Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

May 31

w1තාප්ප නැති කොළඹක්

ලංකාවේ දැන් අපූරු නගර අලංකරණ ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේය. මේ යටතේ පොලිස් ස්ථානවල තාප්ප කඩා දැමුවේ මින් මාස කිහිපයකට ඉහතදීය. දැන් අලූත්ම ආරංචිය කොළඹ නගරයේ සියලූම රජයේ ආයතනවල තාප්ප කඩා ඉවත් කරන්නට යාමයි.
දියුණු රටවල තාප්ප වලින් වසාගෙන සිදුකරන පොදු සේවාවන් නැතිය යන්න මෙම අලංකරණ විශේෂඥයින්ගේ මතයයි. ඔවුන් පවසන්නේ ඕනෑම වේලාවක කරදරයකින් තොරව රජයේ ආයතනවලට ඇතුළුවී වැඩක් කරගෙනයාමේ පහසුව ජනතාවට තිබිය යුතු බවකි. කෙසේ වෙතත් මෙසේ විවෘතව තබන ආයතන සොරසතුරන්ගෙන් ආරක්ෂාකිරීම පිළිබඳ ඔවුන් කල්පණා කර තිබේද යන්න විමසා බැලීම වටී.

May 31

tata-nanoටාටා නැනෝ අලෙවිය ඇරඹේ
ලොව මිල අඩුම වාහනය
දැන් ලංකාවේ

ඉන්දියානු රුපියල් ලක්ෂයට විකිණෙන ලොව මිල අඩුම කාරය නොහොත් zජනතා වාහනයZ ලෙස සැලකෙන ටාටා නැනෝ පිළිබඳ අප මෙතෙක් කල් අසා තිබුණා පමණි. ලංකාවේ මෙම වාහන අලෙවිය අරඹා තිබුනේ නැත.
නමුත් ටාටා නැනෝ පළමු තොගය පසුගිය සතියේ ලංකාවට ආවේය. දැන් ටාටා නැනෝ ලංකාවේ අලෙවියද අරඹා
ඇතැයි වාර්තාවේ.
මේ දිනවල ඉන්දියාවේ එහි මිල ඉන්දීය රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක් පමණ වෙයි.

May 30

article-1390277-0C3763E300000578-841_634x377article-1390277-0C3B932900000578-811_634x834article-1390277-0C4A0E2500000578-399_634x534article-1390277-0C4A0DCF00000578-194_634x860

May 30

විශ්ව විද්‍යාල වසා හෝ නවක වදය නැති කරනවා - එස්. බි
prew_sb

විශ්ව විද්‍යාල වසා දම හෝ නවක වාදය නැති කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කතාවක් කරමින් ප්‍රකාශ කර සිටියා.
"මේ දරුවෝ විශ්ව විද්‍යාලයට ගියාම මොකද කරන්නේ? ඉස්සෙල්ලම කරන්නේ කලිසම ගලවන එකනේ? ඇද යට දාන එකනේ..

පස්ස පැත්ත හෝදන්න සුමාන දෙකක් දෙන්නැති එකනේ.දැන් කව්ද මේවා කරන්නේ? දෙන්නේ න මන්ත්‍රීතුමනි.අනුරාධපුර භික්ෂු විද්‍යාලයේ අලුත ගියපු හාමුදුරුවරුන්ට සති දෙකක් පිටිපස්ස හෝදන්න දෙන් නෑ.එක බලාගෙන ඉන්න හැම ටොයිලට් එකේම හිලක් ගහලා.මේකනේ තත්වේ.."
Technorati Tags: ,

May 30

මුතුගේ ආදර කතාව
prew_muthuමුතු තරංගා ශ්‍රී නිලුපුලි පිරිස් හෙවත් මුතු තරංගා ලබන වසරේදී විවාහ වීමට සැලසුම්කොට තිබෙනවා.
ඇයගේ පෙම්වතා වන්නේ 2003 වසරේ කඩවසම් තරුණය ලෙසින් තේරී පත්වූ නිශාන්ත අමුපිටියයි. 2003 දී ඇරඹුණු නිශාන්ත - මුතු ප්‍රේමය දෙපාර්ශවයේම ආශිර්වාදය හිමිවී තිබෙනවා

May 30

අපේ ක්‍රීඩකයන්ට ගෙවන ගණන්
130978ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමඟ 2010 වසරේ ගිවිසුම් අත්සන් කල ක්‍රීඩකයන්ගේ නම් සහ ඔවුන්ට ගෙවන මුල්‍යම දීමන පිලිබඳ ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශකොට සිටියා.
ඒ අනුව 2010 වසරේදී ක්‍රීඩකයන් 126 දෙනෙකු සමග ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුම් අත්සන්කොට ඇති අතර ඔවුන්ට ගෙවූ ගණන් පහත වේ.

