Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

1095261854fonseka1මං ඉදිරිපිට ෆෙඩ්රිකා ඇ~ුවා
ෆෙඩ්රිකා මාධ්‍ය ආයතනයක තේ අල්ලන්නවත් සුදුසු නෑ
ආරක්ෂක ලේකම් කරපු දූෂණ
ජොන්ස්ටන් හා ලක්ෂ්මන් කරපු බොරුව

සරත් ෆොන්සේකාගේ සුදු කොඩි ප්‍රකාශය
දෙවන දිනය

සුදු කොඩි නඩුවේ දෙවන දිනය වූ ඊයේ සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පත්තරය සමග ඇත්තටම වුනේ කුමක්දැයි හෙළි කළේය.

ඔහු පවසන්නේ ෆෙඩ්රිකා ජෑන්ස් තමාගේ සම්මුඛ සාකච්ඡාවක් ගත්තා යයි කීවත් සිදුවූයේ කිසිම සටහනක් නැතිව කරන ලද කතාබහක් පමණක් බවත් ඇය තමන්ට හිතුණ දේ පත්තරේ දමා අනවශ්‍ය කලබලයක් ඇති කළ බවත්ය.
ඔහු ඊයේ කළ කතාව පහත පරිදිය.


මාව විශ්වාස නොකිරීම ඇරඹුනේ මෙහෙමයි
එක් දිනක් ආරක්ෂක ලේකම් කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ වගකීම සම්බන්ධව ත්‍රිවිධ හමුදාපතිවරුන් හා ආරක්ෂක ලේකම්වරයා සමග පැවැත්වූ සාකච්ඡාවකදී ලෝකයේ සියලුම රටවල්වල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ට ක්‍රියාන්විත මෙහෙයුම් පාලනය කිරීමේ වගකීම පැවරී ඇති බව මා විසින් පැවසූ විට ලෝකයේ අනෙක් රටවල එහෙම වුණාට මෙහෙ එහෙම කරන්න බැහැ. එය භයානක වැඩක් යෑයි ආරක්ෂක ලේකම් ප්‍රකාශ කළා. මෙම ප්‍රකාශය නිසා වත්මන් ජනාධිපති සහ ඔහුගේ සහෝදරයා වන ආරක්ෂක ලේකම්වරයා සමග විශ්වාසයෙන් රාජකාරි කළ නොහැකි බව මට වැටහුණා. සම්පූර්ණ යුද හමුදාවක් තනිවම පාලනය කරමින් අවුරුදු තුනකුත් මාස හතක් ඉතා පක්ෂපාතීව හා විනය ගරුකව හමුදාව මෙහෙයවා රට ආරක්ෂා කර දුන් මාව විශ්වාස නොකිරීම කොතරම් නිවට වැඩක් දැයි මට කනගාටුවක් ඇතිවුණා.

තවද මාධ්‍යවේදීන් වෙත දුරකථන මගින් මා අමතා මාගේ කිසිම වැඩසටහනක් රූපවාහිනිය හෝ පුවත්පත් මගින් පළ නොකරන ලෙස ලක්ෂ්මන් හුළුගල්ල නමැති ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් ඔවුන්ට පවසා ඇති බවත් එහි සත්‍යතාවය කුමක්ද යන්න මගෙන් විමසුවා. ලක්ෂ්මන් හුළුගල්ල එසේ කරන්නේ ජනාධිපතිතුමාගේ හෝ ආරක්ෂක ලේකම්ගේ උපදෙස් මත බව මා දැන සිටියා. එම යටිකූට්ටු වැඩ ගැන මට ඇති වූයේ පිළිකුලක්. එම අර්බුදකාරී තත්ත්වය තුළ රටේ නොයෙකුත් දේශපාලන පක්ෂ හා මාධ්‍ය සිවිල් සංවිධාන, නොයෙක් ආයතන 2010 ජනාධිපතිවරණයට විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයන් විය හැකි අයගේ නාම ලේඛනවලට මාගේ නම ද ඇතුළත් කර නොයෙකුත් ප්‍රකාශ කිරීමට පටන් ගත්තා. නමුත් මේ වන විට දේශපාලනයට ඇතුළුවීමට මාගේ කිසිම කැමැත්තක් හෝ අනුමැතියක් කිසිම කෙනෙකුට ලබා දී තිබුණේ නැහැ. මේ වන විට 2010 අග වන විට උතුරේ අවතැන් වූ ලක්ෂ 3 ක ජනතාවක් නැවත පදිංචි කිරීමටත් කැලෑව පුරා විසිරී ඇති සහ බෝක්කු යට හා පාලම් යට ජීවත් වූ යුද හමුදාව නිසි පරිදි කඳවුරුගත කිරීමටත් ක්‍රමානුකූල සැලැස්මක් මා විසින් ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කළා. එම සැලැස්ම ක්‍රියාවට නැංවීමට ජනාධිපතිගේ හෝ ආරක්ෂක ලේකම්ගේ උනන්දුවක් හෝ කැපවීමක් නොමැති බව මා හට වැටහී ගියා. අද වනතුරු යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ සියලුම සෙබළුන්ගේ සුබසාධනය සඳහා සෑහීමට පත්වන ආකාරයේ සැලැස්මක්වත් ක්‍රියාත්මක වී නැහැ.

