Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Sarath-Fonseka-415මගේ දූලට ශිෂ්‍යත්ව හදල දුන්නෙ ගෝඨාභය
අපේ අගය කුඩා වුනේ කේක් එකකA කපනව වගෙ
යුද උපායෙදි මගෙ සංකල්පෙ නෙමෙයි ජනපති හිටියෙ
ෂවේන්ද්‍රත් මට පිටු පෑවා
සුමිත් මානවඩු මගේ තරහ පිරිමහ ගත්ත

සරත් ෆොන්සේකාගේ සුදු කොඩි ප්‍රකාශය

ඊයේ පැවති සුදුකොඩි නඩුවේදී සරත් ෆොන්සේකා කළ දීර්ඝ කතාවෙන් විවාද සම්පන්න අදහස් රැසක් හෙළිදරව් වුණා. මෙම ප්‍රකාශය අතරතුර සරත් ෆොන්සේකා zඑයින් ඔප්පු වෙනවා මේ රටේ පාලකයෝ......Z යනුවෙන් විවේචනාත්මක වාක්‍යයක් කියද්දීම අධිකරණයේ විදුලිය විසන්ධිවීමත් පසුව අධිකරණයේ ජනෙලයක් අසලට ගෙනගොස් ඔහුගේ ප්‍රකාශය නැවත ඇරඹීමත් විශේෂ සිදුවීමක් වුණා.
ඔහු එහිදී පළ කළ අදහස් පහතින් කියවන්න

මං ඇති කළ හමුදා විනය දැන් දේශපාලනීකරණය වෙලා
මම නිල ඇඳුමේ රැඳී සිටියදී කිසිදු දේශපාලන ඇ`ගිලිගැසීමකට යටත් නොවී රාජකාරි නිසි ආකාරයෙන් කළා. මාගේ ප්‍රතිපත්තිය වුණේ උපරිම විනය පවත්වා ගැනීම හා දක්ෂයන්ට සුදුසු තැන දීමයි. යහපත් පරිපාලනයක් පවත්වාගෙන යැමට මම අනුගමනය කළේ ලෝකයේ වෙනත් ඕනෑම දක්ෂ යුද හමුදාවක් අනුගමනය කර ඇති නමුත් අපේ හමුදාවේ මෙතෙක් ක්‍රියාවට නොයෙදුනු ක්‍රියා පටිපාටියයි. එය මාගේ වාසියට හෝ පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා ඇති කරගත් ක්‍රියාදාමයක් නොවේ. මම මේ ක්‍රියා පටිපාටිය හමුදාවට හඳුන්වාදීමෙන්ම හමුදාව උද්දීපනයට පත්වී ජයග්‍රාහී මානසික තත්ත්වයකින් හෙබි යුද හමුදාවක් බවට පත්වුණා. එය යුද හමුදාව අවසානයේ ලබාගත් යුද ජයග්‍රහණයට තවත් ප්‍රබල හේතුවක්. නමුත් අවාසනාවට මම ඇරඹු ඒ ක්‍රියා පිළිවෙත දේශපාලන ගැත්තන් පෝෂණය කිරීම සඳහා දැන් නැවත කඩාකප්පල් කර තිඛෙනවා.

මාව ඒ කාලෙ තර්ජනයක් වුණා
මම යුද හමුදාපති ධුරයට පත්වීම ලැබූ මුල් දවසේම එල්. ටී. ටී. ඊ. සංවිධානය සාම ගිවිසුම කඩකරමින් යාපනයේද ක්ලේමෝ බෝම්බ පුපුරවා හමුදා සෙබළුන්ට ප්‍රහාර එල්ල කළා. ඊට පසු දින මා යුද හමුදාව භාරගෙන එදින සන්ධ්‍යාවේදී කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ සම්ප්‍රදානුකූල සාදය අවලංගු කොට යාපනය ප්‍රදේශයේ ක්‍රියාන්විත අධීක්ෂණය කිරීමට ගියා. ඒ අතරතුරේදීත් එල්. ටී. ටී. ඊ. ය යාපනයට ක්ලේමෝ බෝම්බ එල්ල කරන්න පටන් ගෙන තිබුණා. මෙම ක්‍රියාවලිය මගින් මම යුද හමුදාපති ධුරය භාරගැනීම එල්. ටී. ටී. ඊ. ය ප්‍රතික්ෂේප කරන බව පෙන්නුවා. මම හමුදාපති ධුරය භාරගත් පසු කළ පළමු නිල ප්‍රකාශයේදීම හමුදාවේ සියලුම නිලයන්ට හා රටේ ජනතාවට මා ප්‍රකාශ කළ සිටියා මාගේ මව්බිම වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් ඉපදෙන්න සිටින නූපන් දරු පරම්පරාව වෙනුවෙන් මෙම ම්ලේච්ඡ යුද්ධය ඊළ`ග යුද හමුදාපතිට භාර නොදෙන බව. රටට ජනතාවට දුන්න වචනයක් ඉටුකිරීම කොතරම් වැදගත් ද කියලා මට මනා වැටහීමක් තිඛෙනවා. ඒ අනුව මා විසින් රටට ජනතාවට දුන් පොරොන්දුව අභීතව ඉටු කළා.