ඇමරිකානු ඩොලර් 120,750 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

May 30


*සරත් ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ
*කේ පි කඳුළු සලන හැටි
*දයාසිරි - උදාරි සිංගප්පුරු ගියාද
*බැසිල්ගේ තිතට මත්වූ සාදය
*වල් අලි වන අලි වූ හැටි
*දේශපාලන ලෝකය උණුසුම් කල සියලු තොරතුරු පහතින්

ජනපතිට කිතුල් පැර්‍ණ වලින් හදපු පැර්‍ණ වළලූ

ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ මාතලේ ප්‍රදේශයට ගියේය. එහි පැවැති උත්සවයන්ට සහභාගීවීමෙන් අනතුරුව මාතලේ දිසාපතිනියගේ නිල කාමරය ගියේ තේ පානය කිරීම සඳහායි.

දිසාපතිනියගේ නිල කාමරයේ එල්වා ඇති මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කල අතීත දිසාපතිවරුන්ගේ ඡායාරූප අතර තිබූ වර්තමාන රජයේ ෙජ්ෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුලගමගේ ඡායාරූපය ජනාධිපති මහින්දගේ සිත්දිනා ගත්තේය.

zzසරත් එÞ වගේම අදත් දක්ෂ රාජ්‍ය පරිපාලන නිලධාරියෙක්ZZ ජනාධිපතිතුමන් ප්‍රකාශ කලේය. ඉන් අනතුරුව ජනාධිපතිතුමන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්ෂ්මන් පෙරේරාගේ කාර්යාලයටය.

May 29

මහින්දාගමනය චිත්‍රපටය පිරමීඩ සමාගමකගේ නිෂ්පාදනයක්ද?

prew_mahindagamanayaමේ දිනවල තිරගතවන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිෂ්පාදනය කල මහින්දාගමනය චිත්‍රපටය නිෂ්පාදනයකොට ඇත්තේ "බෙස්ට් ලයිෆ්" නැමති සමාගමක් විසින්.
බෙස්ට් ලයිෆ් සමාගම පිරමීඩ ක්‍රමයට වෙළඳාම් කරන සමාගමක් වන අතර වෙනත් සමාගම් මෙන් නොව පිරමීඩ ජාවාරම් ක්‍රමය මොවුන් අතුරු ආදායම් මාර්ගයක් ලෙස සිදුකරනු ලබයි.රුපියල් 60,000 ක් වටිනා ලි බඩු 40,000 මිලදී ගෙන අලෙවි ජාලයට එක්වීමට හැකියාවක් මින් පෙර පැවතිනි.

LiveJournal Tags: ,

May 29

Stampsශ්‍රී ලංකා - ශ්‍ර ලංකා වෙයි
තැපල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මඟින් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් zකුසිනාරා නුවරZ නමින් අලුතින් සමරු මුද්දරයක් නිකුත් කර තිබේ. එම මුද්දරයේ ශ්‍රී ලංකාවේ නිල නාමය ලෙස සඳහන්ව ඇත්තේ ශ්‍ර ලංකා යනුවෙනි.
                        මේ ආකාරයට ශ්‍රී ලංකාවේ නිල නාමය හිතු මතයට වෙනස් කිරීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හා ජාත්‍යන්තර ප්‍රතිරූපයට කැළලක් බව විද්වත්හු පවසති.

43 Things Tags: ,

May 29

Arisen Ahubuduලේඛකයෙක් ජෝතිර්වේදියෙක් කලාකරුවෙක් මෙන්ම හෙළ හවුලේ සාමාජිකයෙක් ලෙස ප්‍රසිද්ධව සිටි කලාශ=රී අරිසෙන් අහුබුදු මහතා අද (26) දින අභාවප්‍රාප්ත වී තිබේ. එතුමා අභාවප්‍රාප්ත වූයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී බව වාර්තා වේ. අරිසෙන් අහුබුදු මහතාගේ සාහිත්‍ය කෘතීන් අගයමින් කලාශ=රී සම්මානයෙන් පිදුම් ලැබූ අතර සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. 1920 වසරේදී මෙලොව එළිය දුටු එතුමා මිය යන විට 91ක් වන වියෙහි පසු වි

LiveJournal Tags: ,

May 29

ධීවරයින් නියෝජ්‍ය ඇමතිට දැමූ ඉස්සො මාලය

issa1මල් මාලාවල තිඛෙන්නේ මල්ය.නමුත් පසුගියදා ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්නව උත්සවයකදී පිළිගෙන තිබුනේ ඉස්සෝ මාලයකිනි.

