Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

1178611841Mahinda Rajapaksaජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකානු ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

මෙම නොතීසිය ලැබුණු බව අධිකරණ අමාත්‍යාංශය පිළිගත් බවද බීබීසී සංදේශය වාර්තා කරයි. වධහිංසාවන්ට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජනපද පනතට අනුව වන්දි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් තුනක් සම්බන්ධයෙන් මෙම නොතීසිය නිකුත් කර තිබේ. එම පනත උල්ලංඝනය කිරීමේ අවස්ථාවක් 06ක් මෙම පෙත්සම් මඟින් පෙන්වා දී ඇති අතර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක ක වන්දි මුදලක් ඉල්ලා තිබේ.

රජිහාර් මනෝහරන් නැමැති සිසුවෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු‍ගේ පියා වන වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් මහතාද, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ ප්‍රේමාස් ආනන්දරාජාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වන කලාසෙල්වි ලාවන් මහත්මියද, තෙවරාජා පවුලේ සිව්දෙනෙකුගේ ඝාතනයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතියෙකු වන ජෙයකුමාර් අයියන්තුරයිද මෙම පෙත්සම් ගොනුකර තිබේ.

2006 ජනවාරි මස ත්‍රිකුණාමලයේදී වෛද්‍ය ශිෂ්‍ය රිගිහාර් ඇතුළු සිසුන් පස්දෙනෙකු‍ ‍ඝාතනය වී ඇතැයි ද, 2006 ජුනි මස මුතූර් හිදී රාජ්‍ය‍ නොවන සංවිධානයක සේවයේ නියුතුව සිටියදී ආනන්ද රාජා ඝාතනයට ලක්වූ බවද, යුද්ධයේ අවසන් කාලයේදී ජෙයකුමාර්ගේ ඥාතීන් යුද මුක්ත කලාපයේ ආරක්ෂිත බංකරයක් තුළ සිටියදී හමුදා ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මරණයට පත්වී ඇතැයිද මෙම පෙත්සම් මගින් පවසා තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් පළකරන අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටින ඇමරිකානු නීතීඥ බෲස් ෆේයින් පවසන්නේ ‍සේනාධිනායකයා ලෙස මෙම ඝාතනයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පෞද්ගලික වගකීම අවධාරණය කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි. මේ සඳහා ජනාධිපතිවරයාගේ නීතීඥයින්ට අධිකරණය හමුවේ පෙනීසිටීමට සිදුවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. ජනාධිපතිවරයා මෙම පෙත්සම් විභාගයට පෙනී නොසිටිය හොත් මෙම ඝාතනවල වගකීම භාරගැනීමක් ඇඟවෙන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. එවිට ජනාධිපතිවරයාට එරෙහිව අනභිමුඛයෙහි තීන්දුව ප්‍රකාශයට පත්කළහොත් වන්දි අයකරගැනීම අපහසු වුවත් ඇමරිකාවේ හෝ වෙනත් රටක ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ දේපළ රාජසන්තක කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.


ඉහත පුවත සදහන් හඩ පටය මෙතැන

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...