Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

prew_muslimනැගෙනහිර පළාතේ කට්ටන්කුඩි ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් දෙස් විදෙස් අවධානය දිනාගැනීමට සමත්ව ඇත.සිද්ධිය සිදුව ඇත්තේ මෙසේය.
17 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් කට්ටන්කුඩි නගරයේ ඉන්ටර්නෙට් කැෆේ එකකට ගොස් ඉන් පිටතට පැමිණෙද්දී ඉන් එක සිසුවියකගේ පියා විසින් එම සිසුවියන් දෙදෙනා අසභ්‍ය චිත්‍රපට නැරඹු බව චෝදනා කොට තිබේ.
නමුත් එම සිසුවියන් දෙදෙනා එය ප්‍රතික්ෂේපකොට ඇත.ඉන් පසු ටික වෙලාවකින් අදාළ සිසුවියන් දෙදෙනා අසභ්‍යය චිත්‍රපට නැරඹු බවට නගරය පුරා ඇති පල්ලි නවයක ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ප්‍රචාරය කර ඇත.

මුළු නගරයටම ඇසුණු ඒ පණිවිඩයෙන් නගරයේ මුස්ලිම් ජනයා අආල සිසුවියන් දෙදෙනා වටා රොක් වී ඔවුන් දෙදෙනාට චෝදනා කිරීමටත් පහරදීමටත් පටන්ගෙන ඇත.ඉන්පසු තරුණයන් පිරිසක් එම පියාගෙන් සිය දියණිය හා ඇගේ යෙහෙළිය උදුරාගෙන අසල නිවසකට ගෙන ගොස් පහර දී ඇත.
පසුව පොලිසිය මැදිහත් වී අදාළ සිසුවියන් දෙදෙනා රෝහලට ඇතුලත් කොට ඇත.
පසුව කල පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ සිසුවියන් දෙදෙනා අන්තර්ජාලයට ගොස් අසභ්‍යය චිත්‍රපට නරඹා නොමැති බවයි.
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා නගරයම ආවරණය වන පරිද්දෙන් පල්ලි නවයක ශබ්ද විකාශන යන්තර වලින් එම සිසුවියන් දෙදෙනා නිදොස් බව ප්‍රකාශ කොට ඇත.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...