එවැනි පිළිගැනීමකට ඔහු ලක්කර තිඛෙන්නේ,
රජය මගින් පැනවූ ට්‍රෝලින් ක්‍රමයෙන් ඉස්සන් ඇල්ලීමේ තහනම ජනපති සමග කතා කර තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළ නිසාය.
ඉතා විශාල ප්‍රමාණයේ ඉස්සන් 14 දෙනෙකුගෙන් යුත් අඩි 7-8ක් ප්‍රමාණයක් දිගට මේ ඉස්සන් මාලය ධීවරයින් විසින් නිර්මාණය කර තිබූ අතර ඉස්සන් පොලිතින් වලින් ආවරණය කර තනා තිබුණි.
මෙම තුති පිදීමේ උත්සවය පවත්වා තිබුනේ දික්ඔවිට දේවස්ථානයේදීය.

May 27

gayad0ලංකාවේ
සමලිංගික ප්‍රචාර

අද ලංකාවේ ජාතික පුවත්පත්වල පළකර තිඛෙන එක්තරා වෙළෙඳ දැන්වීමකින් කියා පාන්නේ සම ලිංගික භීතිකාවට එපා කියන්න යන පණිවිඩයයි.
සමලිංගික භීතිකාව යන්න අර්ථ දක්වමින් එම දැන්වීමේම දක්වා තිඛෙන්නේ සමලිංගිකත්වය හා සමලිංගික පුද්ගලයින්ට එරෙහි තදබල අවිචාරී පිළිකුල්සහගතභාවය යන්නයි.
කෙටියෙන් අදහස්වන්නේ මෙම දැන්වීමේ අරමුණ සමලිංගිකත්වයට එරෙහිව කතා කරන්න එපා යන්නයි.

රාජ්‍ය නොවන සංවිධානයක් මගින් අද ජාතික පුවත්පත්වල පළකර තිඛෙන
එම වෙළෙඳ දැන්වීම බලන්න

gayad1

May 27

Sarath-Fonseka-415මගේ දූලට ශිෂ්‍යත්ව හදල දුන්නෙ ගෝඨාභය
අපේ අගය කුඩා වුනේ කේක් එකකA කපනව වගෙ
යුද උපායෙදි මගෙ සංකල්පෙ නෙමෙයි ජනපති හිටියෙ
ෂවේන්ද්‍රත් මට පිටු පෑවා
සුමිත් මානවඩු මගේ තරහ පිරිමහ ගත්ත

සරත් ෆොන්සේකාගේ සුදු කොඩි ප්‍රකාශය

ඊයේ පැවති සුදුකොඩි නඩුවේදී සරත් ෆොන්සේකා කළ දීර්ඝ කතාවෙන් විවාද සම්පන්න අදහස් රැසක් හෙළිදරව් වුණා. මෙම ප්‍රකාශය අතරතුර සරත් ෆොන්සේකා zඑයින් ඔප්පු වෙනවා මේ රටේ පාලකයෝ......Z යනුවෙන් විවේචනාත්මක වාක්‍යයක් කියද්දීම අධිකරණයේ විදුලිය විසන්ධිවීමත් පසුව අධිකරණයේ ජනෙලයක් අසලට ගෙනගොස් ඔහුගේ ප්‍රකාශය නැවත ඇරඹීමත් විශේෂ සිදුවීමක් වුණා.
ඔහු එහිදී පළ කළ අදහස් පහතින් කියවන්න

මං ඇති කළ හමුදා විනය දැන් දේශපාලනීකරණය වෙලා
මම නිල ඇඳුමේ රැඳී සිටියදී කිසිදු දේශපාලන ඇ`ගිලිගැසීමකට යටත් නොවී රාජකාරි නිසි ආකාරයෙන් කළා. මාගේ ප්‍රතිපත්තිය වුණේ උපරිම විනය පවත්වා ගැනීම හා දක්ෂයන්ට සුදුසු තැන දීමයි. යහපත් පරිපාලනයක් පවත්වාගෙන යැමට මම අනුගමනය කළේ ලෝකයේ වෙනත් ඕනෑම දක්ෂ යුද හමුදාවක් අනුගමනය කර ඇති නමුත් අපේ හමුදාවේ මෙතෙක් ක්‍රියාවට නොයෙදුනු ක්‍රියා පටිපාටියයි. එය මාගේ වාසියට හෝ පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා ඇති කරගත් ක්‍රියාදාමයක් නොවේ. මම මේ ක්‍රියා පටිපාටිය හමුදාවට හඳුන්වාදීමෙන්ම හමුදාව උද්දීපනයට පත්වී ජයග්‍රාහී මානසික තත්ත්වයකින් හෙබි යුද හමුදාවක් බවට පත්වුණා. එය යුද හමුදාව අවසානයේ ලබාගත් යුද ජයග්‍රහණයට තවත් ප්‍රබල හේතුවක්. නමුත් අවාසනාවට මම ඇරඹු ඒ ක්‍රියා පිළිවෙත දේශපාලන ගැත්තන් පෝෂණය කිරීම සඳහා දැන් නැවත කඩාකප්පල් කර තිඛෙනවා.

