Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Dec 30



Dec 30

කඩුවෙල පදිංචි ලංකා දුම්කොල සමාගමේ විශ්‍රාමිකයකු වන ස්‌ටැන්ලි තිලකවර්ධන මහතා හැට තුන් හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි.ඔහුගේ නිවසේ විශේෂත්වය වන්නේ ඉඩමේ තිබූ පොල් ගස ඉවත් නොකොට පොල්ගස මැදි කොට ගෙය ඉදි කිරීමයි.

"අපි මේ ඉඩම ගනිද්දි පොල් ගස්‌ දෙකක්‌ තිබුණා. ඉඩම පර්චස්‌ දහයයි. ප්ලෑන් එක අනුව පොල්ගස්‌ දෙකම කපන්නයි තිබුණේ. නමුත් මට හිතුන ගස මැදි කරල ගේ හදන්න. බලන් හිටපු හැම දෙනාම කිව්ව ඔය මොකක්‌ද කරන මෝඩ වැඩේ කියලා. ඒත් උඩ තට්‌ටුවෙ බැල්කනිය මැදින් පොල් ගහ යන විදිහට ගේ හැදුව.
පොල් කඩනකොට ගස්‌ නගින කෙනා උඩ තට්‌ටුවට නැගල එතන ඉඳන් ගහට නගිනවා. ගෙට වැටෙන්නෙ නැති විදිහට පරිස්‌සමින් ගෙඩි කඩනවා.

අපේ මුළු පවුලටම මේ පොල් ගහ ඇති. අද පොල් ගෙඩියක්‌ රුපියල් හැටක්‌ විතර. පොල් ගස්‌ කපපු කැපිල්ලට මේ මිලට තිබෙන එකත් ඇති. නීති ගෙනාවෙ පරක්‌කු වෙලා.

පාරේ යන හැම දෙනෙක්‌ම නතර වෙලා ගේ දිහා බලලා හිනා වෙලා යනවා.ඒකත් ලොකු දෙයක්‌නෙ." 

දිවයින ඇසුරිනි

Dec 30

ලොකුම සුබ පැතුම්පත 
ලොකුම සුබ පැතුම්පත පිරි නැමීම අද

ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට සුබපැතීම සදහා නිර්මාණය කල ලොව විශාලතම සුබ පැතුම්පත අරලිය ගහ මන්දිරයෙන් පිටත කලාපයේ ලිබර්ටි වටරවුම අසල සකස් කල විශේෂ වේදිකාවකදී පිරිනැමීමට නියමිතය.ලොව විශාලතම සුබ පැතුම් පත ලෙස මෙය වාර්තා ගත වන බව මහාමාර්ග අමාත්‍ය කාර්යාලය පවසනවා. 


ලෝකයේ ලොකුම සුබ පැතුම් පත 

ලෝකයේ විශාලම සුබ පැතුම්පත මේ දිනවලදී ශ්‍රී ලංකාවේදී සුදානම් කෙරෙයි.ඌව මහා ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ උපදෙස්මත සුබ පැතුම්පත නිර්මාණය කරන්නේ සමන් ප්‍රසාද් හෙට්ටි ආරච්චි මහතාය. අඩි 40 ක් පළල, අඩි 90 ක් දිග සුබ පැතුම් පත ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තියට සුබ පැතිම සදහා සැකසෙයි.ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අතින් මෙම සුබ පැතුම් පත ජනපතිට පිළිගන්වන අතර එය ගිනස් වාර්තාවක් ලෙස ගිනස් පොතට එකතු විමට නියමිතය. 

ලෝකයේ ලොකුම සුබපැතුම් පොත

ජනාධිපතිතුමන්ගේ උපන් දිනය වෙනුවෙන් සකස්කළ සුබපැතුම් ඇතුලත් ලොව විශාලම සුබපැතුම් පොත වෘත්තියෙන් මාධ්‍යවේදියෙක් වූ අනුර විජේනායක විසින් නිර්මාණය කොට ඇත. මෙය පිටු 2010 කින් සමන්විත වන අතර කිලෝ 7 1/2 ක් බරකින් යුක්ත වෙයි.මෙහි පළමු පිටුවේ සුබපැතුම සටහන් කරන ලද්දේ අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාය.

Dec 30

ජනපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් ගමනින් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් ලිහිල් කල තත්වයක් දක්නට ලැබුණි.ඒ සදහා වූ මුලික සිදුවීම වුයේ ශ්‍රී ලංකාවට ඒමට තහනම් කොට තිබු බන් කි මුන්ගේ ත්‍රිපුද්ගල කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදීමට විදේශ අමත්‍යංශය කටයුතු කිරීමයි.

එම කමිටුව ඇමිණීම කෙරෙහි ආණ්ඩුවේම විවිධ පක්ෂ විරෝධය පල කිරීමේදීත් විදේශ අමත්‍යංශය ත්‍රිපුද්ගල කමිටුවට ලංකාවට පැමිණීමට ඉඩ දීම පසුපස රගපෑ ප්‍රධාන පුද්ගලයා වුයේ අන් කවරෙකුවත් නොව මෙයට පෙර අප විසින් හෙළි කල අරලිය ගහ මැදුරේ සර්පයා නොහොත් සජින් වාස්ය.

පසුගියදා ජනාධිපතිවරයා සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රී ධුරයට පත් කිරීමත් සමගම ඔහුට උපදෙස ලැබුනේ ජාත්‍යන්තර ප්‍රජාව සමග පවතින මතබෙදකම් හැකිතාක් දුරට අවමකර ගැනීමටත් බටහිර රටවල් සමග මිතුරු කමක් ගොඩ නැගීමටත් කටයුතු කරන ලෙසටයි.

ඒ අනුව සජින් අධීක්ෂණ මන්ත්‍රී ධුරය බාරගත් සැනින් කලේ විද්වත් කමිටුවට ශ්‍රීලංකාවට පැමිණීමට අවස්ථාවක් ලබාදීම මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සුහදතාවයක් ගොඩ නාග ගැනීමට උත්සහ කිරීමයි.නමුත් සජින්ගේ මෙම වෑයමට මුලින්ම විරෝධය එල්ල වුනේ විමල් වීරවන්ශගෙනි. 

ජ.නි.පෙ සාමාජික පියසිරි විජේනායක පසුගිය ද පුවත්පත් සාකච්චාවක් කැදවමින් කියා සිටියේ විදේශ අමාත්‍යංශයට කොටි රිංගගෙන ඇති බවත් එම දේශ ද්‍රෝහීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටය.ඒ අනුව මේ වන විට මුන්ගේ කමිටුවට ලංකාවට ඉඩ දීම තුල සජින් හා විමල් අතර සිතල යුද්ධයක් හටගෙන ඇත. 

Dec 30

පසුගිය දිනවලදී මාගම්පුර වරාය පිලිබද නැගුනු චෝදනා පිලිබදව නි. ඇමැති නිර්මල කොතලාවල නිවේදනයක් කර තිබෙනවා. 


ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක් - අපිට සහතික ඕන නෑ


ලෝකයේ කිනම් හෝ රටකට සිය අභිමතය පරිදි වරායක්‌ ඉදි කිරීමේ හැකියාව පවතින අතර එසේ ඉදිකළ වරායක්‌ ජාත්‍යන්තර නෞකා සහ වරාය පහසුකම් ආරක්‍ෂණ නියාමන පද්ධතියට අනුව සහතික කළ යුතු අතර ජාත්‍යන්තර සමුද්‍රික සංවිධානයට ඒ බව දැනුම්දිය යුතුය. ඉන් අනතුරුව එමගින් එකී වරාය ආරක්‍ෂිත වරායක්‌ ලෙස ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කෙරෙයි.

ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක්‌ වන අතර අපගේ වරායන් පිළිබඳ වෙනත් කිසිදු රාජ්‍යයක්‌ මගින් ලබාදෙන සහතිකයක්‌ අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ පවතින වරායන් පිළිබඳ සියලු සහතිකයන් ශ්‍රී ලංකාවේ වරාය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගින් ජාත්‍යන්තර සමුද්‍රික ප්‍රවාහය වෙත නිකුත් කෙරේ. ශ්‍රී ලංකාවේ පවතින සියලු වරායයන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට පත්වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් හාබර් මාස්‌ටර්වරයා එකී වරායන්ගේ සමුද්‍රික හා යාන්ත්‍රික ගැඹුර පිළිබඳ මෙන්ම ඒවායේ පවතින ආරක්‍ෂිත නිර්ණායකයන් පිළිබඳ නිල තොරතුරු ලබා දෙයි.
පසුගිය නොවැම්බර් 18 වනදා හම්බන්තොට වරාය ජනාධිපතිතුමා විසින් විවෘත කලේ ජනතාවගේ අතිමහත් බලාපොරොත්තු මැදය.

