Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

චැනල් 4 නාලිකාව විසින් මදක් විකාශය කොට නතර කරන ලද විඩියෝවෙහි සම්පුර්ණ වීඩියෝ පටය "ටැමිල්ස් ෆෝ ඔබාමා" යන සංවිධානය විසින් අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.

ඒ සමගම ඊයේ චැනල් 4 පුවත් විකාශය අතරතුරදී නැවතත් ඔවුන් ලංකාව වෙත අවධානය යොමු කලේ විකි ලික්ස් වෙබ් අඩවිය විසින් ලංකාව පිළිබද හෙළිදරව් කල කරුණු පිලිබවදවයි.

එහිදී විකි ලික්ස් වෙබ් අඩවිය හෙළිදරව් කල පරිදි ඇමරිකානු තානාපතිවරිය විසින් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරා වන ගෝඨාබය රාජපක්ෂ සහ හිටපු යුධ හමුදාති සරත් ෆොන්සේකා යුධ අපරාධ වල සම්බන්ධයි පිළිගෙන තිබෙනවා.
චැනල් 4 නාලිකාව පවසන්නේ විකි ලික්ස් වෙබ් අඩවිය හෙළිදරව් කල මෙම කරුණ ලංකාවට එරෙහිව යුධ අපරාධ සනාථ කිරිමට ඇති ප්‍රබල සාධකයක් වනු ඇති බවයි.

චැනල් 4 ආයතනය විසින් මෙයට පෙර නිකුත් කල වීඩියෝව ශ්‍රීලංකාව විසින් ව්‍යාජ එකක් බව කරුණු දක්වා තිබියදී එම වීඩියෝවේම දිර්ඝ දර්ශනයක් නිකුත් කිරිම හෙළාදකින බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා පවසයි. 


චැනල් 4 නාලිකාව මෙරට වඩාත් ආන්දෝලනයට ලක්වුයේ ඔවුන් ලංකාව යුධ අපරාධ සිදු කරන ලද්යි කියමින් නිකුත් කල වීඩියෝවක් නිසා.එහෙත් ලංකාව විසින් එයට විදිමත් පරීක්ෂණයක් පවත්වා එම වීඩියෝව ව්‍යාජ එකක් බව ප්‍රකාශයට පත් කලා.නමුත් ඊයේ (30) රාත්‍රියේදී ඔවුන් නැවතත් සිය ප්‍රවෘති විකාශය මැදදී ශ්‍රීලංකාව යුධ අපරාධ වලට සම්බන්ධ යයි නැවතත් චෝදනා නැගීමයි.

ඒ යුද අපරාද වලට සම්බන්ධ නවතම වීඩියෝ පටයක් ඔවුන් සතුව ඇති පවසමින්.ශ්‍රීලංකාව යුධ අපරාධ කරන ලදැයි නිකුත් කල නව වීඩියෝ පටය මදක් පෙන්වා එය තවත් දුරට විකාශය කිරිමට නොහැකි තත්වයේ පවතින බව කියමින් එය විකාශය කිරිම නවත්වනු ලබනවා.ඒ එහි ඉතුරු කොටස තුල වෙඩි තබා ඝාතනය කරන දර්ශන හා කාන්තවාන් දුෂණය කර මරා දමන අයුරු ඇතුලත්වන බව කියමින්.

මෙම නව වීඩියෝව තුල ලංකාවේ සොල්දාදුවන් පහසුවෙන් හදුනාගත හැකි බවත් මෙවන් තවත් වීඩියෝ හා ජායාරූප සියගණනක් තමන් සතුවන බව ඔවුන් පවසන අතර මෙම නව වීඩියෝව එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත යොමු කර ඔවුන් ලවා මෙය තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් කියාසිටී. 
සම්පුර්ණ වීඩියෝ : අවවාදයි! කුඩා ළමුන්ට හා සංවේදී පුද්ගලයන්ට නුසුදුසු දර්ශන ඇත






Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...