Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ශ්‍රීලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ජනවාරි මාසය තෙක් කල් දැමීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට සිදු වුනා. දිවයින පුරා ඇදහැලෙන වර්ෂාව නිසා මෙම තරගය නැවැත්වූ බව ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඩී.එස්.ද සිල්වා මහතා කියාසිටියත් එයට අමතරව තවත් හේතුන් මේ සදහා බලපානු ලැබුවා.
 

පල්ලෙකැලේ පැවති ක්‍රිකට් තරගය වර්ෂාව නිසා සේදී යාමෙන් අනතුරුව කණ්ඩායම් දෙක සුරිය වැව බලා පිටත් වුවද එවන විටත් එම ප්‍රදේශයටත් ධාරානිපාත වර්ෂා ඇද හැලෙන්මින් පැවතුනා.

පාඩුව ඩොලර් මිලියන 2.5
ටෙන්ස් ස්පොර්ට්ස් ආයතනය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල සිය මවුබිමේදී තරග වදින තරග විකාශය කිරීමේ අයිතිය හිමිකරගෙන සිටින අතර පල්ලෙකැලේ ක්‍රිකට් තරගය වර්ෂාවෙන් සේදීයාම නිසා ඩොලර් මිලියන 2.5 ක පාඩුවක් දැරීමට සිදු විය. 


ක්‍රීඩාගාරයේ වැසිකිලි නෑ
වර්ෂාව වෙනුවෙන් තරගය නැවත්වීමට සිදුවීම සත්‍යක්‌ වුවද වර්ෂාවට වඩා කොදෙව් පිලගේ විරෝධය මතුවුයේ ඔවුන්ට ලබා දී තිබුන අඩු පහසුකම් නිසාවෙනි.ක්‍රීඩාගාරයේ වැසිකිලි නිසියාකාරව නිම කොට නොතිබුන අතර සමහර වැසිකිලි වල ජල සැපයුමද නොවිය.ක්‍රීඩාගාරය අසලකවත් "ජිම්" එකක් නොවූ නිසා ක්‍රීඩකයන්ට සිදු වුයේ කකා බිබී දවස ගත කරන්නටයි.

දෙලොවක් අතර මැදි වී
ජාත්‍යන්තර තරග පිටියක ICC ය ලබාදීමට නියමිත කර තිබෙන මුලික පහසුකම් සම්පුර්ණ කර තිබිය යුතු අතර ඒ කිසිවක් ක්‍රිකට් බලධාරීන් විසින් සම්පුර්ණ කොට තිබුනේ නැත.කොදෙව්වන්ගෙන් දැඩි විරෝධයක් පලවූ නිසා කොදෙව් බලධාරීන් සමග සාකච්චා කිරිමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පියවර ගත් අතර එහිදී ටෙන්ස් ස්පොර්ට්ස් ආයතනය කියා සිටියේ තරගාවලිය කල්දමිමෙන් හෝ නොපවත්විමෙන් තමන්ට සිදුවන පාඩුව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට දරන්නට සිදුවනු ඇතැයි යනුවෙන්.

කොදෙව්වන් බලෙන්ම යන්න හදලා
මේ නිසා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට සිදු වුයේ කොදෙව් පිලේ විරෝධතාවයට හා ටෙන්ස් ස්පොර්ට්ස් පාඩුවට මැදි විමටයි.ඒ අනුව අවසන් තීරණය ගැනීම තවදුරටත් ප්‍රමාද කළේය.නමුත් එවන විටත් කොදෙව් පිල තම බස් රථයේ නැග කොළඹ හෝටලයකද වෙන් කරගෙන පිටත් වීමට සුදානමෙන් සිටියේය.නමුත් ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යාමට නොදුන්නේ ආරක්ෂාව සදහා පිරිස් යෙදවිය නොහැකි බව කියමින්.

බස්රථයේ රියැදුර අතුරුදන්
එයට දැඩි විරෝධතාවයක් දැක්වූ කොදෙව් කණ්ඩායම කොළඹ බල පිඅටත් විමට උතසහ කලද ඒ වන විට බස්රථයේ රියැදුර අතුරුදන් වී සිටියේය.මෙම ක්‍රීඩාංගන ඉදිකිරිම නිරීක්ෂණය සදහා හෙලිකොප්ටර් පවා පාවිච්චි කරමින් ගමන් යන ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ක්‍රීඩාංගනයේ මුලික පහසුකම්වත් සැපයීම කෙරෙහි උනන්දු නොවීම පුදුමයට කරුණකි.සියල්ල හොදින් සිදුවන බව ජනාධිපතිතුමාට පෙන්වුවද තරගාවලිය පැවැත්වීමට අදාල පහසුකම් සැපයීමට තවම නොහැකිවීම බැරෑරුම් තත්වයකි.

මුරලි වෙනුවට මහින්ද?
පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් නමින් නම් කිරීමට කලින් එකගව සිටියත් දැන් එම තීරණයද වෙනස් වී ඇතැයි ආරංචි වේ.ඒ අනුව ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය නමින් නම් කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි.



පාඩුව අපිට!
කොදෙව් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරගාවලිය අවලංගු කිරිමට සිදුවීමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ටෙනස් ස්පෝර්ට්ස් රූපවාහිනී නාලිකාවට රුපියල් මිලියන 50ක් ගෙවීමට සිදුව ඇතැයිද  වාර්තා වේ.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...