Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ඇය නමින් රෛනි චාරුකා. හැබැයි ඒ නමට වඩා මෙයාව ගොඩක්‌ දෙනා අඳුරන්නේ රූකාන්ත – චන්ද්‍රලේඛාගේ දියණිය කියූ විටයි. මේ දවස්‌ වල රෛනි ගැන වැඩිපුර කතා බහ වෙන්නේ සිංහාවලෝකනය චිත්‍රපටයේ “සමදරී” කියන ගැමි චරිතය රඟපෑමත් සමගය. ඒ වගේම ඇය චින්ති සමගත් තරුමිණි ඔච්චම් කියලා ගීතයකුත් කළා. මේ නිසා රෛනි ගැන ගොඩක්‌ දෙනා කතා බහවෙනවා. ඇත්තටම රෛනි කොහොමද රංගනයට යොමුවුණේ කියලා දැනගන්න අපි අදහස්‌ කළා.
 
රෛනි පසුගිය දවස්‌වල ලංකාවේ හැටියේ නැහැ නේද?
ඔව්. ඇත්තටම හිටියේ නැහැ. නත්තල් නිවාඩුවට ලංකාවට ආව විතරයි.

ඇයි මේ වැඩිපුර විදෙස්‌ගත වෙලා ඉන්නේ ?
මම විශ්වවිද්‍යාලයට යන්නේ ඇමරිකාවේ. ඉගෙනීම් කටයුතු ඉවරවෙනකම් ඇමරිකාවෙ ඉඳීවි. හැබැයි මම තවම තීරණය කරලා නැහැ ලංකාවේ පදිංචි වෙනවද ඇමරිකාවේ පදිංචිවෙනවාද කියලා. කොහොම වුණත් නිතර නිතර ලංකාවට ඇවිත් යනවා.

මොනවද මේ දවස්‌වල කරන්නේ ?
සිංහාවලෝකන චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩවලට සහභාගි වෙනවා. අනික මම වැඩිපුර ලංකාවේ නැති නිසා ටීවී, පත්තර, එෆ්. එම්. වලින් මේ දවස්‌වල වැඩිපුර කතා කරනවා. ඒ හින්ද ටිකක්‌ විතර කාර්යබහුලයි. සිංහාවලෝකන චිත්‍රපටයේ “සමදරී” ගැන කතා කළොත් ?
අවු. 19 ක ගැමි චරිතයක්‌ තමයි මට රඟපාන්න තිබුණේ. මගෙ වයසෙම නිසා අපහසුවක්‌ වුණේ නැහැ. මම එච්චර හිතට අරගෙන කළේ නැහැ. සාමාන්‍ය විදිහට තමයි රඟපෑවෙ. භාෂාව විතරයි ටිකක්‌ අමාරු වුණේ. සමදරී තමයි සිංහාවලෝකන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය.

ඔබ හැදෙන්නේ වැඩෙන්නේ ඇමරිකාවෙ. ඉතිං මේ ගැමි චරිතය කරන්න අපහසු වුණේ නැතිද?
ඇත්තටම අපහසුවක්‌ වුණේ නැහැ. මම ලංකාවේ ජීවත් වුණෙත් බොහොම සරල විදිහට. මම හරි සැහැල්ලුවෙන් ජීවත් වුණ කෙනෙක්‌. ඇමරිකාවෙ ගියා කියලා වෙනස්‌ වුණේ නැහැ. ගැමි චරිතය කරන්න රෙද්දයි හැට්‌ටයයි ඇඳලා කොණ්‌ඩෙ ගොතාගන්න විතරයි තිබුණේ.

රඟපාන්න ආරාධනා ලැබීම ගැන මොකද හිතන්නේ ?
බොහොම සතුටුයි. විශේෂයෙන් මගේ අධ්‍යක්‍ෂ සුනෙත් මාලිංග ලොකුහේවගේට ස්‌තූතිවන්ත වෙන්න ඕනෑ. එයා මාව තෝරාගනිද්දී ගොඩක්‌ අයගෙන් ප්‍රශ්න ආවා. ගොඩක්‌ අය කිව්ව රෛනි සින්දු කියනවා විතරයි දැකලා තියෙන්නේ රඟපාන්න බැහැ කියලා. අනික මම ටිකක්‌ මහත නිසා ඒකත් බලපෑවා. මේ සියලු අභියෝග භාරගෙන ඔවුන් මාව තෝරාගත්තාට ස්‌තූතිවන්ත වෙන්න ඕනෑ.

රඟපෑම ලෙහෙසියි කියලා හිතුනද?
සින්දු කියනවට වැඩිය රඟපෑම ලෙහෙසියි කියලා හිතුණා. රංගනයෙන් කොච්චර දුරකට මම සාර්ථකද කියන්න දන්නේ නැහැ. හැබැයි මම විශ්වාස කරනවා හොඳ ඉදිරිපත් කිරීමක්‌ කළා කියලා. ඒක ප්‍රේක්‍ෂකයන් තීරණය කරාවි.

චිත්‍රපටයක රඟපෑ පළමු අවස්‌ථාව මේක. අභියෝගයක්‌ කියලා හිතුණේ නැතිද?

