Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Nov 28

උපේක්ෂා පසු ගිය දිනක දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට බැන වැදුනු සිදු වීමම පිලිබදව වඩා විස්තර සහිතව සති අන්ත පුවත් පතක වාර්තා වනවා.පහත දැක්වෙන්නේ එයයි.

පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබු 360 වැඩසටහනට සහභාගී වීමට නියමිතව තිබුනේ විජිත් විජයමුණි සොය්සා මහතාටය.නමුත් අවසාන මොහාතේ තමන්ට හදිසි රාජකාරියක් පැවරුණු බව කියමින් ඔහු ඊට සහභාගී වීමට නොහැකි බව කියා සිටියේය.මේ නිසා වඩාත් අපහසුතාවයට පත් දෙරණ නාලිකාව අවසානයේ තීන්දු කලේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් උපේක්ෂා සහභාගී වූ වැඩසටහන නැවත විකාශය කිරිමටය.
මේ ආකාරයට එම වැඩසටහන නැවත වරක් විකාශය වුවත් සමග උපේක්ෂාට නැවත වරක් හතර වටින් දුරකථන ඇමතුම් ලැබෙන්න වූ අතර එහිදී කතා කල බොහෝ දෙනා අගේ දේශපාලන නොදනුවත්බව පිලිබදව හාස්‍යයෙන් යුතුව කතා කල නිසා උපේක්ෂා සිටියේ දැඩි කෝපයෙන්ය.

Nov 28

ප්‍රවීන චිත්‍රපට නළු/ අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනිගේ දුව මාධවී වත්සලා එළබෙන දෙවන දා විවාහ විමට සුදානම් වනවා.ඒ ප්‍රවීන කලාකරුවෙක් වන හේමසිරි ලියනගේ ගේ පුතුණුවන් වන ආලෝක සුවන්න ලියනගේ සමගින්.

ඔහු වෘතියෙන් ශල්‍ය වෙද්‍යවරයෙක්.ඔවුන් ගේ ප්‍රේම සම්බන්ධතාවය ගොඩ නැගී ඇත්තේ මාධවී අසනීපව රෝහල්ගතවූ අවස්ථාවකයි.මේ වනවිට මාධවීට වයස අවුරුදු 22 ක් වනවා.විවාහ උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විමට සුදානම් කර ඇති අතර එදින උදැසන දෙව්මැදුරේ දේව මෙහය පැවැත්වෙන්නේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දෙව් මදුරෙය

Nov 28

සතිඅන්ත පුවත්පත්වල තරු කියන කතා


ෆේස්‌ බුක්‌ එකේ ඉන්නේ මම නෙමෙය-අරුණි රාජපක්‍ෂ



ඔබේ රසිකයන්ට දන්න කියන අයට කියන්න විශේෂ පණිවුඩයක්‌ තිබෙන බව ආරංචියි ?
ඒ පණිවුඩය තමයි මම ෆේස්‌ බුක්‌ එකේ නැහැ කියන එක. මගේ නමින් මගේ ඡායාරූප යොදාගෙන ගොඩක්‌ අය ෆේස්‌ බුක්‌ පහසුකම් හරහා පිරිමි ළමයින් එක්‌ක කතා කරනවාලු. මගේ යාළුවොත් ගොඩක්‌ වෙලාවට එහෙම කතා කරල තියෙනවා. ඒ නිසා ඒ හැමෝටම කියන්නේ මේක බොරුවක්‌. මගේ නමින් ආවට කා එක්‌කවත් කතා කරන්න එපා. ඒ හැමෝම කරන්නේ ලොකු බොරුවක්‌.


ඇගේ නමින් සාදා ඇති ව්‍යාජ ගිණුම
-------------------------------------------------------------------------------------------------------------------

ජනප්‍රිය හින්දා කටකතා හැදෙනවා ඇති - සමිතා 



මොකක්‌ද මේ දවස්‌වල පැතිර යන කට කතාව ?
ඒකනම් මම දන්නේ නැහැ. ඒවා හදන කට්‌ටියගෙන්ම තමයි අහන්න වෙන්නේ. මම ඔය සම්බන්ධව කිසි දෙයක්‌ දන්නේ නැහැ.