May 27

1095261854fonseka1මං ඉදිරිපිට ෆෙඩ්රිකා ඇ~ුවා
ෆෙඩ්රිකා මාධ්‍ය ආයතනයක තේ අල්ලන්නවත් සුදුසු නෑ
ආරක්ෂක ලේකම් කරපු දූෂණ
ජොන්ස්ටන් හා ලක්ෂ්මන් කරපු බොරුව

සරත් ෆොන්සේකාගේ සුදු කොඩි ප්‍රකාශය
දෙවන දිනය

සුදු කොඩි නඩුවේ දෙවන දිනය වූ ඊයේ සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පත්තරය සමග ඇත්තටම වුනේ කුමක්දැයි හෙළි කළේය.

ඔහු පවසන්නේ ෆෙඩ්රිකා ජෑන්ස් තමාගේ සම්මුඛ සාකච්ඡාවක් ගත්තා යයි කීවත් සිදුවූයේ කිසිම සටහනක් නැතිව කරන ලද කතාබහක් පමණක් බවත් ඇය තමන්ට හිතුණ දේ පත්තරේ දමා අනවශ්‍ය කලබලයක් ඇති කළ බවත්ය.
ඔහු ඊයේ කළ කතාව පහත පරිදිය.


මාව විශ්වාස නොකිරීම ඇරඹුනේ මෙහෙමයි
එක් දිනක් ආරක්ෂක ලේකම් කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ වගකීම සම්බන්ධව ත්‍රිවිධ හමුදාපතිවරුන් හා ආරක්ෂක ලේකම්වරයා සමග පැවැත්වූ සාකච්ඡාවකදී ලෝකයේ සියලුම රටවල්වල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ට ක්‍රියාන්විත මෙහෙයුම් පාලනය කිරීමේ වගකීම පැවරී ඇති බව මා විසින් පැවසූ විට ලෝකයේ අනෙක් රටවල එහෙම වුණාට මෙහෙ එහෙම කරන්න බැහැ. එය භයානක වැඩක් යෑයි ආරක්ෂක ලේකම් ප්‍රකාශ කළා. මෙම ප්‍රකාශය නිසා වත්මන් ජනාධිපති සහ ඔහුගේ සහෝදරයා වන ආරක්ෂක ලේකම්වරයා සමග විශ්වාසයෙන් රාජකාරි කළ නොහැකි බව මට වැටහුණා. සම්පූර්ණ යුද හමුදාවක් තනිවම පාලනය කරමින් අවුරුදු තුනකුත් මාස හතක් ඉතා පක්ෂපාතීව හා විනය ගරුකව හමුදාව මෙහෙයවා රට ආරක්ෂා කර දුන් මාව විශ්වාස නොකිරීම කොතරම් නිවට වැඩක් දැයි මට කනගාටුවක් ඇතිවුණා.

May 27

prew_reloadවිදුලි බිල ගෙවීම සඳහා රිලෝඩ් ක්‍රමයක් ළඟදීම හදුන්වා දීමට විදුලිබල අමාත්‍යංශය මේවන විට පියවර ගනිමින් සිටිනවා.
එම ක්‍රමය තුලින් යම් මුදලක් ගෙවා එම මුදලේ වටිනාකමට විදුලිය මිලදී ගත හැකි අතර එම කාල සිමාව අවසන්වූ පසුව ස්වයංක්‍රියව විදුලිය විසන්ධි වීම සිදුවේ.
විදුලිබල අමාත්‍යංශය මෑතකදී ලාභ ලබන තත්වයකට පත් වුවද නැවතත් අලාභ ලබන තත්වයට පත්වීම නිසා හා නව තාක්ෂණයට අනුගතවීමේ අවශ්‍යතාවය මත මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතයි.