ටිකක්‌ බය හිතුනා. වචන පැටලෙයිද දන්නේ නැහැ කියලා. ඒ ඇරෙන්න වෙන බයක්‌ නම් දැනුනේ නැහැ.

ප්‍රවීණයන්ගෙන් මොන වගේ සහයක්‌ද ලැබුණේ ?
ලොකු සහයක්‌ ලැබුණා. රූපගත කිරීම් වලදී අපි එක ලොඡ් එකේ හිටියෙ. ගොඩක්‌ අය කතා කරලා අහනවා මොනවද උදව් ඕනෑ කියලා. සනත් ගුණතිලක මහත්තයා ගොඩක්‌ වෙලාවට උදව් ඕනෑද කියලා අහනවා.

කොහොමද ගායන වැඩකටයුතු එහෙම ?
සාමාන්‍ය විදිහට කරගෙන යනවා. මේ දවස්‌වල චිත්‍රපටයේ වැඩකටයුතු නිසා එයට තමයි වැඩි නැඹුරුවක්‌ ලබාදෙන්නෙ. “සැනසිලා” කියන මගේ පළමු සෝලෝ එක පෙබරවාරිවල නිකුත් වෙන්න නියමිතව තිබෙනවා.

නීල කඳුගැටේ ගීතයට ලැබුණු ප්‍රතිචාර නිසාද චින්ති සමග ගීතයක්‌ කළේ ?
නැහැ. නීල කඳුගැටේ මගෙ ගීතයක්‌. ඒක හදිසියෙන් කළ ගීතයක්‌. ඒ ගීතය කරලා චිත්‍රපටයේ වැඩකටයුතු කරන්න ගියවිට මගේ යාළුවෙකුගෙන් ආරාධනාවක්‌ ලැබුණා චින්ති සමග ගීතයක්‌ කරන්න කියලා. මම චින්තිගේ රටාවේ ගීත කියන කෙනෙක්‌ නෙමෙයි. මම ක්‍ෂේත්‍රයට අලුතෙන් ආව නිසා මුලින්ම මගේම කියලා නිර්මාණයක්‌ කරන්න තමයි හිතාගෙන හිටියෙ. පස්‌සෙ මම චින්තිට කිව්වා වෙනස්‌ම විදිහේ ගීතයක්‌ විය යුතුයි කියලා. තරුමිණි ඔච්චම් ගීතය චින්තිගෙන් බලාපොරොත්තු නොවුන ගීතයක්‌. මම අනෙක්‌ අයට කිව්වහම චින්ති එක්‌ක ගීතයක්‌ කරනවා කියලා එතකොට ගොඩක්‌ අය කිව්වේ ඔයාට චින්තිව ගැලපෙන්නේ නැහැ කියලා.

තරුමිණි ඔච්චම් ගීතයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

හොඳ නරක දෙකම අහන්න ලැබෙනවා. නරක අහන්න ලැබෙන්නේ සින්දුවට පැත්තෙන් නෙමෙයි. වීඩියෝ එක පැත්තෙන්. සින්දුවට ගොඩක්‌ දෙනෙක්‌ කැමැතියි.

පසුගිය දවස්‌වල කතාවක්‌ තිබ්බා රෛනි – චින්තියි අතර ආදර සම්බන්ධයක්‌ තිබෙනවා කියලත් ?

මීට ඉස්‌සරවෙලා කතාවක්‌ තිබුණානේ රෛනි ගයාන් අතරයි සම්බන්ධයක්‌ තිබෙනවා කියලත්. මම හිතන්නේ ඒක හැටි. අනික අපි ප්‍රේම සම්බන්ධ පවත්වන වයසෙ ඉන්නේ. මිනිස්‌සු එහෙම හිතන එක ගැන මම වැරදියි කියන්නේ නැහැ. ඒ වුණාට අපි අතර එහෙම සම්බන්ධයක්‌ නැහැ. චින්ති මගේ යාළුවෙක්‌ විතරයි.


මේ දේවල් ඔක්‌කොම ලැබෙන්නේ දෙමව්පියෝ නිසා නේද?
ඔව්. අනිවාර්යයෙන්ම.

මොනවගේ සහයක්‌ ද ඔවුන්ගෙන් ලැබෙන්නේ ?
හැමදේම ඔවුන් නිසා තමයි ලැබෙන්නේ. රූකාන්ත චන්ද්‍රලේඛා දෙමව්පියො නොවුණා නම් මට මේ තරම් ජනප්‍රියත්වයක්‌ නැහැනේ. හොඳ නරක විතරයි පෙන්වලා දෙන්නේ. නැතුව නීති දාන්නේ නැහැ.

රඟපානවාට තාත්තා කැමැති වුණාද?
ඔව්. ඔවුන්ට ප්‍රශ්නයක්‌ තිබ්බේ නැහැ. තාත්තත් අම්මිත් රංගනයට දායකවෙලා තියෙන නිසා ප්‍රශ්නයක්‌ තිබ්බේ නැහැ.

දිනේෂ් විතාන
ඡායා – දිනේෂ් ගමගේ

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...