ආරක්ෂක ලේකම් කරපු දූෂණ
මම හමුදාපති කාලයේ ආරක්ෂක ඇමැති හා ආරක්ෂක ලේකම් මගේ පාලනයෙන් තොරව නොයෙක් දූෂිත ගනුදෙනු සිදු කළා. උදාහරණයක් ලෙස එකක් මිලියන 45 කට පමණ මිලදී ගත හැකිව තිබූ බී. එම්. ඩබ්ලිව්. වෙඩි නොවදින මෝටර් රථ හතරක් මිලදී ගත්තේ මිලියන 88 බැගින්. දැනට බී. එම්. ඩබ්ලිව්. රථවලට වඩා ඉතාමත් උසස් තත්ත්වයේ වෙඩි නොවදින ඛෙන්ස් රථ එකක් මිලියන 55 ක් බැගින් සාර්ක් සමුළුවට ගෙන ආවා. ඊට අමතරව යුද්ධය සඳහා ගනු ලැබූ සියලුම අවි ආයුධ ගනු ලැබුවේ පෞද්ගලිකවම ආරක්ෂක ලේකම්වරයා වන අතර එම අවි ආයුධවල මුදල් ගනුදෙනු තීරණය කිරීම මිල ගණන් තීරණය කිරීම ආරක්ෂක ලේකම් තනිවම සිදුකළා.
හමුදාපති සිදු කළේ හමුදාවට අවශ්‍ය භාණ්ඩ ආරක්ෂක අමාත්‍යාංශයට දැන්වීම පමණයි. උදාහරණයක් ලෙස 4 වැනි ඊළාම් යුද්ධය ආරම්භ අවධියේ එකක් ඩොලර් 250 බැගින් මිලදී ගත් මිලි මීටර් 130 කාලතුවක්කු උණ්ඩයක් යුද්ධය අවසාන කාලය වන විට එනම් අවුරුදු තුනකට අඩු කාලයක් තුළ මිලදී ගැනීම සඳහා ආරක්ෂක ලේකම් ගිවිසුම්වලට අත්සන් කළේ එකක් ඩොලර් 650 කට ආසන්න මුදලකට. මේ ආකාරයෙන් සියලුම ගනුදෙනු දූෂිත ආකාරයට සිදුවුණා. ඒ සම්බන්ධයෙන් හමුදාපතිවරුන්ට කිසිදු හ~ක් නැගීමට නොහැකි වුණා. එසේම රජය විසින් ලක්ෂ ගණනින් ලබා ගත් සමහර කාලතුවක්කු උණ්ඩ සඳහා මුදල් ගෙවීම තවමත් අවසන් කර නැහැ.

