Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label Sri Lanka. Show all posts

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතා ළඟදීම විවාහ වීමට නියමිත බව වාර්තා වනවා.

මේ දිනවලදී ඒ මංගල්‍යයේ කටයුතු සුදානම් කෙරෙන අතර එය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2011 ලෝක කුසලාන තරගාවලියට නම් කර සිටින නෙදර්ලන්ත ක‍්‍රිකට් කණ්ඩායම අද (09) උදෑසන දිවයිනට පැමිණියා. හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ, ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් අද (09) උදෑසන 8.30ට නෙදර්ලන්ත කණ්ඩායම ඩුබායි සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බවයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරගයකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේදී බී කණ්ඩායම නියෝජනය කරන නෙදර්ලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකාව තුළ දී තවත් පුහුණු තරග කිහිපයකට මුහුණදීමට නියමිතයි.

මෙතෙක් කල් ලංකාව පුර ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වූ  පිරමිඩ ජාවාරම් ක්‍රමයක් වූ ටියන්ස් ලංකා ආයතනයට ශ්‍රීලංකාව තුල ව්‍යාපාර කටයුතු නතර කරන ලෙස මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝග කර ඇත.

Products - http://www.tiens.lk/dietary.htm
Web site : - http://www.tiens.lk/

චීනයේ නිෂ්පාදිත උපකරණ හා අහාර වර්ග නෙට්වර්ක් මාර්කටින් ආකාරයට විකිණීමෙන් මුදල් ඉපයිය හැකි බව කියමින් මෙම ආයතනය දහස් ගණනින් ජනතාව මුලා කොට ඔවුන්ට නොවටිනා භාණ්ඩයක් ඉතා ඉහල මිලකට ගැනීමෙන් එම ජාලයේ සාමාජිකත්වය ලබා දී ඇත.

මෙම ආයතනයේ සාමාජිකත්වය ලබා ගත් පසු ලකුණු ලැබෙන ක්‍රමයක් තිබේ.එක ලකුනක වටිනාකම 11000 කි.ලකුණු අනුව තරු හිමි වේ.


පුංචි තිරය නරඹන කොයි කවුරුත් ඇයට දැක්‌වූයේ පුදුමාකාර ආදරයක්‌. ඒ තරමට නදී චන්ද්‍රසේකර රංගන ශිල්පිනියක්‌ ලෙසට තමන් ඔපදමන චරිත තුළ සැබෑවටම ජීවත් වූ නිළියක්‌. නමුත් කොතරම් සතුටින් නිදහසේ සිටියත් මිනිසුන් හැටියට අපි කා අතරටත් ප්‍රශ්න එන්නේ නොසිතූ විරූ විලාසයකින්. එසේ පැමිණි ප්‍රශ්නයක්‌ නිසා පසුගිය වසර එකහමාරක කාලයක්‌ නදී ගතකළේ නිහඬ ජීවිතයක්‌. නමුත් සත්‍ය කවදා හෝ ජයගනී යන කියමන සනාථ කරමින් නදී වටා තිබූ විශාල කඩඉමකින් ජයගන්න නීතියේ සාධාරණය පසුගිය දා ඇයට වාසනාව ගෙනාවා. මේ සිද්ධිය වටා ගෙතුණ කතාවේ ඇත්ත දැනගන්න අපි නදීට කතා කළා. නදී ඇත්තටම පසුගිය කාලේ සිදුවුණු සිදුවීම මොකක්‌ද?
සෑම වසරකම වගේ 2008 අවුරුද්දේ ලංකාවේ විශිෂ්ටයන් දහදෙනා අතරට කලා ක්‍ෂෙත්‍රයෙන් රංගනය වෙනුවෙන් ලබාදෙන සම්මානය ලැබුණේ මට. ඒත් සමග අවුරුද්දක්‌ ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක රංගනය ගැන ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක්‌ ලැබුණා. උත්සවයට පස්‌සේ දවසක ඇමරිකානු එම්බසියට ගියා රටයන්න වීසා එක ගන්න. එදා දවස පුරාම එම්බසියේ රඳවගෙන ඉඳලා හවස තුනට විතර පොලීසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. ව්‍යාජ ලේඛනයක්‌ ඉදිරිපත් කරලා විදේශගත වීමට තැත්කිරීම කියන චෝදනාවට.

