Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives


*නාගරික ප්‍රදේශ වල ත්‍රිරෝද රථ හා කුලී රථ නවතා තැබීම සඳහා විශේෂ ස්ථාන සකස්කරදීම

*ආනයනික වැඩසටහන් මත අයකරන බද්ද කේබල් ටීවී සම්බන්ධතා සඳහා ද අයකිරීම

*වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව 10%න් වැඩි කිරීම

*ඒකක 90 ට වැඩි විදුලි පරිභෝජනය සඳහා අය කරනු ලබන බදු මුදල  8% න් ඉහළට

*උපාධිධාරීන් 10, 000 ට රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම

* රජයේ පාසල්, රෝහල් හා විශ්ව විද්‍යාලවල විදුලි ගාස්තු 25%කින් අඩු කිරීම
*රජයේ සේවකයන්ගේ වැටුප් 5% කින් වැඩිකිරීම

*ඖෂධ සදහා රේගු බදු ඉවත් කිරීම හා රසායනාගාර භාන්ඩ සඳහා අය  කෙරෙන බද්ද ඉවත් කිරීම

*අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලකට ලබාගැනීම සඳහා  ‘ආහාර  සුරැකුම්පතක්’


*පොහොර සහනාධාරය තවදුරටත්


*පෞද්ගලික අංශයේ හා සංස්ථාගත සියළු සේවකයින්හට විශ්‍රාම වැටුප්


*දේශීය ඇඟලුම්, සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන යන්ත්‍රසූත්‍ර ආනයන වැට් වලින් නිදහස්


* රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සහන නිවාස ණය ක්‍රමයක් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් ජාතික රක්ෂණ ක්‍රමයක්


*මත් පැන් හා කැසිනෝ ආදායම් බදු 35% - සිට 40% දක්වා වැඩිකරන  අතර මතට තිත සදහා රු. මි 200


*මගී ප්‍රවාහන වාහන සඳහා අයකරන ආනයනික බද්ද 25%න් පහළ


* ආනයනය කරන පරිගණක මෘදුකාංග හා අමතර කොටස් මත අයකෙරෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හා    වැට් බද්ද ඉවත්කිරීම


*සෑම රණවිරු පවුලකම උපදින තෙවන දරුවාට රුපියල් ලක්ෂයක   දීමනාවක් ලබාදීම


*විදේශ ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන බද්ද රුපියල් 2 කින් ඉහළට


*දේශීය ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන ගාස්තුව 2011 ජූලි මස සිට  රුපියල් 2 සිට රුපියල් 1 .50 දක්වා පහලට


ලබන වසරේ සමස්ත ආදායම රුපියල් බිලියන 963 කි.
සමස්ත වියදම රුපියල් බිලියන 1017 කි. 
මේ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 54 ක් වේ.

  සිරස සුපර් ස්‌ටාර් වලින් ජනප්‍රියත්වයට පත් තීක්‍ෂණ අනුරාධ යුග දිවියට එලබීමට සුදානම් වනවා.මේ ඒ පිළිබද පළවූ ලිපියක් 



තීක්‍ෂණ, සඳරේණු ගලන ජීවිතය අලුත්වෙන්න යනවා කියන්නේ ඇත්තද?
ඔව්. හෙට මගේ ජීවිතය අලුත්වෙන්න යනවා.

මනමාල කතා කියූ ඒ යුවතිය කවුද?
ඇය අනුරාධිකා රත්නායක. ගම වෙන්නප්පුව. මාව හොඳට තේරුම් ගත්ත යුවතියක්‌.

ඔය පාළු හිතට මනමාල කතා ඇවිදින් කොච්චර කල්ද ?
දැනට අවුරුදු හතරකුත් මාස ගණනක්‌ වෙනවා.

අනුරාධිකාව කොහෙදිද මුලින්ම හමුවුණේ ?
මම ඉස්‌සර යූත් ඔකෙස්‌ට්‍රා එකට පන්ති ආවා. අනුරාධිකාත් එතැන හඬ කැවීමේ පන්තියකට ආවා. එතැනදී තමයි ඇයව මට හමුවුණේ.