මං දේශපාලනේට එන එක නවත්තන්න හැදුව
එසේ නමුත් මා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි කරමින් සිටින විට රටේ පැතිර ගිය කතා නිසා ආරක්ෂක කවුන්සල රැස්වීම්වලදී හා වෙනත් උපහාර උත්සවලදී ද ජනාධිපති රාජ්‍යතාන්ත්‍රික ගෞරවය කෙළසමින් මා හට ඇනුම් පද කීවා. නමුත් මේ වන විටත් මම නිල ඇඳුමේ සිටිය නිසා මම දේශපාලනය කරනවා යැයි කිසිම ස්ථානයක ප්‍රකාශ කර තිබුණේ නැහැ.
ජනාධිපතිගේ පණිවිඩකරුවන් වූ ලංකා බැංකුවේ අධිපති ගාමිණී වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක මා මුණගැසීමට පැමිණි අතර එල්ලාවල මේධානන්ද හිමි, උඩුවේ ධම්මාලෝක හිමියන් මගේ කාර්යාලයට වැඩම කළා.
මට දේශපාලනයට නො යන ලෙස ඉහත සියලු දෙනා ඉල්ලා සිටියා. නමුත් මා හමුවීමට පැමිණියේ ජනාධිපතිගේ උපදෙස් මත බව මා දැන සිටියා. මේ අතර ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මාගේ නිවසටම පැමිණ පැය දෙකක් පමණ රැඳී සිටිමින් මා සහ ජනාධිපති හා ගෝඨාභය අතර ඇති අර්බුදය විමසුවා. මා ඔවුන් දෙදෙනා විසින් කළ සියලුම එදිරිවාදිකම් ගැන ඔහුට ප්‍රකාශ කළා. ඉන් පසුව දේශපාලනය කිරීමට කැමැති දැයි ඔහු ඇසූ විට අන් අයටත් කළ ප්‍රකාශය, එනම් මම හමුදාවේ සිටින තාක් කල් දේශපාලනය නොකරන බව ඔහුටත් ප්‍රකාශ කළා.

ජොන්ස්ටන් හා ලක්ෂ්මන් කිව්වෙ බොරු
නමුත් යුද අධිකරණයේදී මට ද~ුවම් කළේ දේශපාලනය කරන්නේ නැති බවට මා විසින් ලබාදුන් පිළිතුර වෙනුවට ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් විකෘති කර කළ අසත්‍ය ප්‍රකාශ සත්‍ය ලෙස පිළිගෙනයි. 2009.11.11 වැනි දින මට ඇති ප්‍රශ්න ගැන ජනාධිපති මගෙන් විමසා සිටියා. එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා මට කළ එදිරිවාදිකම් හා ජනාධිපතිතුමා මට කළ අසාධාරණය ගැන මා ඔහුට දැන්වූවා. නමුත් ඒ සියල්ලම ඔහු සාධාරණිකරණය කොට කතා කළා. මට වැටහුණා ඒ සියල්ලම ඔහුගේ අනුමැතිය ඇතිව සිදු වී ඇති බව. ඉන් පසුව මම හමුදා සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. මම 2009.11.12 වැනිදා මගේ බිරිඳට හෝ දරුවන්ටවත් නොදන්වා අස්වීමේ ලිපිය භාර දී නොවැම්බර් 16 වැනිදා වසර 40 කට පසුව නිල ඇඳුමට ආයුබෝවන් කීවා. ඊට පසුව විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන්, රටේ විද්වතුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් සහ නොයෙක් සිවිල් සංවිධාන වලින්් ද ජනතාවගෙන්ද රට බේරා ගැනීම සඳහා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන ලෙස ආරාධනා ලැබුණා. දේශපාලනය යනු මා අප්‍රිය කළ දෙයක් වුවද යුද්ධයෙන් බේරාගත් රට දූෂිත දේශපාලනඥයන්ගෙන් බේරා ගැනීම සහ රටේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව තේරුම් ගත් නිසා අවසානයේදී රටේ ජනතාව වෙනුවෙන් දේශපාලනයට එන්න මම තීරණය කළා. ඒ අනුව සියලු දෙනාගේම ආශිර්වාදය මැද්දේ මහින්ද රාජපක්ෂගේ ෆොන්සේකා භීතිකාව යථාර්ථයක් කරමින් 2010 ජනාධිපතිවරණයට තරග කිරීමට මා තීරණය කළා.

මම ගත් තීරණයෙන් පසු මාගේ චරිතය ඝාතනය කළ හැටි
නොයෙක් අවස්ථාවල ලෝකයේ ඕනෑම හමුදාවක අණ දීමට සුදුසුම හමුදාපති මම බව සහ ලෝකයේ සිටින දක්ෂතම හමුදාපති මම බව ඉන්දියාවේ ආරක්ෂක උපදේශක නාරයන් මහතා පැවසුවා යැයි පවසමින් රට වටේ ගිය ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් 2010 ජනාධිපතිවරණයට තරග කිරීමට මම ගත් තීරණයෙන් පසු තැතිගෙන ඉතා පිළිකුල් සහගත අයුරින් මාගේ චරිතය ඝාතනය කිරීමට කටයුතු කළා. මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පසු දිනපතාම උදැසන 5.00 සිට රාත්‍රි 1 පමණ වන තෙක් කිසිම විවේකයක් නැතිව මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වුණා. නොයෙක් ප්‍රදේශවලට ගොස් දෙස් විදෙස් මාධ්‍යවේදීන් මා සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා.

