Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

පසුගිය මාසයේ රජයේ පුවත් වෙබ් අඩවියක් මගින් වාර්තා කලේ සජිත් ප්‍රේමදාස මහතා නැසීගිය ගායක ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ගීතයක් වන "මලට බඹරෙකු සේ" ගීතය බටහිර පොප් රිද්මයකට ගායනා කිරීම නිසා  ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ ශීලා විජේවර්ධන මහත්මිය විසින් බුද්ධිම දේපළ පාදක කර ගනිමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බවයි. 

නමුත් පසුගිය සතියේ විරපොකුනේ පැවැත්වූ රැස්වීමකදී සන්ෆලවර් සමග මලට බඹරෙකු ගීතය ගායන කල සජිත් ප්‍රේමදාස පවසා සිටියේ 
"මේ ගිය ගයන  ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේපවුලේ අය මම ගී ගයනවට විරුද්ධයි කියලා ආණ්ඩුව කියනවා.මට ඒ පවුලේ අය කතා කරලා කීවා , කමක් නෑ ඔබතුමා ගීතය ගයන්න කියලා".
යනුවෙනි.

ශලිනි කොහෙද ඔබේ ගම් පළාත?

මගෙ උපන්ගම බලංගොඩ මම මූලික අධ්‍යාපනය ලැබුවෙ බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විදුහලෙන්. පසුව මීගමුව ප්‍රදේශයේ පදිංචියට ආව නිසා මීගමුව නිවුස්ටඩ් විදුහලට ඇතුළත් වුණා.

පසුගිය අවුරුද්දෙ ඔබ උසස් පෙළ විභාගය කළා නේ ද?

මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ වාණිජ අංශයෙන්. හැබැයි පෞද්ගලික අංශයේ විභාග අපේක්ෂිකාවක් ලෙස. මම පෙනී සිටි විෂයන් සමත්. ඒත් විශ්ව විද්‍යාලයට යන්න ලකුණු මදි. පසුගිය කාලෙ මම සම්පූර්ණයෙන් ම හිත යොදවල තිබුණෙ අධ්‍යාපන කටයුතුවලට.

ඔබ උසස් පෙළට වාණිජ විෂයන් කළේ විශේෂ බලාපොරොත්තුවකින් ද?

මට තේරෙන වයසෙ ඉඳල මට තිබෙන ආශාවන් තමයි, මගෙ ම කියල ව්‍යාපාරයක් පටන් ගැනීම. ඒ අදහසිනුයි මම උසස් පෙළට වාණිජ විෂයන් කළේ. ඒ වගේ ම මට කිසිම අදහසක් තිබුණෙ නෑ කලාවට සම්බන්ධ වෙන්න. ඒ නිසයි මම කලාවට සම්බන්ධ විෂයන් ඉගෙන නොගත්තේ.

පසුගිය දවස්වල රියදුරු බලපත්‍රය ගන්න වෙහෙසුණා නේද?

ඔව්. යන්තම් ඩ්‍රයිවින් ටෙස්ට් එක පාස්.

පාසල් යන කාලෙ තිබුණු වෙනත් බලාපොරොත්තු මොනවද?

ඒ කාලෙ තිබුණ ලොකුම බලාපොරොත්තුවක් තමයි, ගුවන් සේවිකාවක් වීම. කොහොම වුණත් මගෙ ව්‍යාපාරික හීනය මම හැබෑ කර ගන්නවා.

ඔබේ හිත ගිහිං තියෙන්නෙ මොනවගේ ව්‍යාපාරයකට ද?

චයිත්‍රා, ඔබ ගැන වැඩි යමක් දැන ගන්නට ‘රසඳුන’ පාඨකයන් කැමැති වේවි.

මම ඉන්දියාවේ බැංගලෝරයේ කන්නඩ ජාතික පවුලක තරුණියක්. අම්මයි තාත්තයි සහෝදරියකුයි මමයි තමයි ඉන්නේ. මේ මගේ පළමුවැනි චිත්‍රපටය.

චන්නගේ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?

චන්න සර්, ඔහුගේ අලුත් චිත්‍රපටයට නිළියන් තෝරා ගැනීමට ඉන්දියාවට ආවා. එහිදී පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සඳහා මමත් සහභාගි වුණා. අවසානයේ දී ඔහු මාව තෝරා ගත්තා.

සිනමාවේ කුලුඳුල් රංගනය විදේශීය චිත්‍රපටයකින් ඇරඹීමට සිතුවේ ඇයි?

පුංචි කාලේ ඉඳලම මට ඕනෑ වුණේ නිළියක වීමටයි. ඉතින් ඒ අවස්ථාව මට මුලින් ම ලැබුණේ මේ චිත්‍රපටයෙන්.