May 27

upul_prewශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංගගේ පසුගිය ලෝක කුසලාන සමයේ දී ගත් මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජක අඩංගු බවට විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබෙනවා.
එම තහනම් උත්තේජකය ඇදුම රෝගයට ලබාගන්නා ප්‍රෙඩ්නිසොලෝන් නම් රසායනය බවට හඳුනාගෙන තිබේ.නවසීලන්තයට සමග ක්‍රීඩා කල තර්නගයෙන් පසුව මෙම සාම්පලය ලබාගෙන තිබෙන බව වාර්තා වේ.

කෙසේ නමුත් උපුල් තරංග සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍ය බව ජාතික තහනම් උත්තේජන ආයතනයේ සභාපති වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ප්‍රකාශ කර සිටිනවා.

May 27

Anonymousපසුගියදා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් විවේකයට කියල සිංගප්පුරු ගියාලු.
ලස්සනට සින්දු කියන මේ මන්ත්‍රීවරයා හරිම සිරියාවන්ත කෙනෙක්ලු.මන්ත්‍රීවරයා 18 වෙනිදා CX 700 ගුවන් යානයෙන් අලුයම 2.20 ටත්,ප්‍රසිද්ධ නිරුපන ශිල්පිනිය අලුයම 1.10 ට SQ 467 දරන ගුවන් යානයෙනුත් සිංගප්පුරු බලා පිටත් වෙලා තියෙනවලු. 20 වෙනිදා දෙන්නම ලංකාවට ආවලු.

May 27

prew_mahindaපෞද්ගලික අංශයට ලබාදීමට යෝජිත විශ්‍රාම වැටුපට එරෙහිව කටුනායක වෙළඳ කලාපයේ අද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානයකොට තිබුණි.

එහිදී උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස විසින් ගුවන්තොටුපල මංසන්ධියේ සවිකර තිබු ජනපතිගේ විශාල ප්‍රමාණයේ කටවුට් එකක් ප්‍රසිද්ධියේ ගලවා දමනු ලැබිය.

 

පසුව පොලිසිය විසින් පිරිස කඳුළු ගස් යොදා විසිරුවා හරිනු ලැබිය.

May 26

nasa_sun_001සූර්යා යනු ලොව මූලීක ශක්ති ප‍්‍රභවයයි. එසේම එය ගිනි ගෙන දැවෙන වස්තුවක් වන අතර ඉන් පිටවන පාරජම්බුල කිරණ නිසා එය පියවි ඇසින් දර්ශනය කල නොහැක. ඉන් ඔබේ ඇසට සැලකිය යුතු  පමණින් හානි ගෙන දෙන නිසාය. ඉතාම මෑතකදී නාසා ආයතනය විසින් චන්ද්‍රිකා තාක්‍ෂණය යොදාගෙන හිරුගේ ඡායරූප හා විඞීයෝ කිහිපයක් නිකුත් කර ඇත. පහතින් ඇති වීඩියෝවෙන් ඔබට හිරු පියවි ඇසින් දැක ගත හැක.

විඩියෝ

May 26

JesusWithCigerate-150x150බියර් කෑන් එකක් සහ සිගරැට්ටුවක් අතැතිව සිටින ජේසුන් වහන්සේගේ ඡුායාරූපයක් ලේක් හවුස් ආයතනයේ ‘ඬේලිනිවිස්’ පුවත්පතේ (23) පළවීම සම්බන්ධයෙන් උපසංස්කාරකවරයෙකු ගෙදරයවා ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ඇඟ බේරාගෙන ඇති බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම ඡායාරූපය පළවීම පිළිබදව කතෝලික පියතුමන්ලා කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට දුරකථනයෙන් කතාකොට මේ පිළිබදව කනස්සල්ල පළකර ඇත. අනතුරුව පුවත්පත ගෙන්වා බලා ඇති ජනාධිපතිවරයා ලේක්හවුස් සභාපතිවරයාට ඉතා අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති අතර වහාම මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කර තමාවෙත වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර තිබේ.

May 26

JesusWithCigerate-150x150බියර් කෑන් එකක් සහ සිගරැට්ටුවක් අතැතිව සිටින ජේසුන් වහන්සේගේ ඡුායාරූපයක් ලේක් හවුස් ආයතනයේ ‘ඬේලිනිවිස්’ පුවත්පතේ ඊයේ (23) පළවීම සම්බන්ධයෙන් උපසංස්කාරකවරයෙකු ගෙදරයවා ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ඇඟ බේරාගෙන ඇති බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම ඡායාරූපය පළවීම පිළිබදව කතෝලික පියතුමන්ලා කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට දුරකථනයෙන් කතාකොට මේ පිළිබදව කනස්සල්ල පළකර ඇත. අනතුරුව පුවත්පත ගෙන්වා බලා ඇති ජනාධිපතිවරයා ලේක්හවුස් සභාපතිවරයාට ඉතා අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති අතර වහාම මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කර තමාවෙත වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර තිබේ.