ඇත්තටම සන්ඩේ ලීඩර් පත්තරේ කළේ මෙකයි
එක් දිනක් මගේ ලේකම් මහතා අමතා සන්ඩේ ලීඩර් පත්‍රයෙන් මාධ්‍ය සාකච්ඡාවක් වෙන් කරවා ගෙන තිබුණා. ඒ මාධ්‍ය සාකච්ඡාව වෙන් කර ගෙන තිබුණේ රශ්මික් විඡේවර්ධන නමැති අයයි. මේ අනුව අදාළ වේලාවටම මාධ්‍යවේදී රශ්මික් විඡේවර්ධන ප්‍රෙඩ්රිකා ජෑන්ස් එම පත්‍රයේ හිමිකරු වන ලාල් වික්‍රමතුංග සහ කැමරා ශිල්පියෙක් ද සම්මුඛ සාකච්ඡාව සඳහා මගේ කාර්යාලයට පැමිණියා. එහිදී පැය භාගයක් පමණ මගෙන් නොයෙක් ප්‍රශ්න රශ්මික් විඡේවර්ධන ඇසුවා. නමුත් මෙම අවස්ථාවේදී ප්‍රෙඩ්රිකා ජෑන්ස් කිසිදු ප්‍රශ්නයක් මගෙන් ඇසුවේ නැහැ. මා විසින් කිසිම අවස්ථාවක ප්‍රෙඩ්රිකා ජෑන්ස් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා නැහැ. එම අවස්ථාවේදී ප්‍රෙඩ්රිකා ජෑන්ස් සහ ලාල් වික්‍රමතුංග එම ස්ථානයේ වාඩිවි සිටියා. ඉන්පසුව සම්මුඛ සාකච්ඡාව ඉවරවීමෙන් පසුව රශ්මික් විඡේවර්ධන සහ කැමරා ශිල්පියා මගේ කාර්යාලයෙන් ඉවත්ව ගිය පසු ප්‍රෙඩ්රිකා හා ලාල් වික්‍රමතුංග මා සමග විනාඩි පහක පමණ කාලයක් පිළිසඳරේ යෙදුනා. 2010 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් සන්ඩේ ලීඩර් පුවත්පතට ලබාදුන් සතියකට රුපියල් දසලක්ෂයක් බැගින් වූ මුදල මාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කරන ආකාරය ගැන එහිදී සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී ප්‍රෙඩ්රිකා ජෑන්ස් මගෙන් විමසා සිටියේ මේ වනවිටත් නොයෙක් දෙස් විදෙස් ජනමාධ්‍යවල පළවි ප්‍රසිද්ධවී තිබූ සිද්ධියක් වූ උතුරේ සටනේ අවසන් අදියරේදී හමුදාවට භාරවීමට සුදු කොඩි රැගෙන පැමිණි ත්‍රස්තවාදී නායකයන්ට වෙඩි තැබීමට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග දුන්නා කියා වෙබ් අඩවිවල හා පුවත්පත්වල තිබූ කතාව සත්‍යයක්ද කියලායි. එවිට මා ඇයට ප්‍රකාශ කළා යුදබිමේ සටන් කළ සේනාංක සමග සටනේ අවසන් කාලයේදී රැඳී සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුගෙන් මට ද එවැන්නක් ආරංචිවී තිබූ බවයි. නමුත් මා ඒ පිළිබඳව ඊට එහා කිසිවක් නොදන්නා බවත් මා ඇයට තවදුරටත් කියා සිටියා. මා දන්නා තරමට සුදු කොඩි රැගෙන කිසිවෙක් යටත් වෙන්නට නොපැමිණි බවත් එවැනි කිසිවකු හමුදාව විසින් මරා නොදැමූ බවත් අදටත් මට මතකයි. මම එදා භාවිතා කළේ මේ වචන ටික මේ විදිහටමයි. මෙම ප්‍රශ්නය මගෙන් විමසූ විට මම ඉහත උත්තරය දුන්න බැවින්ද එම උත්තරය ලැබුණේ හිටපු යුද හමුදාපතිගෙන් බැවින්ද යුද්ධය ඉවරවී එහි සත්‍යතාවය සොයා ගැනීමට යුද හමුදාපති වූ මාහට එම තනතුරේ රැඳී සිටි කාලය හොඳටම ඇති බැවින්ද මාදුන් උත්තරය අන් සියලු දෙනාම එම සිද්ධිය ගැන පවසන දෙයට වඩා සත්‍යයක් විය හැකි යෑයි ප්‍රෙඩ්රිකා ජෑන්ස් මෙම උසාවිය හමුවේ පැවසීම ඉතා බොළඳ කතාවක්. ඊට හේතුව ආරක්ෂක ලේකම් මෙවැනි කතාවක් කළා කියලා හමුදාපති කෙනෙකුට කටකතාවක් ආරංචිවූ පලියට ආරක්ෂක ලේකම් ඒ දේ කළාද කියලා විමසා බැලීමට පරීක්ෂණ පැවැත්වීම, මොළය කළඳක් තිඛෙන කිසිම හමුදාපතිවරයෙකු ඉදිරිපත් නොවනවා ඇත.