දවසකට නැව් 4ක් වත් ඒවි - විමල්
වරාය විවෘත කිරීමට පෙර විමල් වීරවංශ ඇමති තුමා ඔහුගේ කතාවකදී කියා සිටියේ හම්බන්තොට වරාය පසුකරගෙන දිනකට නැව් 400 ක් පමණ යන බවත් එයින් දිනකට නැව් 4 ක් වත් මාගම්පුර වරාය විවෘත කල පසු  වරායට පැමිණෙනු ඇති බවය.

ආපූ නැව් සේරම ලංකාවේ නැව්
එහෙත් අද වන විට තත්වය එසේ නොවේ.මෙතෙක් වරායට පැමිණ ඇති සියලුම නැව් ලංකාවේ නැව් ය.මුලින්ම පැමිණියේ ශාන්ත ගෝමස්‌ මහතාට අයති "සේරුවිල" නම් නමැති නැව අතර එය පිටු පසින් පැමිණියේ නාවික හමුදාවට අයත් "ජෙට්‌ ලයිනර්" නෞකාවයි. තුන්වැනියට එහි පැමිණියේ වරාය අධිකාරියට අයත් කෝටි ගණනක් දී වරාය විවෘත කිරීම සදහා සැරසු "ප්‍රදීපා" නමැති බෝට්‌ටුවයි.

නමුත් ආණ්ඩුව දිගින් දිගටම කියා සිටියේ පලවෙනි නැව දෙසැම්බරයේ පැමිණෙන බවයි.එසේ නැව් පැමිණීමට වරායට විශේෂ දිනයක් ,මාසයක් අනවශ්‍ය අතර අදාල නීතිමය සුදුසුකම් සපුරා ඇත්නම් ඕනෑම මොහොතක අදාළ අවසරය ඇතුව නැවකට වරායට ඇතුල් විය හැකිය.මාගම්පුර වරායට නැව් නොපැමිණීම පිටුපස ඇති කාරණය වන්නේද වරායක තිබිය යුතු නීතිමය සුදුසුකම් සපුරා නොතිබීමයි.



බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි/ISP සහතිකය/වරායේ සිතියම තාම නෑ
ප්‍රධානම කාරණය වන්නේ නාවික නිතිය අනුව වරායක් විසින් ලබාගත යුතුව තිබෙන "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය මාගම්පුර වරාය වෙත මෙතෙක් නොලැබීමයි.ලොව නැව් ගමන් ගන්න සියලුම නැව් "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි"සහතිකය යටතේ සිතියම් කරනු ලැබෙනු අතර වරායකට එය ලබාගැනීම නීතිමය අවශ්‍යතාවයක්ද වෙයි. 

"බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය නිකුත් කරනු ලබන්නේ අදාළ රටේ නාවුක බලධාරීන් විසින් නිසි මැනුම් කටයුතු නිම කර වරායේ යෝග්‍යතාව සහතික කිරීමෙන් පසුවයි. තවද වරාය සම්පුර්ණ කිරීමෙන් පසු වරායේ සිතියමක් නිකුත් කල යුතු වන අතර මාගම්පුර වරාය එය මෙතෙක් ඉදිරිපත්කොට නෑ.

තවත් නීතිමය අවශ්‍යතාවයක් වන වරාය සුරක්ෂිත බව තහවුරු කරන International Ship and Port Security Certificate සහතිකයද මාගම්පුර වරායට මෙතෙක් ලැබී නැහැ. 


බලෙන් නැව් ගෙන්වා ගැනීම

මෙම අවශ්‍යතා හැකි ඉක්මනින් සපුරා ගැනීම වෙනුවට රජය කරන්නේ බලෙන් නැව් වරායට ලගා කර ගැනීමටයි. චීනයේ සිට පොහොර ටොන් 12,000 කට වැඩි ප්‍රමාණයක්‌ පටවාගත් නැවක්‌ හම්බන්තොට වරායට යොමු කිරිමට රජය තීරණය කලා.නමුත් මාගම්පුර වරායේ ගැටළුකාරී තත්වය නිසා මුළු පොහොර තොගයම කොළඹ වරායේ ගොඩ බෑමට සිදු වුනා. 


ආසියාවේ ආශ්චර්ය කරමු
මෙම වරාය තැනීමේ නියමුවා වූ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වරාය ක්‍රේශ්ත්‍රය පිළිබද ප්‍රවීනයෙක් මෙන්ම උපාධිධාරියෙක්ද වනවා.නමුත් මෙවැනි ප්‍රබල දුර්වලතා එතුමාට මග හැරීමට නොහැකිවීම පුදුමයට කරුණක්.වඩා වැදගත් වන්නේ ජනතාවට පෙනෙන්න මාගම්පුර වරායට නැව් ගෙන්වීම නොව අවශ්‍ය නිත්‍යානුකුල පසුබිම සකස් කරගෙන වරායට කල ආයෝජනයේ ප්‍රතිලාභ ලබා ගැනීමයි. 

Dec 28

කොල්ලූපිටියේ පිහිටි පැරණි සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයේ පාලිකාව කොල්ලූපිටියේ පිහිටි ඇයට අයත් සුපිරි මහල් නිවාසය අසලදී අත්අඩංගුවට ගත් අතර එම ගණිකා නිවාසයට පැමිණි බලවත් දේශපාලනඥයන්ගේ නම් සියල්ල හෙළිකරන බවට එහි පාලිකාව තර්ජනය කර ඇතැයි වාර්තාවේ.

මෙම සුපිරි ගණිකා මධ්‍යස්ථානයේ පාලිකාව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඇය වෙනුවෙන් නීතිඥ සහායදීම සඳහා ඉදිරිපත් වූයේ ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථා සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ මහතාය.

මීට පෙර මෙම සුපිරි ගණිකා මධ්‍යස්ථානය වටලන හැම අවස්ථාවකදීම දේශපාලකයන්ගේ නියෝග පිට අත්අඩංගුවට පත් වූවන් පැයකින් නිදහස් කරගැනීමට එහි හිමිකරුවන්ට හැකිවී තිබුණි. මෙහි පාලිකාව කාන්තාවක් වුවත් හිමිකරු වන්නේ මේ රජයේ ආයෝජනය පිළිබඳ ඉහළ තනතුරක් දරන කැසිනෝ ශාලා හිමි සුපිරි කෝටිපතියෙක් බවද පැවසේ.

කොල්ලූපිටියේ පිහිටි මෙම සුපිරි ගණිකා මධ්‍යස්ථානය පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් පසුගියදා ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගයක් පිට වටලන ලදි.



old posts

Dec 28

හිටපු අග්‍රමාත්‍ය සහ යහපාලනය සහ යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා හොරණ මෙනේරිගම ප්‍රදේශයේ නව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීම සදහා පැවති උත්සවයකදීආණ්ඩුවේ  විවේචනය කරමින් කතාවක් සිදු කළේය.


එහිදී අදහස් දැක්වූ එතුමා
"අපි වවමු රට නගමු කියා කිව්වට  සමහර ගම්වල නිෂ්පාදනයන් විකුණ ගන්න බැහැ.විශාල ව්‍යාපෘතිවල නම් කිව්වා කියලා ජනතාව සෑහීමකට පත්වෙන්නේ නැහැ. එදිනෙදා ආහාර ද්‍රව්‍යවල මිල නගිනකොට අපිට අමු කුණුහරුපෙන් බණිනවා.
මේ සදහා ඇති දීර්ඝ කාලීන විසදුම නම් අපි ස්වයංපෝෂිත වීමයි. ඒකට සැලසුමක් ඇතිව ආණ්ඩුව එම වැඩපිළිවෙල මෙහෙයවන්න ඕන. සැලසුමෙන් තොරව මෙහෙයවුවොත් වෙන්නේ අර කැබිනට් මණ්ඩලය පත්කලායින් පසුව ඇතිවූ දේමයි. සමහර ඇමතිවරුන්ට ඉන්න තැනැක් නැහැ, කාර්ය මණ්ඩලයක් නැහැ, ලේකම්වරයෙක් නැහැ, ඒ ආකාරයේ සැලසුමක් නැති දේවල් කරුණාකරලා සැලසුමක් ඇතිව සිදුකරන්න කියලයි අපි යෝජනා කරන්නේ".