රටට තිබ්බට මට නිදහස නෑ
අද දින සිරගතව සිටියත් අධිකරණයේ පිහිටෙන් රූපවාහිනි නැරඹීමට මට අවස්ථාව තිඛෙන නිසා රුධිරයෙන් තෙත්වූ වසර 30 කට පසු ත්‍රස්තවාදයෙන් නිදහස ලද මේ රටේ අහිංසක ජනතාව එය භුක්ති විඳින ආකාරය බලා මා සතුටු වෙනවා. එම නිදහස මට මගේ බිරිඳට සහ මගේ දරුවන්ට නොලැබීම ගැන ජනතාවද කණගාටු වන බව මම හොඳාකාරවම දන්නවා. ගිය 20 වැනිදා ඇමරිකාවේ අධ්‍යාපනය ලබන මගේ කනිටු දියණිය මාස ගණනාවකට පසුව නිවාඩුවට ලංකාවට එනවිටදී කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන හිරිහැර කර ඇගේ මානුෂික අයිතීන් උල්ලංඝනය කරා. ඔවුන් ඇයට පවසා ඇත්තේ මාගේ පවුලේ අන් අයත් සමග ඇයගේ නමද බ්ලැක් ලිස්ට් කර ඇති නිසා ඇය අත්අඩංගුවට ගත් බවයි. දැන් රට ත්‍රස්තවාදයෙන් බේරාදුන් මගේ පවුලේ අය පවා මේ රටේ කළු ලැයිස්තුගත කරලාලු. එයින් ඔප්පු වෙනවා මේ රටේ පාලකයෝ....................
(මෙම අවස්ථාවේදී පෙරවරු 11.25 ට පමණ අධිකරණ ශාලාවේ විදුලි බලය ඇන හිටි අතර ඊට විනාඩි දෙකකට පමණ පසු නැවත විදුලිය ලැබිණි. මෙම අවස්ථාවේදී මහාධිකරණ රෙජිස්ටාර්වරයා කැඳවූ මහාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර පෙර දිනයේ සහ එදින අවස්ථා කිහිපයකදී අධිකරණ කටයුතුවලට බාධා ඇති කරමින් සිදුවූ විදුලිය විසන්ධිවීම් පිළිබඳව කරුණු දැක්වීම සඳහා වහාම විදුලිබල මණ්ඩලයේ වගකිවයුතු නිලධාරියෙකු කැඳවන ලෙස නියෝග කළාය.)

.... කොතරම් දුරට මානුෂික අයිතිවාසිකම් කඩකරනවාද කියලා. බැන් කී මූන් මහතා කියන දේවල් මේ අය මෙහි ක්‍රියාවෙන් ඔප්පු කරනවා. යුද්ධය අවසන් කොට දැනට වසර දෙකක්. එම වසර දෙක තුළ ත්‍රස්තවාදයෙන් මුදවාගත් මව්බිම මගේ ආදර”ය රටවැසියන්ට පවුල් පිටින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන්න අවස්ථාව ලැබුණා. යුද කාලයේ යුද්ධය අවසන් කළ දිනයක මා මගේ බිරිඳ හා දරුවන් සමග කිරිබත් කෑල්ලක් කා අවුරුද්ද සමරන්න සිහින මැව්වෙමි. යුද්ධ කාලයේ මා සිටියේ යුද බිමේ නිසා ඔවුන් අවුරුද්ද සැමරුවේ නිවසේ ගෘහ මූලිකයා වන මා නැතුවයි. එහෙත් යුද්ධය අවසන් වූ පසු 2010 -2011 අවුරුදුවලත් මා හට අලුත් අවුරුද්ද සමරන්න සිදුවුණේ වැලිකඩ සිරගෙදරයි. ජනාධිපති හා ආරක්ෂක ලේකම්වරයාගේ නිවසේත් කිරි ඉතිරුනත් මගේ නිවසේ කිරි උතුරන්නට මාගේ බිරිඳට වාසනාවක් නොවීය.


මං හමුදාව ප්‍රතිසංවිධානය කළා
ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු මා හමුදාපති වූ දා සිටම ආරම්භ කළා. මා ප්‍රථමයෙන්ම යුද හමුදාවේ සියලුම පත්වීම් වලට ජ්‍යෙෂ්ඨත්වය මතම පිහිටා නිලධාරින්ගේ පළපුරුද්ද, කැපවීම දක්ෂතාවය පෙර අත්දැකීම් සහ අතීතයේදී ඔවුන් දැක්වූ දස්කම් ආදිය සලකා සියලුම නිලධාරීන් සමග දීර්ඝ කාලයක් රාජකාරි කොට ඔවුන් ගැන මට තිබූ අවබෝධයද සැළකිල්ලට ගෙන සියලුම වැදගත් හා අණදීමේ පත්වීම්වලට දක්ෂ නිලධාරීන් පත්කළා. එවකට සිටි යුද හමුදාවේ නිලධාරීන්ට විවිධ සුවිශේෂ වෙනස් වෙනස් දක්ෂතාවයන් තිබුණා. අවශ්‍ය පරිදි සුදුසු නිලධාරීන් සුදුසු වගකීම්වලට මා විසින් පත්කළා. යුද පිටියේ බි්‍රගේඩියර් නිලයේ සිට ඉහළ තනතුරු සඳහා නිලධාරීන් අණදීම සඳහා පතකිරීම මාගේ පුද්ගලික අධීක්ෂණය හා ඇගයීම මත ලබාදුන්නා. යුද පිටියේදී ලබාදුන් පත්වීම්වලට අමතරව හමුදා මූලස්ථානයේ කොළඹ ආරක්ෂක රාජකාරි, බුද්ධි රාජකාරි වැඩි විශාල ප්‍රමාණයක් යුද පිටියේ අණදීම් හා සමානවම වැදගත් වූ නොයෙක් ආකාරයේ පත්වීම්වලට සුදුස්සන් පත්කළා. පහත් විනයකින් හෙබි හා නිලධාරීන් සතු ගුණාංග පවත්වාගෙන නොගිය නොහොබිනා කල් ක්‍රියාවෙන් කල්ගෙවූ නිලධාරීන්ට වැදගත් වගකීම් පැවරීම මා විසින් ප්‍රතික්ෂේප කොට ඔවුන්ගේ උසස්වීම් ආදිය නවතාලීමට පියවර ගත්තා. මා හට ලැබුණු හමුදාපති පදවිය ආභරණයක් කරගෙන කොළඹට වී සුරසැප විඳිමින් යුද්ධය තව දසක ගණනාවක් ඉදිරියට ඇදී ඇදී යන්න ඉඩ දෙන්න මට පුළුවන්කම තිබුණා.