කතුවරිය විසින් සිතින් මවාගත් දෙයක් දාලා
එය ශේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙකු ගැන පැතිරීගිය යම් කට කතාවක් මහාධිකරණ විනිසුරුවරයාගේ කණට ඇසී එහි ඇති සත්‍යතාවය සෙවීමට එම මහාධිකරණ විනිසුරුතුමා පියවර ගත්තා යෑයි සිතීම හා සමාන සිද්ධියකි. ඨදඑද දරාැරුා එයෑප එද ඉැ ියදඑ යන ඉංග්‍රීසි වචන ඉහත ප්‍රකාශය කළ අවස්ථාවේ මා විසින් කිසි විටෙකවත් පාවිච්චි නොකළ බැව් ඉතා ගෞරවයෙන් සහ අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමි. එම වචන මා විසින් සෘජුවම පාවිච්චි කළ වචන ලෙසට ූමදඒඑසදබ ඵ්රනි පාවිච්චි කර සන්ඩේ ලීඩර් පත්‍රයේ හුවා දක්වා ඇතත් මා එවැනි දෙයක් කිසිවිටෙක පාවිච්චි නොකළ බවත් එම වදන මා විසින් ප්‍රෙඩ්රිකා ජෑන්ස් හට ප්‍රකාශ නොකළ බවත් අවධාරණය කර සිටිමි. එම අවස්ථාවේදී මා කිසිම විටෙක බැසිල් ලෙස පුවත්පත් වාර්තාවේ හඳුන්වා ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ නම ප්‍රෙඩ්රිකා ජෑන්ස්ට සඳහන් නොකළ අතර එය මා කිව් දෙයක් ලෙස පුවත්පතේ දක්වා ඇත්තේ එම කතුවරිය විසින් සිතින් මවාගත් දෙයක් බව ප්‍රකාශ කර සිටිමි. මා තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මා කිසිවිටෙක ප්‍රෙඩ්රිකා ජෑන්ස්ට මැයි 17 දින එල්. ටී. ටී. ඊ. නායකයන් තුන් දෙනෙකු යටත්වීමට පැමිණි බවක් හෝ ඔවුන් වෙඩි තබා මැරීමකට ලක්වූ බවක් ප්‍රකාශ නොකළ බවයි. මා එසේ ප්‍රකාශ නොකළ දේ ඇය විසින් ඩේලිමිරර් (ෘ්සකහ ඵසරරදර) පුවත්පතේ පළවූ පුවතකින් හා වෙබ් අඩවිවලින් ගන්නා ලද කරුණු මත මා කිවු ලෙස හුවා දක්වා පළකර ඇති බැව් ප්‍රකාශ කර සිටිමි. ඩේලිමිරර් පුවත්පතේ පළවූ ලිපියේ අඩංගු වචන හා සන්ඩේලීඩර් පුවත්පතේ පළවූ ලිපියේ වචන පරික්ෂාවෙන් බැලුවහොත් ඒවායේ සමානකම් පැහැදිලිව පෙනෙනවා. එහිම මා එම වචන ප්‍රෙඩ්රිකා ජෑන්ස්හට නොපැවසූ බව පැහැදිලි වෙනවා.