Dec 28

Dec 26

පසුගිය සති අන්ත (12/28) දිවයින පුවත් පතේ ‘මහින්ද, රනිල් හා සජිත්’ යන ශීර්ෂය සහිතව මේඝ යන අන්වර්ත නාමයෙන් යුක්තව පල කර ඇති දේශපාලන විග‍්‍රහයේ එක්සත් ජාතික පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කිසියම් අන්‍යාගමික නිකායකට බැඳී සිටී යන අදහස මතු වන ආකාරයේ කොටසක් විය.

පහත දැක්වෙන්නේ ලිපියේ එම කොටසයි

‘‘මහින්ද ඉතා නිවැරදිව ග‍්‍රහණය කරගත් ජාතික අනන්‍යතාව හා සංස්කෘතික වටිනාකම් ගැන රනිල් උනන්දු වූයේම නැත. මේ රටේ දේශපාලනය අදත් ඇඳී තිබෙන්නේ ඒ ජාතිකත්වය සමගය. මහින්ද දෙස බලා සජිත් ද පන්සල්වලට යැමට පටන් ගත්තා පමණක් නොව පන්සල්වලට ආධාර අනුග‍්‍රහ කිරීමටද පටන් ගත්තේය. 

එහෙත් එය මහින්දගේ මාවත තරම් පැහැදිලි එකක් නොවීය. එක් හේතුවක් පේ‍්‍රමදාස පවුල පිළිබඳව හා ආගමික පසුබිම් පිළිබඳව පැතිරී ගිය කතාය. ඔවුහු කිසියම් අන්‍යාගමික නිකායකට බැඳී සිටිතියි සමහරු කීහ’ සජිත් එහිදී තමා එයට අයත් නොවන බව කීවත් එය ජනතාව පිළිගන්නේද යන්න සැක සහිතය.’’

මෙම පුවත සම්බන්ධව සජිත් පේ‍්‍රමදාස මහතා විසින් උපාලි පුවත්පත් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම මහතාට දුරකතනයෙන් කල පැහැදිලි කිරීමකට අනුව අද දිවයින පුවත්පතේ (12/26) එම පලවූ ලිපියට කණගාටුව පලකොට ඇත.

Dec 26

කපුගෙදර - තමාරා අතිනත ගත් දා

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පසුගිය බ්‍රහස්පතින්දා තමාරා ඩිරේක් සමග විවාහ දිවියට එළඹුණා. නිසා. විවාහ උත්සවය පැවැත්වුණේ වෝටර්ස් ඒජ් හෝටලයේදීයි. 


Dec 25

ජනප්‍රිය සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක් වන ෆේස් බුක්  භාවිතයෙන් සිදුවන අන්තර් ජාල අපරාධ මත කාලය තුලදී වැඩි වී තිබෙනවා. ශි‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරුගේ මහතා ප‍්‍රකාශ කළේ පසුගිය හය මස තුළ පමණක් එවැනි අපරාධ 160ක් වාර්තා වී ඇති බවයි.ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ දිනකට facebook සම්බන්ධයෙන් පැමිණිලි 10 ක් 15 ක් ලැබෙන බවයි. 


කෙල්ලෝ ලෙසින් එන කොල්ලෝ
මෙහි දක්නට ලැබෙන නව ප්‍රවනතාව වන්නේ තරුණයන් තරුණියන් ලෙසින් ව්‍යාජ ගිණුම් සාදාගෙන එමගින් තරුණියන් රැවටීමයි.දැනට ක්‍රියාත්මක වන ගිණුම් අතරින් බොහොමයක් ලාංකික තරුණියන්ගේ ගිණුම් ව්‍යාජ ඒවා බව හදුනාගෙන ඇත.බොහෝ ගිණුම් සාදා ඇත්තේ තම වෙබ් අඩවිය ප්‍රචලිත කර ගැනීමට,තරුණියන් සමග චැට් කිරීම වැනි කරුණු මතයි.

එවැනි ව්‍යාජ ගිණුම් හදුනාගන්නේ කෙසේද?
  • කාමුක ප්‍රොෆයිල් පින්තූර යොදා තිබීම
  • ගිණුමේ ඇති ජායාරූප සීමිත වීම
  • පෞද්ගලික තොරතුරු දක්වා නොමැති වීම
  • අසංවර බසින් status යෙදීම හා comment කිරීම
තහනම් කරන ඉඩකඩ අඩුයි
facebook වෙත ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල ගියත් එය තහනම් කිරීමට ඇති ඉඩකඩ සීමිත බව බෝහෝ දෙනෙකුගේ මතයයි.මන්ද එමගින් මානව අයිතිවසිකම් කඩවෙන බැවිනි.

facebook තුලින් ඔබටත් යම්කිසි අකටයුත්තක් සිදු වුවහොත් එ පිලිබදව www.slcert.gov.lk (ශ්‍රී ලංකා සර්ට් ආයතනය) දැනුම් දෙන්න

facebook තුලින් හමුවූ ගැහැණු වෙස් ගත් පිරිමි

Dec 25

වාහන වල සීට් බෙල්ට් අනිවාර්ය කරයි
ඉංග්‍රීසි අකුරු අංක තහඩු සහිත වාහන වල ගමන් කරන්නන්ට ආසන ආරක්ෂක පටි (Seat Belts) පැලඳීම අනිවාර්ය කර ඇත.

වාහන වේගසිමා නැවත ක්‍රියාත්මක කිරීම

අධිකරණයේ විභාගය වන නඩුවක් හේතුවෙන් මෙතෙක් කල් වාහන වේගසිමා නිතිය ක්‍රියාත්මක නොවුනත් අපරික්ෂාකරිව රිය පැදවීම යටතේ වේග සිමා නිතිය ක්‍රියාත්මක කිරීම

ප්‍රසිද්ධ ස්ථාන වල මුත්‍රා කිරීම තහනම්

ප්‍රසිද්ධ නගර වල නගරය දුෂණය වන ආකාරයෙන් මුත්‍රා කිරීම තහනම් කොට ඇත.

සුරතල් සතුන් ලියාපදිංචිය අනිවාර්යයි

නිවසේ ඇතිකරන සුරතල් සතුන් ලියාපදිංචි කිරිඉමට තීරණය කර ඇත. මේ සබරගමුව පළාත තුල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර ඉදිරියේදී දිවයින පුරා
ක්‍රියාත්මක වීමට නියමිතයි

බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම තහනම්

බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මදින්නන් අල්ලා නඩු පවරා රු. 5000ක අවම දඩයක් නියම කිරීම




ක්‍රියාත්මක වීමට නියමිත නීති

දෘශ්‍ය දූෂණයට නීති

කඳු මුදුන්වල සන්නිවේදන කුළුණු සැකසීම, ප‍්‍රසිද්ධ ස්ථානයන්හි දැන්වීම් පුවරු ඇති කිරීම වැනි කටයුතු රාශියකට විරුද්ධව නව රෙගුලාසි පැනවෙනු ඇ

කාන්තාවන්ට කොට ඇදුම් තහනම්
කාන්තාව දණහිසෙන් ඉහල ප්‍රදේශය නිරාවරණය වන සේ ඇදුම් ඇදීම හා ලිංගික හැගීම් උද්දීපනය වන ආකාරයෙන් විලාසිත කිරීම සිමා කිරීම පිළිබද සොයා බැලීමට කමිටුවක් පත්කොට ඇත

නගරයට පැමිණෙන විට අනිවාර්යයෙන් පාවහන් පැලදීම
නගරයේ බුලත් කෙල ගසා අපවිත්‍ර කිරීම තහනම් කිරීම

Dec 25

ජැක්ලින් ගෙයි අමිර්ගේ ගෙයි අලුත්ම එක

Dec 25

ඊයේ රාත්‍රී සිට පැය 10 ක 12 ක කාලයක් බිඳ වැටී තිබූ ස්කයිප් අන්තර්ජාල නොමිල දුරකතන ඇමතුම් සේවය මේ වනවිට ශ්‍රී ලංකාව හා අවට රටවලට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව, එහි තාක්ෂණ අංශ උපුටා දක්වමින් විදෙස් වෙබ් අඩවි වාර්තා කරයි.