ඇයව දැක්‌ක මුල්ම දවසේ මොකද හිතුණේ ?
මුල් දවස්‌වල විශේෂයක්‌ තිබුණේ නැහැ. නමුත් ආශ්‍රය කරද්දී හිතුණා මිතුරියකට වඩා හොඳ සම්බන්ධයක්‌ පවත්වන්න පුළුවන් කෙනෙක්‌ කියලා.

කවුද තීක්‍ෂණද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
ඇත්ටම මම. අනුරාධිකා ටිකක්‌ ආඩම්බරයි. මටත් හිතුණේ නැහැ එක පාරටම ආදරෙයිද කියලා අහන්න. මොකද මම ඒ දවස්‌වල සුපර් ස්‌ටාර් නිසා ජනප්‍රිය වෙලයි හිටියෙ. ඒක හින්දා වෙලාවකට හිතුණා ඇයි මම මේ කෙල්ලට සෙකන්ඩ් වෙන්නෙ කියලත්. 

 අනුරාධිකා එදා දුන්න උත්තරය මොකක්‌ද ?
මුලින්ම ඇහැව්වෙ ඇත්තටමද මේ අහන්නේ කියලා. මාව විහිළුවකට ගත්තද කියලත් ඇහැව්වා.

ඇය ඔබට කැමති වුණේ ?
මුලින්ම ඇය ගැන තිබුණේ මාව මිතුරෙකු විදිහට ඇසුරු කරනවා කියන අදහස. ඇය යාළුවෙකු විදිහට ඇසුරු කළ කාලේ මාව හොඳට තේරුම් අරගත්තු නිසා තමයි කැමැතිවුණේ.

මුලින්ම දෙන්න හම්බවුණ දවස මතකද?
2006 අප්‍රේල් 07 විහාරමහා දේවි උද්‍යානයේදී තමයි ආදරය කරන්න පටන්ගත්තේ.

කවුද මුලින්ම එතැනට එන්න කිව්වේ?
මම එන්න කිව්වා.

ඇය සුපර් ස්‌ටාර් රසිකාවියක්‌ නොවෙයිද?
නැහැ. එයා සුපර් ස්‌ටාර් රසිකාවියක්‌ වෙලා ඉඳලා නැහැ. අනුරාධිකාගෙ ගෙදර අය සුපර් ස්‌ටාර්ස්‌ලට එස්‌ එම් එස්‌ යවන කොටත් අනුරාධිකා බනිනවලු මොකදට ඔය කොල්ලන්ට එස්‌ එම් එස්‌ යවන්නෙ කියලා.

සුපර් ස්‌ටාර් සහෝදරියන්ගෙන් ආදර යෝජනා ආවේ නැතිද?
සහෝදර ගායිකාවන්ගෙන් එවැනි ආදර යෝජනා ආවේ නැහැ.

හැබැයි රසිකාවියන්ගෙන් නම් ගොඩක්‌ ආදර යෝජනා ආවා කියලත් ආරංචියි ?
අපොයි ඔව්. එවැනි ආදර යෝජනා නම් ඕන තරම් ඇවිත් තිබෙනවා. හැබැයි මම ඒ එකකටවත් කැමැති වුණේ නැහැ. මොකද ඔවුන් මට කැමැති වෙන්න ඇත්තේ ජනප්‍රියත්වය නිසානෙ.

අනුරාධිකා කැමැති වුණේ ජනප්‍රියත්වයට කිව්වොත් ?
ඇත්තටම මම මෙයාව තෝරගන්නත් එකම හේතුව ඒකයි. මොකද මගේ ජනප්‍රියත්වය ඇය බැලුවේ නැහැ.

විවාහ උත්සවය සහෝදර සුපර් ස්‌ටාර් යාළුවන්ට කිව්වේ නැතිද?
ලංකාවේ ඉන්න හැමෝටම මම එන්න කියලා තිබෙනවා.

