Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ටිකට් වංචාව
ක්‍රීඩා අමාත්‍යංශය ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට පෙර සිටම කියා සිටියේ ප්‍රවේශ පත් ජාවාරම් කරුවන්ට මෙවර කිසිසේත් ඉඩ නොතබන බවයි.

නමුත් ටිකට් නිකුත් කිරීම ආරම්භ කලට පසු ජාත්‍යන්තර මාධ්ය හා ලංකාවේ මාධ්‍යය වාර්තා කලේ ප්‍රවේශපත්‍ර ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි.මෙම ජාවාරම මෙහෙයවුයේ ලෝක ක්‍රිකට් තරඟාවලිය සදහා ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් පත්කරනු ලැබූ ශ්‍රීලංකා ක්‍රිකට් ප්‍රධානියෙකුගේ සොයුරෙකු හා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් සම්බන්ධ කළමනාකරණ කටයුතුවල රාජකාරි කටයුතු සිදු කරන අයෙකි.


මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා රුපියල් 50,100,250,500,
1000,2000,5000,10000 ප්‍රවේශපත් හා ඉහලම ධනපතියන් සදහා සියලු සැප පහසුකම් මැද්දේ තරඟය නැරඹීම සඳහා දසලක්‍ෂයේ ටිකට් පවා නිකුත්කොට තිබිණි.

මෙම ප්‍රවේශපත් විකිණීම ආරම්භ වුයේ ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමට මාස හතරකට පමණ පෙර සිට අතර ඒ කාලයේදීම ප්‍රවේශපත් විකිණී අවසාන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

නමුත් රුපියල් 50 ප්‍රවේශපත් ඒ වන විට අලෙවිකොට නොතිබූ අතර එක් තරඟයක් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව වෙත රුපියල් 50 ටිකට් 10,000 ක් නිකුත් කිරීමට නියමිත විය.

මෙම ප්‍රවේශපත් අලෙවි කිරීම සිදු වන්නේ අදාළ තරඟයට සති දෙකකට කලින් බව නිවේදනය කලත් ඒවා නිකුත් කිරීම ඇරඹුණේ තරගයට සතියකට පෙරය.

ඒ අනුව සුරියව වැව ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟය වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම පසුගිය 14 වනදා 9.30 ට පමණ ආරම්භ වූ අතර සවස 2:00 වන විට සියලු ටිකට්පත් විකිණී අවසාන බව පැවසිනි.නමුත් සත්‍ය වශයෙන්ම ටිකට් නිකුත්කොට තිබුනේ ටිකට් 3700 කට ආසන්න ප්‍රමාණයකි.

ඒ අනුව ඉතරි වූ ටිකට්පත් රුපියල් 500 ගන්නේ හොර රහසේ විකිනීමට කටයුතු යොදා තිබිණි. ඒ මාලිගාවත්ත ප්‍රදේශයේ කුඩා ව්‍යාපාර ස්ථාන කීපයක් කේන්ද්‍ර කරගනිමිනි.නමුත් සුරිය වැව හි පැවැත්වෙන තරඟවල ප්‍රවේශපත් සඳහා එතරම් ඉල්ලුමක් නොතිබුණු අතර එම වෑයම අසාර්ථක වුනි.ඒ නිසා ඉතුරු වූ ටිකට්පත් නොමිලේ බෙදා හැරීමට මෙම ජාවාරම් කරුවන්ට සිදු විය.

සුරිය වැවහි පැවැත්වෙන තරඟ වලට ඉල්ලුමක් නොමැති වූවත් ඛෙත්තාරාමයේ පැවැත්වෙන තරඟවල ප්‍රවේශපත් වලට පැවතියේ අධික ඉල්ලුමකි.ශ්‍රීලංකා - පාකිස්ථානය අතර තරඟය හා ශ්‍රීලංකාව - ඔස්ට්‍රේලියාව අතර තරඟ වලට මෙසේ අධික ඉල්ලුමක් පැවතිනි.

ශ්‍රීලංකා - පකිස්තාන් අතර තරඟය සඳහා ප්‍රවේශපත් අලෙවිය මාලිගාවත්තේ පි.බි කුරේ ක්‍රීඩාංගනයට පැමිණි ක්‍රිකට් ආයතනයේ වන රථයක සිට සිදු කෙරුණා.අතර එදිනද ප්‍රවේශපත් අලෙවි කලේ ප්‍රවේශපත් 4000 කට අඩු ප්‍රමාණයකි.

