Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label I don't have. Show all posts

ශෝභා දේව් අසම්මත පෙම් පුවතේ අවසානය රුදුරු ඛේදවාචකයකි. 60 දශකයේ ආකර්ෂණීය රංගන තරුව දේව්ට පෙම් බැඳි ශෝභා මෙදා යුගයේ ජනප්‍රිය රංගන තාරකාවකි. අසම්මත පෙමක පහස විඳිනා දේව් හා ශෝභා හරහා ‘වියපත් බඹරා’ සිනමා සිත්තම උත්සුක වන්නේ අසම්මත පෙමෙහි ආදීනව ලොවට ආදර්ශයක් එක් කිරීමටය.
‘වියපත් බඹරා’ හි ශෝභා 60 දශකයේ යොවුන් රංගන ශිල්පිනියකි. ඇය මෙදා යුගයේ ඔබේ සිත්ගත් සොඳුරු තාරකාවකි.
ඇය තනුජා වේ. තනුජා දිල්හානි . . . පුංචි තිරයෙන් නිතර දෙවේලේ ඔබේ නෙතු ගැටුණු ඇය මෙදා සිනමාව හරහා ද ඔබට සමීප වන සොඳුරු රුවැත්තියකි.
මේ දිනවල ‘වියපත් බඹරා’ හි ශෝභා ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවන ඇය අද වන විට වඩාත් කතාබහට ලක් වී ඇත්තේ ද මේ චරිතය නිසාමය.
මීට පෙර ‘රෝස කැලේ’ හා ‘එකමත් එක රටක’ යන සිනමා නිර්මාණ හරහා ඔබ වෙතට පැමිණි ඇය පවසන්නේ ඇයට පුංචි තිරයේදීත්, රීදී තිරයේදීත් විවිධත්වයෙන් යුතු චරිත ලැබීම ඇගේ රංගන දිවියේ ඉදිරි ගමනට මනා රුකුලක් වන බවය.
‘වියපත් බඹරා’ හි ශෝභා කියන්නෙත් මට මෙතෙක් ලැබුණු චරිතවලින් නව මඟක් ගත් සුවිශේෂී චරිතයක්. අසම්මත පෙමක පැටළෙන ප්‍රේමවන්තියකගේ රුව ප්‍රතිනිර්මාණය කිරීමටයි මට එහිදී භාර වුණේ.
මෙහි එක් ජවනිකාවක් තිබුණා මත්පැන් පානය කරලා වෙරි මතින් රඟන යුවතියකගේ් ජවනිකාවක්. පෞද්ගලික ජීවිතයේ මෙවන් අත්දැකීමක් මා ලබලා නැහැ. පෞද්ගලික ජීවිතයේ නොලද අත්දැකීමක් වන එය මා හොඳින් කළා කියලයි මට හිතෙන්නේ. මෙතෙක් මා කළ ජවනිකා අතරින් මා සිත්ගත් ම ජවනිකාව මෙයයි.’
වියපත් බඹරා හි ඇය පෑ රැඟුමක් ඇය මතකයට නැං වූයේ එසේය.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...