මෙම බිඳ වැටීමට හේතු තවම නිශ්චිතවම වාර්තා වී නැතත් එහි නිළ බ්ලොග් අඩවිය හා ට්විටර් වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙම බිඳ වැටීම තාක්ෂණික දෝෂ මත සිදුවන්නට ඇති බවත් විශේෂයෙන් නත්තල් නිවාඩු සමයේ බොහෝ පිරිස් මෙය වටා ගොනුවීම ඇතැම් ප්‍රදේශ වලට මෙම සේවා අක්‍රීය වීමට හේතුව වන්නට ඇතැයි සැක කරන බවයි.
මේ අනුව, පවතින තත්ත්වයන් නිරාකරණය කර සේවා යළි ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් එහිදි සම්පූර්ණ වශයෙන් සේවා යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයත් ගතවන බවත් එම අඩවි මගින් කරුණු දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ මෙම ස්කයිප් බිඳ වැටීම් හමුවේ ,මෙය පදනම් කර ගනිමින් අන්තර්ජාල සේවා හා අනිකුත් ව්‍යාපාරික කටයුතු සිදු කරන බොහෝ පිරිස්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද වාර්තා වේ.

Dec 25

ලංකාවේ සම්භාහන කර්මාන්තය ප‍්‍රමිතිගත කිරීමට රජය සූදානම් වන බව වාර්ත. ඒ සඳහා දේශීය වෛද්‍ය පනත සංශෝධනය කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ ඊයේ ( 22) පැවැති උත්සවයකට සහභාගි වෙමිණි. සියලූම සම්භාහන ආයතන පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍ර ලබා ගැනීමටද අනිවාර්ය බවත්, නුදුරේදීම ඒ සඳහා අණපනත් සංශෝධනය කරන බවත්, අමාත්‍යවරයා මෙහිදී පැවසීය

Dec 24


  
ජායාරූප | Lankanewsweb

මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා විසින් අලුත්ම අධි සුඛෝපබෝගී වාහනයක් වන ජගුවාර් XJ වර්ගයේ රථයක් ආනයනයකොට ඇත.
 

මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 184 වන අතර එහි අඩංගු බද්ද ලක්ෂ 106 ක් වනවා නමුත් අමාත්‍යවරයාට වාහනය ගෙන්වීමෙදි සමහර බදු වලින් නිදහස් කොට ඇති අතර ඒ අනුව අමාත්‍යවරයාට ගිය මුළු වියදම වන්නේ ලක්ෂ 112 කට ආසාන්න මුදලක්.

අමාත්‍යවරයාට බදු සදහා වියදම්ව ඇත්තේ ලක්ෂ 35 කට ආසන්න මුදලක් පමණි.වාහනය ගෙන්වීමට අදාළ සියලු ලිපි ලේඛන වලට අත්සන් තබා ඇත්තේ මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරියකු වන සෑම් කෝරලගේ විසිනි.මෙම රථය පසුගිය 6 වනදා කොළඹ වාරයට ගෙනවිත් තිබෙනවා.


ගෙන්වූ ජගුවාර් රථය

Dec 24

පසුගියදා පැවති රාජ්‍ය ළමා නාට්‍ය සම්මාන උළෙලට සහබාගි වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අපුරු කවියක් තම කතාවේදී කිව්වා.

උමතුසන් වරුසාව එනවා
උමතුසන් වරුසාව එනවා
තෙමෙ
අය ඒ මහා වැස්සට
සිහි විකල් වී පරල වෙනවා
පිස්සන් රජ උනත් එකයි
රජුන් පිස්සෝ උනත් එකයි
කාගේ ගැණු කාට ගියත්
අපේ නමට ලැබෙයි ළමයි

Dec 24


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජන මාරසිංහ මහතාගේ සහය ලබාගෙන ගුගල් මැප් ආධාරයෙන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සහ යාල වනෝද්‍යානයේ තැන තැන වල වගා කර තිබු ගංජා හේන් සහ එම ගංජා හේන් වලට යෙදු සහනාධාර පොහොර මිටි ද පැල්පත්වල තිබී සොයාගෙන ඇත. 

මෙම හේන්වල කාන්තාවන්ද සේවය කරන්නේ යෑයි ලැබුණු ආරංචි අනුව වැටලීම් සඳහා කාන්තා පොලිස්‌ නිලධාරිනියන්ද සහභාගි වී තිබෙන අතර මෙම වැටලීම් වලදී පුද්ගලයන් 40 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.සියලුම හේන්වල වවා තිබූ කංසා ගස්‌ කපා කොටා ගිනි තබා විනාශ කොට තිබේ.

Dec 23



Dec 23

නේපාලයේ හටගෙන ඇති දේශපාලන අර්බුද විසැඳීමට මැදිහත් වන ලෙස එරට ජනාධිපති රාම් බරන් යාදෙව් මහතා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගිය මාසයේ පුවත්පත්වල පල විය.

නමුත් ශ්‍රී ලංකාවේ හා නේපාලයේ මාධ්‍යවල මෙය ප්‍රචාරය වු සැනින් නේපාල රජය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසි දිනෙක ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් හෝ ශ්‍රී ලංකා රජයෙන් උපදෙස් නොඉල්ලු බවයි.

නේපාල රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද කතාව පිළිබද ජි.එල් මෙතෙක් කල් නිහඩ පිලිවතක් අනුගමනය කලද නේපාලයේ පලවන හිමාලයන් පුවත්පත අද ප්‍රකාශයට පත්කොට සිටියේ කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රීලංකාව නේපාලයෙන් සමාව ගත් බවයි. 

Dec 22

මිස් ශ්‍රී ලංකා කිරුළ 2006 හිමිකරගනිමින් බොලිවුඩ් රංගනයට පිවිසි සුරූපී ශ්‍රී ලාංකේය රංගන ශිල්පිණී ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් පිළිබඳව වාර්තා වන නවතම පුවත වන්නේ ඇය මවක් වීමට සැරසෙන බවය. තවමත් 29 හැවිරිදි වියෙහි පසුවන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිණී ශුෂ්මිතා සෙන් මෙන් අවිවාහක මවක් වීමට සූදානමින් සිටින බව සඳහන්ය. ළඟදීම ඇය කුඩා දරුවෙකු හදාවඩා ගැනීම සඳහා බාරගැනීමට නියමිත බව සඳහන් කලේය

Dec 22


Dec 22

ඉන්දීය පි‍්‍රමියර්ලීග් පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලිය සදහා කණ්ඩායම් වලට ක්‍රීඩකයන් බදවා ගැනීමට ක්‍රිකට් කී‍්‍රඩක වෙන්දේසියක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.මෙම වෙන්දේසිය පැවැත්වෙන්නේ ජනවාරි 8  සහ 9 වනදායි. විවධ රටවල් වල සුපිරි ක්‍රීඩකයන් තෝරාගැනීමට ක්‍රීඩා කණ්ඩායම් අයිතිකරුවන්ගෙන් දැනටමත් දැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙනවා.

 මහේල-දිල්ෂාන්ට වැඩිම ලංසුවක්
එක් එක් කී‍්‍රඩකයින් වෙනුවෙන් තබන මූලික ලංසු මුදල තීරණය වී ඇති අතර ඉන් වැඩිම මූලික ලංසුව ඩොලර් ලක්‍ෂ 4 කි. මෙම ඩොලර් ලක්‍ෂ 4 නියමවූ කී‍්‍රඩකයින් අතරට විශ‍්‍රාමික කී‍්‍රඩකයින් වූ ඇඩම් ගිල්කි‍්‍රස්ට් ,බ‍්‍රයන් ලාරා, අනිල් කුම්බ්ලේ හා ලංකාවෙන් මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂානුත් ඇතුළත්. 


මුත්තයියා මුරලිදරන්ට හා කුමාර් සංගක්කාරට තබා ඇති මූලික ලංසු මුදල අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 3 ක්.

Dec 22

ඩැඩී ගායක කණ්ඩායමේ  නවතම ගීත එකතුව "අරාබිය" නමින් එලි දක්වා තිබෙනවා.මේ එහි ඇතුලත් අරාබිය ගීතයයි.

Dec 22

පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සෙ පැතිර ගිය අසභ්‍ය වීඩියෝව තමාගේ නොවන බව නෙහාරා ලක්බිම පුවත්පතට සාකච්චාවක් ලබදෙමින් කියා සිටිනවා.


"මා පෙනී සිටි බව පැවැසුණු එක්තරා අසභ්‍ය විඩියෝ ක්ලිප් එකක් ගැන ඇති වු රාවය ගැන බොහෝ අය දන්නවා ඇති.එහි සිටින්නේ මගේ හැඩරුවට සමාන ඉන්දියානු තරුණියක්.මගේ සැමියා,මගේ ගෙදර අය ඒ තත්වය තේරුම් ගත්තා.