Nov 28

අයවැය විවාදයේදී අදහස්‌ ප්‍රකාශ කරමින් සිටි දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා කළ කතාවක්‌ වෙබ් අඩවියක් ඔස්‌සේ ජංගම දුරකතථයට ලබාගත් බව පවසමින් එය ක්‍රියාත්මක කර මයික්‍රපෝනය වෙත ළං කළේය.

මේ අවස්‌ථාවේදී
පටිගත කළ කතා සභාවට ගෙන එන්නට මන්ත්‍රීවරයකුට අවසර නැතැයි නියෝජ්‍ය කතානායක වරයා කියූ අතර ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගට විරෝධය පළ කළ කරන්න වූහ.
දයාසිරි ජයසේකර :
"මේ රටේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක්‌ එතුමාගේ කතාවක්‌ ඉදිරිපත් කරනවාට ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු කැමැති නෑ. මම හෙටම ජනාධිපතිතුමාට මේ ගැන කියනවා".

Nov 28

කේන්දරයට අනුව තවත් අවුරුද්දකින් චතුරිකා හා රොෂාන් විවාහ වන බව රසදුන අතිරේකයට ඔවුන් කියා සිටිනවා.පහත දැක්වෙන්නේ එම සාකච්චාවේ කොටස් කීපයකි.



ඔබත් රොෂානුත් පවත්වාගෙන යන ‘චලරූ’ ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයේ වැඩ කටයුතු හොඳින් කෙරෙනවාද?

ඔව් අපේ ‘චලරූ’ ආයතනය ටෙලිනාට්‍ය ගණනාවක් ම කළා. මේ ආයතනයේ වැඩ ගොඩක් දුරට බලා කියාගන්නේ අපේ තාත්තා. රොෂානුයි මමයි දෙන්නම කාර්ය බහුල නිසා ව්‍යාපාරයට හිත යොදවන්න අපිට වෙලාවක් නෑ. තාත්තා ඒ වැඩ ඉතාම හොඳින් කරනවා. හැබැයි අපේ ආයතනයේ උපකරණවලින් ටෙලිනාට්‍යයක වැඩ කටයුතු කරන විට එම ස්ථානයේ රැඳී ඉන්න අපි දෙන්නම උත්සාහ කරනවා.

Nov 28

මෙගාස්ටාර් තරගයේ මාර්කටින් ප්ලෑන් ගැන රජිව් හෙළි කරයි.


මෙවැනි තරග විනිශ්චය කිරීමේදී ඔබට බලපෑම් ඇතිවුනේ නැද්ද?   

අවසාන තරගයට කලින් නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙක් අපි හමුවෙන්න ආවා.ඔහු කිව්වා සුරෙෂ්ට ප්‍රේක්ෂක ආකර්ෂණය අඩු බව.අජිත් වගේ කෙනෙක් අවොතින් මිනිස්සු උඩ යාවි. 
 වැඩසටහනට "මාර වටිනාකමක්" ඒවි කියලත් කිව්වා. 
එනිසා පරිස්සමින් ලකුණු දෙන්න කියන දේ අපිට කිව්වා. 

හරි විදියට නම් අවසන් තරගයට එන්න තිබුනේ උපේක්ෂ ,සුරේෂ් හා දයාසිරි.සුරේෂ් තුන්වෙනියා කිරීමෙනුත් උපේක්ෂා හතරවෙනිය කිරීමෙනුත් ඔවුන්ට ලොකු අපහාසයක් කළා.සජිවිව හොදින් ගිත ගායන කලේ දයාසිරි ජයසේකර.

Nov 27




More Information ..

Nov 26

පසුගියදා ලංකාවේ පැවති තරගයකදී පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු වැරදි නියෝගයක් මත තරගය පැවැත්වෙන අතරතුර පිටියට ආ අයුරු බොහෝ දෙනෙක්ගේ හාස්‍යට ලක්වුනා.