May 26

Manta-rayආරුගම්බේ මුහුදේ ධීවරයින් පිරිසකට තරමක අද්බූත මාලුවෙක් හමුවුනා, නමින් Manta Rays වෙන එම මාලුවා මීටර් 7.6 දිගින්ද කිලෝ 1,300 පමන බරින්ද පමන වෙනවා. ඡායාරුප සදහා

May 26

mahindananda_aluthgamageශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදි වාද විවාද ඇති විය.එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුවක් තිබේද යන්න ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ එලෙස කමිටුවක් නොමැති බවය.
යළිත් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරමින් රවී කරුණනායක මහතා විමසා සිටියේ මුදලට තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න පිළිබඳවය.එයට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ හෂාන් තිලකරත්න මන්ත්‍රීවරයා රූපවාහහිනි නාලිකාව මෙම ප්‍රකාශය පළමුවෙන් කළ බවය.

May 26

Fedrica-Janzසුදුකොඩි ප්‍රකාශය පිළිබඳ සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවීමෙන් පසු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ආරක්ෂක ලේකම්වරයාගේ නියමයෙන් තමාව අත්අඩංගුවට ගනු ඇතැයි ෆෙඩ්රිකා ජෑන්ස් කියා සිටි බැවින් තමා එය ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකී සිටි බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
සුදුකොඩි ප්‍රකාශයට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී තුන්වෙනි දිනටත් විත්ති කූඩුවේ සිට සාක්ෂි ලබාදෙමින් ෆොන්සේකා මහතා මහාධිකරණය හමුවේ මෙම කරුණු අනාවරණය කළේය.

සුදු කොඩි ප්‍රකාශය සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවීමත් සමග එකී ප්‍රකාශයේ දෝෂ සහගත භාවය නිවරදි කරන්නැයි තමා ඉල්ලා සිටි බවද ෆොන්සේකා මහතා සඳහන් කර තිබේ.

May 26

සුසන්තිකා - ධම්මික සමත මණ්ඩලයට

Susanthika Jayasingheකෙටි දුර ධාවන ශ=රී සුසන්තිකා ජයසිංහ හා ඇයගේ සැමියා වන ධම්ම්ක අතර පවතින පවුල් ආරවුල සමත මණ්ඩලයට යොමු කර ඇති බව වාර්තා වේ.
             පසුගිය දිනෙක සිය සැමියා විසින් තමන්ට පහරදුන් බවට චෝදනා කරමින් සුසන්තිකා ජයසිංහ විසින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබුණි. මේ සම්බන්ධව ඇයගේ සැමියා හොරණ අධිකරණයට බාර වීමෙන් පසු රුපියල් 50000ක ශරීර ඇප 2ක් මත මුදා හරින ලදි. මෙම මස 24 වන දින එම නඩුව යළි කැඳ වූ අවස්ථාවේදී අධිකරණ මහේස්ත්‍රාත්වරයා විසින් එය සමත මණ්ඩලයට යොමු කර ලබන මස 16 වන දිනට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
                             එසේම සුසන්තිකා භාරයේ සිටින ඔවුන්ගේ දෙහැවිරිදි දරුවා සතියට දින 2ක් සවස 2-5ත් අතර කාලයේදී සිය පියාට පෙන්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

May 25

KP4කොටි නායකයින් ලංකාවෙන් පැන යාමට සූදානම් නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටක් එක්ව නැවක් එවීමට පොරොන්දු වී සිටි බව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ඉන්දීය මාධ්‍යයකට අනාවරණය කරයි.

කොටි සංවිධානයේ මහා අවි ජාවාරම් කරුවා මෙන්ම ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසුව එල්.ටී.ටී.ඊ.යේ නායකයාද වූ කේ.පී. විදෙස් රටක සැඟවී සිටියදී අත්අඩංගුවට පත්වූ අතර පසුව ලංකාවට පිටමං කළේය.

දැනට රජයේ අත්අඩංගුවේ සිටින කේ.පී. ඉන්දීය පුවත් පතක් වන THL Mediagrove වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබෙන්නේ අවසන් යුධ ගැටුම් පැවති කාලයේදී, එනම් 2009 මැයි 16 සිට 17 අතර කාලයේදී කොටි නායකයින් කැමති නම් ලංකාවෙන් බේරී වෙනත් රටකට පලා යාමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටක් එක්ව නැවක් එවීමට පොරොන්දු වූ බවයි.