ඒ වගේම හැබැහින් මාව දැකලාවත් නැති රසික රසිකාවියෝ පවා මට හමු වු අවස්ථාවල ඔය ව්‍යාජ සිද්ධිය හින්දා හිත රිදවගන්න එපා කියලා මගේ හිත හදපු අවස්ථා තිබුනා.ඒත් හිතවත් කියලා මම හිතා හිටි ඇතැමි අය ඔය කථාව විශ්වාස කළා.සමහරු ඒක තව තවත් පතුරුවන්න උත්සාහ කරපු අවස්ථාත් තිබුණා.

ගැනු ළමයකුට තමාගේ චරිතය ගැන මේ වගේ අභූත චෝදනාවක් අවොත් මානසිකව දැඩි ලෙස කඩා වැටෙනවා.ඇත්තටම ඔය සිද්ධිය නිසා මමත් විශාල ලෙස කළකිරුණා.ඒත් මගේ සැමියා,ගෙදර අය මගේ හිත හැදුවා".

Dec 22

හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 14ක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ පස්වරුවේ හැටන් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සෙසු සැකකරුවන් දෙදෙනා හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.
අත්අඩංගුවට පත් හැටන් ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ නිවසේ ස්ථාවර දුරකථනයේ සගවා තබා ඇති එම මත්ද්‍රව්‍ය අලෙවි කිරිම සදහා ජංගම දුරකථනයේ සගවාගෙන ගෙනගොස් තිබේ.කුඩා පැකට් ලෙස සකසන ලද එම මත්ද්‍රව්‍ය කොළඹින් ගෙන්වා හැටන් ප්‍රදේශයේ අලෙවි කර ඇති බව පොලිසිය පැවසීය.
හැටන් පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකය මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබිණි.
සැකකරුවන් තිදෙනා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතය.

Dec 22

බොන අයට මේක තරම් බොන්න කැමති එකක් සහ හොඳට බොන්න පුළුවන් අයත් වැටෙන එකක් තමා මේ අන්තිම ෂොට් එක කියන්නේ. මාත් වැඩි පුරම කට් වෙලා තියෙන්නේ තනිකරම වගේ පෙරේතකමට වගේ බොන මෙන්න මේ අන්තිම ෂොට් එක නිසා.

අන්තිම ෂොට් එක කිව්වේ දෙන්නෙක් නම් බාගයක් බීලා ඉවර වෙච්ච වෙලාවක ආයි ගෙන්න ගන්න සීය හරි බෝතලයක් තුන් දෙනෙක් බීලා ඉන්න වෙලාවක ආයි ගෙන්න ගන්න එකසිය පනහ විතරක් නෙමෙයි. බීල ඉවර වෙලා කැම කන ගමන් දාගන්න ෂොට් එක එහෙමත් නැත්නම් හොඳටම වෙරි වෙලා ඉන්න වෙලාවක බෝතලේ ඉතුරු වෙලා තියෙන ටික ඉවර කරන්න දාගන්න එක. ඔය වගේ හොඳට බීලා ඉන්න වෙලාවක අන්තිමට බොන බීම වීදුරුව.

ඔය ගොඩක් වෙලාවට මේස උඩ ඉතුරු කරලා යන්නේ ඔය අන්තිම ෂොට් එක බීගන්න බැරි උනාම තමා. ඒකත් බීල කෙලින් ඉන්න අය නැතුවම නෙමෙයි. මේ ලඟදි බෝතලයක් බීපු දෙන්නෙක්ව වට්ටන්න හිතාගෙන තව 100ක් ගෙන්නත් දුන්න මෙන්න මුන් දෙන්න තව 100ක් ඉල්ලුවා ඉතින් තවත් දුන්නත් එච්චර නිසා අපි වැඩේ අතැරලා දැම්මා. ඔය අන්තිම ෂොට් එක නොබී ඉන්න පුලුවන් නම් ගොඩක් අයට ඒ වෙනකන් බීපු සේරම ආපහු නොදා තියා ගන්න පුළුවන් කමක් ලැබෙනවා ඒත් ගොඩක් අයට ඒක කරන්න බැහැ අන්තිම ෂොට් එකත් දාගන්නවම තමා.

කොච්චර කොහොම උනත් මේ අන්තිම ෂොට් එක නොබී ඉන්න පුළුවන් බොන අයනම් මට හම්බ වෙලා තියෙන්නේ අඩුවෙන්. බීම ඉවර වෙලා නවත්තන එක වෙනම කතාවක් ඒත් තියේනම් අන්තිම ෂොට් එකත් බොනවම තමා.

මට අනික් අය ගැන කෙසේ වෙතත් මන් ගැන සලකද්දි ඇයි මේක බොන්නේ කියලා නම් හිතා ගන්න බැහැ. කලාතුරකින් නම් වෙරි මදි වගේ නිසා බොනවා ඒත් අනික් වෙලාවට. බීම කියන්නේ එහෙම හදිස්සියේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ ඒක පැහැදිලි කරන්න බැහැ.

Dec 21

<!--24d0b7d66b2a4f5db5b22d0eae378de1-->

Dec 20

ප්‍රියමනාප කාන්තාවකි. සුන්දරත්වය ඇගේ මුහුණින් මනාව පිළිඹිබු වෙයි. සුහදශිලිත්වය ඉහළින්ම තිබෙයි. මම ඇය අබියස අසුන් ගෙන සිටිමි.
මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ බිරිඳ ඇයයි. නමින් ඇය ජයමාන්න ආරච්චිලාගේ මේරි ලුසීඩා මහත්මියයි.
මම ඇය සමග කතාබහට එක්‌වුණෙමි. බිරිඳක්‌ තම ස්‌වාමිපුරුෂයා පිළිබඳ කරන කතාබහ වඩාත් රසවත් වන්නේ සත්‍ය නොසඟවා කතා කිරීමෙනි. නැතිනම් අපට හැමදාමත් අසන්නට වෙන්නේ ස්‌වාමි පුරුෂයාගේ වැරදි සඟවාගෙන කතා කරන බිරිඳක වෙතින් තම ස්‌වාමි පුරුෂයාගේ අනන්ත අප්‍රමාණ ගුණකඳය.
එය එසේ නොවී සත්‍ය ඇති සැටියෙන් කතා කළ අපූරු ඇමැති බිරිඳ ඉතාම නිහතමානි කාන්තාවක වූවාය.

Dec 20

රජයේ ආරක්‍ෂක හමුදාවන් අපහසුතාවයට පත්කරමින් එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවට අවශ්‍ය පරිදි ප‍්‍රචාරය ගෙන යන විදේශයන් හි සිට ක‍්‍රියාත්මක වන වෙබ් අඩවි 5ක් පිළිබදව ආරක්‍ෂක අංශ විසින් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

සිංහල දෙමළ ඉංග‍්‍රීසි භාෂාවලින් ප‍්‍රකාශයට පත්කෙරන මෙම වෙබ් අඩවිවලින් ජාතික ආරක්‍ෂාවට එල්ලවන තර්ජනය පිළිබදව මෙම විමර්ශනවලදී විශේෂයෙන් සොයා බැලෙන බව එම වාර්තා සඳහන් කරයි. මෙම වෙබ් අඩවිවලට මුදල් සපයන්නේ කවුද එවා මෙහෙයවන්නේ කවුද සහ ඔවුනට එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර ජාලය සමග ඇති සම්බන්ධය කවරෙක්ද යන්න විමර්ශනය කෙරෙන පරීක්‍ෂන කටයුතු නිමවූ වහාම ඒ පිළිබදව නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීමට රජය තීරණය කර ඇති බව ආරක්‍ෂක අංශ උපුටා දක්වමින් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Dec 20

