Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ඉලෙක්ට්‍රොනික උපකරණය මොකක්ද
කියල ඔබෙන් ඇසුවොත් ජංගම දුරකථනය ඔබේ පිළිතුර වේවි.
අද ලාංකීය සමාජයේ ජංගම දුරකථනය හුදෙක් සන්නිවේදන උපකරණයකට වඩා
සමාජයේ පුද්ගලයට හිමි තැන කියාපාන මිම්මක් වී අවසානයි.

ඉතින් මේ කියන්න යන්නේ ලෝකෙ තියන දැවැන්තම දුරකථන නිෂ්පාදන
සමාගමක් ගැන ඒ තමයි ......




මේ සමාගම සන්නිවේදන අංශයේ සෑම සේවාවක්ම සපයනවා
ෆින්ලන්තයේ දෙවනියට විශාලතම නගරය වන එස්පෝ හි මුලස්ථානය පිහිට තියනවා
පහතින් දිස්වෙන්නේ එයයි






මෙය මව් සමාගම වශයෙන් සලකා බැලුවිට අනෙක් අංශ රාශයක් ඔස්සේ සමුහ ව්‍යාපාරය විහිදී ගොස් තිබෙනවා





Siemens සමාගම සමග එක්වී පටන්ගත්ත මේක වර්තමානය වනවිට ලෝකයේ රටවල් 150 ක්‍රියාත්මක වනවා
සන්නිවේදන උපකරණ නිපදවන්නන් අතර ඉදිරියෙන්ම සිටින මෙය සේවකයන් 64,000 කගේ එකමුතුවෙන්
බිලියනයකට අධික පාරිභෝගිකයින් ප්‍රමාණයකට සේවා සපයනවා











මේක ලෝකයේ වටිනාකමින් ඉහලම ජංගම දුරකථන නිපදවන සමාගමක්
Signature Cobra නමින් හදුන්වන දුරකතනයක මිල $310,000 පමණ වෙනවා
ධනවතුන්ට පමණක් සේවා සපයන මෙය ගැනුම් කරුවන් ප්‍රමාණයට අනුව
නිපද වීම් කරනවා .
එංගලන්තයේ පිහිටා ඇති කර්මාන්තශාලාවේ නිපදවෙන මෙම නිපැයුම් පැරිසිය සිංගප්පුරුව වැනි
රටවල් කිහිපයක ඇති වෙළදසැල් වල විකිණීමට තිබෙනවා

මෙම දුරකථන වල ඉතා විශේෂ අංගයක් අඩංගු වෙනවා
"Vertu Concierge" නමින් හැදින් වෙන මෙය ක්‍රියාත්මක කිරීමට වෙනම key එකක් තියනවා
එමගින් ඔබට ලෝකයේ කොහේ සිටියත් lifestyle manager සමග සම්බන්ද වෙන්නට පුළුවන්
විනෝද සවාරි සංවිධානය සිට gourmet dining සේවා දක්වා ඔබට ලබා ගන්නට පුළුවන්












මේකට්ටිය ලෝකයේ භූගෝලීය සිතියම් නිර්මාණයේ සිට
Chrysler, Mercedes-Benz වැනි දියුණු රථ වාහන වල ඇති සදහා සිතියම් ලබාදෙනවා
GPS (Global Positioning System ) ජංගම උපකරණ නිපදවන්නන් වන සමාගම් වලට හා Yahoo! Maps, Bing Maps , MapQuest යන සියලු දෙනා
මෙහි සේවා ලබා ගන්නවා ඒ වගේම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවන ලද
Flight Simulator X පරිගණක ක්‍රීඩාවට අවශ්‍ය දත්ත ලබා ගෙන තිබෙන්නේ මොවුන්ගෙන්.