Nov 25

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වීඩියෝ දර්ශන සහිත ජංගම දුරකතනයක් ලග තබාගෙන සිටි මාතලේ,දුනුකෙවත්ත පදිංචි තරුණයෙකු රත්තොට පොලීසය විසින් පසුගිය 21 වනදා අත්අඩංගුවට ගෙන ඇත.


Stupid History: Tales of Stupidity, Strangeness, and Mythconceptions Throughout the Ages
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමග අපහාසාත්මක වීඩියෝ දර්ශන සහිත දුරකතනයද තිබී ඇත.මෙම වැටලීම සිදු කොට ඇත්තේ රත්තොට ප්‍රාදේශීය සබා මන්ත්‍රී ජයන්ත පුෂ්පකුමාර මහතාගේ පැමිණිල්ලකට අනුවය.
The Blind Side 

Nov 25

පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ මෙගා ස්ටාර් අවසන් තරගයේ ජයග්‍රාහකයා වන අජිත් වීරසිංහ වෙත තෑගි ලබාදීම පසුගිය දිනෙක සිදු කෙරුණා.ඒ නවතම මෝටර් රථයක් සහ නවීන නිවසක්.
Stupid History: Tales of Stupidity, Strangeness, and Mythconceptions Throughout the Ages
ඔවුන්ම පවසන පරිදි සංවිධානය කර තිබුනේ චාම් උත්සවයකි.අවසන් තරගයේදී මෙම තෑගි සංකේතාත්මකව ලබදීමට සුදානම් කර තිබුනත් ඇති වූ කලබලය හෙයින් ඒවා ලබාදීමට නොහැකි විය.


එයට අදාල වීඩියෝව
 

Nov 25


Nov 25


විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණනාවක මුල්‍ය වංචාවක් සිදුකර ලද ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනියකට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ පැවැති නඩු විභාගයකදී රු 270000 මුදල් දඩයක් සහ එක් නඩුවකට රු දෙලක්ෂය බැගින් වු ශරීර ඇප දොළහක් නියම කොට ඇත.

සැකකාරිය විසින් වරින්වර පුද්ගලයින් හය දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ විසිදහසකුත්, හෑත්ත දහස බැගින් හතර දෙ‍නකු‍ගෙන් හා අසුදහස බැගින් එක් අයකුගෙනුත් මුදල් ලබාගෙන ඇත.එම 
මුදල් ලබාගත් බවට ඇය විසින් අධිකරණය හමුවේ පිළිගැනීම නිසා ඉහත දඩුවම් නියම කොට ඇත.මෙම සැකකාරියට එරෙහිව ඊයේ සවස් කාලයේදී ද අම්බලන්ගොඩ මුලස්ථාන පොලීසියට පැමිණිලි ලැබෙමින් තිබිණි.
Kindle Wireless Reading Device, Wi-Fi, 6" Display - with New E Ink (Pearl) Technology 

Nov 23

නව ජ්‍යෙෂ්ඨ ඇමතිවරු

අග්‍රමාත්‍ය දි. මු ජයරත්න-බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා

රත්නසිරි වික්‍රමනායක- යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා

ඩිව් ගුණසේකර - ‍මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා

අතාවුද සෙනෙවිරත්න - ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා

පී. දයාරත්න - ආහාර හා පෝෂණය පිලිබඳව

ඒ.එච්.එම් ෆවුසි - නාගරික කටයුතු පිළිබඳව

එස්.බී නාවින්න - පාරිභෝගක සුබසාධන කටයුතු පිළිබඳව

පියසේන ගමගේ - ජාතික සම්පත් පිළිබඳවද

තිස්ස විතාරණ - විද්‍යා කටයුතු පිළිබඳව

ආචාර්ය සරත් අමුණුගම - ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳව

නව කැබිනට් ඇමතිවරු

Nov 23


*නාගරික ප්‍රදේශ වල ත්‍රිරෝද රථ හා කුලී රථ නවතා තැබීම සඳහා විශේෂ ස්ථාන සකස්කරදීම

*ආනයනික වැඩසටහන් මත අයකරන බද්ද කේබල් ටීවී සම්බන්ධතා සඳහා ද අයකිරීම

*වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව 10%න් වැඩි කිරීම

*ඒකක 90 ට වැඩි විදුලි පරිභෝජනය සඳහා අය කරනු ලබන බදු මුදල  8% න් ඉහළට

*උපාධිධාරීන් 10, 000 ට රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම

* රජයේ පාසල්, රෝහල් හා විශ්ව විද්‍යාලවල විදුලි ගාස්තු 25%කින් අඩු කිරීම
*රජයේ සේවකයන්ගේ වැටුප් 5% කින් වැඩිකිරීම

*ඖෂධ සදහා රේගු බදු ඉවත් කිරීම හා රසායනාගාර භාන්ඩ සඳහා අය  කෙරෙන බද්ද ඉවත් කිරීම

*අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලකට ලබාගැනීම සඳහා  ‘ආහාර  සුරැකුම්පතක්’


*පොහොර සහනාධාරය තවදුරටත්


*පෞද්ගලික අංශයේ හා සංස්ථාගත සියළු සේවකයින්හට විශ්‍රාම වැටුප්


*දේශීය ඇඟලුම්, සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන යන්ත්‍රසූත්‍ර ආනයන වැට් වලින් නිදහස්


* රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සහන නිවාස ණය ක්‍රමයක් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් ජාතික රක්ෂණ ක්‍රමයක්


*මත් පැන් හා කැසිනෝ ආදායම් බදු 35% - සිට 40% දක්වා වැඩිකරන  අතර මතට තිත සදහා රු. මි 200


*මගී ප්‍රවාහන වාහන සඳහා අයකරන ආනයනික බද්ද 25%න් පහළ


* ආනයනය කරන පරිගණක මෘදුකාංග හා අමතර කොටස් මත අයකෙරෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හා    වැට් බද්ද ඉවත්කිරීම


*සෑම රණවිරු පවුලකම උපදින තෙවන දරුවාට රුපියල් ලක්ෂයක   දීමනාවක් ලබාදීම


*විදේශ ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන බද්ද රුපියල් 2 කින් ඉහළට


*දේශීය ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන ගාස්තුව 2011 ජූලි මස සිට  රුපියල් 2 සිට රුපියල් 1 .50 දක්වා පහලට


ලබන වසරේ සමස්ත ආදායම රුපියල් බිලියන 963 කි.
සමස්ත වියදම රුපියල් බිලියන 1017 කි. 
මේ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 54 ක් වේ.

Nov 21

  සිරස සුපර් ස්‌ටාර් වලින් ජනප්‍රියත්වයට පත් තීක්‍ෂණ අනුරාධ යුග දිවියට එලබීමට සුදානම් වනවා.මේ ඒ පිළිබද පළවූ ලිපියක් 



තීක්‍ෂණ, සඳරේණු ගලන ජීවිතය අලුත්වෙන්න යනවා කියන්නේ ඇත්තද?
ඔව්. හෙට මගේ ජීවිතය අලුත්වෙන්න යනවා.

මනමාල කතා කියූ ඒ යුවතිය කවුද?
ඇය අනුරාධිකා රත්නායක. ගම වෙන්නප්පුව. මාව හොඳට තේරුම් ගත්ත යුවතියක්‌.

ඔය පාළු හිතට මනමාල කතා ඇවිදින් කොච්චර කල්ද ?
දැනට අවුරුදු හතරකුත් මාස ගණනක්‌ වෙනවා.

අනුරාධිකාව කොහෙදිද මුලින්ම හමුවුණේ ?
මම ඉස්‌සර යූත් ඔකෙස්‌ට්‍රා එකට පන්ති ආවා. අනුරාධිකාත් එතැන හඬ කැවීමේ පන්තියකට ආවා. එතැනදී තමයි ඇයව මට හමුවුණේ.