ශෝභා දේව් අසම්මත පෙම් පුවතේ අවසානය රුදුරු ඛේදවාචකයකි. 60 දශකයේ ආකර්ෂණීය රංගන තරුව දේව්ට පෙම් බැඳි ශෝභා මෙදා යුගයේ ජනප්‍රිය රංගන තාරකාවකි. අසම්මත පෙමක පහස විඳිනා දේව් හා ශෝභා හරහා ‘වියපත් බඹරා’ සිනමා සිත්තම උත්සුක වන්නේ අසම්මත පෙමෙහි ආදීනව ලොවට ආදර්ශයක් එක් කිරීමටය.
‘වියපත් බඹරා’ හි ශෝභා 60 දශකයේ යොවුන් රංගන ශිල්පිනියකි. ඇය මෙදා යුගයේ ඔබේ සිත්ගත් සොඳුරු තාරකාවකි.
ඇය තනුජා වේ. තනුජා දිල්හානි . . . පුංචි තිරයෙන් නිතර දෙවේලේ ඔබේ නෙතු ගැටුණු ඇය මෙදා සිනමාව හරහා ද ඔබට සමීප වන සොඳුරු රුවැත්තියකි.
මේ දිනවල ‘වියපත් බඹරා’ හි ශෝභා ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවන ඇය අද වන විට වඩාත් කතාබහට ලක් වී ඇත්තේ ද මේ චරිතය නිසාමය.
මීට පෙර ‘රෝස කැලේ’ හා ‘එකමත් එක රටක’ යන සිනමා නිර්මාණ හරහා ඔබ වෙතට පැමිණි ඇය පවසන්නේ ඇයට පුංචි තිරයේදීත්, රීදී තිරයේදීත් විවිධත්වයෙන් යුතු චරිත ලැබීම ඇගේ රංගන දිවියේ ඉදිරි ගමනට මනා රුකුලක් වන බවය.
‘වියපත් බඹරා’ හි ශෝභා කියන්නෙත් මට මෙතෙක් ලැබුණු චරිතවලින් නව මඟක් ගත් සුවිශේෂී චරිතයක්. අසම්මත පෙමක පැටළෙන ප්‍රේමවන්තියකගේ රුව ප්‍රතිනිර්මාණය කිරීමටයි මට එහිදී භාර වුණේ.
මෙහි එක් ජවනිකාවක් තිබුණා මත්පැන් පානය කරලා වෙරි මතින් රඟන යුවතියකගේ් ජවනිකාවක්. පෞද්ගලික ජීවිතයේ මෙවන් අත්දැකීමක් මා ලබලා නැහැ. පෞද්ගලික ජීවිතයේ නොලද අත්දැකීමක් වන එය මා හොඳින් කළා කියලයි මට හිතෙන්නේ. මෙතෙක් මා කළ ජවනිකා අතරින් මා සිත්ගත් ම ජවනිකාව මෙයයි.’
වියපත් බඹරා හි ඇය පෑ රැඟුමක් ඇය මතකයට නැං වූයේ එසේය.

Dec 20

පුංචි තිරය නරඹන කොයි කවුරුත් ඇයට දැක්‌වූයේ පුදුමාකාර ආදරයක්‌. ඒ තරමට නදී චන්ද්‍රසේකර රංගන ශිල්පිනියක්‌ ලෙසට තමන් ඔපදමන චරිත තුළ සැබෑවටම ජීවත් වූ නිළියක්‌. නමුත් කොතරම් සතුටින් නිදහසේ සිටියත් මිනිසුන් හැටියට අපි කා අතරටත් ප්‍රශ්න එන්නේ නොසිතූ විරූ විලාසයකින්. එසේ පැමිණි ප්‍රශ්නයක්‌ නිසා පසුගිය වසර එකහමාරක කාලයක්‌ නදී ගතකළේ නිහඬ ජීවිතයක්‌. නමුත් සත්‍ය කවදා හෝ ජයගනී යන කියමන සනාථ කරමින් නදී වටා තිබූ විශාල කඩඉමකින් ජයගන්න නීතියේ සාධාරණය පසුගිය දා ඇයට වාසනාව ගෙනාවා. මේ සිද්ධිය වටා ගෙතුණ කතාවේ ඇත්ත දැනගන්න අපි නදීට කතා කළා. නදී ඇත්තටම පසුගිය කාලේ සිදුවුණු සිදුවීම මොකක්‌ද?
සෑම වසරකම වගේ 2008 අවුරුද්දේ ලංකාවේ විශිෂ්ටයන් දහදෙනා අතරට කලා ක්‍ෂෙත්‍රයෙන් රංගනය වෙනුවෙන් ලබාදෙන සම්මානය ලැබුණේ මට. ඒත් සමග අවුරුද්දක්‌ ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක රංගනය ගැන ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක්‌ ලැබුණා. උත්සවයට පස්‌සේ දවසක ඇමරිකානු එම්බසියට ගියා රටයන්න වීසා එක ගන්න. එදා දවස පුරාම එම්බසියේ රඳවගෙන ඉඳලා හවස තුනට විතර පොලීසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. ව්‍යාජ ලේඛනයක්‌ ඉදිරිපත් කරලා විදේශගත වීමට තැත්කිරීම කියන චෝදනාවට.

Dec 20


Dec 20

දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ සිසුන්ට පහර දී පන්නා දැමු බවත් පේරාදෙණියේ සිසුන් නිරුවත් කර එළවා දැමු බවත් උසස් අධ්‍යපන අමාත්‍ය එස්.බී. දිසානයෙක මහතා ඊයේ කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ප්‍රචණ්ඩත්වයට පරිසරය සැකසෙන වාතාවරණයක් තුළ සිසුන් ප්‍රචණ්ඩවීම වැළැක්විය නොහැකි බවය.
කුසලතා දියුණු කරගැනීම සදහා වු උපාය මර්ගික සැලැස්මක් නමින් වු එම දෙදින වැඩමුළුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන සියළු ආයතන වෙනුවෙන් පැවැත්වේ.

Dec 20

ප‍්‍රවීණ ගායන ශිල්පී ප‍්‍රියා සූරියසේනගේ දියණිය වූ ඉරෝෂි සූරියසේන පසුගියදා යුග දිවියට එළඹුණා. ඇයගේ අත ගත් මනාලයා වූයේ කොළඹ පුද්ගලික බැංකුව සහකාර කළමනාකාර තනතුරක් හොබවන කසුන් පතිරගේයි.

කසුන්-ඉරෝෂි අතිනත ගත් දා
 

Dec 20

උඩරට ප්‍රදේශය නියෝජනය කරන භික්ෂුන් වහන්සේ නමක් දෙසතියකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට භූතයෙකු ආරූඩ වූ බව කියන තැනැත්තෙක් කැදවාගෙන ආවේය.

භූතයා අරලිය ගහ මන්දිරයේදී ද ආරූඩ විය. ඔහු කිව්වේ ජනාධිපතිතුම්ජ දීර්ඝ කාලයක් බලයේ සිටින බවයි.එතුමා ගන්න තීරණ නිවැරදි බවත් නිරන්තරයෙන් ජන ප්‍රසාදය රදවා ගන්න බවත් මේ තැනැත්තා කිවේය. ඔහු තව දුරටත් කිව්වේ අරලිය ගහ මැදුරේ සර්පයෙක් සිටින බවත් ඔහුගෙන් ප්‍රවේසම් විය යුතු බවයි. 

"කවදහරි ඔබතුමා අමාරුවේ වැටෙන්නේ මෙයාගෙන්.ඒ සර්පයා දෂ්ට කරන්න පෙර පරෙස්සම් වෙන්න".භූතයා වැසුණු තැනැත්තා එසේ කියා සර්පයාගේ නමද කිවේය.

සර්පයාගේ නම කුමක්දැයි කියා මාධ්‍යවලට හෙළි නොවිණි.නමුත් අපට ලැබෙන වාර්තා වලට අනුව ආණ්ඩුවේ මැති-ඇමතිවරුන් විශ්වාස කරන්නේ මෙම සර්පයා සජින් වාස් බවයි.ඒ ජනාධිපතිතුමාගේ රහස්‍ය මුල්‍ය සමන්ධිකාරක වශයෙන් සිට කරන නොයෙකුත් වැඩ කටයුතු නිසාය.පසුගිය කාලයේදී විදේශ කටයුතු අමත්‍යන්ශයටත් ඉහලින් සිට ජනාධිපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් ගමන සංවිධානය කලේද සජින්ය.

Dec 20

ධනවතුන්ගේ මෙන්ම මැති අමතිවරු,පොලිසියේ ඉහල නිලධාරීන් හමුදාවේ ඉහල නිලයන් හා විධායක ශ්‍රේණියේ නිලධාරීන් නිතර යමින් එමින් සිය ලිංගික අසාවන් ඉටු කරගත් ජීනා මැඩම්ගේ සුපිරි ගණිකා මඩම පසුගිය දා වටලන ලදී. ජීනා මඩම් නමැති මහලු කාන්තාව මීගමුවේ පදිංචිකාරියකි.අගේ සැමියා මියොගොස් ඇති අතර දෙදරු මවකි.ඔවුන් පිරිමි දරුවන්ය.එක අයෙක්ට(දිනේෂ්) සමාජ ශාලාවක්  හිමි අතර අනෙක් පුතුට පෞද්ගලික ආරක්ෂක ආයතනයක් හිමිය.මවගේ සුපිරි ගණිකා මඩම පුතුන්ගේ ව්‍යාපාර හා බැදී තිබිණි.ඒ සමාජ ශාලාව පවත්වාගෙන යන පුතුගේ සමාජ ශාලාව සදහා ගණිකාවන් මව විසින් සපයන ලද අතර පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවතවාගෙන යන පුතාගේ ආයතනයෙන් මවට ආරක්ෂාව සැපයුවේය. 