කිසිම සටහනක් තිබ්ඛෙ නෑ
මාගේ මෙම විමසුම කළ අවස්ථාවේදී හෝ ඊට පෙර හෝ පසුව මා සමග සිටි කාලය අතර ප්‍රෙඩ්රිකා ජෑන්ස් විසින් කිසිම සටහන් තැබීමක් නොකළ අතර ඇය විසින් කිසිදු අවස්ථාවක මා ඉදිරියේ සටහන් පොතක් භාවිතා නොකළ බව මම ගෞරවයෙන් හා අවධාරණයෙන් ප්‍රකාශ කරමි. ඇය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද සටහන් පොත පසු අවස්ථාවකදී අසත්‍ය පුවත් පළ කිරීමේ චෝදනාවෙන් ගැලවීම සඳහා ඇය විසින්ම නිර්මාණය කරන ලද දෙයක් බව ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිමි.

තේ අල්ලන්නවත් සුදුසු නෑ
ප්‍රෙඩ්රිකා ජෑන්ස් මෙම අධිකරණයේ සාක්ෂි දුන් ආකාරය මම අසා සිටියෙමි. ඇය අසත්‍ය ප්‍රකාශ කරන, තමන්ට ඕනෑ තාලයට වචන වෙනස් කරන දැඩි පළිගැනීමේ චේතනාවක් සහිත කාන්තාවක් බව ඔබතුමන්ලාට පැහැදිලි වන්නට ඇත. මෙවැනි ආකල්පයන් ඇති උසාවියකට අපහාස කිරීමේ චෝදනාවට ලක්වී ඇති සහ මෙම අධිකරණයේ නියෝග පවා මායිම් නොකරන අයෙක් පුවත්පතක කාර්ය මණ්ඩලයක තේ ඇල්ලීමටවත් නුසුදුසු බව ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිමි. 2009.12.13 වන දින සන්ඩේ ලීඩර් පත්‍රයේ ඇතුළත ලිපිය පළ කළ පසු මා විසින් එය කියවා බැලුවා. ඒ අවස්ථාවේදී මා විසින් නොකිව් දේවල් එම පුවත්පතේ සඳහන් බව මට වැටහී ගියා. රශ්මික් විඡේවර්ධන සමග කළ සම්මුඛ සාකච්ඡාව පත්‍රයේ වෙනම පළ කර තිබූ අතර එම සම්මුඛ සාකච්ඡාවෙන් පසුව ප්‍රෙඩ්රිකා ජෑන්ස් හා ලාල් වික්‍රමතුංග මහතා මා හා අතර ඇතිවූ සුහද කතාබහේදී ඇය කරුණු දක්වා මතුකරන ලද විමසුමකට මා දුන් පිළිතුර මා විසින් උත්පාදනය කර ඉදිරිපත් කරන ලද ලෙසට මහජනතාවට හැගෙන පරිදි ප්‍රෙඩිකා ජෑන්ස් විසින් පළ කොට ඇති බැව් මාහට පෙනී ගියා. එපමණක් නොව මා එහිදී නොකිව් කරුණු මා කිව් ලෙස හැගෙන ලෙස පාඨකයන්ට අගවා එම ලිපියේ අඩංගු කොට තිබුණා. මෙය වැටහී ගිය පසු මා විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ අයිතිකරු වන ලාල් වික්‍රමතුංග මහතාට දුරකථනයෙන් මේ බව ප්‍රකාශ කර සිටියා. මේ පිළිබඳව ඊළග සතියේ ඉරිදා පුවත්පතේ නිවැරදි කිරීමක් සිදු කිරීමට ඔහු පොරොන්දු වූ අතර එහි අන්තර්ගතය පිළිබඳ පසුදින පැමිණ මා සමග සාකච්ඡා කරන බවට ඔහු පොරොන්දු වූවා. ලාල් වික්‍රමතුංග මහතා පසුදින මාගේ කාර්යාලයට පැමිණ මේ පිළිබඳව සාකච්ඡා කළා. මේ සාකච්ඡාවේදී මා පෙන්වා දුන්නා මා නොකිව් දේවල් එම ලිපියේ අඩංගුවී ඇති බවත් ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය තම වචන යොදා කරන ලද විමසුමට මා දුන් උත්තරය ඇය විසින් ඉදිරිපත් කොට ඇති බවත් ඒ අවස්ථාවේදී ලාල් වික්‍රමතුංග මහතා ඒ බව පිළිඅරගෙන සම්පූර්ණ නිවැරැදි කිරීමක් ඊළග සතියේ පුවත්පතේ පළකරන බව පවසා මාගේ කාර්යාලයෙන් නික්ම ගියා.