ෂවේන්ද්‍රත් මට පිටු පෑවා
මට අවශ්‍ය වුණේ යුද්ධය අවසන් කරන්න මිස හමුදාපති ධුරයේ වැජඹෙන්න නොවෙයි. එයට හේතුව පණටත් වඩා නිල ඇඳුමට, උපන් දේශයට ආදරය කළ මා කිසිම හේතුවක් මත මාගේ දේශය පාවා දෙන්නේ නැතිවීමයි. මා විසින් යුද්ධයේ ජ්‍යෙෂ්ඨ අණදීමේ රාජකාරි සඳහා නිලධාරීන් තේරීමේදී ඇති කළ ප්‍රධාන ධාරිතාවට ඉහත දුර්වල නිලධාරීන් ඇතුළත් කළේ නැහැ. දක්ෂ නිලධාරීන් තෝරා ප්‍රධාන ධාරිතාවට ඇතුළත් කිරීම මගේ යුතුකමයි. නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීම යුද ජයග්‍රහණය වැඩිකිරීමට හේතුවක් වුණා. එහෙම නොවුණානම් හමුදාවේ තිඛෙන පුරප්පාඩු අනුව ශවේන්ද්‍ර සිල්වා වැනි නිලධාරීන්ට මේජර් ජෙනරාල් තනතුරක් තබා සේනාංකාධිපති පත්වීමක් වුවත් ලැඛෙන්නේ 2016 දි. වරක් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා මා ඔහුට ඔහුගේ පියා වගේ කියලා. ඔහුව කෑලිවලට කැපුවත් ජෙනරාල් ෆොන්සේකාව පාවා දෙන්නේ නැහැ කීවා. එහෙම කියපු ඔහු අධිකරණයේ සාක්ෂි දෙමින් කියා සිටියේ ඔහුට සේනාංකාධිපති පදවිය ලබාදුන්නේ යුද හමුදා මණ්ඩලයකින් හා ආරක්ෂක අමාත්‍යාංශය මගින් බවයි. ඇත්ත වශයෙන්ම හමුදා මණ්ඩලවලින් සිදුකරන්නේ සාම්ප්‍රදායානුකූලව හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය මත තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමයි. ආරක්ෂක අමාත්‍යාංශය මූලිකව කරමින් හමුදාපති නිර්දේශ කරන තනතුරු සාම්ප්‍රදානුකූලව අනුමත කිරීමයි. නමුත් එම සම්ප්‍රදාය වෙනස් කරමින් කනිෂ්ඨ නමුත් දක්ෂ නිලධාරීන්ට උසස්වීම් ලබාදීම මා සිදුකළා. එසේ කළ හැක්කේ හමුදාපතිවරයකුගේ නිර්දේශය මත පමණයි. ශවේන්ද්‍ර සිල්වාට මෙසේ එය සඳහන් කිරීමට නොහැකි වීම කනගාටුවට කරුණක්. ඔහුගේ එම ප්‍රකාශය වෙනත් කෙනෙකුගේ උවමනාවකට කරන ලද්දක්.

