නැගෙනහිර පළාතේ කට්ටන්කුඩි ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් දෙස් විදෙස් අවධානය දිනාගැනීමට සමත්ව ඇත.සිද්ධිය සිදුව ඇත්තේ මෙසේය.
17 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් කට්ටන්කුඩි නගරයේ ඉන්ටර්නෙට් කැෆේ එකකට ගොස් ඉන් පිටතට පැමිණෙද්දී ඉන් එක සිසුවියකගේ පියා විසින් එම සිසුවියන් දෙදෙනා අසභ්‍ය චිත්‍රපට නැරඹු බව චෝදනා කොට තිබේ.
නමුත් එම සිසුවියන් දෙදෙනා එය ප්රතික්ෂේපකොට ඇත.ඉන් පසු ටික වෙලාවකින් අදාළ සිසුවියන් දෙදෙනා අසභ්‍යය චිත්‍රපට නැරඹු බවට නගරය පුරා ඇති පල්ලි නවයක ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ප්‍රචාරය කර ඇත.
(01) විකාශය වූ ස්වර්ණවාහිනී පුවත් විකාශයෙන් පසුව විශේෂ පුවත් විකාශයක් ලෙස ස්වර්ණවාහිනී විකාශය කලේ ඔවුන්ට ශ්‍රීලංකාව යුධ අපරාධ කල බවට කියවෙමින් නිකුත්කළ වීඩියෝවේ මුල් පිටපත තමාට ලැබුන බවත් එය ලැබුන විගස එය විකාශය කල බවත්ය.
එය විදේශයන්ගෙන් එල්ලවන චෝදනාවලට කදිම විසදුමක් ලෙසද ඔවුන් ප්‍රකාශ කළේය.
එම වීඩියෝව චැනල් 4 නාලිකාව විසින් 2009 දී මුල් වරට ඉදිරිපත්කල අතර රජය විසින් පත්කළ කමිටුවක් මගින් එය ව්‍යාජ වීඩියෝවක් බවට සනාථ කරන ලද පසුව එය ජාත්‍යන්තරයද පිළිගනු ලැබුවේය.
ලොව ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය වන ගුගුල් විසින් සිය අන්තර්ජාල ආධිපත්‍යය වැඩි කරගැනීම සඳහා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියක් හදුන්වා දීමට සුදානමින් සිටිනවා.
මෙය හදුන්වා ඇත්තේ ගුගුල් ප්ලස් නමිනුයි.මෙයට පෙර ගුගුල් විසින් දියත් කරන ලද විවධ ව්‍යාපෘති මගින් ෆේස්බුක් ග්රාහකයන් ඔවුන්වෙත උත්සාහ දැරුවත් සෘජු ලෙසම සමාජ ජාල වෙබ් අඩවියක් දියත් කල මුල් ව්‍යාපෘතිය මෙය වේ.
ගුගුල් වෙව්, ගුගුල් බස්, වැනි සේවාවන් අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මෙම පියවර ගෙන ඇත.
කෙසේ නමුත් වෙළඳ විචාරකයන්ගේ මතය වන්නේ ගුගුල් ප්ලස් ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රති නිර්මාණයක් බවයි.ෆේස්බුක් හි අඩංගු පහසුකම් හා වීඩියෝ චැට් වැනි අමතර විශේෂාංග ද ගුගුල් ප්ලස් සතු වේ.
දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගත් පෙට්‍රල් යෙදීමෙන් මෝටර් රථවල ඇංජිම් දෝෂ වාර්තාවීම්,පෙට්‍රල් නිසි ලෙස දහනය නොවීම් ආදී සිදුවීම් බොහෝ වාර්තා විය.යම් කිසි රසායනික ද්‍රව්‍යයක් යොදා පෙට්‍රල් සාන්ද්‍රණය අඩුකර ඇති බවටද ඇතැමුන් චෝදනා එල්ල කරන්නට විය.මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය අසමත්ව ඇත.අපගේ පාඨකයෙකු ගම්පහ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකින් සිය යතුරුපැදියට ලබාගත් පෙට්‍රල් පසුව බෝතලයකට දැමූ පසු දිස්ව ඇත්තේ මේ අයුරිනි.
ඡායාරූපය විශාල කර බැලිම සදහා
මෙරට බීර (beer) අලෙවිය වැඩිකිරීමට Carson Cumberbatch සමාගම් සමූහය අළුත් වැඩපිළිවෙලක් දියත් කරයි.මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ මෙරට බීර අලෙවි කරන සිය ශාඛා ජාලය පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ අරමුණෙන් “මචං“ යනුවෙන් නම් කළ අලෙවි සැල් ජාලයක් පිහිටුවමින් තිබෙන බවයි.
මේ වනවිටත්, සමහර ස්ථානවල මෙම නමින් බීර අලෙවිසැල් පිහිටුවා තිබෙන අතර ඉදිරියේදී එම ජාලය තවත් පුළුල් කිරීමට අදහස් කර ඇත.මේ බව සමාගම සිය වාර්ෂික වාර්තාවෙන් කොටස් කරුවන්ට දැනුම් දී තිබෙන අතර යුද්ධය අවසන් කිරීමෙන් පසුව ඇතිවී තිබෙන සාමකාමී වාතාවරණය බීර අලෙවිය වැඩිවීමට හේතුවී ඇතිබව පවසා තිබේ.යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු-නැගෙනහිර වෙළඳ පොළවල්ද විවෘතවීම නිසා මෙසේ බීර අලෙවිය වැඩිවී තිබෙන බව සඳහන්ය.