (නෑනට) තමයි මගේ ජීවිතේ හැම දෙයක්‌ම කියන්නේ.

පියුමි පවුලට තුන්වැන්නෙක්‌ එක්‌කරගන්න හිතුවේ නැද්ද?
දැන්ම නම් නැහැ. තව සපුරාගත යුතු කාරණා ගොඩක්‌ තියෙනවා.

මෑතකදී වේදිකාවට සම්බන්ධ වුණෙත් නැහැ නේද?
වේදිකාව තමයි මගේ ජීවය. මල්සර බිසව් වේදිකා නාට්‍යයෙන් ආරම්භ වුණ මගේ රංගන ජීවිතේ මුල්ම සම්මානය ලැබුණේ 2007 වසරේ රඟපෑ මං දියවෙලා වේදිකා නාට්‍යයේ මම රඟපෑ චරිතයට. ඊට පස්‌සෙත් වේදිකා නාට්‍යය කිහිපයකටම රංගනයෙන් මම සම්බන්ධ වුණා. කාලය තමයි ඒකටත් හරස්‌ වෙලා තියෙන්නේ.

ලක්‌මිණී අතුකෝරල
ඡාය- කමල් බෝගොඩ

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...