මං දිවා රෑ නොතකා වැඩ කළා
මේ යුද්ධය මෙහෙයවීමේදී මට රැයක් දවාලක් නොතිබුණි. සමහර දිනවලදී මම හෙලිකොප්ටරයට ගොඩවී යාලට ගොස් එතනින් මඩකලපුවට ගමන් කොට එතැන් සිටවව්නියාවට ගොස් කොළඹ ආ අවස්ථා තිබුණා. ඒ යුද්ධය පැවැති අවුරුදු 2 මාස 9 කාලය ඇතුළත ගුවන් හමුදාපතිටත් වඩා වැඩි කාලයක් මම ගුවනේ රැඳී සිටියා. එල්.ටී.ටී.ඊ. ගුවන් යානා මිසයිල ප්‍රහාර පිළිබඳව අනතුරු අ`ගවා තිබියදීත් එම තර්ජන නොතකා සෑම ප්‍රදේශයකම ගමන් කළා. සාමාන්‍යයෙන් යුද්ධයක් සිදුකරනා විට ඕවර්රෝල් ඔපරේෂන් කමාන්ඩර් කෙනෙක් සිටිනවා. නමුත් මට ඒ සඳහා පත්කිරීමට සුදුසු කෙනෙක් නොසිටි නිසා සියලුම සේනාංක කෙළින්ම මගේ අධීක්ෂණය යටතේ තබාගෙන මා යුද්ධය මෙහෙයවූවා. ශවේන්ද්‍ර සිල්වාට මේ බව පමණක් මතක තිබුණා. යුද භූමියේදී ලැබුණු ජයග්‍රහණවලට පමණක් නොව පසුබැසීම්වල වගකීමත් මා භාරගත්තා.
මුහමාලෙයි සටනකදී සෙබළු 150 ක් පමණ මියගියා. එම අවස්ථාවේදී ආරක්ෂක ලේකම් හා ජනාධිපති කම්පා වුණා. එම සටන මෙහෙය වූ නිලධාරී කෙනෙක් වූ ශවේන්ද්‍ර සිල්වාත් අධෛර්යයට පත්වී සිටියේ. මෙම පරාජය මාධ්‍ය මගින් තදින් විවේචනය කළා. නමුත් එහිදී මා එහි වගකීම භාරගත්තා පමණක් නොව ඔවුන් ධෛර්යයවත් කොට නැවත සටන ආරම්භ කළා.
දැන් යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන අය එම පරාජවලට වගකීම් භාරගැනීමට ඉදිරිපත් වුණේ නැහැ. 4 වැනි ඊළාම් යුද්ධය මා මෙහෙය වූයේ ඉතාමත් භයානක හා දුෂ්කර අවස්ථාවකයි. සේනාංකාධිපතිවරුන් අතරින් වැඩිම නිපුණත්වයක් දැරූ එඩිතර නිලධාරියෙක් වූ මේජර් ජෙනරාල් ජගත් ඩයස් පවා එක අවස්ථාවක ඔහුගේ සෙබළුන් 25 ක් අතුරුදන් වූ අවස්ථාවක මට දුරකථනයෙන් කතා කළේ ඉතා සංවේදාත්මකව හා හැ`ගුම්බරවයි. එසේම තවත් දක්ෂ සේනාංකාධිපතිවරයෙක් වන චාගි ගාල්ලගේ ක්‍රියාන්විතයේ වෙහෙසීම් නිසා හෘදයාබාධයක් වැලඳී යුද පිටියෙන් ඉවත් වුණා. එවැනි තත්ත්වයක් ශවේන්ද්‍ර සිල්වාටත් ඇතිවී ඔහුව මහනුවර රෝහලට ඇතුළත් කළා. මේ සියල්ලෙන් පෙනී යන්නේ යුද්ධයේ දුෂ්කරතාවයයි.

මං චීනෙදිත් යුද්දෙ ගැන බැලූව
යුද්ධය ජයගැනීමට මට සියලුම නිලධාරීන්ව විශාල පීඩනයකට යටත් කරන්න සිදුවුණා. 2009 මැයි 11 සිට මැයි 16 දක්වා මා චීනයේ නිල සංචාරයක යෙදී සිටියත් යුද්ධය ගැන සොයා බැලුවා. 2009 මැයි 17 වැනි දින රාත්‍රි 9.00 ට නැවත දිවයිනට පැමිණි පසු එදින රාත්‍රි 2.30 සිට මැයි 19 වැනි දින දිවා කාලය දක්වා පැවැතුණ අවසන් සටන් ජයග්‍රහණය දක්වා මෙහෙය වූවා,

ජනපතිගේ සංකල්පයෙ නෙමෙයි මං හිටියේ
සන්සු නමැති චීන යුද සටන් විශේෂඥයාට අනුව සතුරාට පහරදිය යුත්තේ සතුරාගේ දුර්වලම ස්ථානයටයි. ජනාධිපතිතුමාගේද ආරක්ෂක ලේකම්ගේ අදහසද එයම වුණා. නමුත් මාගේ යුද සටන් සංකල්පය සතුරා වැඩියෙන්ම බලවත්ව සිටිය ස්ථානය සොයා ගොස් පහරදීම වුණා. එම යුද සංකල්ප සතුරා බලාපොරොත්තු නොවූ එකක්. නමුත් ජනාධිපති හා ආරක්ෂක ලේකම් ඒ ගැන ඔවුන්ගේ අප්‍රසාදය පළ කළා. එම යුද සංකල්පය ගැන ඔවුන් කිසිවිටක විශ්වාසය තැබුවේ නැහැ. මගේ ජීවිතයේ ඉදිරි කාලයත් මටම ආවේණිකව වූ ක්‍රියාදාමයන්ට අනුව මම කෙසේ හෝ සාර්ථකව ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ජයග්‍රහණය ගැන මට විශ්වාසයි. එය නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකියි.