May 25

Esti-Ginzburg-Bikini-Naked-Banned-In-Hollywood-Great-Gallery05-175x175කුලියාපිටියේ දහඅට හැවිරිදි සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයෙන් ප‍්‍රසිද්ධ නොකිරීමට නම් රුපියල් හතළිස් දහසක කප්පමක් ඉල්ලූ බව කියන හෙට්ටිපොළ 26 හැවිරිදි ලොරි සහයකයෙක් කුරුණෑගලදී අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සිසුවිය මාපියන් සමග පැමිණ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාට පැමිණිලි කළාය.

May 25

CAM-150x150 (1)”මේක අමූලික බොරුවක්. එහාට මෙහාට යවනව ඔහේ වැඩක් නැතිව. කෑම කිසිම රහක් නෑ. වැසිකිළි අන්තිම අපිරිසිදු යි. ඒවයේ ලයිට් නැහැ. කිසිම ළමයෙක් කැමැත්නෙත් ඇවිල්ල නැහැ. ආවේ නැත්නම් යුනිවර්සිටි යන්න බැරිවේවි කියළ බයේ ඇවිල්ල තියෙන්නේ”

”ළමයි අඩනව, අද තිබුණේ ජනාධිපතිගේ කතාව විතරයි. පව්, මෙඩිකල් කොලේජ් යන්න ඉන්න ළමයිනුත් අඩනව. හමුදාවෙ අය නම් හරි හොඳයි. එ ගොල්ලොත් කියන්නේ මේක මළ විකාරයක් කියළ. කවදද ආපහු යන්නේ කියළ අහනව. අපේ ළමයකුට ඇහිල තියෙනව කරන්න ගිය වැඩේ කරන්න බැරි උනානෙ කියනව”

”මෙඩිකල් අරන් ආපු ළමයින්ටවන් යන්න දුන්නේ නැහැ. මිලිටරි කට්ටිය බලල ලෙඩක් නැහැ කියළ ඇතුළට ගන්නව, වෙලාවකට යුද්ධ හමුදාවේ වගේ සැරෙන් කතා කරනව.”

May 23

හැම අව්රුද්දකම පැවැත්වූ අන්තර්පලාත් ක්‍රිකට් තරඟාවලිය මෙවර නවිකරනයකොට SLPL (Srilanka Premier League) යනුවෙන් හදුන්වා ඉන්දියාවේ IPL හට අභියෝග කිරීම මේ වන විට අර්බුධයකට ලක්ව ඇතයි වාර්තා වේ.

මෙහි කණ්ඩායම් ලාංජන සකස් කිරීමේ සිට සියලු වැඩපිළිවෙල පසුපස සිටින්නේ ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිවකු නොව ඉන්දියාවට IPL හදුන්වාදුන් පසුව මුදල් වංචාවක් මත ඉවත් වූ ලලිත් මුඩි බව අප වෙත වාර්තා වෙනවා.

මේවන විට SLPL අර්බුධයකට ලක්ව ඇත්තේ ශ්‍රීලංකා ක්‍රීඩකයන්ට තරඟාවලියේදී අඩු සැලකිල්ලක් දැක්වීම නිසයි.

තරඟාවලිය සඳහා ලංකාවේ ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැති අතර ලංකාවේ ක්‍රීඩකයෙක්ට එක තරඟයක් සඳහා ලැබීමට නියමිත වන්නේ රුපියල් 4000 - 6000 අතර මුදලක්.

නමුත් විදේශීය එක ක්‍රීඩකයෙක් සඳහා මුළු තරඟාවලියටම ඇමරිකානු ඩොලර් තිස් දහසක් ගෙවීමට සැලසුම් කොට තිබෙනවා.

SLPL කණ්ඩායම් ලාංජන සහ තරඟ කාල සටහන 

May 23

imagesක්‍රිකට් දිවියෙන් සමුගත් ඔස්ටේ්‍රලියාවේ සුපිරි පන්දු යවන්නකු වන ෂේන් වෝන් දැන් සිනමාවට පය තැබීමට සූදානමින් සිටී. ඒ ඉන්දියානු චිත්‍රපට හරහාය. ෂේන් වෝන් පවසන්නේ තමාට චිත්‍රපටයක රඟපෑම සඳහා බොහෝ දෙනා ආරාධනා කර සිටින බවයි. තමාට සිත ගිය චිත්‍රපටයක් ලැබුණහොත් එහි රඟපෑමට තමන් කැමැති බව ඉන්දියානු පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබේ.
මට චිත්‍රපට රංගනය සඳහා ආරාධනා ලැඛෙමින් පවතිනවා. කැමැති එකක් ආවොත් සලකා බලනවා. මම ඉන්දියාවේ වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් කර තිඛෙන නිසා රංගනය ගැන යම් අත්දැකීමක් තිඛෙනවා
යනුවෙන් ෂේන් වෝන් පවසා තිබේ.