එහිදී රුපියල් 50 ප්‍රවේශපත්‍රය 1000-1500 දක්වා මිල ගණන්වලට විකිනීමට ජාවාරම්කරුවෝ ඒ අසල සිට විකුණනු ලැබුහ.ඒ අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව ජාවාරම් කරුවෝ කිහිපදෙනෙකු අල්ලගත්තත් මහා මොළකරුවන් තවමත් නිදැල්ලේය.

ඉන් පසුව ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු තරඟය සඳහා ප්‍රවේශපත් අලෙවි කිරීමට දැඩි ආරක්ෂාවක් යොදා තිබුනද එදිනද සිදු වුයේ පෙර කි තත්වයමයි. නියමිත ප්‍රවේශපත් ගණනට අඩු ගණනක් විකුණා ඉතිරිය වැඩි මුදලට ලබා දෙන ලදී.


තණතීරු ආවරණ වංචාව
වර්ෂාවෙන් තණතීරු ආරක්ෂා කරගැනීම සදහා යොදන තණතීරු ආවරණ ලෝක කුසලාන තරඟ පවත්වන ක්‍රීඩාංගන වලට ප්‍රමාණවත් තරම් තිබුනේ නැත.

2010 ජනවාරි මස මේ අවශ්‍යතාවය පිළිබඳව ඉහලට දන්වා තිබුනත් තණතීරු ආවරණ මිලදී ගැනීම ප්‍රමාද වී තිබුනේ ටෙන්ඩර් වංචාවක් හේතුවනි.ලෝක කුසලානයට දින කිහිපයක් තිබියදී මෙම තණතීරු ආවරණ මිලදී ගැනීම සිදු කෙරුණා.

ඒ විදෙස් වෙළඳපොලේ රුපියල් 50,000 කට පමණ ගත හැකි එක් තණතීරු ආවරණයක් දේශීය සමාගමකින් එක් තණතීරු ආවරණයක් 132,000 බැගින් තණතීරු ආවරණ 30 ක් මිලදීගනිමිනි.


නිල ගුවන් විදුලි වංචාව
මෙතෙක් පැවති ලෝක කුසලාන තරඟවල නිල ගුවන් විදුලි විකාශනය කලේ ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවයි.මෙවර ලෝක කුසලාන තරඟ වල නිල ගුවන් විදුලි විකාශන අයිතිය ලබාදෙන්නේ  IMG media නම් ඉන්දියානු සමාගමක්.


මෙහි දී ශ්‍රීලංකාව වෙනුවෙන් එෆ්.එම් දෙරණ හා ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව මිල ගණන් ඉදිරිපත් කල අතර අවසානයේ දෙරණ විකාශන අයිතිය හිමිකරගන්නා ලදී.මෙම ගනදෙනුව සඳහා දෙරණට උදව් කලේ කලක් ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කල බන්දුල සමන් වතුරේගමයි.

අනුව ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපත් කරන මිල ගණන් හඩ්සන් සමරසිංහ ගෙන් බන්දුල සමන් වතුරේගම ටත් ඔහුගෙන් දෙරණ හිමිකරු දිලිත් ජයවීරගේ කනටත් ගියේය.එම නිසා දෙරණ ඉදිරිපත් කලේ ගුවන් විදුලි සංස්ථාවට වඩා වැඩි මිලකි. එය ආසන්න වශයෙන් මිලියන 7 කට නොඅඩු බව වාර්තා වේ.


බත් පැකට් වංචාව
ශ්‍රිලංකාවේ පැවැත්වෙන තරඟ සඳහා රාජකාරියේ යොදවා ඇති පොලිසියේ නිලධාරීන්ට දිවා ආහාරය සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඩොලර් 8 කට ආසන්න මුදලක් වෙන් කොට තිබුණි.


එය අපේ රටේ මුදලින් රුපියල් 900 කට ආසන්න මුදලකි.නමුත් මෙම මුදල් පොලිසියේ ඉහල නිලධාරියෙක් හා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහල නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් එම නිලධාරීන්ට ලබා දී තිබුනේ රුපියල් 100 ට නො අඩු කම වේලකි.

ඇතැම් බත් පාර්සල් පිළුණු වී තිබු බවද වාර්තා වේ. දිවා ආහාරය සඳහා ලක්ෂ 28 කට ආසන්න මුදලක් වෙන්කොට තිබුනත් වැයවී තිබුනේ ලක්ෂ තුනහමාරකට ආසන්න මුදලකි. 

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...