දැන් අපි මේ සමාගම ගැන කරුණු ටිකක් දැනගත්තානේ.
එත් අපි හැමෝම දන්නා කියන ෆෝන් එකනේ NOKIA
ඔන්න ඉතින් මම ෆෝන් හදන හැටිත් ඔය ගොල්ලන්ට පොඩ්ඩක් විස්තර කරන්න හිතුව



මෙක්සිකෝවේ ,හංගේරියාවේ සහ චිනේ පිහිටි දැවැන්ත කර්මාන්තශාලා මගින් දිනකට දුරකථන 900,000
වැඩි ප්‍රමාණයක් නිපදවන බව ඔබ දන්නවද ?
සමාගම සිය නිපැයුම් කාර්ය සදහා වෙනත් කිසිදු සමාගමක් සම්බන්ද කර ගන්නේ නැහැ
අමු ද්‍රව්‍ය එකලස් කිරීමේ සිට අවසානයේ නිපැයුම බහාලන වල ඇසිරීම දක්වා සියල්ල සිදු කරන්නේ ඔවුන් විසින්මයි
මෙය ඔවුන්ගේ ලාභය වැඩි වීමට හේතුවක් වී තිබෙනවා
සාමාන්‍ය දුරකතනයක් නිපදවීමට $87 ගතවෙන අතර එය $129 ලෙස මිල නියම කරනවා එවිට
33% ලාභයක් ලබනවා .




පහතින් දැක්වෙන්නේ ෆින්ලන්තයේ NOKIA PHONE එකක් නිපද වෙන හැටි






දිනකට අමුද්‍රව්‍ය මිලියන ගණනක් මෙම ස්ථානයට ගෙන එනවා
ඒවා නිසිපරිදි ගබඩා කරන අතර පළමු පියවරේදී අවශ්‍ය අමුද්‍රව්‍ය
නියමිත් අංශයට ගෙනයනවා







ඉතා සියුම් උපාංග ප්ලාස්ටික් අසුරන වල හෝ reels of tape වල අසුරා තිබෙනවා






මෙහිදී Printed Circuit Board එක ඉපදවෙන අතර ඊයම් මිශ්‍රණයක් නියමිත ආකාරයට එයට ස්ථාන ගත වෙනවා







මම ඔයගොල්ලන්ට මුලින් කියපු Reels මෙහිදී වලට spindles ඇතුල් කරනවා
ඒවා මැෂිම ආධාරයෙන් printed circuit board එකේ නියමිත ස්ථාන වලට උපකරණ සවිකරනවා







මේ විදිහට දුරකතනයේ Circuit board එකට සියුම් අංග එකතු වෙනවා
ඉන් පසු විනාඩි 7 oven එකක් තුලට යොමු කර කලින් තබන ලද ඊයම්
පාස්සනු ලබනවා





පළමු තත්ත්ව පරික්ෂාව සිදුකරන අතර මුලික
උපාංග එක වීමෙන් පසු "flash and alignment" අංශයට පැමිණ ප්‍රථමික මෘදුකාංග
එක්වෙනවා





මෙහිදී චිප වල low-level settings සකස් වී පරීක්ෂණ රැසක් සිදුකර
අවශ්‍ය විදුලි සැපයුම සකසා සියල්ල නිවැරදිද යන්න බැලෙනවා






මෙහිදී කැමරා හා දර්ශන තිර සවි කිරීම මිනිස්
ශ්‍රමයෙන් සිදුවෙනවා






සැකිල්ල සවිකරන අතර පසුව පිටත ආවරණද
සවිකරනු ලබනවා





වැදගත් අවස්ථාවක් වන මෙහිදී දුරකතනට
IMEI අංකය ලබාදෙන අතර බැටරිය සවි කිරීමද සිදු කරනවා





මෙහිදී සිදු වෙන්නේ ඉතා සියුම් හෝ වැරදීමක් සිදුවී
ඇතිදැයි පරීක්ෂා කිරීමයි. මිනිස් ඇසක් පමණක් යොදා කරන මෙයින් පසු
බැටරිය බල ගැන්වෙනවා





සියලු උපාංග එකම අසුරණයක
බහා එයට බර්කොඩ් කේතයක් ලබා දෙනවා




අවසාන වශයෙන් පෙට්ටි වල අසුරන ලද
නිපැයුම වෙළද පොලට නිකුත් කිරීම සදහා
පිටත් කරනවා



ඔන්න ඉතින් ඔහොමයි NOKIA එකේ වැඩ වෙන්නේ

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...