මාව මරන්න උත්සාහයන් රැසක් තිබ්බ
මා හමුදාපති ධුරයට පත්වීමට පෙර 2002 සිට එල්ටීටීඊය මාව ඝාතනය කිරීමට සැලැසුම් කළා. මට හමුදාපති ධුරය ලැබුණ අවධියේම ලබාදුන් වෙඩි නොවදින රථය අබලන්වී තිබීම නිසා එම රථයෙන් ගමන් කළේ කලාතුරකින්. බොහෝ වෙලාවල මා ගමන් කළේ සාමාන්‍ය රථයකින්. 2002 සිට මගේ අරක්කැමියා වූ මුස්ලිම් සෙබළකු එල්ටීටීඊය විසින් ඔවුන්ගේ සාමාජිකයකු ලෙස බඳවාගෙන තිබුණා. ඔහු අනතුරකින් තුවාල ලබා යුද හමුදා මූලස්ථාන තුළ පිහිටි රෝහලේ නේවාසිකව සිටින විට එල්ටීටීඊ සාමාජිකයන් ඔහුගේ ඥතීන් ලෙස පැමිණ මාව ඝාතනය කිරීමට සැලැසුම් කළා. ඒ අනුව 2006 අප්‍රේල් 25 වැනි දින මා දිවා ආහාරය සඳහා යනවිට හමුදා රෝහල ඉදිරිපිටදී මට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වුණා. මට මීටර් දෙකක් පසුපසින් සිටි බෝම්බකාරිය බෝම්බය පුපුරුවා ගත්තා. මා යුද්ධයේදී 3 වැනි වරටත් මරණය ආසන්නයට ගියා. ඉදිරි අසුනේ සිටි මගේ ආරක්ෂක භටයා එතනම මියගියා.... විශාල පිරිසක් තුවාල ලැබුවා. මගේ බඩි සහයකයා උදරයට සිදුවූ, සිදුරක් නිසා තවමත් ඔහු ප්‍රතිකාර ලබනවා. අවට සිටි 10 ක් පමණ මියගියා. මගේ ආරක්ෂාවට ආ යතුරු පැදිකරුවන් 4 දෙනාගෙන් තිදෙනකු මියගියා.
බෝම්බය පිපිරී විනාඩි පහක් පමණ ගතවන තුරු මා මැරුණා යෑයි සිතා මගේ ළ`ගට කවුරුත් ආවේ නැහැ. මා තනිවම එසේ උදරයෙන් එළියට ආ බඩවැල් අල්ලාගෙන එළියට බැස්සා. පිටුපස සිටි සෙබළෙක් දුවගෙන ආවා. ගිලන් රථයක් ආවේ තවත් විනාඩි පහකට පසුවයි. එතෙක් මා විනාශ වූ රථය අසල සිටගෙන සිටියා.
අල්ලාගත් ත්‍රස්තවාදියකුගෙන් හෙළිවුණා තවත් ත්‍රස්තවාදියෙක් මා ගෙනයන ගිලන් රථයට පහරදී මාව මරන්න කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය අසල රැඳී සිටි බව. පසුව මා මැරුණා යෑයි සිතූ පොට්ටු අම්මාන් දුරකථන පණිවුඩයක් මගින් ඔහුව ඉවත් කරගෙන තිබුණා. මේ ප්‍රහාරය නිසා මට බරපතල තුවාල සිදුවුණා.

ගෝඨාභය මා බදාගෙන කතා කළා
මා රැගත් ගිලන් රථයට ජාතික රෝහලට යන්න පැය භාගයක් විතර ගතවුණා. ඊට පසු මට සිහිය නැතිවුණා. ජනතාව මට සෙත්පතා බෝධි පූජා පැවැත්වූවා. ඒ ආශිර්වාදයෙන් මට ජීවත්වෙන්න අවස්ථාව ලැබුණා. ජාතික රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය විසින් මාව ජීවත් කරන්න සුවිශේෂ මෙහෙයුමක නිරත වූ බව මාගේ බිරිඳගෙන් පසුව මා දැනගත්තා. මාගේ උදරයේ සිදුවූ තුවාලයට කුඩා බඩවැලේ මල්ලක් සවිකර තිබුණා. දවස් හතකට පසු මට සිහිය ආවා. සිහිය එනවිට එවකට මගේ අතිකාලීන මිත්‍ර ගෝඨාභය රාජපක්ෂ මහතා මගේ ඇඳ අසලට පැමිණ මාව බදාගෙන මට කීවා එයා මට බොඩි ආමර් එකක් හදලා එව්වා. ඒ වුණාට ඔයා බොඩි ආමර් එකක් ඇඳගෙන ගියේ නැහැනේද කියලා?

ගෝඨාභය මගේ දූලට ශිෂ්‍යත්ව හදල දුන්න
ඔහු එදා ප්‍රකාශ කළ වචන මට තවමත් මතකයි. ඒ අවස්ථාවේදී මගේ බිරිඳ හා දියණියන් දෙදෙනා මගේ අසලට පැමිණියා. එවකට ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටි මගේ දියණියන් අමතා ගෝඨාභය කිව්වා ඔවුන් දෙදෙනාට ජනාධිපති අරමුදලින් මසකට ඩොලර් 750 කට ශිෂ්‍යත්ව දෙකක් සාදා දෙන්නම් කියලා. මාගේ දියණියන් දෙදෙනා නැවත ඇමරිකාවට යන්න පෙර ඔහු එම ශිෂ්‍යත්ව ලබා දුන්නා. මගේ කුඩා බඩවැලේ අඩි 8 ක් පමණ කොටසක් ඉවත් කොට ඇති බවත් මහ බඩවැල බරපතල ලෙස තුවාල වී ඇති බවත් අක්මාවේ භාගයක් කපා ඉවත් කොට ඇති බවත් ඊට අමතරව මාගේ ශරීරයේ අභ්‍යන්තරයේ යකඩ බෝල හා විශාල උණ්ඩ ප්‍රමාණයක් ඇති බවත් ඒවා ඉවත් කළ නොහැකි බව වෛද්‍යවරුන් කීවා. නමුත් මම හමුදාව හැරගියේ නැහැ. එම අවස්ථාවේදී හමුදාව අතහැර විශ්‍රාම ගැනීමට අවස්ථාව තිබුණත් මම එසේ කළේ නැහැ. මරණීය තුවාල ලැබුවට මම මගේ රටට, උපන් දේශයට, හමුදාවට තිබූ ආදරය අඩු වුණේ නැහැ. ඒ නිසා කිහිප අවස්ථාවක කුමන ලාභ ප්‍රයෝජනයක් මත හෝ පුද්ගලික වාසියක් තකා මා මගේ හමුදාවත් උපන් දේශයත් පාවා දෙන්නේ නැහැ. තුවාල වී මාස 1 1/2 ක් පමණ ගියත් විෂබීජ ඇතුළුවීම නිසා මගේ ශරීරයේ මැහුම් දමන ලද තුවාල සුව වූවේ නැහැ. වෛද්‍යවරුන් නැවතත් එම ස්ථානයේ මැහුම් කපා ප්‍රතිකාර කළා. තුවාලවල ඇතිවූ වෙනස්වීම මත 2006 ජුනි මැද සිංගප්පූරුවට ගියා. තුවාල සම්පූර්ණයෙන්ම සුව නොවුණත් 2006 ජුනි 25 වැනි දින ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම්තුමන්ට දුරකථන ඇමතුමක් දුන්නා. එවිට ඔහු මාවිල්ආරුවල සටන් ආරම්භවී ඇති නිසා රාජකාරි භාරගෙන සටන මෙහෙයවන්න කීවා. මම එවේලේම යුද්ධය මෙහෙය වීම ආරම්භ කළා. ඒ වන විට සාම්පූර් ප්‍රදේශයේ සටන් ඇවිළී තිබූ නිසා එදින රාත්‍රි 12.00 සිට සටනට අණදීම ආරම්භ කළා. එදින ආරම්භ කළ සටන අවුරුදු 2 මාස 9 කට පසු යුද්ධය ජය ලබා අවසන් කරන තුරුම අඛණ්ඩව මා සිදුකළා. යුද හමුදාපතිවරයෙක් ලෙස තම මාතෘ භූමිය වෙනුවෙන් කළ හැකි උපරිම කැපවීම මම ඉටුකර අවසන්. එය ඉතිහාසයේ ලියෑවී අවසන්. කවුරුන් එය විකෘති කිරීමට උත්සාහ දැරුවත් සියලු දෙනාම විශේෂයෙන් සියලු හමුදාවල රණවිරුවන් සත්‍යතාවය දන්නවා. එතරම් කැපවීමක් කළ මම කවරදාවත් මගේ රට හෝ යුද හමුදාව පාවාදීමට අසත්‍ය ප්‍රකාශ කරන්නේ නැහැ. ත්‍රස්තවාදී යුද්ධය පරාජය කළ නොහැකි බවට රටපුරා මතයක් ප්‍රචාරය කර තිබුණ නිසා යුද්ධය ජයගැනීම විශ්වාස නොකරන තත්ත්වයක් තිබුණා.