නිමක් නැති වැටලීම්
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව හා රැකවරණය මත පවත්වාගෙන ගිය මෙම සුපිරි ගණිකා මඩම පොලිසිය විසින් පලවෙනි වරට වටලනු ලැබුවේ 1987 වසරේදීය.ඒ පොලිස් අධිකාරී චුලාද සිල්වා මහතා විසිනි. එම වැටලීම වෙනුවෙන් චුලා මහතාට හිමිවුණේ ස්ථාන මාරුවක් පමණි.


නැවතත් මේ සුපිරි ගණිකා නිවාසය වටලනු ලබන්නේ ඊට වසර දෙකකට(1989) පසුවය.ඒ එවකට නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්.සෙනෙවිරත්න මහතා විසිනි. එවරද මෙම වැටලීම අවසානයේ ප්‍රභූවරුන්ගේ මැදිහත් වීමෙන් යට ගැසිනි.එහි ප්‍රතිපලයක් ලෙස පොලිසියට ජීනා මැඩම්ගේ මඩම තහනම් කලාපයක් වුවේය.

එම තහනම බිදෙන්නේ 2005 වසරේදීය.ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ දුෂණ මර්ධන ඒකකය විසිනි.2005 වසර වන විට ජීනා මඩම් පෙර පෙර සිටියක් මෙන් නොව මහා ධනපතිනියක්ව සිටියාය.ලිබර්ට්ය් ප්ලාසා හි 7 වන හා 8 වන මහලද තවත් නිවාස සංකීර්ණ කිහිපයක්ද ය සතු විය.ඒ වන විට ය සංචාරක විස යොදාගෙන රුසියාව චීනය වැනි රටවලින්ද සුරුපිනියන් ගෙනවිත් තිබිණි.කෙසේ නමුත් එම වැටලීමේ ප්‍රතිපලය වුයේ දුෂණ මර්ධන ඒකකය අක්‍රියව යාමයි.ඒ ඉහලින් ලද නියෝග මතයි.

Dec 18

ලගදි දවසකදී විපක්ෂ නායක තුමා ජාතික ගීය අවස්ථාවේ නැ‍ටුමක් ඉදිරිපත් කලා.පහත ඇත්තේ ඒ අවස්තාවේ ගනුලැබූ වීඩියො දර්ශනයි

Dec 18

කොළඹ නගරයේ සිදුවන්නාවූ අපරාද අඩුකිරීම සඳහා කොළඹ ආරක්ෂක කැමරා පද්ධතිය සවිකර ඇති බවය.

ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිතව විවිධ අපරාධ නිරික්ෂණය කිරිමට කැමරා පද්ධතිය මගින් හැකිවනු ඇත. අදාළ නිරික්ෂණයන්ට අනුව අපරාධකරුවන් පහසුවෙන් හදුනා ගැනිමට හැකිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඊට අමතරව නගරයේ රථවාහන තදබදය, හදිසි අපදා තත්ත්වයන්, මංකොල්ලකෑම් ඇතුළු ගැටලු කැමරා පද්ධතිය මගින් නිරික්ෂණය කළ හැකි බව ඔහු සදහන් කළේය

Dec 18

විදේශ රටක සිට ක්‍රියාත්මක කෙරෙන වෙබ් අඩවියක් ශ්‍රී ලංකාව තුළ අවහිර කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝග කළේය. ඒ, සරසවි සිසුවියක පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවය. ඇයගේ පෞද්ගලික තොරතුරු කිසියම් පුද්ගලයකු විසින් අවසරයකින් තොරව අදාළ වෙබ් අඩවියට ඇතුළත් කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවට ඇය පැමිණිලි කර තිබේ.

ඒ පිළිබඳව මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා යටතේ ක්‍රියාත්මක විශේෂ විමර්ශන ඒකකය විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කර ඇත.ඒ අනුව අදාළ් නියෝගය ලිඛිතව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට යොමුකරන බව පොලීසිය පැවසීය.

Dec 18

ඇමැති විමල් වීරවංශ හා ප‍්‍රවීන ටෙලිනාට්‍ය නිලි සේමිනී ඉද්දමල්ගොඩ අතර වන පෙම්පලහිලව්වක් සම්බන්ධයෙන් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත ලැබෙමින් පවතී. මේ පුවතේ සත්‍ය තොරතුර වන්නේ රාජ්‍ය මාධ්‍යයේ ප‍්‍රධාන නාලිකාව වන ජාතික රූපවාහිනියේ විකාශනය වන සේමිනී ඉද්දමල්ගොඩගේ ටෙලිනාට්‍යයක් විකාශන අයිතිය ලබාගැනීමට විමල් වීරවංශ මැදිහත් වී ඇති අතර ඒ මතින් මෙම පලහිලව්ව හෙළිදරව් වී ඇත. මේ වන විට වීරවංශ ඇමැතිවරයාගේ නිවසේද මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත්ව ඇති අතර විරවංශගේ බිරිද වන ශෂී වීරවංශ මේ සම්බන්ධය සම්බන්ධයෙන් යුද ප‍්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ.

Dec 18

සිනමාවේ අතීතය මතක් කරමින් ‘හඳපාන’ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා.ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන මංජුලා කුමාරි තමයි මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය. පසුගිය දිනක අපි හමු වූ මොහොතක ‘හඳපාන’ ගැන ඇය මෙසේ පැවසුවා.

"‘හඳපාන’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමට ලැබීම මගේ සුවිශේෂී භාග්‍යයක් ලෙස මම හිතනවා. පසුගිය අවුරුද්දේ තමයි මෙහි රූගත කිරීම් කළේ. ඉතිරි කොටස් මේ දිනවල රූගත කරමින් ඉන්නවා."

Dec 18


අසභ්‍ය වෙබ් අඩවිවල පෙනී සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පැවසීය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඔවුන් අතර පිරිමින් දෙදෙනෙකු සහ කාන්තාවන් 7දෙනෙකු සිටින බවය.ප්‍රශ්න කිරිමෙන් පසු ඔවුන් පොලිස් ඇප මත මුදා හැරි බව ඔහු සදහන් කළේය.පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පැවසු‍වේ, කාන්තාවකගේ නග්න ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කළ පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බවය.

Dec 17

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 15 වනදා පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සඳහා අමාත්‍යවරුන් රැසක් පැමිණ සිටි අතර එක් අමාත්‍යවරයෙක් ඊට නුසුදුසු ඇඳුමකින් සැරසී පැමිණ සිටියා. ඒ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වායි. මර්වින් මෙම රැස්වීමට සහභාගී වී සිටියේ අත්කොට බතික් කමිසයකින් සැරසී ගෙනයි.


සුදුසු ඇඳුමකින් සැරසී ඒමට නොහැකි නම් පිටත්ව යන ලෙසත් සුදුසු ඇඳුමකින් සැරසී නැවත රැස්වීමට පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඔහුට අවවාද කොට ඇත.


Dec 17

මහජන අදහස් විමසීම මුලාවක්

අද උදෑසන 9.30 සිට සවස 4.30 දක්වා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයට පැමිණ ගාස්තු වැඩිකිරීම පිලිබද අදහස් පළ කිරීමට මහජනතාවටත් අවස්ථාවක් ලබා දී ඇති නමුත් සාමාන්‍ය ජනයාට මේ සදහා අවස්ථාව ලැබී නැහ.විශාල සමාගම් කිහිපයක නියෝජිතයන්ගෙන් පමණක් අදහස් විමසීමට කටයුතු යොදා ඇත.

Dec 17

පසුගියදා ජනාධිපතිතුමා විසින් ආරක්ෂක හා විදේශ අමාත්‍යංශ අධීක්ශණය සදහා අධීක්ශණ මන්ත්‍රීවරුන් පත්කොට ඇත.දුමින්ද සිල්වා මහතා ආරක්ෂක අමාත්‍යංශය අධීක්ශණය සදහාත් සජින් වාස් මහතා විදේශ අමාත්‍යංශය සදහාත් අධීක්ශණ මන්ත්‍රීවරු ලෙස පත්කොට ඇත.