ඇත්තද ගමේ යාළුවො අමතක කළා කියන්නේ ?
ගාල්ලේ ඉන්න යාළුවො අමතක කළේ නැහැ. ඔවුන්ට ග්‍රෑන්ඩ් පාටි එකක්‌ ලෑස්‌ති කරලා තියෙන්නෙ හොඳට විනෝද වෙන්න.

තීක්‍ෂණ මනමාල කතා කියපු අනුරාධිකාගෙනුත් තොරතුරු දැනගන්න අපි අදහස්‌ කළා.
 

තීක්‍ෂණ දැකපු මුල්ම දවසේ ඔයාට මොකද හිතුණේ ?
මම තීක්‍ෂණව සුපර් ස්‌ටාර් වලින් දැකලා තිබුණේ නැහැ. කොළඹ පන්ති ඇවිත් තමයි මට ඔහුව හමුවුණේ. මිතුරෙකු විදිහට තමයි මුලින් තීක්‍ෂණව ඇසුරු කළේ.

ඒ මිතුරුකම ආදර කතාවට පෙරළුණේ ?
මගෙ හිතේ නම් එහෙම දෙයක්‌ තිබුණේ නැහැ. තීක්‍ෂණගෙ හිතේ තමයි එවැනි අදහසක්‌ තිබිලා තියෙන්නේ. එයා තමයි මට මුලින්ම ආදර යෝජනාව ගෙනාවේ.

තීක්‍ෂණව මුල්ම කාලේ විශ්වාස කළේ නැහැ කියන්නේ ඇත්තද?
ඔව්. මම යාළුවෙකු විදිහට ආශ්‍රය කළාට එවැනි දෙයක්‌ ගැන එක පාරටම විශ්වාස කරන්න බැහැනේ. එයා දෙතුන් පාරක්‌ පහදලා දුන්නට පස්‌සෙ තමයි මම කැමති වුණේ.

ජනප්‍රිය නිසා නොවෙයිද කැමති වුණේ ?
අපොයි නැහැ.

තීක්‍ෂණට ආදරේට කියන්නේ ?
"කුකූ" කියලා.

තීක්‍ෂණගේ හොඳ ගතිගුණ ගැන කිව්වොත් ?
එයා හරිම අහිංසකයි. මාව හොඳින් බලාගන්නවා. හරියට වෙලාවට වැඩ කරන කෙනෙක්‌. මම තමයි එහෙම කරන්නේ නැත්තේ.

ඒ වෙලාවට ඔයාට බනින්නෙ එහෙම නැතිද?
මොකද නැත්තේ. හරියට බැනුම් අහනවා. අපි දෙන්න මුලින්ම හම්බවුණ දවසෙත් මම පැය දෙකක්‌ විතර පරක්‌කු වෙලයි ආවෙ.

එදා මොකද කිව්වේ ? 

මොකුත් කිව්වේ නැහැ. මම එනකං පැය දෙකක්‌ බලාගෙන ඉඳලා තියෙනවා.

මෑතකදී අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ප්‍රකාශ කොට සිටියේ රුපියල් මිලියන 38 අනුමත කර,මුස්ලිම් නීති ශාලා 58 ක් රට පුරා ඉදිකිරීමට යන බවයි. 


මේ සමගම බොහෝ දෙනෙකුගේ මතය වුයේ මුස්ලිම් නීති ශාලා ඉදිකිරීම ලංකාව තුල ශරියා නීතිය ආරම්භ විමේ මුල් පියවර බවයි.එමෙන්ම මේ සම්බන්දව විවද මතබේද පවා ගොඩ නැගෙන්න විය.