කේක් ගෙඩි එන්න එන්න කුඩා වෙනවා
නමුත් යුද ජයග්‍රහණ ලැඛෙන්න ලැඛෙන්න ඒ මතය වෙනස් වුණා. සාම්පූර් ජයග්‍රහණය ලැබූ අවස්ථාවේදී ඒ සතුට සැමරීම සඳහා ජනාධිපතිතුමා විසින් විශාල කේක් ගෙඩියක් කැපුවා. නමුත් යුද ජයග්‍රහණ ලැඛෙන්න ලැඛෙන්න ඒ කේක් ගෙඩිය කුඩා වුණා. යුද්ධය අවසන් වූ පසු කැපූ කේක් ගෙඩිය බොහෝ කුඩා එකක්. මාත් මගේ ආදර”ය රණවිරුවනුත් මව්බිම වෙනුවෙන් කළ උදාරතර සේවය වත්මන් ආණ්ඩුවට කුඩා වුණෙත් එම කේක් ගෙඩිය කුඩා වුණ ආකාරයටමයි. යුද්ධයේ සමහර අවස්ථාවලදී සමහර සේනාංකාධිපතිවරුන් තරුණ නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ දස්කම් හා එඩිතරකම් නිසා ජනප්‍රිය වුවද තීරණ ගැනීමේදී අඩුපාඩු සකස් කිරීමට මම පුද්ගලිකව මැදිහත් වුණා.

සුමිත් මානවඩු මගේ තරහ පිරිමහ ගත්ත
ඉන් එක අවස්ථාවකදී මේජර් ජෙනරාල් සුමිත් මානවඩු යුද්ධයේදී අසාර්ථක වූ නිසා මා ඔහුව සේනාංක අණදීමෙන් ඉවත් කළා. ත්‍රස්තවාදී පරාජයක් හමුවේ කඩාවැටුණ ඉහත නිලධාරියා නිවට අයුරින් හමුදාවෙන් අස්වී යැමට පවා කටයුතු කළා. 2010 පෙබරවාරි මස මාගේ කාර්යාලයේදී ඉතාම නිින්දිත ආකාරයට මාව පැහැරගෙන යැමට පාලකයන් භාවිත කළේ මෙම නිලධාරියාවයි. හයිකොප් වංචාව යෑයි කියන නඩුව ගැනද පළමුවෙන්ම පොලිසියට පැමිණිලි කොට ඇත්තේද මෙම නිලධාරියායි. මට පහරදීමට රජය පාවිච්චි කරන්නේ දූෂිතභාවය හා අකාර්යක්ෂමභාවය නිසා පසෙකට දමා තිබූ නිලධාරීන්වයි. මෙම අධිකරණයේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු පැවැසුවා ඔහු විසින් වැඩිදුර ජයග්‍රහණ ලබාගන්නා බව. නමුත් ඉන්දීය හමුදාවට පවා අල්ලා ගැනීමට නොහැකිවූ වන් ෆෝ බේස් කඳවුර පවා අල්ලා ගත්තේ වෙනත් නිලධාරියකු නිහඬව අණදුන් 59 සේනාංකයයි. යුද්ධයේදී එයට සහභාගි වූ සියලුම සේනාංක සියල්ලම සාමූහිකව කටයුතු කිරීම නිසා යුද ජයග්‍රහණ මව්බිමට අත්කර දීමට හැකිවුණා. එම සේනාංකවල සාමූහික ක්‍රියාකාරිත්වය නොලැඛෙන්නට එක් සේනාංකයකට හෝ එක් අයකුට කැපී පෙනෙන්න ලැඛෙන්නේ නැහැ. රූපවාහිනියෙන් යුද වීරයන් නොවූ සේනාංකාධිපතිවරුන් රාශියක් මෙම ජයග්‍රහණයට උර දුන්නා. ඔවුන් කුඩා ප්‍රදේශයකට සීමාවී සිටීම නිසාත් සිවිල් ජනතාව බලයෙන් රඳවාගෙන අපගේ ප්‍රහාරවලින් මිදීමට එල්ටීටීඊය උත්සාහ කළා. එබැවින් ඉදිරියට යැම මන්දගාමී තත්ත්වයක් ඇති වුණා. ඒනිසාම යුද්ධය ඉතාම සංකීර්ණ තත්ත්වයට පත්වුණා.