මොවුන් සියලු දෙනාම ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබුවෝ වෙති.මෙම අමාත්‍යංශ අධීක්ශණය කිරීමට මොවුන්ට ඇති සුදුසුකම් අපි නොදනිමු.එහෙත් සජින් වාස් විදේශ අමාත්‍යංශය අධීක්ෂණය ඇමති ධුරයට පෙර සිටම එයට බලපෑම් කරමින් මතබේදයට තුඩු දුන් ජනාධිපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් ගමන් සුදානම් කල බව කාටත් රහසක් නොවේ.

මෙම අධීක්ශණ ඇමති ධුරය ආරම්භ කලේ ප්‍රේමදාස ජනාධිපතිය.නමුත් ඒ කාලයට වඩා දැන් අධීක්ශණ ඇමතිවරුන්ට ලැබෙන පහසුකම් බොහෝ වැඩිවී ඇත.

අධීක්ශණ මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමන


  • අදාළ අමාත්‍යංශය මගින් වාහනයක් ලබා දීම
  • එම වාහනය සදහා සීමාවකින් තොරව ඉන්ධන ලබා දීම
  • දුරකථන පහසුකම් සිමාරහිතව ලබාදීම
  • අමාත්‍යංශය මගින් කාර්යාලයක් හා සේවකයන් ලබා දීම
  • අමාත්‍යංශය සදහා ලැබෙන විදේශ සංචාර ඇමතිවරයාගේ අභිමතය පරිදි ලබා ගත හැකි වීම.
අධීක්ශණ මන්ත්‍රී = නිල නොවන ඇමති
මේ ඔවුන්ට ලබා දී ඇති දීමනා වලින් කොටසක් පමණි.මෙම තනතුරේ ඇමති යන වචනය නොමැති වුවත් මෙම තනතුර සදහා ලැබෙන වරප්‍රසාද නිසා මෙය බොහෝ දෙන හදුන්වන්නේ නිල නොවන ඇමති තනතුරක් ලෙසයි.කෙසේ නමුත් මෙම පත්කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙන්ම අප්‍රසාදය පල වී ඇත.

Dec 17

ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මඩ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධුරය දරණ ලක්ෂමන් හුළුගල්ල මහතාගේ බිරිද සභාපති ලේස කටයුතු කරන සත් එෆ්.එම්  ගුවන් විදුලි සේවහි සේවකයන්ට පසුගිය මාස 4 ක කාලය තුළ එම සේවකයින් හට නියමිත ආකාරයට වැටුප් ලබා දී නොමැති අතර සේවය කරමින් සිටි සමහර මාධ්‍යවෙදින් හා කාර්මික ශිල්පින් අනිවාර්ය නිවාඩු යවා ඇත. 


සේවකයන් වැටුප් ගෙවලත් නෑ
සේවකයන් හට වැටුප් ගෙවීම මග හැරීම සදහා වැටුප් ගෙවීමේදී සමහර අවස්ථාවන්වල කොටස් වශයෙන් එම වැටුප් ලබා දීම හා විවිධ චෝදනා එල්ල කර වැටුප් කපාහැරීම හෝ සේවයෙන් පහ කිරීම සිදුකරනු ලබන බව වාර්තා වේ.කෙසේ නමුත් මේ පිලිබදව සේවකයින් ජනාධිපතිතුමාද දැනුවත් කර ඇත. 

Dec 17

විද්‍යුත් මාධ්‍ය මගින් විකාශනය කරන ලබන ගීතවල පද රචනය, සංගීතය හා ගායනයට හා රුපරචනයට දායක වූ නිර්මාණකරුවන්ට එම ගීත විකාශනය වෙන සෑම අවස්ථාවකදීම ගාස්තුවක් හෙවත් කර්තෘ භාගය ගෙවීම සදහා නීති මාලාවක් රජ‍ය විසින් පැනවීමට අදහස් කරයි. 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

ගුවන් විදුලියෙන් විකාශනය වන ගීත සදහා රු 3ක්
ගුවන් විදුලියෙන් විකාශනයවන ගීතයක් සම්බන්ධයෙන් එක විකාශන වාරයක් පද හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 3 ක් ද,සංගීත කෘතියක් හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 3ක් හා ගායනයක් හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 3 ක්ද ගෙවිය යුතු වේ. 

රූපවාහිනියෙන් විකාශනය වන ගීත සදහා රු. 10ක්
රූපවාහිනියෙන් විකාශනයවන ගීතයක් සම්බන්ධයෙන් එක විකාශන වාරයක් සදහා හෝ පද කොටසක් වෙනුවෙන් රුපියල් 10 ක් ද සංගීත කෘතියක් හෝ එහි සැලකිය යුතු කොටසක් Show allවෙනුවෙන් රුපියල් 10 ක්ද ගායනයක් වෙනුවෙන් රුපියල් 10ක්ද ගෙවිය යුතුය.ගීතයක රුපරචනය විකාශනය කරන සෑම අවස්ථාවකදීම රුපියල් 10 ක් එහි නිෂ්පාදකයාට ලබාදිය යුතුය.

මේ අනුව මෙතෙක් කල් රිසි සේ ගීත විකාශනය කල ගුවන් විදුලි සේවා වලට හා රුපවාහිනී සේවා වලට ගීත විකාශනදී දෙවරක් සිතා බැලීමට සිදු වන අතර ගායකයන්ට රුපරචන නිෂ්පාදකයන්ට ගීත රචකයන්ට හොද කලක් ලබනු ඇති.

Dec 17

ඔඩෙල් වෙලද සැලේ සිදු වූ රෙදි සොරකම පිලිබද පසුගිය දිනවල ආන්දෝලනයට පත් උදාරි චාමිකා අද දිවයින පුවත්පතට සාකච්චාවක් ලබා දී තිබෙනවා.මේ එයින් කොටස් කිහිපයක්


ඔබේ සහකරුගේ මුණගැසීම පිළිබඳව යමක්‌ සඳහන් කළ හැකිද?
ඔහු සුජිත් විඡේරත්න. ශල්‍ය වෛද්‍යවරයකු සේම, දක්‌ෂ සැක්‌සෆොන් වාදන ශිල්පියෙක්‌. සිරස සුපර්ස්‌ටාර් තුළින් බිහිවූ ගායන ශිල්පියකු වූ මාධවගේ ගීතයකට පසුබිම් රංගනයන් ඉදිරිපත් කිරීමට ගිය අවස්‌ථාවේදී තමයි මට ඔහුව මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ. එහිදී අප අතර ඇතිවූ මිත්‍රත්වය පසුව ප්‍රේමයට පෙරළී අවසානයේ විවාහය දක්‌වා දුරදිග ගියා. ඔහු වර්තමානයේ සිංගප්පූරුවේ එන්.ජී.එච්. රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් සේවය කරනවා.
 

Dec 16

මිස් කෝල් එකෙන් ආරම්භ වූ ප්‍රේම කතාව 
දෙවිනුවර ගන්ධරවත්තේ පදිංචි ඇය 23 හැවරිදි ඇගලුම් සේවිකාවකි.තුරුණු වියේ පසුවන ඇයට තම කුලුදුල් පෙම්වතා මුණගැසුනේ මිස්කෝල් එකක මාර්ගයෙනි.දුරකතනයෙන් ආරම්භවූ කතා බහ ප්‍රේම කතාවකට හැරෙන්නේ ඉතාමත් ඉක්මනිනි.


මම හමුදාවේ වැඩ කරන්නේ
"මම යුද හමුදාවේ වැඩ කරන්නේ. මට කියල කාත් කව්රුවත් නෑ.අම්මයි තාත්තයි දෙන්නම් නැති වෙලා."මේ අයුරෙන් දුරකතනයෙන් හාද වූ පෙමට මාස 6ක්ම ගතවුණු අතර ඇය තම දෙමව්පියන්ටද සිය පෙම්වතා ගැන දැනුම් දුන්නාය.ඒ අනුව ඔහු ඇයව බැලීමට පැමිණෙන්නේ ඔහුගේ මිතුරෙකුත් සමගයි.බලු බැල්මට කඩවසම් පෙනුමක් තිබු තරුණයට අයගේ සිත ඇදී ගියත් ඇයගේ පියා මෙයට විරුද්ධ වුයේ ඔහු ඇයට වඩා උසින් අඩු වීමයි.

Dec 13






Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...