විදේශ රටක සිට ක්‍රියාත්මක කෙරෙන වෙබ් අඩවියක් ශ්‍රී ලංකාව තුළ අවහිර කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝග කළේය. ඒ, සරසවි සිසුවියක පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවය. ඇයගේ පෞද්ගලික තොරතුරු කිසියම් පුද්ගලයකු විසින් අවසරයකින් තොරව අදාළ වෙබ් අඩවියට ඇතුළත් කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවට ඇය පැමිණිලි කර තිබේ.
ඒ පිළිබඳව මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා යටතේ ක්‍රියාත්මක විශේෂ විමර්ශන ඒකකය විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කර ඇත.ඒ අනුව අදාළ් නියෝගය ලිඛිතව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට යොමුකරන බව පොලීසිය පැවසීය.
Showing posts with label Campus student band web site. Show all posts