නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතරතුර රංගනයට අවතීර්ණය වූ ඇයගේ කලා ජීවිතේ දශකයකට ආසන්න කාලයක් අද වනවිට ගෙවී අවසන්. රංගනයට පමණක් සීමා නොවී තමන් සතු හැකියාවන් විවිධ අවස්‌ථාවල ඉදිරිපත් කළ ඇය පබා ටෙලිනාට්‍යයේ හිමාලි ලෙසින් කළ රංගනය පියුමි ශානිකා බොතේජු ලෙසින් හඳුනනවාට වඩා වැඩි ප්‍රේක්‍ෂක මතකයක් සනිටුහන් කළ චරිතයක්. මේ කතා බහ හිමාලි ගැනනම් නොවේ. පියුමි ශානිකා බොතේජු නම් වූ ඇය ගැනයි.
අලුත් අවුරුද්දේ අලුතින් පටන්ගත්ත වැඩ මොනවද? පරණ අවුරුද්දේ කරපු වැඩ වලටම තමයි මේ දිනවලත් සම්බන්ධ වෙලා ඉන්නේ. එයින් පබළු ඇරුණහම සාගරය සේ මං ආදරෙයි ටෙලිනාට්‍යය හෙට සිට සෑම සඳුදාවකම ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. ඒ චරිතයත් ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් වේවි. මේ හැම දේම නිසා අලුත් අවුරුද්ද ගොඩක් කාර්ය බහුලයි.
නිළියකගෙන් පරිභාහිරව ජීවිතය ගෙවී යන්නේ කොහොමද?
තව සති කිහිපයකින් මගේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ වෙනවා. දාඩිය මහන්සියෙන් හම්බකරලා හදාගත්ත මගෙ ගෙදර පදිංචියට යනවා. ඒක මගේ ජීවිතේ ලබපු අභිමානවත් ජයග්‍රහණයක්.