ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මඩ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධුරය දරණ ලක්ෂමන් හුළුගල්ල මහතාගේ බිරිද සභාපති ලේස කටයුතු කරන සත් එෆ්.එම් ගුවන් විදුලි සේවහි සේවකයන්ට පසුගිය මාස 4 ක කාලය තුළ එම සේවකයින් හට නියමිත ආකාරයට වැටුප් ලබා දී නොමැති අතර සේවය කරමින් සිටි සමහර මාධ්‍යවෙදින් හා කාර්මික ශිල්පින් අනිවාර්ය නිවාඩු යවා ඇත.
සේවකයන් වැටුප් ගෙවලත් නෑ
සේවකයන් හට වැටුප් ගෙවීම මග හැරීම සදහා වැටුප් ගෙවීමේදී සමහර අවස්ථාවන්වල කොටස් වශයෙන් එම වැටුප් ලබා දීම හා විවිධ චෝදනා එල්ල කර වැටුප් කපාහැරීම හෝ සේවයෙන් පහ කිරීම සිදුකරනු ලබන බව වාර්තා වේ.කෙසේ නමුත් මේ පිලිබදව සේවකයින් ජනාධිපතිතුමාද දැනුවත් කර ඇත.