ජනපතිගෙ සටන් විරාමය නිසා අපට පාඩු වුණා
මාගේ විරෝධය නොතකා 2009 ජනවාරි 31 සහ පෙබරවාරි 1 දා ජනාධිපති විසින් සටන් විරාමයක් නම්කළා. එය ප්‍රයෝජනයට ගෙන ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන උපක්‍රම යොදවා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා. ඉන් මගේ සෙබළුන් විශාල ප්‍රමාණයක් මියගියා. සටන් විරාමයක් තිබුණ නිසා සංවිධානය වී ප්‍රහාර එල්ල කරන්න ලැබුණේ නැහැ අපිට. මගේ විරෝධතාවය නොතකා ගත් මේ තීරණය නිසා ත්‍රස්තවාදීන් ඉන් ප්‍රයෝජන ගත්තා. ඒ නිසා හමුදාවට කිලෝමීටර් ගණනාවක් පසුබසින්න සිදුවුණා. තවදුරටත් සිදුවුණා නම් අපි ලබාගත් ජයග්‍රහණය අපිට අහිමි වෙන්න තිබුණා. ඉන්දියාවේ උපදේශක නාරායන් මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සටන් විරාමයක් ඇති කරන්න පොරොන්දු වූ බව ඩේලි මිරර් පත්තරේ පළවුණා. මෙම විදේශයන් පිනවීමට ගත් තීරණය නිසා ඇතිවන්නට ගිය විනාශය මම වළක්වා ගත්තේ සෑහෙන වෙහෙසක් ගැනීමෙන්. යුද්ධය අවසන් වීමට මාස දෙකක් තිබියදී මගේ මෙහෙයුම් අංශයේ සිටි මේජර් ජෙනරාල් උදය පෙරේරා ආරක්ෂක ලේකම්ගේ උපදෙස් මත මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් හැටියට පිටත් කළා. ඒ යුද්ධය බිහිසුණුම අවස්ථාවේදී මගේ දකුණු අත කපාදැම්මා හා සමානයි.මෙවැනි කරුණු වලින් වැටහෙනවා යුද්ධය ගැන ඔවුන්ට ඇත්තේ ඉතාම සරළ දැනුමක් බව.

අවසන් මොහොතෙත් ගෝඨාභය සුබ පැතුව
මැයි 17 වැනි දින අපිට ත්‍රස්තවාදීන්ව 400 - 400 බිම් ප්‍රමාණයකට කොටුකරන්න පුළුවන් වුණා. මැයි 18 වැනිදා උදේ වරුවේ එම ප්‍රදේශය සම්පූර්ණයෙන් අල්ලාගෙන යුද්ධය ඉවර කරන්න අපි සූදානම් වී සිටියා. නමුත් 17 රාත්‍රිය හා 18 වැනිදා ත්‍රස්තවාදීන් 350 පමණ මරා දමන්න පුළුවන් වුණා. තවත් ත්‍රස්තවාදීන් 150 ක් පමණ කඩොලාන කැලයට ඇතුළු වුණා. රාත්‍රි කාලයේ මේ ස්ථානය වටකරගෙන ඊට පසු දින එනම් මැයි 19 වැනිදා සටන් ආරම්භ කළා. එම සටන අවසානයේදී ප්‍රභාකරන් හා මුහුදු කොටි නායක සුසෙයි හා පොට්ටුඅම්මාන්ගේ බිරිඳගේ මළ සිරුරු ඇතුළු මළ සිරුරු 25 ක් පමණ සොයාගත්තා. අවුරුදු 30 ක යුද්ධයේ අවසන් වෙඩි උණ්ඩය ඉන් නිමා වුණා. මා මගේ රටට ජනතාවට දුන් පොරොන්දුව ඉටු කළා. මා මව්බිමට ණයනැති පුරවැසියෙක් බවට පත්වුණා. මැයි 18 ප්‍රභාකරන් ඇතුළු එල්. ටී. ටී. ඊ නායකයන් කඩොලාන ප්‍රදේශයේදී සටන් කළාත් ඒ සියලුම ප්‍රදේශ හමුදාව අතට පත්වී තිබුණා. මම ඒ බව රාජකාරි මට්ටමින් හා නිලවශයෙන් ජනතාවට දැන්වූවා. එදිනම සවස ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පතිට සම්මාන ලබාදීම සඳහා අරලියගහ මැඳුරට කැඳවා තිබූ අවස්ථාවේදී මාගේ අතිජාති මිත්‍ර ගෝඨාභය රාජපක්ෂ මහතා මාව වැළඳගෙන සුබපැතුවා.
ඔහු අනෙකුත් හමුදාපතිවරුන්ට මනුෂ්‍ය ගතිගුණ ඇතැයි මෙම අධිකරණයේදී පැවසුවත් ඔවුන්ව බදාගෙන වැළඳගත්තේ නැහැ. ඕනෑම මනුෂ්‍යයෙක් ජීවිතයේදී වඩාත්ම සතුටු වෙන දිනයක් තිඛෙනවා. මගේ ජීවිතේ මා වඩාත්ම සතුටු වූ දිනය ලෙස සඳහන් කළ හැක්කේ යුද්ධය අවසන් කළ දිනයයි. ගෝඨාභය මාව බදාගෙන වැළඳගත් නිසා නොව යුද්ධය අවසන් කළ නිසායි. ළමාවියේ සිට නිල ඇඳුමට ආසා කළ මා එම නිල ඇඳුමෙන් මගේ මව්බිමට කළ හැකි උතුම්ම මෙහෙවර කළ දිනයයි.
එලෙස කළ මා කිසිදු අවස්ථාවක රට පාවාදීමක් හෝ හමුදාව පාවාදීමක් කර නොමැති බව දේශානුරාගයෙන් දන්වා සිටිමි. මෙය මම කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ඔප්පු කළා. මම කාඩ්බෝඩ් දේශප්‍රේමියෙක් නොව සැබෑ දේශප්‍රේමියෙක් බව ඔප්පු කළා. එසේම උපන් දේශය රැකගත් මුර දේවතාවක වූ මා කිසිදා රට පාවා දුන්නේ නැහැ. කඩු ඔටුනු හීනෙන් පෙනෙන මන්ද මානසික තත්ත්වයට පත් නොවූ මා සැබෑ දේශප්‍රේමියෙක් බව ඔප්පු කළා.

