Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

prew_saliya-ranjanස්වර්ණවාහිනියේ සැලසුම්කල රියලිටිය
ස්වර්ණවාහිනී ඩාන්ස් ස්ටාර් ඩාන්ස් මගින් අප ඊයේ (01) දිනයේ ඉඟි කලාක් මෙන්ම සාලිය නිවේදන කටයුතු වලින් ඉවත්කොට ඒ වෙනුවට රන්ජන් රාමනායක නිවේදන කටයුතු සඳහා යොදා තිබේ.
සැබවින්ම සිදුව ඇත්තේ කලින් සැලසුම් කල රංගනයකි.ඒ සාලිය සත්‍යජිත් හට පෞද්ගලික හේතුවක් මත විදෙස්ගතවිමේ අවශ්‍යතායක් නිසා වැඩසටහනේ නිවේදන කටයුතු වලින් ඔහුට ඉවත් වීමට සිදුවීම හෙයිනි.
වීඩියෝව හොදින් අධ්‍යනය කිරීමේදී පෙනී යන කරුණු වන්නේ රන්ජන් රාමනයාක සාලියට තර්ජනය කරන විට රන්ජන්ගේ අනෙක් පස සිටින ජනනාත් වරකාගොඩ සිනාමුසු මුහුණින් රන්ජන් දෙස බලා සිටීමයි.

සාලියගේ පන දිවිමද හාස්‍යජනකය.ඔහු යන මග කෙතරම් ඉඩ තිබුනත් ඔහු දුවන්නේ ඉනි මගක් පටලවාගෙන හා පාරේ අයිනේ සිටින අයෙක් තල්ලු කරමිනි.
විදෙස් රටවල බොහෝ රියලිටි වැඩසටහන් විකාශය කරන්නේ සජීවීව වන අතර කලින් සැලසුම් කර පටිගත කර රියලිටිය මවාපාමින් රියලිටියේ අර්ථය නොදත් ස්වර්ණවාහිනියට රැවටෙන පිරිසද බොහෝ වේ.

01/07/11
මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන ඩාන්ස් ස්ටාර් ඩාන්ස් සම්බන්ධ දැන්වීමක දැක්වෙන්නේ රන්ජන් හා සාලිය අතර ගැටුමක් ඇති වී රන්ජන් සාලියට පහර දීම සඳහා වේදිකාවට දිව යන ආකාරයයි.එය හෙට(02) දිනයේදී විකාශය වීමට නියමිත බවත් එම දැන්වීමේ සඳහන් වනවා.
සාලිය සහ රන්ජන් අතර සැබෑවටම ගැටුමක් ඇතිවුනේ පසුගිය මැයි මාසයේ 29 වන දින විකාශය වූ වැඩසටහනේදීය.
එහිදී අවම එස්.එම්.එස් ප්‍රමාණයක් ලබාගෙන අක්ෂා සුදාරි ද වේදිකාවේ සිටි අතර විනිශ්ච කරුවන් ගැන අදහස් දක්වද්දී සාලියද රන්ජන්ට එරෙහ්ව කරුණු දැක්වීමට පටන්ගෙන ඇත.
එහිදී කෝපයට පත් රන්ජන් වේදිකාවේ සිටින සාලියට පහරදීමට දුවගෙන යයි.
නමුත් 29 වනදා විකාශය වූ වැඩසටහනෙන් එම දර්ශන ඉවත්කොට ගැටුමේ සලකුණක්වත් නැති ආකාරයට සංස්කරණය කොට දර්ශනය කළේය.
තවත් රඟපෑමක් ?
මේ අතර ස්වර්ණවාහිනී නිල නොවන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සාලිය හට සති දෙකක පමණ කාලයක් ඔහුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිත බැවින් ඉදිරියේදී වැඩසටහන මෙහෙයවීමට වෙනත් කෙනෙකු ගෙන ඒමේ ප්‍රවේශයක් ලෙස මෙය රූගත කල බවයි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...