මේක මගේ රටේ නිර්මාණයක් නොවුණත් එය මට ප්‍රශ්නයක් වුණේ නැහැ.

මම හිතන්නේ මේ චිත්‍රපටය හරහා සිනමාවට පා තැබීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක් ලෙසයි.

භාෂාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ඔව්. සිංහල භාෂාව ගැන කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ.

නමුත් මේ චිත්‍රපටයට මා තෝරා ගැනීමෙන් පසු චන්න සර් ඇතුළු පිරිසගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා.

මම වැනි විදේශීය ආධුනික නිළියකට එය විශාල ශක්තියක්.

විදේශීය චිත්‍රපටයක රඟපෑම ගැන ඔබේ පවුලේ අයගෙන් විරෝධයක් එල්ල වුණේ නැද්ද?

අනේ නැහැ. ඔවුන් හරිම බුද්ධිමත්. මගේ උත්සාහයට පවුලේ උදවියගෙන් ලැබෙන සහයෝගය නම් කියලා නිම කරන්න බැහැ. මගේ රංගන හැකියාව ගැන ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා.

මේ චිත්‍රපටය සාර්ථක වේවි යැයි ඔබ සිතනවාද?

ඔව්. මට විශ්වාසයි.


  
*
      අද මැච් එකට ලසිත් ක්‍රිඩා කරනවා-සංගා

    *
      මුරලිගේ- ලසිත්ගේ පන්දු යැවීම පාකිස්තානුවන්ගේ දැඩි අවධානයට

    *
      හැම දේටම කොළඹ සුදානම්
    *
      ටිකට් ඹ්ක්කම ඉවරයි

    මුරලිගේ- ලසිත්ගේ පන්දු යැවීම පාකිස්තානුවන්ගේ දැඩි අවධානයට
    ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී හෙට ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙන පාකිස්තාන පිතිකරුවන් මුත්තයියා මුරලිදරන් හා ලසිත් මාලිංගගේ පන්දු යැවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ තණතීරුවල භයානක ලෙස පන්දු දඟ කවන්නෙක් බවත් මාලිංග ‘යෝකර්’ පන්දු යවන අභියෝගාත්මක ක්‍රීඩකයෙකු බවත් පාකිස්තාන ක්‍රිකට් නායක සහිඩ් අෆ්රිඩිගේ අදහස වී තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර ක්‍රීඩාපිටියෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මුරලිදරන් දැනට එක්දින කඩුලු 521ක් ලබා ඇති අතර, ටෙස්ට් බිමෙන් සමුගනිද්දී ටෙස්ට් කඩුලු 800ක් ලබා ගත්තේය.
    ලසිත් මාලිංග කැනඩාව සමඟ පළමු තරගයට සහභාගී නොවුනද පාකිස්තානය සමඟ තරගයට අලුත් ජවයකින් එක්වනු ඇතැයි අෆ්රිඩිගේ අදහස වී තිබේ. “ආබාධ තත්ත්වයක් හේතුවෙන් මාලිංග කැනඩා තරගයට නොපැමිණි නිසා අපට තර්ජනාත්මකව පන්දු යවන්න පුළුවන්. ඔහුගේ පන්දු යැවීම කෙසේ වේවිද කියා අපි විමසිල්ලෙන් සිටිනවා” අෆ්රිඩි සඳහන් කළේය.
    මාලිංග – මුරලි හෝ ඕනෑම පන්දු යවන්නෙකුට සාර්ථකව මුහුණදීමට අප බලාපොරොත්තු වෙනවා” අෆ්රිඩි පැවැසීය. මේ අතර ඊයේ ඛෙත්තාරාම ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවැසුවේ මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය අතිශයෙන් වැදගත් බවය. ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මුරලිට උසස්ම උපහාරයක් වනු ඇතැයි කපුගෙදර පැවැසීය. “මුරලි විශේෂ පුද්ගලයෙක් ඔහු විශිෂ්ටයෙක්.” කපුගෙදර සඳහන් කළේය.