හමුදා සෙබළුන්ගෙ සේවය විශිෂ්ටයි
පොලිස් විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්ෂක බළකාය, ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය, සියලුම රෝහල් කාර්ය මණ්ඩල රටේ ජනතාව විශාල කැප කිරීම් කළ බව මම දනිමි. එයිනුත් වැඩිම කැපවීමක් කළේ යුද හමුදාවයි. කිසිම දෙයක් නොකළේ දුප්පත් ජනතාවගේ බදු මුදලින් යෑපෙන සමහර දේශපාලනඥයන් පමණි. අවු. 02. මා. 09 කාලය තුළදී ත්‍රස්තවාදීන් 23,000 විනාශ කර තවත් ත්‍රස්තයන් 12,000 අත්අඩංගුවට ගත්තේ යුද හමුදාවයි. නාවික හමුදාව විනාශ කළ නැව් 10 න් 8 ක්ම සඳහා බුද්ධි තොරතුරු සැපයුවේ යුද හමුදා බුද්ධි තොරතුරු මතයි. අපි ලබාදුන් බුද්ධි තොරතුරු අනුව ගුවන් ප්‍රහාර එල්ල කොට ත්‍රස්තවාදීන් 6500 පමණ මැරුවා. සටනේදී මියගිය රණවිරුවන් අතරින් සියයට 98 ක් හමුදා රණවිරුවන්. විනාශ කළ ත්‍රස්තවාදීන් අතරින් සියයට 94 ක්ම විනාශ කළේ අපේ යුද හමුදාවයි.

මට කැපිලි ආව හැටි
තත්ත්වය එසේ තිබියදී 2009 ජුනි 12 වැනිදා යුද්ධය ඉවරවී මාස දෙකක්වත් ගත වීමට පෙර හදිසියේම මා ජනාධිපති මැඳුරට කැඳවා යුද හමුදාපති තනතුරේ වැඩ භාරදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස වැඩ භාර ගන්න කියා ජනාධිපතිතුමා මට කීවා. මෙය ඇසූ මා විමතියට පත්වුණා. මෙය ලෝකයේ කිසිම රටක නොවන දෙයක්. යුද පිටියේ සිටින සෙබළුන්ට සුබ පැතීමට අවස්ථාවක් නොදී ඔවුන්ගේ පවුල්වලට අදාළ සුබ සාධන කටයුතු පිළිවෙළක් කිරීමට පෙර මාව මෙවැනි තත්ත්වයකට පත් කිරීමට ජනාධිපති හා ආරක්ෂක ලේකම් පියවර ගත්තා. මගේ නියෝග මත තම ජීවිත නොතකා සටන් කළ නිලධාරීන්ට හා සෙබළුන්ට ඇ`ගට දැනෙන සුබ සාධක කටයුතු ක්‍රියාදාමයක් සකසා ඔවුන්ගේ හිසට සෙවන, දරුවන්ට අධ්‍යාපන හා ආර්ථික ශක්තියක් දීමට මගේ විශාල බලාපොරොත්තුවක් යුද්ධය අවසන් වූ පසු තිබුණා. යුද්ධයේදී ජීවිත පූජා කළ සෙබළුන්ට හා ආබාධිත සෙබළුන්ට ලැඛෙන වන්දි මුදල් කිසිසේත්ම නොසෑහෙන බැවින් ඒවා වැඩි කිරීමට මා ජනාධිපතිතුමාට යෝජනා කොට තිබුණා. ඔහු හදිසියේ මා එම තනතුරින් ඉවත් කිරීම නිසා මට මගේ සෙබළුන්ට කෙළෙහි ගුණ දැක්වීමට ඉඩ ලැබුණේ නැහැ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ක්‍රියාන්විත මෙහෙයුම් සැලසුම් කිරීමට ඉඩ ලැඛෙන්නේ නැහැ. ඔහුට තිබුණේ ආරක්ෂක ලේකම්වරයාගේ සහායකයකු ලෙස වැඩ කිරීමට පමණයි.

වැඩිදුර විභාගය අද පෙරවරුවේ පැවැත්වේ.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

Related Posts Plugin for WordPress, Blogger...