Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියකදී පාකිස්‌තානය පරාජය කිරීමේ අරමුණ සහිතව කුමර සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (26දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සහීඩ් අෆ්රිඩී ප්‍රමුඛ කණ්‌ඩායම මුණගැසෙනු ඇත. ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය වසර 19කට පසු ලෝක කුසලානකදී හමුවන ප්‍රථම අවස්‌ථාවද මෙය වීම විශේෂත්වයකි.
දිවා රාත්‍රී තරගයක්‌ ලෙසින් සහ නවීකරණය කිරීමෙන් අනතරුව ආර.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ප්‍රථම නිල එක්‌දින ජාත්‍යන්තර තරගය ලෙසින් අද පස්‌වරු 2.30ට තරගය ඇරඹීමට නියමිතය.
අදට යෙදී ඇති තරගය සම්බන්ධයෙන් ප්‍රකාශක්‌ කර තිබුණු පකිස්‌තාන පිලේ නායක සහීඩ් අෆ්රීඩී, ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාව පරාජය කිරීම පහසු නොවන නමුත් තරගාවලියේ ඉදිරියට යැම පිණිස සෑම අතින්ම වැදගත් තරගයක්‌ ලෙස සලකා ශ්‍රී ලංකාව සමග තරගය ජයගැනීමට තම කණ්‌ඩායම සියලු ශක්‌තිය යොදන්නේ යෑයි පවසා තිබුණි. ආරංචිමාර්ග වලට අනුව අද තරයේදී, පසුගියදා කෙන්යාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්‌ඩායම වෙනසකින් තොරව නම් කිරීමට පකිස්‌තානය සුදානමින් සිටින නමුත් කැනඩාව සමග ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වෙනස්‌කම් කිහිපයක්‌ අද බලාපොරොත්තු විය හැකිය.
ඒ අනුව චාමර කපුගෙදර වෙනුවට චාමර සිල්වාද, අජන්ත මෙන්ඩිස්‌ වෙනුවට රංගන හේරත්ද තිසර පෙරේරා වෙනුවට ලසිත් මාලිංගද කැඳවීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය මේ දක්‌වා එක්‌දින ජත්‍යන්තර තරග 120ක්‌ ක්‍රීඩා කර ඇති අතර ඉන් 70ක ජය පකිස්‌තානය විසින්ද 46ක ජය ශ්‍රී ලංකාව විසින්ද අත්කරගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේදී දෙරට අතර පවත්වා ඇති තරග 27න් 13ක ජය ශ්‍රී ලංකාවටද 12ක ජය පකිස්‌තානයටද තරග 2ක්‌ ජය පැරදුමෙන් තොරවද අවසන්ව ඇත.
අද තරගය පැවැත්වෙන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව තරගයක්‌ ජයගැනීමේ සම්භාවිතාව (52%) ප්‍රතිවාදී රටෙහි ජයග්‍රහණය ලැබීමේ සම්භාවිතාව (26%)ට වඩා දෙගුණයක්‌ පමණ වෙතත් ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර මෙතෙක්‌ පවත්වා ඇති තරග 11 ප්‍රතිඵල අනුව දෙරටම කරට කර සිටියි. මෙහිදී දෙපිලම තරග 5 බැගින් ජයගෙන ඇත. (එක්‌ තරගයක්‌ තීරණයකින් තොරව අවසන්ව ඇත)
අද ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්‌ඩායම
උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, චාමර සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන්
පාකිස්‌තානු කණ්‌ඩායම – සහීඩ් අෆ්රිඩි(නායක), අබ්දූල් රසාක්‌, අබ්දූල් රෙහෙමාන්, අහමද් සහසාඩ්, කම්රන් අක්‌මාල්, මිස්‌බා උල්හක්‌, මොහොමඩ් හෆීස්‌, ෂහිඩ් අඡ්මාල්, ෂොයෙබ් අක්‌තාර්, සොහෙල් තන්වීර්, උමර් අක්‌මාල්, උමාර් ගුල්, වහබ් රියාස්‌, යුනිස්‌ ඛාන්, වකාර් යුනිස්‌(පුහුණුකරු)

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...