ඇයව දැක්‌ක මුල්ම දවසේ මොකද හිතුණේ ?
මුල් දවස්‌වල විශේෂයක්‌ තිබුණේ නැහැ. නමුත් ආශ්‍රය කරද්දී හිතුණා මිතුරියකට වඩා හොඳ සම්බන්ධයක්‌ පවත්වන්න පුළුවන් කෙනෙක්‌ කියලා.

කවුද තීක්‍ෂණද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
ඇත්ටම මම. අනුරාධිකා ටිකක්‌ ආඩම්බරයි. මටත් හිතුණේ නැහැ එක පාරටම ආදරෙයිද කියලා අහන්න. මොකද මම ඒ දවස්‌වල සුපර් ස්‌ටාර් නිසා ජනප්‍රිය වෙලයි හිටියෙ. ඒක හින්දා වෙලාවකට හිතුණා ඇයි මම මේ කෙල්ලට සෙකන්ඩ් වෙන්නෙ කියලත්. 

 අනුරාධිකා එදා දුන්න උත්තරය මොකක්‌ද ?
මුලින්ම ඇහැව්වෙ ඇත්තටමද මේ අහන්නේ කියලා. මාව විහිළුවකට ගත්තද කියලත් ඇහැව්වා.

ඇය ඔබට කැමති වුණේ ?
මුලින්ම ඇය ගැන තිබුණේ මාව මිතුරෙකු විදිහට ඇසුරු කරනවා කියන අදහස. ඇය යාළුවෙකු විදිහට ඇසුරු කළ කාලේ මාව හොඳට තේරුම් අරගත්තු නිසා තමයි කැමැතිවුණේ.

මුලින්ම දෙන්න හම්බවුණ දවස මතකද?
2006 අප්‍රේල් 07 විහාරමහා දේවි උද්‍යානයේදී තමයි ආදරය කරන්න පටන්ගත්තේ.

කවුද මුලින්ම එතැනට එන්න කිව්වේ?
මම එන්න කිව්වා.

ඇය සුපර් ස්‌ටාර් රසිකාවියක්‌ නොවෙයිද?
නැහැ. එයා සුපර් ස්‌ටාර් රසිකාවියක්‌ වෙලා ඉඳලා නැහැ. අනුරාධිකාගෙ ගෙදර අය සුපර් ස්‌ටාර්ස්‌ලට එස්‌ එම් එස්‌ යවන කොටත් අනුරාධිකා බනිනවලු මොකදට ඔය කොල්ලන්ට එස්‌ එම් එස්‌ යවන්නෙ කියලා.

සුපර් ස්‌ටාර් සහෝදරියන්ගෙන් ආදර යෝජනා ආවේ නැතිද?
සහෝදර ගායිකාවන්ගෙන් එවැනි ආදර යෝජනා ආවේ නැහැ.

හැබැයි රසිකාවියන්ගෙන් නම් ගොඩක්‌ ආදර යෝජනා ආවා කියලත් ආරංචියි ?
අපොයි ඔව්. එවැනි ආදර යෝජනා නම් ඕන තරම් ඇවිත් තිබෙනවා. හැබැයි මම ඒ එකකටවත් කැමැති වුණේ නැහැ. මොකද ඔවුන් මට කැමැති වෙන්න ඇත්තේ ජනප්‍රියත්වය නිසානෙ.

අනුරාධිකා කැමැති වුණේ ජනප්‍රියත්වයට කිව්වොත් ?
ඇත්තටම මම මෙයාව තෝරගන්නත් එකම හේතුව ඒකයි. මොකද මගේ ජනප්‍රියත්වය ඇය බැලුවේ නැහැ.

විවාහ උත්සවය සහෝදර සුපර් ස්‌ටාර් යාළුවන්ට කිව්වේ නැතිද?
ලංකාවේ ඉන්න හැමෝටම මම එන්න කියලා තිබෙනවා.

