Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2011 වසර සදහා අන්තර්ජාල පහසුකම් වැඩිදියුණු කොට ඇත. නවතා තිබේ.ඒ අනුව නවතම පැකේජ පහත පරිදිය


ENTREE PACKAGE 
බාගත කිරීමේ වේගය : 1mpbs
නොමිලේ ලබාදෙන සීමාව : 1.5GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35

HOME PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 8GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 1500/=

OFFICE PLUS PACKAGE 
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 20GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 3500/=

XCEL PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 40GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35


*නිවැරදි කිරීමයි
අසීමිත අන්තර්ජාල පහසුකම් තවමත් Premier සහ family පැකේජ මගින් ලබා ගත හැක.

පිටිදුවේ සිරිධම්ම හිමියන් වෙත පැවරී ඇති නඩු හා වෙනත් හේතුන් නිසා ලංකාව පිළිබද කලකිරී ඇමරිකාවට ගොස් ඇතැයි යනුවෙන් මේ දිනවල පැතිරෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සදහා Gossip.Jandhipathi බෙල්ලන්තර සිරිසදහම් ආශ්‍රමයට කතා කලා.

එහිදී අපට පිළිතුරු දුන් හිමි නම ප්‍රකාශ කර සිටියේ ධර්ම ප්‍රචාරක කටයුත්තක් සදහා සිරිධම්ම හිමියන් ඇමරිකාවට වැඩම කල බවත්, ලංකාව පිළිබද කිසිම කලකිරීමක් නොමැති බවත් මේ මස අවසානයේ නැවත ලංකාවට පැමිණීමට නියමිතය බවත්ය.

සිරිධම්ම හිමියන්ට එරෙහිව පැන නැගී ඇති නඩු ක්‍රියාමාර්ග ගැන අප විමසු විට උන් වහන්සේ කියා සිටියේ ඒ පිළිබද තමාට කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවත් සිරිධම්ම හිමියන් නැවත වැඩම කල පසු ඒ පිළිබද දැන ගත හැකි බවයි.

විශ්ව ශක්තිය මගින් පිලිකා රෝගය සුව කරන බව ප‍්‍රකාශ කරමින් විශාල මූල්‍ය වංචාවක් සිදු කළ වැලිගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුවන ඞී.එන්. දළුවත්ත මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුමක් අද දියත් වුණා.

ඒ යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප‍්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් ගෙන වංචා කිරිම චෝදනාව මතයි. වැලිගම පොල්අතුමෝදර ප‍්‍රදේශයේ DND සත් සේවය නමින් කාර්යාලයක්ද පවත්වාගෙන කාලයක් තිස්සේ මෙම වංචාව සිදු කොට තිබෙනවා.

විශ්ව ශක්තිය මගින් ඕනෑම ලෙඩක් සුව කර දෙන බව කියමින් රෝගීන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචා කොට ඇත.තම ප්‍රතිකාර වලින් සුව වූ අයගේ වීඩියෝ දර්ශනයි කියමින් පැමිණෙන රෝගීන් මුලා කොට ඇති අතර පුවත්පත්වලද දැන්වීම් පලකොට ඇත.කෙසේ නමුත් වැටලීම කරන අවස්ථාවේදී දාළ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා ස්ථානයෙන්  පැනගොස් තිබෙන අතර DND සත් සේවයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද ඞී.එන්. දළුවත්ත මහතාට එරෙහිව ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ජලය හොරෙන් ලබා ගැනීම පිළිබද චෝදනාවක් ගොනු කොට තිබු අතර එම චෝදනාව සදහා ඔහුව අත්අඩංගුවට ගැනීමට ආ දිනයේදීද ඔහු පැන ගොස් තිබෙනවා.




පසුගිය 22 වනදා උණවටුන වෙරල තීරයේ දේශීය විදේශීය අයගේ එකමුතුවෙන් පැවැත්වූ සාදයක ජායාරුප එකතුව

මේ දිනවල විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන බොද මීදුම් හි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන උදාරි චාමිකා ඔඩෙල් වෙලද සැලේ සිදු වූ රෙදි සොරකම පිලිබද පසුගිය දිනවල වඩාත් ආන්දෝලනයට ලක් වුනා.එම සිදු විම හේතුවෙන් බොද මීදුම් විකාශනය නතර කිරීමටද සුදානමක් තිබුනා.මේ ඒ පිළිබද කතා බහකි. 

ඇයට නීතියෙන් දඬුවම් ලැබී තිබෙනවා-රොස්මන්ඩ් සේනාරත්න (ස්වාධීන රූපවාහිනි සභාපති)

උදාරි අතින් සිදුවුණා යැයි කියන වරදට ඇයට නීතියෙන් දඬුවම් ලැබී තිබෙනවා. ඇය මේ වනවිට තමාට සිදු වුණා යැයි කියන බලපෑම්වලට නීතිය හමුවට ගොස් තිබෙනවා. 
‘බොඳ මීදුම්’ ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක්. 


මෙම ටෙලිනාට්‍යය මගින් උදාරිට විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. උදාරි පිළිබඳ සිදුවීමට ප්‍රසිද්ධියක් ලැබෙන්න ඇයගේ ජනප්‍රියත්වය හේතු වුණා. මෙම සිදුවීම නිසා උදාරි විශාල වශයෙන් මානසික පීඩාවකට පත් වුණාට සැක නෑ. 

 ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයෙන් තමන්ට ඉවත්වීමට සිදුවූවොත් එය තමාගේ රංගන ජිවිතයට විශාල වශයෙන් බලපාන බවත් දිගටම එම ටෙලිනාට්‍යයේ රඟපෑමට තමාට ඉඩ ලබාදෙන ලෙසත් උදාරි ස්වාධීන

හැමෝම අතින් වැරදි වෙනවනෙ-චන්දික විජේසේන (බොඳ මීදුම් අධ්‍යක්ෂක)

මුලින් ම කියන්න ඕන උදාරි කියන්නෙ රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න හැකියාව තියෙන දක්ෂ නිළියක්. රූපගත කිරීම්වලදී අපි කියන දේට හොඳට ඇහුම් කන් දීල වැඩේට හොඳ සහයෝගයක් ලබාදෙනවා.



උදාරිට ඇති වෙච්ච ප්‍රශ්නයෙදි ඇයට බොහෝ දෙනෙක් පහර ගහන වේලාවෙ ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා විදිහට මම උත්සාහ කළේ ඇයගේ මානසික මට්ටම වැටෙන්නෙ නැතිව තබාගන්න උදව් වෙන්න. 

හැමෝම අතින් වැරදි වෙනවනෙ. වැරදි නොකරන, නොකරපු කෙනෙක් මේ සමාජයේ නැහැනෙ. කවුරු හරි අතින් වරදක් වුණාම ඒ පස්සෙ පන්න පන්න ගහන එක නෙමෙයි වැඩේ. 

ඒ වැරැද්ද හරි ගස්සගෙන ඉදිරියට යන්න අතදීමයි වැදගත්. උදාරිගෙ ප්‍රශ්නයෙදිත් එයා කොන් කරල එයා ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න අපට ඕන වුණේ නෑ. එයාගෙ මානසික තත්ත්වය හදාගෙන මේ නාට්‍යය තුළ ඉදිරියට ගෙන යන්න තමයි අපිට ඕන වුණේ. ‘බොඳ මීදුම්’ රූපගත කිරීම් වලදිත් උදාරිට කිසිම ප්‍රශ්නයක් වෙන්න මම ඉඩ තිබ්බේ නෑ. අපේ කණ්ඩායමේ කවුරුවත් උදාරි ගෙන් ඒ ප්‍රශ්නය ගැන ඇහුවේවත් නෑ. 

මට වැටෙන්න දුන් නෑ-උදාරී චාමිකා

මට ඇති වෙච්ච ප්‍රශ්නයෙදි ඇතැම් දෙනා මාව වට්ටවන්න උත්සාහ කළත් ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ, නළු නිළියන්ගේ සිට කෑම සපයන කෙනා දක්වා සියලු ම දෙනා මාත් එක්ක හිටියා. 

මට මානසිකව වැටෙන්න ඉඩ දුන්නේ නෑ.
ඒ වගේ ම ‘බොඳ මීදුම්’ නිෂ්පාදනය කළ නිල්වලා ආයතනයේ සියලුම දෙනාත් මාව අස්වැසුවා. ඒ සියලු ම දෙනා මාව ධෛර්යවත් කරමින් කතා කළා. ඒ වගේ ම මගේ අම්ම, තාත්ත, අයිය මගෙ සැමියා මාව අතහැරියෙ නෑ. 

ඒ අය සැම විටම මාව ධෛර්යවත් කරමින් මගෙ මානසික මට්ටම තිබුණටත් වඩා උසස් තැනකට ඔසවල තැබුවා.
ඒ නිසා ඒ සියලු ම දෙනාට මම ණය ගැතියි. ක්ෂේත්‍රයේ සිටින මගෙ සමකාලීන නළු නිළියන් සියලුම දෙනාත් මාත් එක්ක හිටිය. බොහෝ දෙනෙක් මගෙන් මේ ගැන ඇහුවෙවත් නෑ. 

කවුරුත් මට ගැරහුවෙ නෑ. හැබැයි නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න කීප දෙනෙක් විවිධ දේවල් කියල තිබුණා. ඒ ගැන මට කනගාටුයි. නියම මිතුරන් මෙහිදී මම හඳුනා ගත්තා.    

ලංකා භුමි  ලග්නයට අනුව 2011 ජනවාරි 27 ශනි ග්‍රහයාගේ වක්‍ර ගමනක් අනුව විවිධ අකාරයේ ශුබ දායක නොවන කාලප්රිච්චේදයක් නිසා සාමය සමගිය සුරකින පිළිවෙතක් අනුගමනය කිරීම ඉතා යහපත් වන අතර ශනි ග්‍රහය බලහත්කාරකම් නොඉවසන ඒ සදහා බලවත් විරෝධය දක්වන ග්‍රහයෙකි.

ශනි ග්‍රහයාගේ වක්‍ර ගමන රාශි අන්තය ආසන්නයේ වීම අධාර්මික පිරිස් වෙත බලවත් විපාක දීමට සාධක වෙයි.

2011 අගභාගයේ ශනි ග්‍රහය බලවත් වීම පොදු ජනතාවට ආදරය කරන නායකත්වයක් කෙරෙහි ජනතා ආකර්ෂණය ඇතිවන්නේය.පොදුවේ මුළු විශ්වයේම ග්‍රහ බලයද සද්භාවයෙන් කටයුතු කරන අවංක ගුණ යහපත් නිරහංකාර මිනිසුන්ට ආශිර්වාදයක් වෙයි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...