Showing posts with label
Goverment finding LTTE 05 web site.
Show all posts
රජයේ ආරක්‍ෂක හමුදාවන් අපහසුතාවයට පත්කරමින් එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවට අවශ්‍ය පරිදි ප‍්‍රචාරය ගෙන යන විදේශයන් හි සිට ක‍්‍රියාත්මක වන වෙබ් අඩවි 5ක් පිළිබදව ආරක්‍ෂක අංශ විසින් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
සිංහල දෙමළ ඉංග‍්‍රීසි භාෂාවලින් ප‍්‍රකාශයට පත්කෙරන මෙම වෙබ් අඩවිවලින් ජාතික ආරක්‍ෂාවට එල්ලවන තර්ජනය පිළිබදව මෙම විමර්ශනවලදී විශේෂයෙන් සොයා බැලෙන බව එම වාර්තා සඳහන් කරයි. මෙම වෙබ් අඩවිවලට මුදල් සපයන්නේ කවුද එවා මෙහෙයවන්නේ කවුද සහ ඔවුනට එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර ජාලය සමග ඇති සම්බන්ධය කවරෙක්ද යන්න විමර්ශනය කෙරෙන පරීක්‍ෂන කටයුතු නිමවූ වහාම ඒ පිළිබදව නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීමට රජය තීරණය කර ඇති බව ආරක්‍ෂක අංශ උපුටා දක්වමින් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.