ඇත්තද ගමේ යාළුවො අමතක කළා කියන්නේ ?
ගාල්ලේ ඉන්න යාළුවො අමතක කළේ නැහැ. ඔවුන්ට ග්‍රෑන්ඩ් පාටි එකක්‌ ලෑස්‌ති කරලා තියෙන්නෙ හොඳට විනෝද වෙන්න.

තීක්‍ෂණ මනමාල කතා කියපු අනුරාධිකාගෙනුත් තොරතුරු දැනගන්න අපි අදහස්‌ කළා.
 

තීක්‍ෂණ දැකපු මුල්ම දවසේ ඔයාට මොකද හිතුණේ ?
මම තීක්‍ෂණව සුපර් ස්‌ටාර් වලින් දැකලා තිබුණේ නැහැ. කොළඹ පන්ති ඇවිත් තමයි මට ඔහුව හමුවුණේ. මිතුරෙකු විදිහට තමයි මුලින් තීක්‍ෂණව ඇසුරු කළේ.

ඒ මිතුරුකම ආදර කතාවට පෙරළුණේ ?
මගෙ හිතේ නම් එහෙම දෙයක්‌ තිබුණේ නැහැ. තීක්‍ෂණගෙ හිතේ තමයි එවැනි අදහසක්‌ තිබිලා තියෙන්නේ. එයා තමයි මට මුලින්ම ආදර යෝජනාව ගෙනාවේ.

තීක්‍ෂණව මුල්ම කාලේ විශ්වාස කළේ නැහැ කියන්නේ ඇත්තද?
ඔව්. මම යාළුවෙකු විදිහට ආශ්‍රය කළාට එවැනි දෙයක්‌ ගැන එක පාරටම විශ්වාස කරන්න බැහැනේ. එයා දෙතුන් පාරක්‌ පහදලා දුන්නට පස්‌සෙ තමයි මම කැමති වුණේ.

ජනප්‍රිය නිසා නොවෙයිද කැමති වුණේ ?
අපොයි නැහැ.

තීක්‍ෂණට ආදරේට කියන්නේ ?
"කුකූ" කියලා.

තීක්‍ෂණගේ හොඳ ගතිගුණ ගැන කිව්වොත් ?
එයා හරිම අහිංසකයි. මාව හොඳින් බලාගන්නවා. හරියට වෙලාවට වැඩ කරන කෙනෙක්‌. මම තමයි එහෙම කරන්නේ නැත්තේ.

ඒ වෙලාවට ඔයාට බනින්නෙ එහෙම නැතිද?
මොකද නැත්තේ. හරියට බැනුම් අහනවා. අපි දෙන්න මුලින්ම හම්බවුණ දවසෙත් මම පැය දෙකක්‌ විතර පරක්‌කු වෙලයි ආවෙ.

එදා මොකද කිව්වේ ? 

මොකුත් කිව්වේ නැහැ. මම එනකං පැය දෙකක්‌ බලාගෙන ඉඳලා තියෙනවා.

Nov 21

මෑතකදී අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ප්‍රකාශ කොට සිටියේ රුපියල් මිලියන 38 අනුමත කර,මුස්ලිම් නීති ශාලා 58 ක් රට පුරා ඉදිකිරීමට යන බවයි. 


මේ සමගම බොහෝ දෙනෙකුගේ මතය වුයේ මුස්ලිම් නීති ශාලා ඉදිකිරීම ලංකාව තුල ශරියා නීතිය ආරම්භ විමේ මුල් පියවර බවයි.එමෙන්ම මේ සම්බන්දව විවද මතබේද පවා ගොඩ නැගෙන්න විය.


 මුස්ලිම් ශරියා නීතිය යනු මුස්ලිම් අධිකරණ මගින් නියම කරන්නා වූ ඉතාමත් දරුණු දඩුවම් (අත් පා කපා ඉවත් කිරීම, ප්‍රසිද්ධියේ කස පහර ගැසීම, ප්‍රසිද්ධියේ උල තැබීම, ප්‍රසිද්ධියේ වරදකරුගෙ බෙල්ල ඉතා සෙමින් වෙන් වෙන තෙක් කපා දැමීම,සියල්ල රැස් වී ඇති තැන බිම හොවා හිසට වෙඩි තබා මර දැමීම, ගල් ගසා මරා දැමීම ) ඇතුලත් නිතියකි.