මං ඉදිරිපිට ෆෙඩ්රිකා ඇ~ුවා
ඊට පැය දෙකකට පමණ පසුව ලාල් වික්‍රමතුංග මහතා ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය සමග නැවතත් මගේ කාර්යාලයට පැමිණියා. එසේම එහිදී ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය හැ~ූ කඳුළිින් හැගුම්බරව බැගෑපත්ව මා වෙත කියා සිටියේ එම පුවත මා විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහොත් ඇයව අත්අඩංගුවට ගත හැකි බවත් එසේ කිරීමට ඉඩ නොතබන ලෙසත්ය. මේ අවස්ථාවේදී ලාල් වික්‍රමතුංග මහතාද මා වෙත බැගෑපත්ව ඉල්ලා සිටියේ මේ පුවත නිවැරදි නොකරන ලෙසත් ප්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ සේවය ඔහුට මේ අවස්ථාවේදී අහිමි වුවහොත් විශාල හානියක් සිදුවන බවත්. ගෝඨාභය රාජපක්ෂ මහතා තම පුවත්පතට විරුද්ධව දැනටමත් වන්දි නඩු දෙකක් හා අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ඉදිරිපත් කොට ඇති බවත් මෙම ප්‍රකාශය මත ඔහු හට ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය අත්අඩංගුවට ගැනීමට නියෝග දිය හැකි බවත් ඔහු ඉතා බැගෑපත්ව ආයාචනාත්මකව හා හැ`ගුම්බරව ප්‍රකාශ කර සිටියා. මෙසේ දන්වන අවස්ථාවේදී මංගල සමරවීර, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සමග තවත් කිහිප දෙනකු එතැන සිටි බවට මාහට හොඳහැටි මතකයි. මාහට සහය දැක්වීමට එකඟගත්වය පළකළ පුවත්පතක කතුවරිය හා සභාපති කළ මෙම ඉල්ලීම මත අදාළ පුවත නිවැරදි කිරීම සඳහා මා විසින් කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදාළ පුවත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමෙන් වැලකී සිටියමුත් සුදු කොඩි රැගෙන ආ ත්‍රස්තවාදී නායකයන්ට හමුදාව විසින් වෙඩි නොතැබූ බව පැවැසුවා. නමුත් 2009.12.20 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පතට මා විසින් පැහැදිලි කිරීමක් සිදුකළා. තවද අදාළ ප්‍රවෘත්තිය මා වෙත ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට මා දුන් පිළිතුරක් වැරැදි සහගත ලෙස පළකර සිටීමක් බවත් එම ප්‍රවෘත්තිය මාහට තුන්වන පාර්ශ්වයක් විසින් සපයන ලද තොරතුරක් බවත් මා වෙත කරන ලද විමසුමකට මා විසින් ලබාදෙන ලද උත්තරයක් මත ගොඩනැගුන කතාවක් බවත් මා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියා. තවද එහිදී කිව්වා ත්‍රස්තවාදී නායකයෙක් සුදු කොඩි රැගෙන විත් බාරවීමට උත්සාහ දැරීමක් හෝ බාරවීමට හදන අයට වෙඩි තැබීමක් ප්‍රයෝගිකව සිදුවූ නොවන බවත් මා තරයේ ප්‍රකාශ කළා. තවද එය සාමාන්‍ය සාකච්ඡාවකදී මාවෙත කරන ලද විමසුමකට මාදුන් පිළිතුරු සන්ඩේ ලීඩර් කතුවරිය විසින් වැරැදියට වටහාගෙන එය මාවෙත තුන්වන පාර්ශ්වයකින් ලැබුණු තොරතුරක් මත ගොඩනගන කතාවක් බවත් මා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැහැදිලිව කියා සිටියා. ඊළ`ගට මේ පිළිබඳ සත්‍ය තත්ත්වය විකෘති කර රජයේ මාධ්‍ය හා රජයට පක්ෂ මාධ්‍ය විසින් අනිසි ලෙස රටට ඉදිරිපත් කළ වැරදි වැටහීම ගැන 2009 දෙසැම්බර් මාසයේ මාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පැවැති රත්නපුර හා අම්පාර නගරවල මා ඇමතූ ජනරැළිවලදී මා ජනතාවට පැහැදිලි කර සිටියා.