චැනල් 4 නාලිකාව විසින් මදක් විකාශය කොට නතර කරන ලද විඩියෝවෙහි සම්පුර්ණ වීඩියෝ පටය "ටැමිල්ස් ෆෝ ඔබාමා" යන සංවිධානය විසින් අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.

ඒ සමගම ඊයේ චැනල් 4 පුවත් විකාශය අතරතුරදී නැවතත් ඔවුන් ලංකාව වෙත අවධානය යොමු කලේ විකි ලික්ස් වෙබ් අඩවිය විසින් ලංකාව පිළිබද හෙළිදරව් කල කරුණු පිලිබවදවයි.

එහිදී විකි ලික්ස් වෙබ් අඩවිය හෙළිදරව් කල පරිදි ඇමරිකානු තානාපතිවරිය විසින් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරා වන ගෝඨාබය රාජපක්ෂ සහ හිටපු යුධ හමුදාති සරත් ෆොන්සේකා යුධ අපරාධ වල සම්බන්ධයි පිළිගෙන තිබෙනවා.



*නාගරික ප්‍රදේශ වල ත්‍රිරෝද රථ හා කුලී රථ නවතා තැබීම සඳහා විශේෂ ස්ථාන සකස්කරදීම

*ආනයනික වැඩසටහන් මත අයකරන බද්ද කේබල් ටීවී සම්බන්ධතා සඳහා ද අයකිරීම

*වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව 10%න් වැඩි කිරීම

*ඒකක 90 ට වැඩි විදුලි පරිභෝජනය සඳහා අය කරනු ලබන බදු මුදල  8% න් ඉහළට

*උපාධිධාරීන් 10, 000 ට රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම

* රජයේ පාසල්, රෝහල් හා විශ්ව විද්‍යාලවල විදුලි ගාස්තු 25%කින් අඩු කිරීම
*රජයේ සේවකයන්ගේ වැටුප් 5% කින් වැඩිකිරීම

*ඖෂධ සදහා රේගු බදු ඉවත් කිරීම හා රසායනාගාර භාන්ඩ සඳහා අය  කෙරෙන බද්ද ඉවත් කිරීම

*අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලකට ලබාගැනීම සඳහා  ‘ආහාර  සුරැකුම්පතක්’


*පොහොර සහනාධාරය තවදුරටත්


*පෞද්ගලික අංශයේ හා සංස්ථාගත සියළු සේවකයින්හට විශ්‍රාම වැටුප්


*දේශීය ඇඟලුම්, සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන යන්ත්‍රසූත්‍ර ආනයන වැට් වලින් නිදහස්


* රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සහන නිවාස ණය ක්‍රමයක් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් ජාතික රක්ෂණ ක්‍රමයක්


*මත් පැන් හා කැසිනෝ ආදායම් බදු 35% - සිට 40% දක්වා වැඩිකරන  අතර මතට තිත සදහා රු. මි 200


*මගී ප්‍රවාහන වාහන සඳහා අයකරන ආනයනික බද්ද 25%න් පහළ


* ආනයනය කරන පරිගණක මෘදුකාංග හා අමතර කොටස් මත අයකෙරෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හා    වැට් බද්ද ඉවත්කිරීම


*සෑම රණවිරු පවුලකම උපදින තෙවන දරුවාට රුපියල් ලක්ෂයක   දීමනාවක් ලබාදීම


*විදේශ ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන බද්ද රුපියල් 2 කින් ඉහළට


*දේශීය ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන ගාස්තුව 2011 ජූලි මස සිට  රුපියල් 2 සිට රුපියල් 1 .50 දක්වා පහලට


ලබන වසරේ සමස්ත ආදායම රුපියල් බිලියන 963 කි.
සමස්ත වියදම රුපියල් බිලියන 1017 කි. 
මේ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 54 ක් වේ.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...