ඒ නිසාම මේ සම්බන්ධව නිතිමය කරුණු දැනගැනීමට අප වෘත්තිය නීතිඥවරයෙක් වන තනුජ කේ. ජයසුන්දර මහතාගෙන් මේ පිලිබදව විමසා සිටියා. මේ ඔහුගේ පිළිතුරයි.



ලංකාව තුල ක්‍රියාත්මක වන මුස්ලිම් නිතිය සංගෘහිත එකක්. ඔවුන්ගේ සමිපුර්ණ නිති පද්ධතිය අන් මුස්ලිම් රට වල ක්‍රියාත්මක වන ආකාරයෙන් ලංකාවෙ ක්‍රියාත්මක කිරිමට හැකියාවක් නොමැත.

මුස්ලිම් නිතිය බොහෝවිට බලාත්මක වන්නේ  කසාද දික්කසාද, නඩත්තු අනුප්‍රාප්තිය ආදි කරැණු සමිබන්ධයෙන් එනමි සිවිල් නඩු කටයුතු සමිබන්ධයෙන් පමණි.

එසේ වුවත් මුස්ලිමි අයෙකුට වුවත් තම විශේෂ නිති පද්ධතිය හැර දමා රටෙ සාමාණ්‍ය නිතියෙන් පාලනය වෙන්න අවකාශ තියෙනවා.

ශ්‍රි ලංකාව තුල අපරාධ සදහා දඩුවම් නියම කර ඇත්තේ දණ්ඩ නිති සංග්‍රහයේයි. වරදවල් හා ඒ සදහා දඩුවමි ඇත්තේ එහියි. මිට අමතරව තව වෙන වෙන පනත් වල ඒ පනත මගින්ම දඩුවමි දක්වලා තියෙනවා.  එබැවින් අපරාධ සමිබන්ධයෙන් ශ්‍රි ලංකාව තුල මුස්ලිම් නිතියේ බලාත්මක බවක් නැ. 

මිට අමතරට ශ්‍රි ලංකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඤප්තියේ කොටස් කරැවෙක් වන බැවින් හා, අප නිතියේ කොටසක් ලෙසම කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිමි වලින් නිදහස යන්න ආන්ඩුක්‍රම වි්‍යවස්ථාවෙ හා වදහිංසා වලින් නිදහස් විමෙ පනතේ ඇති බැවින්, එබදු අමානුෂික දඩුවමි ඇති‍විමෙ ඡායාවක් හෝ දැනට නැත.

මුස්ලිම්වරුන්ගේ ඉහතින් කියල ලද ස්වභාවයේ නඩු විමසිමට බලය ඇත්තේ කාති අධිකරණ නමි අධිකරණ වලටයි. ඒවාට දඩුවම් නියම කල නොහැක. ඒවායේ නියෝග බලාත්මක කල හැක්කේ මහේස්ත්‍රාත්අධිකරණ මගිනි.

Nov 21

සුගිය දින කිහිපයේදී අන්තර්ජාලයේ සිදුකළ විමර්ශනවලදී සොයා ගත් ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය චිත‍්‍රපට 40 ක් ප‍්‍රසිද්ධ කිරීම සදහා අධිකරණයෙන් අනුමැතිය ලබාගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සූදානම් වනවා.ඒවා ප‍්‍රසිද්ධ කිරීමට පෙර ඒවායේ පෙනී සිටි  තරුණ තරුණියන්ට පොලිසියට භාර වීමට අවස්ථාවක් ලබාදෙන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා.

Nov 21

ටියුෂන් පන්තියක් ගැන පලවූ නවතම ආකාරයේ දැන්වීමක්

Nov 20






























Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...