 මුස්ලිම් ශරියා නීතිය යනු මුස්ලිම් අධිකරණ මගින් නියම කරන්නා වූ ඉතාමත් දරුණු දඩුවම් (අත් පා කපා ඉවත් කිරීම, ප්‍රසිද්ධියේ කස පහර ගැසීම, ප්‍රසිද්ධියේ උල තැබීම, ප්‍රසිද්ධියේ වරදකරුගෙ බෙල්ල ඉතා සෙමින් වෙන් වෙන තෙක් කපා දැමීම,සියල්ල රැස් වී ඇති තැන බිම හොවා හිසට වෙඩි තබා මර දැමීම, ගල් ගසා මරා දැමීම ) ඇතුලත් නිතියකි.


ඒ නිසාම මේ සම්බන්ධව නිතිමය කරුණු දැනගැනීමට අප වෘත්තිය නීතිඥවරයෙක් වන තනුජ කේ. ජයසුන්දර මහතාගෙන් මේ පිලිබදව විමසා සිටියා. මේ ඔහුගේ පිළිතුරයි.



ලංකාව තුල ක්‍රියාත්මක වන මුස්ලිම් නිතිය සංගෘහිත එකක්. ඔවුන්ගේ සමිපුර්ණ නිති පද්ධතිය අන් මුස්ලිම් රට වල ක්‍රියාත්මක වන ආකාරයෙන් ලංකාවෙ ක්‍රියාත්මක කිරිමට හැකියාවක් නොමැත.

මුස්ලිම් නිතිය බොහෝවිට බලාත්මක වන්නේ  කසාද දික්කසාද, නඩත්තු අනුප්‍රාප්තිය ආදි කරැණු සමිබන්ධයෙන් එනමි සිවිල් නඩු කටයුතු සමිබන්ධයෙන් පමණි.

එසේ වුවත් මුස්ලිමි අයෙකුට වුවත් තම විශේෂ නිති පද්ධතිය හැර දමා රටෙ සාමාණ්‍ය නිතියෙන් පාලනය වෙන්න අවකාශ තියෙනවා.

ශ්‍රි ලංකාව තුල අපරාධ සදහා දඩුවම් නියම කර ඇත්තේ දණ්ඩ නිති සංග්‍රහයේයි. වරදවල් හා ඒ සදහා දඩුවමි ඇත්තේ එහියි. මිට අමතරව තව වෙන වෙන පනත් වල ඒ පනත මගින්ම දඩුවමි දක්වලා තියෙනවා.  එබැවින් අපරාධ සමිබන්ධයෙන් ශ්‍රි ලංකාව තුල මුස්ලිම් නිතියේ බලාත්මක බවක් නැ. 

මිට අමතරට ශ්‍රි ලංකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඤප්තියේ කොටස් කරැවෙක් වන බැවින් හා, අප නිතියේ කොටසක් ලෙසම කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිමි වලින් නිදහස යන්න ආන්ඩුක්‍රම වි්‍යවස්ථාවෙ හා වදහිංසා වලින් නිදහස් විමෙ පනතේ ඇති බැවින්, එබදු අමානුෂික දඩුවමි ඇති‍විමෙ ඡායාවක් හෝ දැනට නැත.

මුස්ලිම්වරුන්ගේ ඉහතින් කියල ලද ස්වභාවයේ නඩු විමසිමට බලය ඇත්තේ කාති අධිකරණ නමි අධිකරණ වලටයි. ඒවාට දඩුවම් නියම කල නොහැක. ඒවායේ නියෝග බලාත්මක කල හැක්කේ මහේස්ත්‍රාත්අධිකරණ මගිනි.

පසුගිය දින කිහිපයේදී අන්තර්ජාලයේ සිදුකළ විමර්ශනවලදී සොයා ගත් ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය චිත‍්‍රපට 40 ක් ප‍්‍රසිද්ධ කිරීම සදහා අධිකරණයෙන් අනුමැතිය ලබාගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සූදානම් වනවා.ඒවා ප‍්‍රසිද්ධ කිරීමට පෙර ඒවායේ පෙනී සිටි  තරුණ තරුණියන්ට පොලිසියට භාර වීමට අවස්ථාවක් ලබාදෙන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා.

ටියුෂන් පන්තියක් ගැන පලවූ නවතම ආකාරයේ දැන්වීමක්






























Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...