දෙරණ මගේ කතාව එඩිට් කරලා
රැස්වීම්වලදී එම කතාව පැවැත්වීමට විනාඩි 15 ක් පමණ කාලයක් වැයවුණා. නමුත් මාගේ සම්පුර්ණ කතාව පැයක් පමණ වුණා. ජනාධිපතිධුරය සඳහා තරග වැදී සිටි මට එම රැළිවල මාධ්‍ය ආවරණ සොයා බැලීමට අවස්ථාවක් තිබුණේ නැහැ. මා විනාඩි 15 ක් පමණ කාලයක් කළ පැහැදිලි කිරීමක් විනාඩි දෙකක කාලයක් තුළදී සංස්කරණය කොට ඉදිරිපත් කිරීමේදී මා කළ කතාවේ සම්පූර්ණ අර්ථය තේරුම් ගන්න බැහැ.
දෙරණ නාලිකාව රජයේ ප්‍රබල ඇමැතිවරුයෙකු වන සරත් අමුණුගම මහතාට අයත් ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමන්ට ප්‍රසිද්ධියේ සහාය පළකළ නාලිකාවක්. මෙම රැළි ආවරණය සඳහා රටේ අනෙකුත් විද්්‍යුත් මාධ්‍යයන් පැමිණ පටිගත කළා. මෙම ප්‍රශ්නකාරී කොටස් පටිගත කර නැවත විකාශනය කිරීම රජයට පක්ෂපාති වූ දෙරණ නාලිකාව පමණක් සිදුකළා.

පළ කරන්න පෙර මගෙන් නැවත ඇසූ කතාව බොරු
මෙසේ ඉදිරිපත් කිරීම මම දේ‍රා්හියෙක් ලෙස ජනතාවට පෙන්වීමට සකස් කළ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස දැක්විය හැකියි. වෙනත් කිසිම නාලිකාවක් මාගේ කතාව මේ ආකාරයට පෙන්නුවේ නැහැ. ප්‍රෙඩ්රිකා ජෑන්ස් විසින් පලකරන ලද ප්‍රශ්න සහගත ලිපිය පළවීමට ප්‍රථම 2009.12.12 දින දේශපාලන කටයුතු සඳහා මම නිවසින් පිටවීමට ආසන්න අවස්ථාවකදී මාහට දුරකථනයෙන් අමතමින් ප්‍රෙඩ්රිකා ජෑන්න් පවසා සිටියේ මා රශ්මික් විජෙවර්ධන සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව 2009.12.13 පත්‍රයේ පළවන බව පමණයි. නමුත් ඇය විසින් අධිකරණයට පවසා සිටියේ එම ප්‍රවෘත්තිය පළකිරීමට පෙරදින මට දුරකතනයෙන් අමතා මට එම මුළු ප්‍රවෘත්තියම පැවසු බවයි. එය අමූලික බොරුවක්. ඇය තමන්ගේ අවශ්‍යතා අනුව එවැනි ප්‍රකාශයක් කිරීමට නොපසුබට වන ද්වේෂ සහගත පුද්ගලයෙක් බව මෙම ගරු අධිකරණයට දැනටමත් වැටහී ඇතැයි සිතමි. එම දුරකථන සාකච්ඡාව විනාඩි දෙකක කාලයක්වත් පැවැතියේ නැහැ. එම ප්‍රවෘත්තිය පළකළ පසු මා විසින් ඒ පිළිබඳ කිසිදු පියවරක් නොගන්නේ යෑයි මේ අධිකරණයේදී පැමිණිල්ලේ සාක්ෂි මගින් පෙන්වා දුන්නා. එය සත්‍ය තත්ත්වයක් නෙමෙයි. මගේ හමුදා සේවයෙන් නික්ම යැමෙන් අනතුරුව පොදු අපේක්ෂයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවා. ජනාධිපති තනතුරේ බලතල හා සම්පත් භාවිතා කරමින් මැතිවරණයට ඉදිරිපත්වූ ජනාධිපතිවරයාට විපක්ෂ අපේක්ෂකයකු ලෙස මුහුණදීමට සිදුවී තිබුණා. මට ලැබී තිබුණේ දින 42 වැනි සුළු කාලයක්. එම සුළු කාලය තුළදී මා විසින් ඉටුකළ යුතු වැඩ රාශියක් තිබුණා. මුළු රටම ආවරණය වන පරිදි රැස්වීම් ඇමතීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හා මාගේ අපේක්ෂකත්වයට සහය දුන් අනෙකුත් දේශපාලන පක්ෂ හා සංවිධාන සමග සම්බන්ධීකරණය මේ වැඩසටහනට ඇතුළත් වුණා.

වැඩිදුර විභාගය (26) පෙරවරු 11.00 දක්වා කල්තැබීය.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...