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියකදී පාකිස්‌තානය පරාජය කිරීමේ අරමුණ සහිතව කුමර සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (26දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සහීඩ් අෆ්රිඩී ප්‍රමුඛ කණ්‌ඩායම මුණගැසෙනු ඇත. ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය වසර 19කට පසු ලෝක කුසලානකදී හමුවන ප්‍රථම අවස්‌ථාවද මෙය වීම විශේෂත්වයකි.
දිවා රාත්‍රී තරගයක්‌ ලෙසින් සහ නවීකරණය කිරීමෙන් අනතරුව ආර.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ප්‍රථම නිල එක්‌දින ජාත්‍යන්තර තරගය ලෙසින් අද පස්‌වරු 2.30ට තරගය ඇරඹීමට නියමිතය.
අදට යෙදී ඇති තරගය සම්බන්ධයෙන් ප්‍රකාශක්‌ කර තිබුණු පකිස්‌තාන පිලේ නායක සහීඩ් අෆ්රීඩී, ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාව පරාජය කිරීම පහසු නොවන නමුත් තරගාවලියේ ඉදිරියට යැම පිණිස සෑම අතින්ම වැදගත් තරගයක්‌ ලෙස සලකා ශ්‍රී ලංකාව සමග තරගය ජයගැනීමට තම කණ්‌ඩායම සියලු ශක්‌තිය යොදන්නේ යෑයි පවසා තිබුණි. ආරංචිමාර්ග වලට අනුව අද තරයේදී, පසුගියදා කෙන්යාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්‌ඩායම වෙනසකින් තොරව නම් කිරීමට පකිස්‌තානය සුදානමින් සිටින නමුත් කැනඩාව සමග ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වෙනස්‌කම් කිහිපයක්‌ අද බලාපොරොත්තු විය හැකිය.
ඒ අනුව චාමර කපුගෙදර වෙනුවට චාමර සිල්වාද, අජන්ත මෙන්ඩිස්‌ වෙනුවට රංගන හේරත්ද තිසර පෙරේරා වෙනුවට ලසිත් මාලිංගද කැඳවීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය මේ දක්‌වා එක්‌දින ජත්‍යන්තර තරග 120ක්‌ ක්‍රීඩා කර ඇති අතර ඉන් 70ක ජය පකිස්‌තානය විසින්ද 46ක ජය ශ්‍රී ලංකාව විසින්ද අත්කරගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේදී දෙරට අතර පවත්වා ඇති තරග 27න් 13ක ජය ශ්‍රී ලංකාවටද 12ක ජය පකිස්‌තානයටද තරග 2ක්‌ ජය පැරදුමෙන් තොරවද අවසන්ව ඇත.
අද තරගය පැවැත්වෙන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව තරගයක්‌ ජයගැනීමේ සම්භාවිතාව (52%) ප්‍රතිවාදී රටෙහි ජයග්‍රහණය ලැබීමේ සම්භාවිතාව (26%)ට වඩා දෙගුණයක්‌ පමණ වෙතත් ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර මෙතෙක්‌ පවත්වා ඇති තරග 11 ප්‍රතිඵල අනුව දෙරටම කරට කර සිටියි. මෙහිදී දෙපිලම තරග 5 බැගින් ජයගෙන ඇත. (එක්‌ තරගයක්‌ තීරණයකින් තොරව අවසන්ව ඇත)
අද ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්‌ඩායම
උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, චාමර සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන්
පාකිස්‌තානු කණ්‌ඩායම – සහීඩ් අෆ්රිඩි(නායක), අබ්දූල් රසාක්‌, අබ්දූල් රෙහෙමාන්, අහමද් සහසාඩ්, කම්රන් අක්‌මාල්, මිස්‌බා උල්හක්‌, මොහොමඩ් හෆීස්‌, ෂහිඩ් අඡ්මාල්, ෂොයෙබ් අක්‌තාර්, සොහෙල් තන්වීර්, උමර් අක්‌මාල්, උමාර් ගුල්, වහබ් රියාස්‌, යුනිස්‌ ඛාන්, වකාර් යුනිස්‌(පුහුණුකරු)

 ජැක්සන් ඇන්තනි "ප්‍රධිපා" නවීකරණය නිරීක්ෂණය කරමින්

හම්බන්තොට වරාය විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වූ කරදියවර මංගල්‍යය නම්වූ උත්සවය සදහා රුපියල් තුන්කෝටි හත් ලක්ෂයකට ආසන්න මුදලක් වැයවූ බව වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා අද(24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට සිටියා.


එජාප පාර්ලිමේන්තුමන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමත්‍යවරයා මේ බව හෙලිකරා.


කරදියවර මංගල්‍යයේ ප්‍රාසංගික කටයතු සිදුකොට ඇත්තේ ක්‍රියේටිව් හෙලන් නමැති සමාගම විසිනි.මෙම ක්‍රියේටිව් හෙලන් සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂක ධුරය දරන්නේ ජැක්සන් ඇන්තනි වන අතර එම උත්සවය සදහා සමාගමට ගෙවන ලද මුළු මුදල රුපියල් එක්කෝටි අසූ එක් ලක්ෂ හැට හත්දහස් පනහක් වේ.


මෙම උත්සවයදී විශාල වියදමක් දරන්න සිදු වුයේ ප්‍රධිපා II නමැති බෝට්ටුව වරාය අධිකාරය විසින් මිලියන 10 කට අධික මුදලක් වැයකොට මොනරෙකුගේ ආකාරයට සැරසීම නිසාවෙනි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...