May 23

elephant_lahugala_park_sri_lankaවල් අලි වන අලි වෙයි
මින් පසු වල් අලින්ට ඒ නමින් ඇමතීමට නොහැකි වේ. ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශය පවසන්නේ අද (22) සිට වල් අලියාගේ නාමය වන අලියා ලෙස වෙනස් වන බවයි. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසා ඇත්තේ වනාන්තරවල සිටින අලින් වන අලින් ලෙස හැඳින්විය යුතු බවයි. ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

May 23

cricket_01_1024ශ්‍රී ලංකා කණ්ඩායමේ
බස් රථයට හොරු පනී
එංගලන්තයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායමට අපූරු සිදුවීමක් වී තිබේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කරන බස් රථයේ තිබූ ප්‍රෙට්ල් සොරකම් කිරීමයි. ඔවුන් නවාතැන් ගත් හීත්‍රෝ ක්‍රවුන් ප්ලාසා හෝටලයේ සිට පිටත් වීමට සූදානම් වන විට බස් රථයේ තෙල් නොමැති බව දැනගන්නට ලැබී තිබේ. සොරකම් කරන ලද තෙල් වල වටිනාකම ස්ටලින් පවුම් 700ක් පමණ වන බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් තෙල් ලැබුණු පසු ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිම බාධාවකින් තොරව ගමන් කිරීමට හැකියාව ලැබී තිබේ. මේ පිළිබඳව එරට පොලීසියට පැමිණිලි කර තිඛෙන බවත් දැනගන්නට ලැබේ.

May 22

512

May 22

ayedaya-mihiraniජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළි අයෝධ්‍යා මිහිරාවි මාතර පොල්හේනේ මුහුදු තීරයේ දිය නාමින් සිටින අතරතුර කිසියම් තරුණයෙකු විසින් අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දැන ගන්නට ලැබේ.
ස්වාධීන රූපවාහිනියේ පබළු ටෙලි නාට්‍යයේ සයුරිගේ චරිතයට පණ පොවමින්, ජනප‍්‍රියත්වයට පත් වූ අයෝධ්‍යා මෑත කාලයේ මහත් කතා බහට ලක් වූ තැනැත්තියක් වූවාය.තරුණයන් කණ්ඩායමක් සමඟ මුහුදු තීරයේ දියනාමින් සිටි එක් තරණයෙකු දිය යටින් පැමිණ ඇය ස්පර්ශ කර ඇති බවට වූ පැමිණිල්ලක් හේතුවෙන් පරීක්ෂණ ආරම්භ කළ මාතර පොලීසිය සිද්ධියට සම්බන්ධ බවට සැක කරන තරුණයෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදාමින් සිටින බව ද වාර්තා වේ.
ගාල්ලේ සිටින තමන්ගේ ඥාති පිරිසක් සමඟ කතරගම වන්දනාවේ ගොස් එන අතර තුරල ඇය ඇතුලූ කණ්ඩායම මාතර පොල්හේනේ සුන්දර මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඇති අතර මෙහිදී ඇයට මෙම අවස්ථාවට අහඹු ලෙස මුහුණ දීමට සිදු ව තිබේ.

May 21

1304426414512-7853181304426413761-783989

May 21

189247_1937927405821_1171443233_32479626_7594805_nUdari Warnakulasuriya

May 21

murder 2 Jacqueline Fernandez hot pictures %2811%29Emraan-Hashmi-Jacqueline-Fernandez-Sex-scene-Video-In-Murder-2murder 2 Jacqueline Fernandez hot pictures %2816%29murder 2 Jacqueline Fernandez hot pictures %2813%29murder 2 Jacqueline Fernandez hot pictures %289%29murder 2 Jacqueline Fernandez hot pictures %2810%29 (1)murder 2 Jacqueline Fernandez hot pictures %2810%29murder 2 Jacqueline Fernandez hot pictures %285%29murder 2 Jacqueline Fernandez hot pictures %287%29murder 2 Jacqueline Fernandez hot pictures %288%29murder 2 Jacqueline Fernandez hot pictures %286%29murder 2 Jacqueline Fernandez hot pictures %284%29murder 2 Jacqueline Fernandez hot pictures %281%29murder 2 Jacqueline Fernandez hot pictures %282%29Murder 2

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...